SHOP
  • තාත්තගෙ දුව - ඔව් ඔයා මට පුතෙක්-Thaththage Duwa
    20 % OFF

    තාත්තගෙ දුව – ඔව් ඔයා මට පුතෙක්-Thaththage Duwa

    Original price was: රු800.00.Current price is: රු640.00.

    අපි හිටපු කුලී ගෙදර තිබුණ අඹ ගහේ අඹ ගෙඩි තුනක් තිබුණා. ඒ අඹගෙඩි තුනෙන් අඹ ගැටේ වැටුන දවසේ ඔයා ඒක අහුලගෙන අඹ පුතා වැටිලා, දැන් අඹ අම්මටයි තාත්තටයි කෝ අම්මේ පුතෙක් කියලා මූණ බෙරි කරගත්තා. එදා මුළු දවසම ඔයා දුක් උනේ අකාලෙ වැටුණ අඹ පුතා ගැන. ගහ ගාවට ගිහින් ඉතුරු අඹ ගෙඩි දෙක දිහා බල බල ඕගොල්ලන්ට දුකදු කිය කිය ඔයා ඇහුවා. සැරින් සැරේ මං ගාවට ඇවිත් අම්මේ අඹ අම්මයි තාත්තයිත් වැටෙන්න යන්නෙ කියල කිව්වා. එදා ඔයාගෙ චූටි හිත සැනසෙන්න මට කොයිතරම් දේවල් කිව්වත් ඔයාව අඹ ගහ ගාවට දුවන එක මට නවත්තගන්න බැරි උනා. පහුවෙනිදා අනික් අඹගෙඩි දෙකත් බිම වැටිල තිබුණා.

    අම්මේ අඹ අම්මයි තාත්තයි වැටිලා. ඔයා අඹගෙඩි දෙක දෝතට අරන් ආවා. පුංච් රවුම් ඇස් ඇතුළේ කඳුළු පුරෝගෙන අම්මෙ මට දුකයි. කියලා ඔයා කිව්වා.

  • බෝඩිං කතා-Bodin Katha
    20 % OFF

    බෝඩිං කතා-Bodin Katha

    Original price was: රු900.00.Current price is: රු720.00.

    එකපාරටම සටපට සත්තපඩි වෙන්න මේ මෑණියෝ කෑ ගහන්න පටන් ගත්තා.

    “හහ් හහ් හහ් පිරිසිදු නෑ පිරිසිදු නෑ මේකි පිරිසිදු නෑ… මට කියවෙන්නෙ නෑ සාස්තරේ..” මම අන්දුන් කුන්දුන් උඩ බැලුවා බිම බැලුවා. ගෑනි මට ඔරෝනවා. බෝඩිමේ අක්කයි අයියයිත් මූණ දිහා බලනවා.

    “අපි දවල් චිකන් කාපු හින්දද දන්නෙ නෑ”

    අයියා අක්කගෙන් ඇහුවා. මෑණි අඩි පොළොවෙ හැප්පුවා. කොණ්ඩෙ කඩා ගත්තා ත්‍රිශූලයකුත් ගත්තා කාලි මෑණියක්ගේ පිළිමෙ ගාවට ගිහින් අම්මා අම්මා චුස් බුස් වැස් ආම ආමා ගගා මොනවද කිව්වා. ඊට පස්සෙ හැරුණා බෝඩිමේ අක්කා දිහාට හෙනම කරුණාවෙන් ”අම්මා කවුද මේකි මේකි පිරිසිදු නෑ ශුද්ධ භූමිය කිළුටු කළා අම්මා මෙකි. මට සාස්තරේ කියවෙන්නෙ නෑ අම්මා මේකි කිටු එකියක්..”

    යකඩෝ මේ ගෑනි මේකි මේකි ගගා කියවන්නෙ මට ත්‍රිශූලේ උලුක් කරන්නෙ මට අනින්න වගේ මට නැග්ගා අසූහාරදාහට මම කිව්ව මම එන්න කලින් නාල ආවෙ කියල උදේ නාල ඔෆිස් ගිහින් ඇවිත් වොශ් දාල නිදාගන්න කලින් ආපහු ඇඟ හෝදන මට පිරිසිදු නෑ කියල කියද්දි කාටද ඉවසන්න පුළුවන්. බෝඩිමේ අක්කත් කිව්වා,
    මෑණියනි මේ නංගි හැමදාම නානවා” කියලා.

