SHOP
  • බිම්මල්-Bimmal
    10 % OFF

    බිම්මල්-Bimmal

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
  • මුතු මණ්ඩපම්-MUTHU MANDAPAM
    10 % OFF

    මුතු මණ්ඩපම්-MUTHU MANDAPAM

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
  • කැමේලියා – Camellia
    10 % OFF

    කැමේලියා – Camellia

    Original price was: රු975.00.Current price is: රු875.00.

    2024 ස්වර්ණ පුස්තක සම්මනය හිමි වු කෘතිය

  • සිරසාලවන්‍යා-Sirasalavanya
    10 % OFF
    Sold out!

    සිරසාලවන්‍යා-Sirasalavanya

    Original price was: රු1,150.00.Current price is: රු1,035.00.

    සිතුවමක්, නන්නාඳුනන මිනිසකුගේ සිත සසල කොට, ගත නිසල කරයි. කාලාන්තරයකට පෙර මේ සිතුවමේම සැඟවුන රහස්, අනුමානයෙන් කියවූ හිතැත්තියකගේ, දෝෂාරෝපණයෙන්, තැළුණු හදක් ඇතිව සිටි එය ඇඳි සිත්තරා, … එයින්ම විප්‍රයෝගයට පත්ව විරහවේ දැවී හුදකලා වී සිටින්නෙකි. තව තැනක අප්‍රසන්නව විසිකොට දැමූ අතීතය ගැන තැවෙමින් සුරක්ෂිත සුදිලෙන වත්මනක … ආත්මානුකම්පාවෙන් හඬන යුවතියකි. මතක මන්දිර බිඳින මායාකරුවන් සමග පැමිණ, අලුත්ම කරළියක, සුසුමින් පණපොවා විවර කළ තිරයකට පසුපසින් සිටගෙන ඇය ඔබට ජීවිතය පෙන්වයි. චිත්‍ර මූර්ති හා සජීවීකරණ ශිල්පියෙකු වන චමිල් හර්ෂණ එදිරිසිංහ දීර්ඝ කාලයක සිට සාහිත්‍යකරණයේ නියැළෙයි. ඔහු සාහිත්‍ය තරග කීපයක ජයග්‍රහණ හිමිකරගත්තෙකි. හොඳම තිර රචනයද ඇතුළු සම්මාන රැසක් දිනූ කෙටි චිත්‍රපට කරුවෙකි. ළමා කතා රචකයෙකු මෙන්ම දෙස් විදෙස් ළමාපොත් කීපයක සිතුවම් ඇඳි සිත්තරෙකු ද වන ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ඔහුගේ සිරසාලවන්‍යා නවකතාව බණ්ඩාරනායක ලේඛකත්ව සම්මානය ජයග්‍රහණය කොට මෙසේ ඔබ අතට පත්වෙයි.

  • වීසාචකයෝ-Visachakayo
    10 % OFF

    වීසාචකයෝ-Visachakayo

    Original price was: රු975.00.Current price is: රු877.50.

    වීසාචකයෝ සම්පූර්ණ සත්‍ය කතාවක ඇදහිය නොහැකි සිද්ධි ප්‍රබන්ධමය උපක්‍රම මඟින් සාර්ථක ලෙස ජය ගැනීමකි. මෙය 60 දශකයේ සිට වර්තමානය දක්වා ආර්ථික සුභ සිද්ධිය සොයාගෙන යන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වල හරස් කඩකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලය විශාල මානව දයාවකින් හා මව් සෙනෙහසකින් විදහා පෑමකි.

  • කොස්මොපොලිටන් ජීවිත-Cosmopolitan Jeewitha
    10 % OFF
    Sold out!

    කොස්මොපොලිටන් ජීවිත-Cosmopolitan Jeewitha

    Original price was: රු1,150.00.Current price is: රු1,035.00.

    නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා දෙන කැටපතකි.

  • උත්පත්ති-Uthpaththi
    10 % OFF

    උත්පත්ති-Uthpaththi

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

    ඒ රැය ගෙවී පසුදා අවදි වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාවක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.

  • ළමුතු අමයා-Lamuthu Amaya
    10 % OFF
    Sold out!

    ළමුතු අමයා-Lamuthu Amaya

    Original price was: රු800.00.Current price is: රු720.00.

    ‛ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.

    “ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‛හොඳ ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.

    පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.

    වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරුම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන”

  • සාරි ඇඳපු පිරිමි-Sari Andapu Pirimi
    10 % OFF
    Sold out!

    සාරි ඇඳපු පිරිමි-Sari Andapu Pirimi

    Original price was: රු700.00.Current price is: රු630.00.

    මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එකක් නෙවෙයි. මේ ආනන්දනීය තත්ත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දුක් විඳලා තියෙනවා. මැතිණිගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ලගින කොට මට එකොළහයි. ගමේ පංසලට ගියේ නම්පොත, සකස්කඩ, බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ, මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.

