SHOP
  • 10 % OFF

    දුවකගේ කඳුළු-Duwakage Kandulu

    Original price was: රු800.00.Current price is: රු720.00.

    රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.

    සුරංගි ද අල්විස්

  • 10 % OFF

    කන්ද උඩ ගින්දර-Kanda UdaGindara

    Original price was: රු1,750.00.Current price is: රු1,575.00.

    සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.

    ජැක්සන් ඇන්තනී

  • 10 % OFF

    බැද්දේගම-Beddegama

    Original price was: රු675.00.Current price is: රු607.50.

    අප රට සිටි ඉංග්රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කොට ඒ.පී. ගුණරත්න විසින් සිංහලයට නගන ලද ‘බැද්දේගම‘ වූ කලී කැලෑබද ගම්මානයක සිංහල ගැමි ජීවිතය ඇසුරු කරගනිමින් නිර්මාණය වූ ශ්රේෂ්ඨතම ඉංග්රීසි නවකතාව බව විචාරකයන්ගේ මතයයි. ඉංග්රීසි ජාතිකයකු ලෙස ඔහු අප ගැමි සමාජය විනිවිද දුටු අයුරු අපූරුය. 2019 වර්ෂයේ උසස් පෙළ විෂය නිර්දේශය වෙනස් වීමත් සමග ඉදිරි වසර 8 ක් සඳහා නිර්දේශය වූ සිංහල නවකතාව වූයේ ද බැද්දේගම ය. බැද්දේගම නවකතාව මෙසේ ඔබ අතට පත්වන්නේ නැවත සකස් කිරීමකින් පසුව එන නැවත මුද්රණයක් වශයෙනි. මෙසේ නැවත සකස් වීමේ දී ප්රමාණය වෙනස් කොට තිබේ.

  • 10 % OFF

    සීමා නැති ආදරේ-Seema Nethi Adare

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි.

    Nick Vujicic

  • 10 % OFF

    නැවතුම් නැති ජීවිතේ

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.Nick Vujicic

  • 10 % OFF

    සීමා නැති ජීවිතේ-Seema Nethi Jevithe

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.

    Nick Vujicic

  • 20 % OFF

    අග රැජින-බොරලු වලව්ව(Aga Rejina-Boralu Walawwa)

    Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

    අග රැජින නර්මදා රංගොඩගේ

    බොරළු වලව්ව වත්සලා කරුණාරත්න

  • 10 % OFF

    ලක්දිව සාගර පත්ල-Lakdiwa Sagara Pathla

    Original price was: රු680.00.Current price is: රු612.00.

    ආතර් සී. ක්ලාක් Arthur C Clark මනෝ ප්‍රනාන්දු නන්දන එල්ලාවල

  • 10 % OFF

    2010

    Original price was: රු750.00.Current price is: රු675.00.

    ආතර් සී. ක්ලාක් – Arthur C Clarke

    එස්. එම්. බන්දුසීල

  • 15 % OFF

    2001

    Original price was: රු1,000.00.Current price is: රු850.00.

    ආතර් සී. ක්ලාක් -Arthur C Clarke

    එස්. එම්. බන්දුසීල

  • 10 % OFF

    සියක් වසක හුදකලාව-Siyak Wasaka Hudakalawa

    Original price was: රු880.00.Current price is: රු792.00.

    දකුණු ඇමරිකානු ඈත වාස භූමියක් ලෙස කල්පිතව ගොඩනංවන මැකොන්ඩෝව ජනාවාස කරගත් බුඑන්ඩියා පවුලේ මෝහනීය ඉතිහාස කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරාණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගොඩනංවයි.
    මායා යථාර්ථවාදී කතා කලාවේ අග්‍ර කෘතිය ලෙසද, ලෝක සාහිත්‍ය ඉතිහාසයේ එතෙක්, මෙතෙක් රචිත සුවිශිෂ්ට කෘති අතුරින් එකක් ලෙසද අවිවාදයෙන් පිළිගැනෙන මෙම කෘතිය, 1982 වසරේදී සාහිත්‍ය පිළිබඳව නොබෙල් ත්‍යාගය මාර්කේස් වෙත ලබා දීමේදී සුවිශේෂව සලකා බැලූ කෘතිය ලෙස පිළිගැනේ.
    “…මේ විස්මයජනක නවකතාවෙන් හරියට කෙනෙකුට සිහිනයෙන් යමක් එළිදරව් වන්නාක් මෙන් ගිනිගෙන දැවෙන සිතිවිලි එළිදරව් වේ…”
    – ගැන්රේ ග්‍රාස්
    “…සමකාලීන ලතින් ඇමරිකානු නවකතාකරුවන් අතුරින් එක් දීප්තිමත් තාරකා මණ්ඩලයකි; ඔහු විශිෂ්ට පරිමාණයේ සම්භාව්‍ය කෘතියක රචකයෙකි; උසස් භාවයෙන් මෙම කෘතිය හෝමර්ගේ ‘ඔඩෙසි’ හා සැසඳිය හැකි කෘතියකි. ගාර්සියා මාර්කේස් සිත් වශීකරන ඉන්ද්‍රජාලිකයෙකි…”
    – ද නිව්යෝර්ක් ටයිම්ස්

