අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 5|Asura Dhyanawedaye Maha Nimawumkaru #05

කතෘ Nilekha Dhananjani Gunawardhana

ප්‍රවර්ගය
පරිවර්තන
ප්‍රකාශකයා
Muses Publishing House

පොත ගැන

“දැනටමත් එයට නමක් තිබෙනවා,”‍ තවදුරටත් වෙයි වූෂියැන්ගේ විකාරසහගත නාම යෝජනා අසා සිටීමට කිසිසේත්ම ඇවැසි නොවූ ලන් වංජි අවසානයේදී පැවසීය.

“දැනටමත් කුමක්ද තිබෙන්නේ?”‍ වෙයි වූෂියැන් ඇසුවේය.

“නමක්,”‍ ලන් වංජි කීවේය.

වෙයි වූෂියැන් මින් පුදුමයට පත් වූ යැයි කීම, සැබැවින්ම ප්‍රමාණවත් නොවේ. “ඔබ දැනටමත් එය නම් කර අවසන්ද? එසේ නම්, ඔබ මීට පෙර ඒ බව මට පවසන්නට තිබුණා. කුමක්ද ඒ නම? ඔබ මෙතරම් කාලයක් මට ඒ ගැන නිකමටවත් පැවසුවේ නැහැ. මම මගේ කාලය වැයකරමින් ඔබට නමක් සොයාගන්නට උදව් කළා. අහෝ! මගේ පරිකල්පනය සහ බුද්ධිය මොනතරම් අපතේ යාමක්ද!”‍

කෙටි නිහැඬියාවකින් පසු ලන් වංජි පිළිතුරු දුන්නේය. “‘වංෂියැන්’.”‍

“හහ්?”‍

“ගීතයේ නම ‘වංෂියැන්’.”‍ ලන් වංජි යළිත් කීවේය.

වෙයි වූෂියැන්ගේ දෑස් විසල් විය.

ඉන්පසු සිය උදරය බදාගත් තරුණයා මහ හඬින් සිනාසෙන්නට විය.

විස්තර

භාෂාව
සිංහල
පිටු
546