Showing 101–120 of 466 resultsSorted by latest
මිනිසුන් තමන් දකින සහ විඳින දෙයට ජීවිතය යැයි පවසති. තමන්ගේ ඇසට නොගැටුණු සහ නොදැනුණු දෑ වැරදි යැයි උපකල්පනය කරති. ‘ජීවිතය යනු’ කියන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් මට මෙතෙක් හමු වී නොමැත. කිසිදිනක හමු වන්නේද නැත. එහෙත්, හෙටත් මා ජීවිතය සොයමි. නො‛දිනන බව දැන දැනම වුවද මා ජීවිතය පසුපස පන්නමි. මෙය ද එවන් වූ එක සංවේදන නැවතුමකි.
වජ‍්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ‍්‍රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත‍්‍රික කුමන්ත‍්‍රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
බිසෝ උරුමය- වජ‍්‍රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත‍්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත‍්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි.
යක්ෂ සිටුවරයා, උත්කර්ෂවත් කළු අසකු අරා සිටී ඇගේ නව සේවා යෝජකයා දුටු මුල් දිනයේ, මිනෙල්ලා මැඩොක්ස් රහසින් ඔහු නම් කළේ එලෙසිනි.
ඔහුගේ අහංකාර හැසිරීමට ද්වේශ කළ නමුත්, ඒ අඳුරු කඩවසම් පෙනුම විසින් ඔහු ඈ ආකර්ෂණය කර ගෙන තිබිණි.
ඔහුගේ හිතුවක්කාර දියණියගේ සහායිකාව වී ප‍්‍රංශයට පැමිණෙන ලෙස ඔහු කළ ආරාධනාව ඈ පිළිගත්තාය.
නමුත් පැරණි මහා බලකොටුවක් වන්, ඔහුගේ ප‍්‍රංශ නිවහන වූ සිල්වේන් මන්දිරය කෙරෙහි වූ ඔහුගේ බල පරාක‍්‍රමය ඈ බිය ගැන්වීය.
සියුමැලි, බෙලහීන සිටුවරිය, ඇගේ කාමර පන්තියෙන් පිටතටවත් නොපැමිණෙන්නේ ඈ ඔහුට එතරම්ම බිය වූ නිසාද?
ඔහුගේ අවජාතක පුත‍්‍රයා ඉට්යෙන්, මිනෙල්ලා මැඩොක්ස්, ඔහුගේ පරම සැතිරිය ලෙස සැලකුවේ කුමක් හෙයින්ද?
ගොවි පවුලකට දාව උපන් නමුත් මන්දිරයේ හැදී වැඩුණු ලියෝන් සඟවා ගෙන සිටි රහස කුමක්ද?
එ් සියල්ලටම වඩා ඈ බිය ගැන්වූයේ යක්ෂයා සම්බන්ධයෙන් වූ ප‍්‍රදේශ වාසීන්ගේ කසු කුසු ගෑම්ය.
“මිනිස්සු සතුටින්ම ඉන්න වෙලාවල මැරෙන්නෙ නෑනේ.”
ඒ ඉරණම් සහගත දිනයේ එක්තරා ඉසිඹුවකදී, මේ ගෙවී යමින් තිබෙන්නේ තම ජීවිතයේ ප්‍රීතිමත්ම හෝරාවන් යැයි කෙනා රෝවන් සිතා සිටියාය. නමුත් සියල්ල වෙනස් වීමට එවන් ප්‍රීතිමත් රාත්‍රීන් පවා ප්‍රමාණවත් බව ඇයට පසක් කරමින්, එකී රාත්‍රියේදී ජීවිත ගණනාවක ඉරණම තීරණය වූවේ, කිසිවෙකුත් නොසිතූ ලෙසිනි.
ඒ රාත්‍රියෙන් පසු, කෙනා රෝවන් හට සිය නිදහස අහිමි වූවේය. පෙම්වතාද, එකම දරුවාද අහිමි වූවේය.
නමුත් එදින අහිමිවීම් සිදුවූවේ ඇයට පමණක් නොවේ.
එම ඉරණම් දිනයෙන් වසර පහකට පසු, කෙනා යළිත්වරක් ඒ නගරයට පිවිසෙන්නේ, සිත්පිත් නැති මිනීමරු ගැහැනියක ලෙසිනි.
