SHOP
  • 10 % OFF

    බයෝ කරපු ඒලෙවල්-Bio Karapu AL-කාව්‍ය

    Original price was: රු500.00.Current price is: රු450.00.

    මට ඕනෙ දැං ඔයා එක්ක

    ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න

    ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීල

    අල්ලන්න වගේ දුවගෙන එන්න

     

    අපිට ඒ ගමං පුලුවන්

    කංකාල පේෂියක සෛල වෙන්න

    කොයිතරම් දෙපැත්තට ඇදුණත්

    ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ

    ගැන කියවන්න අපේ ආදරෙත් ඒ වගේ

    නේද කියල කොඳුරන්න

     

    ඉතිං ඉක්මනට කියන්න මට

    ඔයා එනවද නැද්ද යන්න

  • 15 % OFF

    හදවත් වරක් 2-Hadawarth Warak 2

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.
  • 15 % OFF

    හදවත් වරක් 1-Hadawarth Warak 1

    Original price was: රු1,500.00.Current price is: රු1,275.00.
  • 19 % OFF

    කම්බිලි-Kambili

    Original price was: රු1,300.00.Current price is: රු1,050.00.
  • 20 % OFF

    කඩවර-Kadawara

    Original price was: රු2,300.00.Current price is: රු1,840.00.
  • 15 % OFF

    ඒක අමුතු කතාවක් – Eka Amuthu Kathawak

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

    ලංකාවේ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?

    “ඔහ්… කමෝන්! මේක සාමානය පැහැරගැනීමක් නෙමෙයි…” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්…”

    “ඔව්..?”

    “ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!”

    “මොකක්?”

    මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැගිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්,

    “තෑන්ක්ස්…” එයාගෙ ආචාරශීවූ ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තූති නොකර බැරිවුණා.

    මේක ටිකත් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ… සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”

    කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට…

    එයා හදිස්සියෙමි මගේ දිහාට හැරුණා. ඒ ළඟින්ම ගමින් කරපු මම එයාගේ උරහිසේ හැප්පිලයි නතරවුණේ.

    “අපි දෙයක් කරන්න යන්නෙ…”

    එයාගේ ඇස් දෙකේ මෙතෙක්වෙලා තිබුණු මලානික ගතිය වෙනුවට අමුතු දීප්තියක් එකතුවෙලා තිබුණා.

    “ම්ම්?”

    ” අපි එයාව උස්සනව!” අදිති කිව්වා.

  • 15 % OFF

    හවුස්මේඩ් – The Housemaid

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    ‘සාදරයෙන් පවුලට පිළිගන්නවා’ නීනා වින්චෙස්ටර් එහෙම කිව්වෙ නිය ආලේපනවලින් හැඩකරපු එයාගේ සුන්දර අතක් මට දිගු කරන ගමන්. මම බොහොම විනීත විදිහට හිනාවුණේ පොළොවට කිරිගරුඬ අතුරපු කොරිඩෝව වටේ බැල්මක් හෙළන ගමන්. මේ රස්සාව තමයි හැමදෙයක්ම අලුතින් පටන්ගන්න මට ලැබෙන අන්තිම අවස්ථාව. මට කැමති කෙනෙක් විදිහට ජීවිතය අලුතින් පටන්ගන්න පුළුවන්. ඒත් වින්චෙස්ටර් මන්දිරයේ සැගවිලා තියෙන රහස් මගේ රහස්වලට වඩා හුඟක් භයානක බව මට වැඩිකාලයක් යන්න කලින් දැනගන්න ලැබේවි.

    හැම දවසකම මම වින්චෙස්ටර් මන්දිරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරනවා. මම එයාලගේ දුවව පාසල් ඉවරවුණාම ගෙදර එක්කගෙන එනවා. මුළු පවුලටම රසවත් රෑ කෑම වේලක් උයලා, පිළිගන්වලා, අන්තිමට මම අටල්ලේ තියෙන මගේ පුංචි කාමරේ ඇතුළේ තනියම රෑ කෑම ගන්නවා.

    මම පිරිසිදු කරන තරමටම නීනා මේ ගෙදර අවුල් ජාලයක් කරන විදිහ නොතකා ඉන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම, එයා තමන්ගෙම දුව ගැන කියන අමුතු විදිහේ බොරු කතා, එයාගෙ ස්වාමිපුරුෂයා වෙන ඇන්ඩෲ වින්චෙස්ටර් දවසින් දවස බිඳුණු මනුස්සයෙක් බවට පත්වෙන විදිහ. ඒත් වේදනාවෙන් පිරුණු ඇන්ඩෲ වින්චෙස්ටර්ගේ දුඹුරු පාට, ලස්සන ඇස් දෙක දකින වාරයක් පාසා නීනාට උරුම වෙලා තියෙන සැපවත් ජීවිතය ගැන මට නොහිතා ඉන්න අමාරුයි. නිමක් නැති තරමට ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, සර්ව සම්පූර්ණ සැමියෙක්!