  • ලෙමන් ඇන්ඩ් පැෂන්-Lemon and Passion
    20 % OFF

    ලෙමන් ඇන්ඩ් පැෂන්-Lemon and Passion

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
  • නාරි ශාපය -Naari Shapaya
    20 % OFF

    නාරි ශාපය -Naari Shapaya

    Original price was: රු800.00.Current price is: රු640.00.

    මහත් පුදුමයකි. මෙතුවක් කාලයක් බිම බලාගෙන ශාන්ත ලීලාවෙන් සිටි පිළිමයේ හිස එස වී තිබුණි. එපමණක් ද නොව පිළිමයේ නෙත් යුවල ගිනි බෝල දෙකක් මෙන් රක්ත වර්ණයෙන් දැවෙමින් තිබුණි. පිළිමය ගමට පිටු පා බලාගෙන සිටියේ නගරය පිහිටා ඇති ඉසව්වයි. මෙතුවක් එළකිරෙන් පුද සත්කාර ලැබ සුදෝසුදු පාටින් දිදුලන ලද පිළිමය කළු පැහැයට හැරී තිබුණි.
    මේ දුටු ගම්මු වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ භීතියකින් ඇලලී ගියහ. සිය නෙත් පමණක් නොව මුව ද පමණට වඩා ඇරී ගියේ නිතැතිනි. මෙම විශ්මයජනක සිදුවීමේ දෙවන පරිච්ඡේදය ආරම්භ වූයේ තවත් නිමේෂයකිනි. නාරං යායට යටි පැත්තෙන් වූයේ කුඩා ප්‍රපාතයකි. එම පෙදෙසේ සිට නැඟී ආ විලාපය ගම්මුන්ගේ සිරුරු ලොමු දැහැගැන්වීමට සමත් විය.

  • නිමාවක නිල් පැය - Nimawaka Nil Peya
    15 % OFF

    නිමාවක නිල් පැය – Nimawaka Nil Peya

    Original price was: රු2,000.00.Current price is: රු1,700.00.

    ‘මානව අස්ථි කොටසක් හා බැඳුණු අසාමාන්‍ය කලා නිර්මාණයක් ප්‍රදර්ශනයකදී හමුවේ!’
    සුප්‍රකට කලාකාරිනියක වන වැනේසා චැප්මන්ගේ මරණය සිදුවන්නේ විසඳාගත නොහැකි අබිරහස් රැසක් ඉතිරිකරමිනි. මිනිස් ඇසුරින් දුරස් වී, දූපතක හුදෙකලාව වාසය කළ ඇය සැබැවින්ම අබිරහස් ගැහැනියක් විය.
    වැනේසාගේ මරණයෙන් පසුවද, ඇගේ මිහිදන් කළ මතකයන් අතර සැරිසරමින් සිටින ග්‍රේස්, තම මිතුරියගේ අබිරහස් ජීවිතය පිළිබඳ යමක් දැනසිටියා විය හැකිය! නැතහොත්, මැදියම් රාත්‍රියේ ෆෙයාබර්න් මැඳුරේ සිතුවම් අතර සැරිසරන අද්භූත මහලු ගැහැනිය හෝ උමතු ගැහැනියක ලෙස දූපතේ දිවිගෙවන මාගරිට් මේ පැටලුණු ගැටලු ලිහාදමනු ඇතිද?
    වඩදිය ගලා එන එක් අද්භූතකර නිමේෂයක, ඔහුද එම සිදුවීම් පෙළේ සාමාජිකයෙකු බවට පත්විය හැකිව තිබිණි!

  • මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත-Mama Ledek Mata Ledak
    20 % OFF

    මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත-Mama Ledek Mata Ledak

    Original price was: රු950.00.Current price is: රු760.00.

