SHOP
  • 15 % OFF

    Shapalath Niwase Abirahasa-ශාපලත් නිවසේ අබිරහස

    Original price was: රු1,650.00.Current price is: රු1,400.00.

    මේ, රූත් ගැලෝවේ සෝල්ට්මාෂ් පරීක්ෂණයට සම්බන්ධ වී යන්තම් පණ බේරාගෙන ගෙවෙන තෙවැනි මාසයයි.
    එක්තරා ගොඩනැගිල්ලක් විනාශ කෙරෙන ව්‍යාපෘති බිමකදී, විශ්ව විද්‍යාල පුරා විද්‍යා කණ්ඩායමට කුඩා දරුවෙකුගේ හිස සුන් සැකිල්ලක් හමු වේ.
    රූත් ගැලෝවේ සොයා ගන්නේ මෙකී හිස සුන් සැකිල්ල අවුරුදු පනහකට හෝ හැටකට හෝ එපිටින් වළ දැමූවක් බවය. ඒ අනුව පෙර එතැන තිබුණේ පූජකවරයෙකු සහ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගෙන යන ලද ළමා නිවාසයක් බව, රහස් පරීක්ෂක නෙල්සන් ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගනී. ළමා නිවාසය භාරව සිටි හෙනසි පියතුමා ඒ කාලයේදී ළමුන් දෙදෙනෙක් අතුරුදන් වූ බවත්, ඒ මන්දිරයට යක්ෂයා අරක්ගෙන සිටි බවත් පවසයි.
    ඒ අතර කිසිවෙක් රූත්ව බිය ගන්වන්නටත්, ඇගේ නූපන් බිලිඳාට සහ ඇයට මරණ තර්ජන කරන්නටත් උත්සාහ ගනී.
    මේ කවන්ධය කාගේද?
    ළමා නිවාසයේ අතුරුදන් වූ දරුවන් දෙදෙනාට සිදු වූයේ කුමක්ද?
    රූත් සහ ඇගේ නූපන් බිලිඳා මරාදමන්නට ඕනෑ කාටද?
    මෙකී ශාපලත් නිවසේ අබිරහස කුමක්ද?

  • 15 % OFF

    Blackhith Mendure Abirahasa-බ්ලැක්හීත් මැඳුරේ අබිරහස

    Original price was: රු2,100.00.Current price is: රු1,785.00.

    ග්‍රාමීය පෙදෙසක පිහිටි මන්දිරයක පැවැත්වෙන සාදයක් අතරතුරේදී ඝාතනය වන තරුණියක්!

    මනස විකල් කරවනසුලු වූ නොනවතින කාල චක්‍රයක් තුළ ඇගේ මිනීමරුවා සොයා යන තනි මිනිසෙක්!

    එව්ලින් හාඩ්කාස්ල්, සිය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලබන වෙස්ගැන්වීමේ සාදයක් අතරතුරදී ඝාතනය වෙයි. ඇගේ මිනීමරුවා හඳුනාගෙන, එම පුද්ගලයාව වළක්වන්නට ඒඩ්න් බිෂොප් හට හැකිවන තෙක්ම ඈ දිනපතාම එසේ මරණයට පත්වෙයි.

    එකිනෙකාට වෙනස් වූ සාක්ෂිකරුවන් අටදෙනෙකුගේ දෑසින් මෙම සිදුවීම නරඹන්නට ඒඩ්න් බිෂොප් හට ඉඩ ලැබෙයි. සාදයේ ආරාධිත අමුත්තන් වන ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අන් අයට වඩා ඒඩ්න් හට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් ඔහුට ලැබෙන දින අටක සීමිත කාලය තුළදී හමුවන කිසිවෙකුත් විශ්වාස කරන්නට නොහැකිය. පෙනෙන්නට ඇති කිසිවක් එලෙසම යැයි සලකන්නටද නොහැකිය.