    එකම එක වතාවක් මම නීනාගේ සුන්දර සුදු ගවොමක් ඇඳලා බැලුවා. ඒ ඒක මට මොන විදිහට ගැළපෙනවද කියලා බලන්න. ඒත් වැඩිකාලයක් යන්න කලින් ඒක එයාට අහුවුණා… ඒ එක්කම, මම ඉන්න අටලු කාමරය අගුලු දාන්න පුළුවන් පිටතින් විතරයි කියලා මට තේරුම් යද්දිත් මම ප්‍රමාද වැඩියි.

    ඒත් තාමත් ඇත්තටම මම කවුද කියලා වින්චෙස්ටර්ලා නොදන්න බව මට සහතික වෙන්න පුළුවන්!
    මට කරන්න පුළුවන් මොනවගේ දේවල්ද කියලා එයාලා තාමත් දන්නේ නෑ!

  • 15 % OFF

    ත්‍රී-පයින්ස් ඛේදවාචකය – Three Pines Kedawachakaya

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    කැනඩාවේ ඈත කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක් වූ ත්‍රී-පයින්ස් යනු අපරාධ සිදු නොවන, සොඳුරු ගම්වැසියන්ගෙන් පිරි ගම්මානයකි. එහෙත් තුතිපිදීමේ උත්සවය යෙදී තුබූ ඉරිදා උදෑසන, ගමට යාබද මේපල් කැලෑරොදේ තිබී, ත්‍රී-පයින්ස් ගම්මානයේ සැවොම ආදරය කළ ජේන් නීල් නම් වූ වියපත් ගැහැනියගේ මළසිරුර හමුවෙයි.

    එකී කාරුණික, ආදරණීය ගැහැනිය මියයන්නේ කිසිවෙකු විසින් එල්ල කරනු ලදුව, හදවත පසාරු කළ ඊ පහරකිනි. මෙය, දඩයම් අනතුරක් හැරෙන්නට වෙන කිසිවක් නොවන බවට ගම්වැසියෝ සහතික කරති. එහෙත් මොන්ට්‍රියල් සිට විමර්ශනයට පැමිණෙන ආර්මෝ ගමාෂ් ඇතුළු කණ්ඩායමට මේ දුර ඈතක වූ කැලෑරොදෙහි යම් අප්‍රසන්න යමක ඉවක් දැනෙයි. ඉක්මනින්ම, මෙම මරණය වනාහි කුරිරු මිනීමරුවෙකු විසින් සිතාමතාම කරන ලද මිනීමැරුමක් විනා, නොසැලකිලිමත් දඩයක්කරුවකුගේ අත්වැරැදීමක් නොවන බව ගමාෂ් සොයාගනියි.

    ජේන් නීල් කිසිදිනෙක තම නිවසට අමුත්තන්ට ආරාධනා නොකළේ ඇයි?

    ඈ මියයන්නට දෙදිනකට ඉහතදී අද්භූත සිත්තමක් චිත්‍ර ප්‍රදර්ශනයකට භාරදුන්නේ ඇයි?

    මේ මරණය සමඟ එහි යම්කිසි අයුරක සම්බන්ධයක් තිබේද?

    ගමාෂ් ඇතුළු කණ්ඩායම, ත්‍රී- පයින්ස් ගම්මානයේ සැඟවුණු රහස සොයාගනියිද?

    රූපවාහිනී කතා මාලාවකට පවා පාදක වුණු, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්මෝ ගමාෂ් කතා මාලාවේ පළමු කොටසයි මේ..

  • 15 % OFF

    පොළොව රඳන තැන 02 – Polowa Randana Thena 02

    Original price was: රු2,900.00.Current price is: රු2,465.00.

    එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.

  • 15 % OFF

    පොළොව රඳන තැන 01-Polowa Radana Thena 01

    Original price was: රු2,800.00.Current price is: රු2,380.00.

    එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.

