පැරණි crbooks.lk ප්‍රතිපත්තියෙන්, 2026 ඔක්තෝබර්.
පොතක් හානි වී ලැබුණොත්, හෝ ඔබ ඇණවුම් කළ පොත නොවේ නම්, අපි එය නිවැරදි කරනවා. ආපසු භාරදීම්, හුවමාරු සහ මුදල් ආපසු ගෙවීම් සිදු වන්නේ මෙසේයි.
පොත ලැබී දින 5ක් ඇතුළත ආපසු භාර දිය හැකියි. එය භාවිත නොකළ, ලැබුණු තත්ත්වයෙන්ම සහ මුල් ඇසුරුම සමඟ තිබිය යුතුයි.
පාර්සලය විවෘත කළ විගසම, හැකි නම් ඡායාරූපයක් සමඟ 071 081 4513 අමතන්න හෝ WhatsApp කරන්න. අපි ආදේශක පොතක් එවනවා, නැතහොත් සම්පූර්ණ මුදල ආපසු ගෙවනවා. දෙපැත්තේම තැපැල් ගාස්තුව අප දරනවා.
පොතක් වෙනත් පොතකට මාරු කර ගැනීමට, ඇණවුම ලැබී දින 2ක් ඇතුළත අප අමතන්න.
ආපසු එවූ පොත අපට ලැබී පරීක්ෂා කළ පසු, මුදල් ආපසු ගෙවීම අනුමත වූයේද යන්න ඔබට දන්වනවා. අනුමත මුදල් ඔබ ගෙවූ ආකාරයටම (ලැබුණු පසු ගෙවූ ඇණවුම් සඳහා බැංකු මාරුවකින්) ආපසු ගෙවන අතර, මුල් බෙදාහැරීමේ ගාස්තුව ඇතුළත් නොවේ.
අපගේ වරදක් (වැරදි, හානි වූ හෝ දෝෂ සහිත පොතක්) නිසා නොවේ නම්, පොත ආපසු එවීමේ තැපැල් ගාස්තුව ඔබ දැරිය යුතුයි.
පොත අපට ලැබී වැඩ කරන දින 5ක් ඇතුළත මුදල් ආපසු ගෙවීම් සහ හුවමාරු සිදු කරනවා. මුදල් ඔබේ ගිණුමට පෙනීමට බැංකුවට තවත් දින කිහිපයක් ගත විය හැකියි.
071 081 4513 අමතන්න හෝ WhatsApp කරන්න, නැතහොත් සම්බන්ධ වන්න පිටුව භාවිත කරන්න. ඔබේ ඇණවුම් අංකය ළඟ තබා ගන්න.