    මම ලෙඩෙක් මට ලෙඩක්

    ආලෝකය වේවා! එවිට ආලෝකය විය – මහා බලධාරි

    ආධිපත්‍යයක් විඳීමේ ආතල් එක – සිඩ් ෆීල්ඩ් න්‍යාය –

    දුටුගැමුණුගේ තාත්තා එළාර වෙන්න බැරිද? –

    කලිසමේ චූ ගියාට එච්චරම ගඳ නෑ –

    අපි මේ ඉන්නේ ජීවත් වෙමින් නෙමෙයි මැරෙමින් –

    පැවැත්මෙහි ද්විත්ව ස්වරූපයක් ඇත –

    චිත්‍රපටයක් වාචිකව බැලීම – ශේක්ස්පියර් මිනීමරුවෙක් නම් –

    දේවාලයක් කියන්නේ කඩයක්ම තමයි –

    ජීවිතය කියන්නේ ක්ෂුද්‍ර ක්ෂණයක් විතරයි

  • මානම්-Manam
    20 % OFF

    මානම්-Manam

    Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

    මම එයාට ආදරෙයි.. මම මයේලිට ආදරෙයි අශී.. කිසිම දවසක ඔයාගෙන්වත් නොදැනුන ආදරයක් ආරක්ෂාවක් ඒ ඇස් දෙක ඇතුලේ මට දැනෙද්දි මම ඒ ආදරේට ලෝබයි. ඔයා ගැන නොදැනුන හැගීම් ගොඩක් මට මයේලි ගැන දැනෙනවා. අහලා තියෙනවද කතාවක් අයිති තැන නෙමෙයි දැනෙන තැනයි මිනිස්සු නවතින්න ඕනේ කියලා.. මට මගේ කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් උන දවසට මම එනවා.. මේ හැමදේම අපි කතා කරලා විසඳගමු මොකද මම මේ අහිංසක හිතට ආදරෙයි..! “මම ඔයාට ආදරෙයි මයූ ඒක කවදා කොතනකදී දැනුන කියන්න දන්නෙ නෑ හැබැයි වෙච්ච හැමදේම ඔයාව මට හම්බෙන්න උනා වගේ දැනෙනවා. ආදරය, ප්‍රේමය එය පැවසිය නොහැකි තරමට වදන් පැටලෙන හැඟුමක්ව අවසන්ය.

  • මිණි කොඬොල්-Mini Kandol
    20 % OFF

    මිණි කොඬොල්-Mini Kandol

    Original price was: රු1,550.00.Current price is: රු1,240.00.

    මහනුවර යුගයේ උන් වලව් පරම්පරා දෙකක පුනරුප්පත්තිය…

    පිල්ලිය බැදගත් රූමත් යුවතිය සාරනා ද?

    බක් මී මල් යායක් මැද

    කරුමයක අවසානයද ?

    උරුමයක ආරම්භය ද?

    සහකරුවන්ගේ මිණි කොඩොල් පෙන්වූ මාවත දිගේ අතීතය හරහා වර්තමානය කියවන්න…

  • අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු #03 - Asura - MO DAO ZU SHI #03
    15 % OFF

    අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු #03 – Asura – MO DAO ZU SHI #03

    Original price was: රු2,350.00.Current price is: රු2,000.00.

    මුළුමහත් ධ්‍යානවේදී ලෝකයම වෙන් නිකායේ බලලෝභී, අසාධාරණ පාලනයට එදිරිව යුද වැදුණු අතීතයේදී, ඒ වෙනුවෙන් අසුර ධ්‍යානවේදී මාර්ගය තෝරාගැනීම හැර අන් විකල්පයක් වෙයි වූෂියැන්ට නොතිබිණි. සමස්ත ලෝකයා, මෙවන් අඳුරු මායාකර්ම භාවිත කරමින් සතුරා වනසා දමන අසමසම වීරයා වෙනුවෙන් ප්‍රශස්ති ගයමින් හිඳි සමයක පවා, ඊට විරුද්ධ වූ අයෙකු වේ නම් ඒ ලන් වංජි පමණකි. එදවස, ලන් වංජි සෑමවිටම මේ අසම්මත මාර්ගය කෙරේ අප්‍රසාදය පළකරමින්, වෙයි වූෂියැන්ව ගූසු ලන් නිකායට රැගෙන යන්නට උත්සාහ කරමින් සිටියේ තමාට දඬුවම් කිරීමේ අදහසිනැයි වෙයි වූෂියැන් සිතා සිටියේය. එනමුත් වර්තමානයේදී, වෙයි වූෂියැන්ගේම අතීත කර්මයන්, පාරා වළල්ලක් මෙන් ඔහු පසුපස හඹා එමින්, ඔහුගේ අනන්‍යතාවය ලෝකයට හෙළිදරව් කළ මොහොතේ ලෝකයම ඔහුට එදිරිව නැඟී, ලෙයට ලෙය ඉල්ලා සිටිද්දී, එකම මිනිසෙකු පමණක් වෙයි වූෂියැන්ගේ පසෙකින් සිටගනියි.