  • 20 % OFF

    5D මිරකල්-5D Mirakal

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
  • 20 % OFF

    කොන්කොක්ල්-Konkokle

    Original price was: රු1,200.00.Current price is: රු960.00.
  • 20 % OFF

    විකෘති-Wikurthi

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
  • 20 % OFF

    ජෝකර්-Joker

    Original price was: රු950.00.Current price is: රු760.00.
  • 10 % OFF

    ඩිප්‍රෙෂන්-Dipression

    Original price was: රු800.00.Current price is: රු720.00.
  • 20 % OFF

    නයිටිංගේල්ගේ රහස-Nayitingale Rahasa

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    ඉන්දියාවේ හැදී වැඩුණු සුන්දර, උද්යෝගිමත් තරුණියක වූූ සුසැන්නා ප්ලේඬේල්, රෝගීන් සුවපත් කිරීම සඳහා තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවබෝධ කර ගනී. ඉන්දියාවේදී තරුණ ඔබ්රි සෙන්ක්ලෙයාර් මුණගැසීම, එම ආදර අන්දරය විවාහයකින් මෙන්ම සුන්දර මධුසමයක දින කීපයකින් ඇයව සතුටු කරවන අතරම එයින් පසු ඇය පැතූ සැමියා සහ දිවිය ඇයට අහිමි බව ඇය වටහා ගනී. ඉන්පසු එලඹි සමයේ සුසැන්නා හට මහා වතුයායක් තුළ බොහෝ දෙනා අතර තනිවීමට සිදුවේ. හිමි අහිමිවීම් මෙන්ම ලැබීම් නොලැබීම් අතර දෝලනය වෙමින් සමාජයේ විවිධ තලවල මිනිසුන් අතර නොසැලී සිටින්නට වෙර දරණ සුසැන්නා, අදටද අමරණීය නාමයක්ව පවතින ෆ්ලොරන්ස් නයිටිංගේල් ඇසුරට යොමු වන්නී, සිය දිවිය නවමු මගක ගමන් කරවීමට සමත්වන්නීය. නමුත් ඒ සියල්ල මැද ඇගේ සිත දවන මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඇය සමත් වන්නීද? ඇගේ එම රහස දන්නේ තව කව්රුන්ද?

  • 20 % OFF

    පාරාදීස කොදෙව්ව-Paradeesa Kodewwa

    Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

    මුද්‍රා තැබූ කාමරයක්. අබිරහස් සිතියමක්. මිය ගිය යුවතියක් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකින් රචනා කළ දිනපොතක්.
    මේ සියල්ල ඇනලීස්ව සොයාගැනීමක් කරා,
    මෙන්ම උවදුරක් කරාද ගෙන යයි…

    බොහෝ කලකට ඉහතදී මරු වැලඳ ගත් සිය මුතුන්මිත්තකුගේ ගුප්ත දිනපොතක් සොයාගත් වේලාවේදී, සිතියම් ශිල්පී පවුලක, ආදරය සහ රැුකවරණය යටතේ හැදී වැඩෙන දියණියක් වෙන ඇනලීස් මැලරි කුතුහලය සහ වික‍්‍රමයන්ගෙන් සපිරි ලොවකට පිවිසෙයි. එම දිනපොත සමග දුර ඈතක පිහිටි, අබිරහස් දිවයිනක සිතියමක්ද වේ.
    එම දිවයිනේ අසමසම ධනයක් තිබෙන බව කියවෙන කතාව තදින්ම සිතට ගන්නා ඇනලීස්ගේ අයියා, ෆිලිප් එම දූපත සොයා ගමන් අරඹයි. එහෙත්, ෆිලිප් ගැන කිසිදු පුවතක් නොමැතිව මාස ගණනාවක් ගෙවී යයි. දිනපොතේ රහස් හෙළිරදවු කරගැනීමේ අරමුණින් සහ ඇගේ සොහොයුරාව සොයාගැනීමේ දැඩි අවශ්‍යතාවයකින් පෙළෙමින් ඇනලීස් ගමන ආරම්භ කරයි. එම ගමන ඇයව ලොව අමුතුම දුරස්ත ස්ථානයන්ට-කේප් ටවුන් වෙත, ඕස්ටේ‍්‍රලියාවේ ජනශුන්‍ය ප‍්‍රදේශයන්ට- සහ අවසානයේ දක්‍ෂිණ සාගරයේ සාරවත්, නිවර්තන දූපත් කරා රැුගෙන යයි.
    එතැනදී, ඇනලීස් හට හද ගැස්ම නතර කරවන අන්දමේ උපද්‍රවයක් සේම… පේ‍්‍රමයක පොරොන්දුවක්ද හමුවේ.