    සැබෑ මිනීමරුවා සොයාගන්නට ඔහුට හැකි වේවිද?

  • 15 % OFF

    Panaha Panaha-පනහ පනහ

    Original price was: රු1,950.00.Current price is: රු1,657.00.

    සහෝදරියෝ දෙදෙනෙක් මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිටිති.
    දෙදෙනාම එකිනෙකාට චෝදනා කරති. ඔබ විශ්වාස කරන්නේ කවුරුන්ද?

    ඇලෙක්සැන්ඩ්‍රා ඇවෙලිනෝ,
    තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවීමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදුකළ බවත්, ඈ පිහියද අතැතිව තවමත් නිවසේ සිටින බවත් ඇලෙක්සැන්ඩ්‍රා විශ්වාස කරන්නීය.

    සොෆියා ඇවෙලිනෝ,
    තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවිමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදු කළ බවත්, ඈ තවමත් නිවසේ නානකාමරයට වී අගුළු දමාගෙන සිටින බවත් සොෆියා විශ්වාස කරන්නීය.

    කාන්තාවන් දෙදෙනාම එකවර නඩු විභාගයකට යා යුතුය; එකම ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වෙන ඒකාබද්ධ නඩු විභාගයක්.

    නමුත් කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බොරුකාරියකි. ඔවුන්ගෙන් එක් අයෙකු සැබෑම මිනීමරුවාය.

    සිරමැදිරියක වාඩිවි, ඝාතනය සම්බන්ධයෙන් තම සහෝදරිය සමඟ නඩු විභාගයකට සූදානම්ව සිටින ඇය කිසිසේත්ම මෙවැන්නක් බලාපොරොත්තු නොවූ බව ඔබ සිතනු ඇත.

  • 20 % OFF

    අසාමාන්‍ය සිතක හැඩරුව-Asamanya Sithaka Hedaruwa

    Original price was: රු1,850.00.Current price is: රු1,480.00.

    ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්‍ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි.

    එවැනි ‘අසාමාන්‍ය ජීවිතයක්’ ප්‍රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම The Code of the Extraordinary Mind ග්‍රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් මෙම ග්‍රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි ග්‍රන්ථවල අලෙවිය ශ්‍රේණිගත කරන New York Times හා Amazon.com හි දිගු කාලයක්ම අංක එක ස්ථානයෙහි රැඳෙමිනි. එමෙන්ම මෙය New York Times හා Amazon.com No. 1 Book Globally, Nautilus ග්‍රන්ථ සම්මානයෙන් පිදුම් ලද, සිව් වසරක් තරම් කෙටි කළක දී ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ හා භාෂා 25කට පරිවර්තනය වූ වර්තමාන ලෝකයේ පළවූ සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථය ලෙස සැලකේ. නව ආකෘති හා ජීවත් වීමේ ක්‍රමවේද 10ක් මඟින් අසාමාන්‍ය ජීවිතයක් ඔබට හිමිකර දෙන මෙම ‘අසාමන්‍ය සිතක හැඩරුව’ ග්‍රන්ථය ලෝකය වෙනස් කළ සෙසු මිනිසුන්ගේ මෙන් ඔබත් ඔබ ඇසුරු කරන්නන්ගේ ජීවිතත් අසාමාන්‍යත්වයට පත් කරනු ඇත.

  • 30 % OFF

    ඇල්බට්වරුද මනුෂ්‍යයෝය-Alberwaruda Manussayoya

    Original price was: රු1,950.00.Current price is: රු1,365.00.
  • 20 % OFF

    අබාසාත්ති-Abasaththi

    Original price was: රු1,000.00.Current price is: රු800.00.

    “මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි
    මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
    “උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී
    නොමරා!”
    “ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…
    ” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
    කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
    “මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…
    කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
    ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?

  • 15 % OFF

    Deep Fathom-ඩීප් ෆැතම්

    Original price was: රු2,300.00.Current price is: රු1,955.00.

    හිටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කර්ක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන්‍ය දසුනක් නොවේ:

    මහපොළොව ගිනිගනිමින් තිබේ!
    සූර්ය ගිනිදැල්වල ප්‍රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව්‍යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් ‘එයාෆෝස් වන්’ යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ.

    අමෙරිකාව, න්‍යෂ්ටික ප්‍රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, ‘ඩීප් ෆැතම්’ නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදුකළ යුතු මෙහෙයුමකට නායකත්වය ලබාදීමේ වගකීම ජැක් කර්ක්ලන්ඩ් මත පැටවේ.

    ඔහු එනතුරු සාගර පත්ලේ සැඟව මග බලා සිටින විනාශකාරී රහසකි. දරාගත නොහැකි බලවේගයක් උරුම කරගත්, නැසීගිය පුරාණ ශිෂ්ටාචාරයක්ද, වර්තමාන ලෝකයම උඩුයටිකුරු කළ හැකි ඉරණමක්ද එක්ව මුසු වූ මෙම මෙහෙයුම කෙසේ අවසන් වනු ඇතිද?

  • 15 % OFF

    නුවරක සෙනෙහස-Nuwaraka Senehasa

    Original price was: රු950.00.Current price is: රු807.00.
  • 30 % OFF

    නපුරු නිළමේ-Napuru Nilame

    Original price was: රු1,800.00.Current price is: රු1,260.00.

    ඇස්වල ඉඳන්ම නහර තෙක් දුවන
    ශෙනායා ගැන උතුරන තරම් කේන්තියක්
    ඒ පපුව තුළ දැවි දැවී නිවුණේය.
    කාන්තිමත් දෑස් මෙන්ම ඝනව වැඩුණ රැවුල,
    මුහුණ පුරාම පිරිමි හැඩතල ඉස්මතුවන
    තේනුකගේ මුහුණ දෙපාරක් වුවද
    හැරී බලන්නට හැකි තරම් කඩවසම් විය.
    පිරිමියෙකුට තිබිය යුතු පෞර්ෂය,
    ඔහු දිහා බලන කෙනෙක්ට අඩුවක් නැතුවම
    දකින්නට පුළුවන් විය.
    පිරී ඇති උරහිස් පපුතුර මෙන්ම
    ආඩම්බරකාර දේහ විලාශය
    තේනුකගේ කඩවසම් බව වැඩි කළේය.
    ලංකාවේ නම ගිය ව්‍යාපාරික නමක් රඳවන්නට
    ඔහුගේ මව මහන්සි වූ තරම්ම
    තේනුකට අවැසි වූයේ දිනෙන් දින
    ව්‍යාපාරික ලෝකයේ වැජඹෙන්නටය.
    තේනුක, පවුලේ එකම පිරිමි දරුවා බැවින්
    ඔහුගේ ආඩම්බරකම තිබුණේ කිසිවෙකුට
    දරන්නට පුළුවන් සීමාවක නොවීය.

  • 10 % OFF

    මහ රෑ-Maha Re

    Original price was: රු750.00.Current price is: රු675.00.

    විදුලි පහන දල්වා සින්ක් එක ලඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමන් ඔහු තිගැස්සුණේය. දකණු අතේ ඇඟලිවල ලේ පැල්ලමක් විය.

    ”මේ මොන මඟුලක්ද ?” යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගෑවු‌ණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප්‍රෙහෙලිකාවක් විය.

    වතුර බීම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණී.

    හිස තබාගෙන සිටි ‌කොට්ටයේත් ලේ ගෑවි ඇති බවයි.

    මේ කිසි දෙයක් නොදැන අචිනි තද නින්දක ගැලී සිටියේ ඔළුවේ ඉඳන් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණී. නාරද ඇඳෙ පැත්තකින් වාඩි විය. කොච්චර කල්පනා කළත් තුවාලය වෙච්චි විදියක් ගැන ඔහුට මතක් කර ගන්නට හැකි වූයේ නැත.