ඇය පා තබන්නේ, වසර පහක් තිස්සේ තමන්ට වෛර කරන්නා වූ, වේදනාවෙන් මිරිකුණු මිනිසුන්ගෙන් පිරි නගරයටය.
ඔහුගේ මතකයන්ගෙන් පිරීගිය නගරයටය.
ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලුත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි.
වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියස්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරී පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් – ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.
තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප්‍රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල්‍යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙමි.
තුඹසක විලාපය නවකතාව මගේ අතීත සිතූවිලි පරම්පරාව වර්තමානය මත ඔසවා තබන සාක්ෂි සටහනයි.
සිංහල භාෂාවේ සියලු ඉසව්වලින්,
සියලු අවධීන්ගෙන් වචන තම
මෙහෙයට කැඳවන කතුවරයා
එමගින් සිංහල භාෂාවේ කාල
අවකාශ මානයන් දිග් විජය කරයි.
ඉංග්‍රීසි අරුමැසිවාදී කවීන්ගේ බස,
භාරතීය අලංකාරවාදීන්ගේ,
ධ්වනිවාදීන්ගේ යෙදුම්,
පද සංඝටන සිහි ගැන්වීමට සමත්
අපූර්ව භාෂා විලාසයක්
නේත්‍රා තුළ දැකිය හැකි ය
කේ. කේ. සමන් කුමාර
මූසල මීදුම මුළු පරිසරයම වෙළාගෙන තිබුණි.
සුදු හා කළු වස්ත්‍ර හැඳගත් ගැහැනු හා පිරිමි මීදුම්
කළුවර අතරින් සුවිසල් මැඳුරින් පිටතට පියමං
කළේ දේහය රැගත් වාහනය පිටුපසිනි.
මීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ
සොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද
දරාගත නොහැකි බවය. වසර ගණනාවක් පුරා
සිදු වූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන
සුවිසල් මන්දිරයටද නිසලව බලා සිටිනවා හැර
කරන්නට වෙනත් යමක් නොතිබුණි.
ඒ සුවිසල් මැඳුරේ බිත්තිවලට කතා කළ හැකි නම්,
මෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචක
නොබියව ලොවට පවසනු ඇත.
එහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය
හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.
ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්
හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.
ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ
හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව
ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.
පෙම්වත; පෙම්පත් එවා සුළගේ ගිය පසු ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන දෑත මුහුණේ ඔබාගෙන
පැරැණි දළ සේයා ඊට මතක, මතක් කරමින් ගස්ස ගස්සා පටු උරහිස් හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?
පිළිතුරක් දෙන්න හොවෙහෙසන ඔබ පවා ආහනියෙන් පුරවන්න
‘ඒ පෙමපත් මා ලියුවේ නොවේ’ කියන්නට නොපැකිළෙහ ඔබ පවා තිගැස්වන්ත
හඬන්නද මම?
ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී…
ප්‍රේමයේ ඉරිතැළුම් වලට
හොයාගෙන නැ සැත්කම්
නමුදු සඳහට නුඹෙ නමටයි
මේ පපුවෙ වත්කම්
කාලයා විසින් විසඳාවි
ඒිදුම්දෙන සංසාර ගෙත්තම්
මම මක්කරන්නද
අපිට අපි හිමි නැත්තම්…
‘හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න
මම බලාගෙන ඉන්නම්’
”
උහුලන්න බැරි තරම්
ප්‍රේමයෙන් පිරුණත්,
අහසකින් පවා තාරුකා අතහැරේ…
මත් කෙරෙන කවි වතුර
තෙත් හාදු බොන අතර
අත් දෙකේ ඔබ නිතර
ගුලිවෙලා හුන්
හිත් උයනෙ වී නතර
පත් ප්‍රේමයේ වැතිර
තත් වයන ගී මතුර
නැළවුණේ මං
මීදුමේ කඳු පතුල
සිහිකෙරෙන ඔය කොපුල
තුෂර පිනි කඳුලෙකත්
පිපුණේද මල්
ඒ මලෙක සිනිඳුවට
ලියූ වැහි ප්‍රස්තාර
ගීතවත් සානුවේ
ප්‍රේමයකි දැන්
පටු වීදි කෙළවරෙක
අලව අලවා දෙඇස
බැල්මකින් ඇල්ම පා
සැඟවුණේ නම්
නිල් අහසෙ වී නතර
රිදව රිදවා මතක
නැතිද තරු එළියකට
හදවතක් යම්.?