  • 20 % OFF

    කැම්බයිසෙස් සේනාංකය-Cambises Senankaya

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    රිස්තු පුර්ව 523දී පර්සියානු ඵාරාවෝ කෙනෙක් වූ කම්බයිසස් ඊජිප්තුවේ බටහිර කාන්තාරය වෙත පනස් දහසක රණශුරයින්ගෙන් යුතු සිය හමුදා ඛණ්ඩයක් යැව්වේ සිවා කාන්තාරයෙහි පිහිටි අමුන් නැමති දේවාලයක් විනාශ කිරීමේ අපේක්ෂාවෙනි. වංශකථාවලට අනුව හදිසියේ ඇතිවූ වැලි කුණාටුවකට හසුවී ඔහුගේ සම්පූර්ණ හමුදාව සහමුලින්ම විනාශයට පත්විය.
    ශහස‍්‍රවර්ෂ දෙකහමාරකට පසුව අංගෙඡ්දනය වූ මිනියක් ලූක්ෂෝර්වල නයිල් නදියේ ඉවුරට ගොඩ ගසනු ලැබීය. කයිරෝවේ විසූ පුරාවස්තු වෙළෙන්දෙක් ද සාහසික ලෙස ඝාතනය කර තිබින. සඛ්කාරාවල පුරාතණ සුසාන භූමියක කැනීම් කටයුතු කළ බි‍්‍රතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙක් ද අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගන්නා ලදී.
    මෙම සිදුවීම්වල එකකට එකක සම්බන්ධතාවයක් පෙනුනේ නැත. එහෙත් ලූක්ෂෝර් පොලිසියේ රහස් පරීක්ෂක යුසුෆ් ඛලිෆා තුළ ඇතිවූයේ දැඩි සැකයකි. පුරාවිද්‍යාඥාගේ දියණිය වූ ටාරා මල්රේ පුරාණ රූපාක්ෂර ලේඛනයක කොටසක් සොයාගැනීමෙන් පසුව පරීක්ෂණ එකවරම අනතුරුදායක තත්ත්වයකට පත්වූයේ දැරිය නොහැකි උෂ්ණත්වයක් සහිත කාන්තාරයට පිවිසීමට සිදුවූ නිසාය.
    එහිදී ඔවුන්ට මුහුණ පාන්නට සිදුවුන විශ්වාස කළ නොහැකි සිදුවීම් මාලාවක් පෝල් සස්මන්ගේ ‘ද ලොස්ට් ආමි ඔෆ් කම්බයිසස්’ කෘතියේ ඇතුළත්ය.

  • 20 % OFF

    නරනිඳු ගැටුම-Naranidu Getuma

    Original price was: රු2,400.00.Current price is: රු1,920.00.

    ගින්නේ ගින්නේ සහ රුධිරයේ වර්ණ රැගත් වල්ගාතරුවක් යට කණ්ඩායම් සයක් කුණාටු සහ කැළඹීම් මධ්‍යයේ බෙදුණු භූමියක් වෙනුවෙන් අරගල කරති. ළමා රජු, කාන්තාවක්, කුරුමිට්ටෙක් සහ නපුංසකයකුගේ පාලනයට නතු වේ. කුමාරිකාවන් මහමගට වැටෙද්දී අබ්බගාතයෝ වෘකයෝ බවට පත් වෙති. දීර්ඝ ගිම්හානයේ අවසානයත් සමග රජවරුන් රජවරුන් සමඟ ද අවජාතකයෝ
    මළවුන් සමඟද සටනට එළඹෙති.සහ රුධිරයේ වර්ණ රැුගත්
    වල්ගාතරුවක් යට කණ්ඩායම් සයක් කුණාටු සහ කැළඹීම් මධ්‍යයේ බෙදුණු භූමියක් වෙනුවෙන් අරගල කරති. ළමා රජු, කාන්තාවක්, කුරුමිට්ටෙක් සහ නපුංසකයකුගේ පාලනයට නතු වේ. කුමාරිකාවන් මහමගට වැටෙද්දී අබ්බගාතයෝ වෘකයෝ බවට පත් වෙති. දීර්ඝ ගිම්හානයේ අවසානයත් සමග රජවරුන් රජවරුන් සමඟ ද අවජාතකයෝ
    මළවුන් සමඟද සටනට එළඹෙති.

  • 10 % OFF

    මැණිකේ- කාව්‍ය සංග්‍රහය-Menike

    Original price was: රු350.00.Current price is: රු315.00.
× Whatsapp Us