    ඔළුවේ ඉඳන් පොරවගන්න එපා යයි නාරද අනන්තවත් අචිනිට කියා තිබේ. හුසම ගන්න අමාරු නිසාය. නාරද අත දිගුකර අචිනිගේ පෙරවනය පහත් කළේය.

    අචිනි හිටියේ උඩුබැලි අතටය.

    ඇගේ දෑස් විවර වී තිබිණි.

  • 10 % OFF

    පෙපර්මින්ට්-papermint -DAILY Love DOSE

    Original price was: රු900.00.Current price is: රු810.00.

    මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද ?”

    “හදවතින්…”

    “ඒ ගැන කියන්න.”

    ” හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැන ගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ. පෙපර්මින්ට්

  • 20 % OFF

    වියට්නාම උමං සටන-Viyatnam Uman Satana

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    වියට්නාම යුද්ධයේදී නවීන තාක්ෂණයෙන් සහ යුද බලයෙන් සන්නද්ධ ඇමෙරිකානු හමුදාවට ජයගත හැකි නොවූ මහත් සංකීර්ණ අවුල් ජාලයක් බවට පත් වූයේ වියට්කොංවරුන්ගේ උමං ජාලයය.
    මේ උමං ජාලය කැණීම් කරන්නේ ඇමරිකානු කඳවුර පිහිටි දකුණු වියට්නාමයේ කු චි දිස්ත්‍රික්කයේ පොළව යටය.සැතපුම් 200 ක් පමණ දිගු උමං යොදාගෙන සිරුරින් කුඩා වියට් කොංවරුන් යෙදුණු ගරිල්ලා සටන ආකර්ෂණීයය.…

  • 20 % OFF

    අවසාන නාසියා-Awasan Nasiya

    Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

    2 වැනි ලෝක යුද්ධ සමයේ හිට්ලර්ගේ ප්‍රධාන වධකාගාරයක් වූ පෝලන්තයේ Auschwitz හි කඳවුරු දොස්තර වුයේ Josef Mengele. Auschwitz හි සිදු කල මිනිස් ඝාතන ලක්ෂ 4කට පමණ වග කිවයුත්තේ මොහු බව පැවසේ. එසේම සිය ඊනියා වෛද්‍ය පර්යේෂණ සඳහා ඔහු යුදෙව්වන් සිය ගණනකට කුරිරු වධ හිංසා පැමිණවීය.
    දෙවන ලෝක යුද්ධයෙන් නාසින් පරාජය වූ පසු රහසින් පලා ගිය ඔහු දකුණු ඇමෙරිකාවෙ රහස් ජිවිතයක් ගත කර 1979 බ්‍රසීලයේදී දිය නාන්නට ගිය විටෙක ලිස්සා වැටිමෙන් මරණයට පත්විය.

    ඔහු සිදු කල අපරාධ ඇසින් දුටුවන්ගෙන්, ඒ අපරාධවලට ගොදුරුව දිවි බේරා ගත්තවුන් ගෙන් හා දිවි බේරා ගනු පිණිස ඔහුගේ අපරාධ වලට උපකාර කල වුන් ගෙන් එකතු කරගත් තොරතුරු හා සාක්ෂි සාධක මත මේ පොත සකසා ඇත…

