SHOP
  • හර්කියුලස්ගේ සොහොන - Herculasge Sohona
    15 % OFF

    හර්කියුලස්ගේ සොහොන – Herculasge Sohona

    Original price was: රු2,200.00.Current price is: රු1,870.00.

    ඉපැරැණි ලියවිල්ලක් අධ්‍යයනය කරන නීනා වයිල්ඩ් නමැති පුරාවිද්‍යාඥවරියට, පුරාවෘත්තවල සඳහන් හර්කියුලස් වීරයාගේ සොහොන් ගැබ සත්‍ය ලෙසම පවතින්නක් බව දැනගැනීමට ලැබෙයි. එය සොයාගැනීමට ලැබුණොත් මානව ඉතිහාසය එතෙක් මෙතෙක් සිදුකළ විශිෂ්ටතම ඓතිහාසික සොයාගැනීම එය වන බව නීනා වටහාගනියි.
    තම පෙම්වතා වූ හිටපු විශේෂ බලකා සෙබළ එඩී චේස් සමඟ එක්වන නීනා, සොහොන් ගැබ සෙවීමේ ගවේෂණය අරඹයි. මේ අතර තවත් පිරිසකට එහි ඇති මිල කළ නොහැකි ධනය ලබාගැනීමට අවශ්‍ය වෙයි.
    දූෂිතබවේත්, රහස් කුමන්ත්‍රණවලත් ගොදුරු බවට පත්වෙමින් ස්විට්සර්ලන්තයේ සිට ෂැන්හයි දක්වාත්, බෝස්ට්වානාවල සිට ලන්ඩනය දක්වාත් සොහොන් ගැබ සොයමින් යන නීනා සහ චේස්, සොහොන් ගැබ වඩාත් දූෂිත දෑත්වලට හසුවීමට පෙර එය සොයාගැනීමේ අභියෝගයට මුහුණදෙති.
    එහෙත් ඒ ප්‍රචණ්ඩ, වියරු දූෂිතයන්ගේ අරමුණ හර්කියුලස්ගේ සොහොනේ ඇති අසීමිත ධනය පමණක්ම නොවන බව වටහාගන්නා විට නීනා සහ චේස් ඔවුන්ගේ ග්‍රහණයට හසු වී හමාරය.
    බලකාමී වියරු දූෂිතයන්ගේ උත්සාහය ව්‍යර්ථ කර, ලොව විශිෂ්ටතම පුරාවිද්‍යාත්මක සොයාගැනීම ලෝකයට පවසන්නට ඔවුන්ට හැකිවේද?
    අත්‍යන්ත ධන නිධානයක් සොයා කෙරෙන වික්‍රමාන්විත ගවේෂණයේ අවසන් ප්‍රතිඵලය කුමක් වේද?

  • Ice Hunt-අයිස් හන්ට්
    15 % OFF

    Ice Hunt-අයිස් හන්ට්

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.

    පෘථිවියේ උත්තර ධ්‍රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු, අමෙරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද්‍යාගාරයකි, ග්‍රෙන්ඩල් අයිස් නැවතුම’. සෝවියට් සංගමය සමයේ ව්ලැව්ලැඩ්මීර් පෙට්කොෆ් නමැති විද්‍යාඥයෙක් ජීවිතයත් මරණයත් අතර රැහැන බොඳ කර, සදාකාලික ජීවය අත්කර ගැනීමේ අද්විතීය පරීක්ෂණයක නිරත වෙයි.