    සිය කීර්තිනාමය, කුල ගෞරවය ආදි කිසිත් නොතකා තමා වෙනුවෙන් නැඟීසිටින ලන් වංජි දකින වෙයි වූෂියැන්ගේ සිත පෙර නොවූ විරූ අයුරින් කැලඹේ. තමා අතීතයේදී මෙම ගූසු ලන් වංශිකයා පිළිබඳ සිතා සිටි සියලු දෑ පිළිබඳ නැවත සිතාබලන්නට වෙයි වූෂියැන් පෙලඹෙයි.

  • ගිනිගත් කඳු මුදුන-Ginigath Kandu Muduna
    10 % OFF

    ගිනිගත් කඳු මුදුන-Ginigath Kandu Muduna

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

    ” ඔයා කිව්වේ බ්ලාවන් උඩ කියලා නේද ?”
    ” ඔව් එදා රෑ දොළහට විතර මිනිස්සු කීප දෙනෙක් එළියට ගිහින් තියනවා ස්කැවේග් විල පැත්තට . ඒ අය දැකලා තියනවා බ්ලාවන් මුදුනට භාගයක් විතර දුරින් ලොකු ගින්නක් . රෑට පේන දුර බලන කන්නාඩියකින් බැලුවම දැකලා තියෙන්නේ.ඒක හරියට ගිනි මැලයක් වගේ තීරුවක් විදියට පත්තු වෙන බව”
    ඔහු නැවතත් දිලිසෙන විල දෙස බැලුවේය.
    ” එයාලා දැකලා තියනවා උඩට මතුවුණු ලෑල්ලක් වගේ පළල ගල් තලාවක්.වේලුණු දර කෝටු,බර්ච්, හෙදර් වගේ ඒව ගල් ලෑල්ල පුරාම අතුරලා තිබිලා.පිච්චිලා අලුවෙලා තිබුණලු. ඒ කළු ගැහිලා තිබුණ පැල්ලම උඩ උඩුබැලි අතට තිබිලා හමුවෙලා තියෙනවා හෙදර්ගේ මිනිය.

    දෙවෙනි එළිසබෙත් මහ රැජිනගේ අභිෂේක මංගල්‍යය සහ එඩ්මන්ඩ් හිලරි එවරස්ට් කන්ද තරණය කිරීම සිදුවූ කාලය පසුබිම් කරගෙන ලියැවී ඇති විසිවැනි සියවසේ මැද භාගයේ මහා බ්‍රිතාන්‍යයේ තිබූ සමාජ තත්වයන් සහ ජීවන රටාවන්ද පිලිඹිබු කරන මෙම කතාව කියවූ පසු කන්ද මත බිලි පූජා පවත්වන ඝාතකයා කවුරුන් දැයි දැනගන්නට ඔබට හැකිවනු ඇත.

  • නැන්දම්මාගේ ඩයරිය-Nendammage Diarya
    20 % OFF

    නැන්දම්මාගේ ඩයරිය-Nendammage Diarya

    Original price was: රු1,000.00.Current price is: රු800.00.

    ”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”

  • සඳ ප්‍රාර්ථනා-Sanda Prarthana
    20 % OFF

    සඳ ප්‍රාර්ථනා-Sanda Prarthana

    Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

    ”මම බිඳුණු කෙනෙක්…සම්පූර්ණයෙන් නැතත් මම භාගෙට හරි බිඳුණු කෙනෙක් ත්‍රිශූල්‍ය සර්…ඉතින් ඔයාට බෑ බිඳුණු මට ආදරේ කරන්න…ඔයාගේ ලස්සන ජීවිතය මම නිසා විසිරිලා යනවට මම කැමති නෑ…ඉතින් එදා අහපු දේට මට කැමති වෙන්න කොහෙත් ම විදිහක් නෑ…” ”ඔයා බිඳුණු කෙනෙක් නෙවේ යුහන්සා…ඔයා පෙති හයිය මලක්…ජීවිතේ අමාරුම තැන් දරා ගෙන හැම පෙත්තක් ම විහිදගෙන ඉන්න රතු රෝස මලක්…ගොඩක් හිත හයිය පුංචි ගෑණු ළමයෙක්…”