    ඔය කියන හැත්තෑ ගණන්වල ඒක අකරතැබ්බයක්, අපචාරයක්, ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නැහැ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලත් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා, පපුව හත් කඩකට පැලිලා, එවේලේම පොළොව පලාගෙන නිරයට යන දිට්ඨ ධම්මවේදනීය පාපකර්මයක් කියලා විතරයි.

    අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහෙද එහෙම තීරණාත්මක රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි. දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කථාව මට ම කියාගත්තා.

  • සේල වී-Sela Vee
    10 % OFF
    Sold out!

    සේල වී-Sela Vee

    Original price was: රු800.00.Current price is: රු720.00.

    තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ. හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා. නුරා ඒ් හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා. රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට. කපිල් හුළගේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.

  • ප්‍රේමාක්ෂර-Premakshara
    10 % OFF
    Sold out!

    ප්‍රේමාක්ෂර-Premakshara

    Original price was: රු850.00.Current price is: රු765.00.

    මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි. සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි. ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි. වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි. සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය. “ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය. මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.

  • ඩුඕ-Duo
    10 % OFF
    Sold out!

    ඩුඕ-Duo

    Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
  • ලේන්සුව-Lensuwa
    10 % OFF
    Sold out!

    ලේන්සුව-Lensuwa

    Original price was: රු750.00.Current price is: රු675.00.
  • මා දුටු කොවුර්-Ma Dutu Kowur
    10 % OFF

    මා දුටු කොවුර්-Ma Dutu Kowur

    Original price was: රු750.00.Current price is: රු675.00.
  • අරගලම් – Aragalam
    10 % OFF

    අරගලම් – Aragalam

    Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
  • නිරුවත් ගැහැනිය-Niruwath Gahaniya
    10 % OFF

    නිරුවත් ගැහැනිය-Niruwath Gahaniya

    Original price was: රු1,380.00.Current price is: රු1,242.00.

    මනුෂ්‍ය ස්තී‍්‍ර රූපය විශ්මයජනක යෝග්‍ය සකස්වීම්වලින් සහ සියුම් ඔපලීම්වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප‍්‍රතිඵලයකි. එය ග‍්‍රහලෝකය මත ඉතාම අපූරුව පැවැත්ම වේ.
    විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්තී‍්‍ර රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබාදහම මත වැඩිදියුණු කිරීම්වලට වෑයම් කර තිබේ. මෙම අලූත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඞ් මොරිස් ඔහුගේ නිපුණතාවය සහ අවධානය ස්තී‍්‍ර රූපය කෙරෙහි යොමු කරමින් ‘හිසේ සිට දෙපා තෙක්’ මඟපෙන්වීම් චාරිකාවක පාඨකයාව රැුගෙන යයි.
    සියලූ කාන්තාවන්ට පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණවල පරිණාමීය කාර්යයන් ඉස්මතු කරමින් ඩෙස්මන්ඞ් මොරිස් ස්තී‍්‍ර රූපයේ හැසිරවීම සහ පරිපූර්ණත්වය වෙනුවෙන් ගවේෂණය තුළ මානව සමාජයන් වර්ධනය කර ඇති වැඩිදියුණු කිරීම් සහ සීමා කිරීම් අනාවරණය කරයි.
    ‘නිරුවත් ගැහැනිය’ මානව සත්ත්වයා පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ඩෙස්මන්ඞ් මොරිස්ගේ අසමසම ප‍්‍රවීණත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියැවුණු විද්‍යාත්මක සාධකවලින්,
    සිත්ගන්නාසුලූ අන්දරයන්ගෙන් සහ පොළඹවනසුලූ නිගමනයන්ගෙන් සමන්විත ග‍්‍රන්ථයකි.

  • ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත-Ann Frank Deriyakage Dinapotha
    10 % OFF

    ඈන් ෆ්‍රෑන්ක් දැරියකගේ දිනපොත-Ann Frank Deriyakage Dinapotha

    Original price was: රු1,390.00.Current price is: රු1,251.00.

    තොම්සන් ඒ. වැන්දබෝනා

  • දඩ මංකඩ-Dada Mankada

    දඩ මංකඩ-Dada Mankada

    රු850.00

    ශාන්ති දිසානායක

  • ධවල ව්‍යාඝ‍්‍රයා-Dawala Viyagraya
    10 % OFF
    Sold out!

    ධවල ව්‍යාඝ‍්‍රයා-Dawala Viyagraya

    Original price was: රු1,175.00.Current price is: රු1,058.00.

    සෝමචන්ද්‍ර විජේසූරිය

  • සී+-C+
    10 % OFF
    Sold out!

    සී+-C+

    Original price was: රු1,490.00.Current price is: රු1,340.00.

    සුරත් ද මැල්

  • තී හා තා-Thee Ha Tha
    10 % OFF
    Sold out!

    තී හා තා-Thee Ha Tha

    Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

    සුරත් ද මැල්