  • Happy Living 2

    රු850.00

    ජීවිතේ සතුටින් ඉන්න අපි හැමෝම ආසයි..ඒත් ඒකට ඕන ආරම්භක බලය..නැත්නම් ගාමක බලය අපට නැති එක තමයි අපේ පරාජයන්ට ලොකුවටම හේතු වෙන්නෙ…ඉතිං ඔයාලා එදිනෙදා ජීවිතේ සතුටෙන් ඉන්න කැමති නම්, මේ මොහොත ලස්සනට ගත කරන්න කැමති නම්..තමන්ගෙ අරමුණුවලට යන්න කැමති නම් කියවන්නම ඕන පොත් දෙකක්…Happy Living..බොහොම සරලව එදිනෙදා සිදුවීම් ඇසුරෙන් ලියැවුණු කතා 100ක් එකතු වුන අපූරූ පොත් දෙකක් Happy Living…
    Happy Living 2, Happy Living පළමු පොතේ ම දිගුවක් විදියට කියවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුත් ම පොතක් විදියට කියවන්නත් පුළුවන්.
    සතුටු කතන්දර / සිද්ධි / අත්දැකීම් – 50ක් බැගින් අඩංගු නිසා කොහොම කියෙව්වත් Happy Living 1 සහ Happy Living 2 සතුට දනවන පොත් ද්විත්වයක් වේවි. …

  • Happy Living 1

    රු850.00

    ජීවිතේ සතුටින් ඉන්න අපි හැමෝම ආසයි..ඒත් ඒකට ඕන ආරම්භක බලය..නැත්නම් ගාමක බලය අපට නැති එක තමයි අපේ පරාජයන්ට ලොකුවටම හේතු වෙන්නෙ…ඉතිං ඔයාලා එදිනෙදා ජීවිතේ සතුටෙන් ඉන්න කැමති නම්, මේ මොහොත ලස්සනට ගත කරන්න කැමති නම්..තමන්ගෙ අරමුණුවලට යන්න කැමති නම් කියවන්නම ඕන පොත් දෙකක්…Happy Living..බොහොම සරලව එදිනෙදා සිදුවීම් ඇසුරෙන් ලියැවුණු කතා 100ක් එකතු වුන අපූරූ පොත් දෙකක් Happy Living…
    Happy Living 2, Happy Living පළමු පොතේ ම දිගුවක් විදියට කියවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුත් ම පොතක් විදියට කියවන්නත් පුළුවන්.
    සතුටු කතන්දර / සිද්ධි / අත්දැකීම් – 50ක් බැගින් අඩංගු නිසා කොහොම කියෙව්වත් Happy Living 1 සහ Happy Living 2 සතුට දනවන පොත් ද්විත්වයක් වේවි. ❤…

  • 10 % OFF

    සිරසාලවන්‍යා-Sirasalavanya

    Original price was: රු1,150.00.Current price is: රු1,035.00.

    සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි. කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, දෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා, … එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි. තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක … ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි. මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි. චිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකරගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි. ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමාපොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන්‍යා නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.

  • 10 % OFF

    වීසාචකයෝ-Visachakayo

    Original price was: රු975.00.Current price is: රු877.50.

    වීසාචකයෝ සම්පූර්ණ සත්‍ය කතාවක ඇදහිය නොහැකි සිද්ධි ප්‍රබන්ධමය උපක්‍රම මඟින් සාර්ථක ලෙස ජය ගැනීමකි. මෙය 60 දශකයේ සිට වර්තමානය දක්වා ආර්ථික සුභ සිද්ධිය සොයාගෙන යන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වල හරස් කඩකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලය විශාල මානව දයාවකින් හා මව් සෙනෙහසකින් විදහා පෑමකි.

  • 10 % OFF

    කොස්මොපොලිටන් ජීවිත-Cosmopolitan Jeewitha

    Original price was: රු1,150.00.Current price is: රු1,035.00.

    නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා දෙන කැටපතකි.

  • 10 % OFF

    උත්පත්ති-Uthpaththi

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

    ඒ රැය ගෙවී පසුදා අවදි වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාවක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.

  • 10 % OFF

    ළමුතු අමයා-Lamuthu Amaya

    Original price was: රු800.00.Current price is: රු720.00.

    ‛ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.

    “ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‛හොඳ ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.

    පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.

    වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරුම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන”

× Whatsapp Us