  • ස්වප්න-Swapna
    10 % OFF

    ස්වප්න-Swapna

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    විවාහ මංගලෝත්සවයකට සහභාගි වීමට කඳුකර මන්දිරයකට යන යුවතියක්..
    ඇයට එහිදී අත්විදින්නට සිදුවන අද්භූත සිදුවීම් මාලාවක්..
    එහි සිටින අන් කිසිවෙකු ට අහන්නට දකින්නට නොලැබෙන ඒ සිදුවීම් මාලාව ඈගේ මනෝවියාධික සිතුවිලිම පමණක් ද ?
    නැත්නම් කිසිවෙකුගේ සයවැනි ඉන්ද්‍රීයකට හෝ හසු නොවනා රහසක් ඒ මන්දිරය තුළ සැඟවී පවතීද?
    ගැහැනුන්ගේ ජීවය උරා ගෙන මොහොතකට දෘශ්‍යමාන වන විකෘති ප්‍රාණියෙක්.. වැරදී ගිය විද්‍යාත්මක පරීක්ෂක මිනිස් නියදික්…
    සිය මියගිය පෙම්වතිය සොයා අතීතයෙන් වර්තමානයට පැමිණි මානවකයෙක්… විද්‍යාවද ගුප්ත ශාස්ත්‍රය ද වැරදි අරමුණක යෙදවූ විද්වතෙක්
    ආත්මාර්ථයෙන් තොර සැබෑ ප්‍රේමයක් වෙනුවෙන් ජීවිතය පිදූ විදේශිකයෙක්..
    ඇයට වූ අසාධාරණයට යුක්තිය ඉල්ලමින් සැරිසරනා හිසසුන් ආත්මයක් …
    අතීත වෙනස්කිරීම තුළින් වර්තමානයේ ඛේදවාචකයක් අවසන් කරන්නට අදිටන් කරගත් පෙම්වතුන් යුවලක්..
    අතීතයත් වර්තමානයත් එකට ගැටුණ කාලාත්‍රයේ සැරූ සිහිනයක්..

  • සෙවණැල්ල සේ-Sewanella Se
    20 % OFF

    සෙවණැල්ල සේ-Sewanella Se

    Original price was: රු900.00.Current price is: රු720.00.

    බස්නාහිර අහස ඉර ගිල ගන්නා අයුරු මම බලා සිටියෙමි. පේන තෙක් මානයේ රැලි නංවමින් වෙරළත සිපගන්නා මහා සාගරයයි. සාගරය වෙරළට පෙම් කරනු ඇතැයි මට සිතෙයි. කෙතරම් බාධක තිබියදීත් එකට රැඳී සිටින්නට බැරි බව දැන දැනත් සාගරයේ රැලි සොයා එන්නේ වෙරළමයි. මට මාගේ තරුණ කාලය සිහි වෙයි. මම මේ ආදරය පසුපස දිව ආවේ ද මෙලෙසිනි. විටෙක මම ඉකිබිඳ හැඬුවෙමි. විටෙක මම මිරිඟුවක් පසු පස දුවන්නාක් මෙන් දිව්වෙමි. ඉන් මම විඩාපත් වුණෙමි. වේදනා වින්දෙමි. නමුත් ඒ වේදනාවට මම ආදරය කළෙමි.

  • මහාමේරු-Mahameru
    20 % OFF

    මහාමේරු-Mahameru

    Original price was: රු1,550.00.Current price is: රු1,240.00.

    මල් බඳ පැළී අංකුරයක දළු ඒම

    මල්වර නැකතෙ දොස් නැතිවත් ගිනි ලෑම

    තිස්තුන් කෝටියක් දෙවිවරු කණවීම

    අවසන් උනේ මවකගෙ හද දෙදරීම..

    පුර දා හඳක් මෙන් අහසෙහි දිලෙන තුරු

    මඩ වගුරකත් නිල් මහනෙල් පිපෙයි සරූ

    නොසිතූ පැයේ මල පොඩිකර ගියෙන් සොරූ

    මව් හදවතත් සසැලේවී මහාමෙරූ…

    ගිනි කඳු පැළී ලෝ දිය බිම ගලන රැයේ

    මවගේ ළයෙත් ගිනි කන්දකි පිපිර ගියේ

    පණ මෙන් සැදූ දියණියකගෙ සුසුම් ළයේ

    මොන අම්මටද උහුලන්නට හැකිව ගියේ..

