Showing 301–320 of 466 resultsSorted by latest
දහසය වැනි සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප‍්‍රකට ශල්‍ය වෛද්‍ය මැතියෝ කලම්බු, මිථ්‍යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දඟගෙට වැටෙයි. ඔහු කළ වරද වුණේ, ඔහුට සමාන නමකින් යුත් කි‍්‍රස්ටෝපර් කොලොම්බස් විසින් ඊට ටික කලකට මත්තෙන් ලෝක සිතියමේ ඇමරිකාව නමින් නව දේශයක් සොයාගනු ලැබුවා සේ, ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි……
යුරෝපා පුනරුද යුගය තුළ භූගෝලීය සහ කලාත්මක වශයෙන් පමණක් නොව, ලිංගික වශයෙන් වන පිබිදීමක්ද හටගත් බව ෆෙදරිකෝ අන්දහාසි මේ හරහා අපට පෙන්වා දෙයි. ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්ව පහසුවෙන් සිහිගන්වන මේ අපූරු නවකතාව සාරවත් අඩුවැඩියෙන් අනූනයි; ඉතිහාසය, ලිංගිකත්වය සහ ආගම සමඟ සරදම එහි නොමඳව මුසුව තිබේ.
සාමාන්‍යයෙන් ගැහැනියක අපේක්ෂා කරන සෑම දෙයක්ම පාහේ වෙරෝනිකා සතු බව පෙනේ. ඈ තරුණ ය. රූමත් ය. කඩවසම් පෙම්වතුන්ගෙන්ද ඈට අඩුවක් නැත. නැටුම් ගැයුම් ආදියට පි‍්‍රය ය. ස්ථීර රැුකියාවක්ද ඇත. එහෙත් ඈ තුළ සතුට නැත. ජීවිතයේ කිසියම් දෙයක අඩුවක් ඈට දැනේ.
1997 නොවැම්බර් 11 වැනි දා ඈ සියදිවි නසාගන්නට තීරණය කරන්නීය. නිදිපෙති අධික ප‍්‍රමාණයක් පානය කරන ඈ මිය යාම වෙනුවට පිස්සන් කොටුවකදී සිහිය ලබයි.
මනුෂ්‍ය ස්තී‍්‍ර රූපය විශ්මයජනක යෝග්‍ය සකස්වීම්වලින් සහ සියුම් ඔපලීම්වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප‍්‍රතිඵලයකි. එය ග‍්‍රහලෝකය මත ඉතාම අපූරුව පැවැත්ම වේ.
විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්තී‍්‍ර රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබාදහම මත වැඩිදියුණු කිරීම්වලට වෑයම් කර තිබේ. මෙම අලූත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඞ් මොරිස් ඔහුගේ නිපුණතාවය සහ අවධානය ස්තී‍්‍ර රූපය කෙරෙහි යොමු කරමින් ‘හිසේ සිට දෙපා තෙක්’ මඟපෙන්වීම් චාරිකාවක පාඨකයාව රැුගෙන යයි.
සියලූ කාන්තාවන්ට පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණවල පරිණාමීය කාර්යයන් ඉස්මතු කරමින් ඩෙස්මන්ඞ් මොරිස් ස්තී‍්‍ර රූපයේ හැසිරවීම සහ පරිපූර්ණත්වය වෙනුවෙන් ගවේෂණය තුළ මානව සමාජයන් වර්ධනය කර ඇති වැඩිදියුණු කිරීම් සහ සීමා කිරීම් අනාවරණය කරයි.
‘නිරුවත් ගැහැනිය’ මානව සත්ත්වයා පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ඩෙස්මන්ඞ් මොරිස්ගේ අසමසම ප‍්‍රවීණත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියැවුණු විද්‍යාත්මක සාධකවලින්,
සිත්ගන්නාසුලූ අන්දරයන්ගෙන් සහ පොළඹවනසුලූ නිගමනයන්ගෙන් සමන්විත ග‍්‍රන්ථයකි.
ලොව විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතාවක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය.පුද්ගල මනෝභාවයන්, ලෞකික ආශාව, පවුල, විවාහය, සමාජ තත්ත්වය, ඊර්ෂ්‍යාව යන තේමාවන් නවකතාව තුළින් මනාව විමර්ශනය කර ඇත.
අතුරුදන් ශිෂ්ටාචාරයක්… බියකරු ගවේෂණයක්… මාරක රහසක්… ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්‍රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය. ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්’ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්‍රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති. එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි. අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය. මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද? ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද? මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.
වයි පෙරල්මාන්
Yakov Perelman
මහාවාර්ගික ජනසමාජයකින් සුසැදි ලංකා නම් විස්මිත දේශයේ සැරිසැරූ ඉබන් බතුතාගේ අපූර්ව චාරිකා සටහන්
කීර්තිමත් මොරෙක්කානු උගතෙකු වූ ඉබන් බතූතා මධ්‍යකාලීන යුගයේ දේශාටනයේ යෙදුණු මාකො පෝලේ ඇතුළු අන් සියලූ දේශ ගවේෂකයන්ට වැඩියෙන් රට රටවල් කරා සංචාරය කර ඇති බවට ප‍්‍රසිද්ධියක් උසුලයි.
පුත්තලම ප‍්‍රදේශයේ ඉබන් බතූතා නමින් වූ දැළි කුණු වැකුණු මාර්ග සංඥ පුවරුවක් දැකීමෙන් එ් ඔස්සේ කරුණු හාරා අවුස්සා බැලීමට අමීනා හුසේන් නම් ලේඛිකාව තුළ පෙළඹවීමක් ඇතිවේ. එකල ලංකා හෝ සෙරන්ඞීබ් නමින් පතළ දේශයේ ඉබන් බතුතා ආගිය තැන් යැයි අනුමාන කළ හැකි දිශානතිය ඔස්සේ ඇගේ ගමන ඇරඹෙන්නේ එ් අනුවය.
මුතුපර ගහන වයඹදිග මුහුදු තීරයෙන් පටන්ගෙන ලංකාවේ පූජනීය ගිරි සිරස ලෙස ප‍්‍රකට සිරිපාදය හරහා පහතරට දෙවිනුවර අත්‍යලංකාර දේවාලය පසු කර එද්දී බ‍්‍රාහ්මණ වංශික පූජකවරුන්ගේ ආශීර්වාද ලැබ හා නාට්‍යාංගනාවන්ගේ රැුඟුම් දැක බලා පීත්ත පටියක් සේ දිගින් දිගට දිවෙන සමුද්‍රාසන්න මාවත ඔස්සේ ඇය කොළඹට ළඟා වෙයි. ඉබන් බතූතාගේ ගමන් මඟ සෙවූ ඈ පෙරළා නවතින්නේ තමා ගමනාරම්භ කළ පුත්තලමේදී ය.
ලේඛිකාවගේ මේ චාරිකාවේ දී ඉබන් බතූතා පිළිබඳ මතක ශේෂයන් රැුගත් බොහෝ දෙනෙකු හමු වී ඇත.
මේ දේශගවේෂකයාගේ ලංකාගමන පිළිබඳව ගොඩනැඟී තිබූ මිථ්‍යාවන් හා පුරාවෘත්තයන් රැුසක් යථාර්ථය හෙළි කර ගැනීමට කතුවරිය මෙහිදී සමත් වේ.
Ameena Hussein
පරිවර්තනය භද්‍රා රුද්‍රිගෝ
වයිද්‍ය සන්තදෙව මුරුතැන්ගෙ
දේදුනු සේයා තනුජා බොතේජු