Sold out!

අත්ලන්තික් දඩයම-Athlanthik Dadayama

Original price was: රු1,900.00.Current price is: රු1,615.00.

SKU: Athlanthi Dadayama Categories: , ,

Description

අතුරුදන් ශිෂ්ටාචාරයක්…
බියකරු ගවේෂණයක්…
මාරක රහසක්…
ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය.
ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්රිස්ටියන් ෆ්රොස්ට්’ගේ අනුග්රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති.
එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්රියා කරයි.
අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය.
මැන්හැට්න්වල වීදිවල සිට බ්රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද?
ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද?
මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “අත්ලන්තික් දඩයම-Athlanthik Dadayama”

Your email address will not be published. Required fields are marked *