    පරිවර්තනය පසන් කොඩිකාර /අබේ දිසානයක

  • 10 % OFF

    රත් වරලැති ලිය-Rath Waralethi Liya

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    ළිං කණින්නකුගේ ගෝලයකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන ඍතුවකදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙම් ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩිමහල්, රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි. ඒ ප්‍රේමය කරණකොටගෙන හටගත් සිද්ධි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ඡස්ථානයට ළඟා වෙයි.
    පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය, සත්‍යය, මිථ්‍යා කතා සහ කලාපයේ මහා කාව්‍ය සාහිත්‍යය සමඟ එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශනවාදී මෙන්ම රමණීය ගද්‍ය කාව්‍යයකි.

    පරිවර්තනය නිලුක කදුරුගමුව

    නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී තුර්කි ලේඛක ඔර්හාන් පමුක්ගේ නවකතාවක් සිංහල බසට නැඟෙන පළමුවැනි අවස්ථාව මෙය

  • 10 % OFF

    මම රක්ත වර්ණ නම් වෙමි-Mama Raktha Warna Nam Wemi

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    ඔර්හාන් පමුක්පරිවර්තනය – නිලූක කදුරුගමුව1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරදී, සිය ජීවිතයත්, අධිරාජ්‍යයත් වර්ණනා කරනු පිණිස ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්‍ර ශිල්පීන්ට රහසින් නියම කරයි. ඒ මාහැඟි ග්‍රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් හට පැවරෙයි. එහෙත්, ඒ චිත්‍ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියකු මරා දැමුණු විට, මිනීමරුවා සොයාගැනීම පිණිසත්, ග්‍රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයකුගේ සහය පතන්නට ග්‍රන්ථ ව්‍යාපෘතිය භාර ප්‍රධාන ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියාට සිදුවෙයි. මරා දැමුණු චිත්‍ර ශිල්පියා ගොදුරක් වූයේ වෘත්තීයමය එදිරිවාදිකමකද, ආදරය නිසා උපන් ඊර්ෂ්‍යා පරවශබවෙහිද, එසේත් නැතහොත් ආගමික උමතුවේද? අබිරහස් මිනීමැරුමක සුලමුල සොයන ත්‍රාසය මුසු අපූර්ව නිර්මාණයක් වන මෙම නවකථාව, ආදරය, සිතුවම් කලාව කෙරෙහි මිනිසුන් තුළ ඇති අසීමිත කැපවීම මෙන්ම පෙරදිග සහ අපරදිග අතර ඇති සදාතනික ගැටුම විවරණය කරන මනරම් ආඛ්‍යානයකි.

  • 20 % OFF

    රාම සීතා රාවණා කෘති එකතුව-Rama Seetha Ravana Collection

    Original price was: රු5,400.00.Current price is: රු4,320.00.

    කුමාර සිරිවර්ධන

  • 20 % OFF

    ළමා මනාලියකගේ කඳුළු කතාව – Lama Manaliyakage Kandulu Kathawa

    Original price was: රු560.00.Current price is: රු450.00.

    එල්. එස්. එස්. පතිරත්න

  • 10 % OFF

    ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත-Ann Frank Deriyakage Dinapotha

    Original price was: රු1,390.00.Current price is: රු1,251.00.

    තොම්සන් ඒ. වැන්දබෝනා

  • 15 % OFF

    ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න-Obe Wirudda Lingikaya Therum Ganna

    Original price was: රු1,450.00.Current price is: රු1,232.50.

    ආරියරත්න චන්ද්‍රවංශ

  • 15 % OFF

    පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?-Pirimi Saha Gehenu Metharam Wenas Eyi

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

    ආරියරත්න චන්ද්‍රවංශ

  • 15 % OFF

    අපි කුමට ගැටෙමුද? – Api kumata gatemuda

    Original price was: රු1,150.00.Current price is: රු978.00.

    පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික මානසික හා අන් සියළු අංශවල ද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තාවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. මෙහි ප්‍රතිඵල වෙන්නේ පවුල් සබඳතා බිඳ වැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන් සහ කම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත.

    ආරියරත්න චන්ද්‍රවංශ

  • 30 % OFF

    සුපුරුදු කතාවක් – Supurudu Kathawak

    Original price was: රු950.00.Current price is: රු665.00.

    ආනන්ද අමරසිරි

× Whatsapp Us