    එහෙත් මේ විද්‍යාඥයා ඇතුළු සෙසු පිරිස සමඟ හදිසියේ අතුරුදන් වන ග්‍රෙන්ඩල් අයිස් නැවතුම වසර හැත්තෑවකට පසු අහම්බෙන් මෙන් සොයාගනු ලබන්නේ, ‘පෝලා සෙන්ටිනල්’ නම් අමෙරිකානු සබ්මැරීනය විසිනි. එහි දී ඔවුන්ට මේ සැඟවුණු විද්‍යාගාරය තුළ තවමත් ජීවය පවතින යමක් නිරීක්ෂණය වෙයි. මේ අතර තම පියාගේ පරීක්ෂණ ප්‍රතිඵල සියතට ගැනීමට වෙහෙසෙන ව්ලැඩ්මීර් පෙට්කොෆ්ගේ පුත් අද්මිරාල් වික්ටර් පෙට්කොෆ් අයිස් නැවතුම සොයා එයි. තම පියාගේ නිධානය ලබාගෙන, අයිස් නැවතුම ඇතුළු උත්තර ධ්‍රැවය විනාශ කිරීම ඔහුගේ අරමුණයි. අයිස් නැවතුමේ බිත්ති අතර සිරවුණු අබිරහස සොයා එන අමෙරිකානුවන් සහ රුසියානු හමුදාව අතර මාරක සටන ඇරඹෙනුයේ එතැන් සිටයි.

    සුපිරි බලවතුන් අතර සිදුවන බල අරගලයේ තීරණාත්මක සටනක් අතරතුර, අඩක් ගිලුණු අයිස් නැවතුම තුළ පවතින බියජනක සත්‍යය හෙළිදරව් කරගැනීමට අමෙරිකානු පිරිස සමත් වෙති. මනුෂ්‍ය සංහතියේම ඉදිරි අනාගතය වෙනස් කළ හැකි මේ සොයාගැනීමත් ඒ සමඟ සිදුවීමට නියමිත මහා විනාශයත් වළකාගැනීමට ඔවුන්ට හැකි වේද? නැතහොත් රාජ්‍යයන් දෙකක බල අරගලය වෙනුවෙන් දිවි පිදීමට ඔවුන්ට සිදුවේද? දඩයම ගොදුර බවටත්, ගොදුර දඩයම බවටත් පත්වෙමින් සිදුවන සටනේ අවසානය කෙසේ සනිටුහන් වේද?

    මේ ඒ බියකරු සත්‍යයේ කතාවයි!

  • සියඹලාගහේ ප්‍රේමය සහ තවත් කතා-Siyambala Gahe Premaya Saha Thawath Katha
    40 % OFF

    සියඹලාගහේ ප්‍රේමය සහ තවත් කතා-Siyambala Gahe Premaya Saha Thawath Katha

    Original price was: රු500.00.Current price is: රු300.00.
  • අත්ලන්තික් දඩයම-Athlanthik Dadayama
    15 % OFF
    Sold out!

    අත්ලන්තික් දඩයම-Athlanthik Dadayama

    Original price was: රු1,900.00.Current price is: රු1,615.00.

    අතුරුදන් ශිෂ්ටාචාරයක්… බියකරු ගවේෂණයක්… මාරක රහසක්… ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්‍රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය. ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්’ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්‍රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති. එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි. අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය. මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද? ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද? මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.

  • එක්ස්කැවේෂන්-Excavation
    15 % OFF

    එක්ස්කැවේෂන්-Excavation

    Original price was: රු1,850.00.Current price is: රු1,572.00.

    දකුණු අමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ්‍යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවිමෙන් පැරණි අතුරුදහන් නගරයක කැණීමක් සිදුවෙයි. මෙහෙදි ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් , මුද්‍රා තැබු ද්වාරයකි. සෑම් සහ ඔහුගේ ගවේෂක කන්ඩායම නටඹුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දි, ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වෙන අතර බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජන වලට මුහුණ දෙයි. එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු මුළුමනින්ම වැසී ගිය භූගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යයි. එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි.  බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි. අතුරුදහන් නගරයේ මාරක අබිරහස කුමක් ද? ඔවුන්ගේ අවසාන ඉරණම කුමක් වනු ඇත් ද? මංජුල දිසානායක