  • අමුතු දීගේ-Amuthu Dige

    අමුතු දීගේ-Amuthu Dige

    රු1,400.00
  • කඳුළු කුණාටුව-Kandulu Kunatuwa

    කඳුළු කුණාටුව-Kandulu Kunatuwa

    රු1,300.00
  • අයිරිස් Shades-Airis Shades
    20 % OFF

    අයිරිස් Shades-Airis Shades

    Original price was: රු2,800.00.Current price is: රු2,240.00.

    රනින් රන් කරඬු සදනෙමි

    මගේ සඳ එහි සුවසෙ සතපමි

    රන් රන්දෝලියෙහි වඩම්මන

    දළ ඇති ඇතුන් මම වෙමි

  • මණි මණිප-Mani Manipa
    20 % OFF

    මණි මණිප-Mani Manipa

    Original price was: රු800.00.Current price is: රු640.00.
  • මැන්ස්ෆීල්ඩ් සිහසුන-Mansfield Sihasuna
    20 % OFF

    මැන්ස්ෆීල්ඩ් සිහසුන-Mansfield Sihasuna

    Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

    කිසිදා හිරු එළියවන් නොවැටෙන, අඳුරු අට්ටාලයක සිරගත කළ, ශාපලත් අනාවැකියේ හිමිකාරිය වූ සොඳුරු ඇය….
    ක්‍රිස්ටල් මේරි කොන්ස්ටන්

    මිනිසුන්ට, මළ – නොමළ අත්මයන්ට, සහ අනුෂ්‍යයින්ට මෙන්ම ශීතලට, යුද්ධයට හා අදුරට අධිපති වූ රණශූර ඔහු…
    ෆ්‍රෙෂ් මැෆීල්ඩ්

    ඇසිල්ලකින් සිදුවූ ඔවුන්ගේ හමුවීම…
    ඔවුන්ගේ දෛවය කෙතරම් වෙනස් කරයිද?

    බලය සහ සිහසුනේ අනාගත හිමිකාරීත්වය වෙනුවෙන් සැඟවූ රහස් සහ මායාවන් අතර දෝලනය වන ඔවුන්ගේ අසීමත වූ ප්‍රේමය…

    ශාපලත් අනාවැකිය සැබෑ කරයිද?

    අවසන ඇය විසින් සර්වනාශ උපද්දවනු ඇතිද?

    එසේනම් මැන්ස්ෆීල්ඩ් සිහසුනේ අවසානය එය වේවිද?

  • පිපා ෆිට්ස් - ඇමොයිබ්ගේ ඝාතන ලිපිගොනුව - A Good Girl's Guide to Murder
    15 % OFF

    පිපා ෆිට්ස් – ඇමොයිබ්ගේ ඝාතන ලිපිගොනුව – A Good Girl’s Guide to Murder

    Original price was: රු2,400.00.Current price is: රු2,040.00.

    පස් වසරකට පෙර ලිට්ල් කිල්ටන් නගරයේ ජනප්‍රියතම පාසල් සිසුවිය වූ ඇන්ඩි බෙල්, සැල් සිංග් අතින් ඝාතනයට ලක් වේ. අපරාධකරුවා ඔහු බව පොලිසිය දැනසිටියේය. ඔහු මේ සුන්දර තරුණියව මරාදැමූ බව ඒ කුඩා නගරයේ සෑමකෙනෙක්ම දැනසිටියහ.
    නමුත්, ඒ කුඩා නගරය තුළම හැදීවැඩුණු පිපා ෆිට්ස්-ඇමොයිබිට නම්, ‛සැල් සිංග් යනු ඝාතකයෙකි’ යන සත්‍යය පිළිබඳ එතරම් විශ්වාසයක් නොවූවේය. ඇය සිය පාසලේ අවසන් වසර ව්‍යාපෘතිය සඳහා මෙම අපරාධය තෝරාගන්නේ තම සැකයට පිළිතුරක් සොයාගැනීමේ අදහසිනි.
    ඇන්ඩි බෙල්, සැබැවින්ම ඝාතනයට ලක්වූවාද?
    සැල් සිංග් යනු ඇගේ ආදරවන්තයාද?
    නැතහොත් ප්‍රේමයේ වෙසින් ආ මාරයාද?
    පැරැණි වී, සැඟවෙන්නට නියමිතව තිබූ රහස් පසුපස හඹා යන පිපාගේ ව්‍යාපෘතිය කුමන හෝ ආකාරයකින් නවතා දමන්නට, ඒ නගරයේම වෙසෙන කවරෙකුට හෝ දැඩිව ඇවැසිව තිබෙන්නේ ඇයි?

  • අබිරහස් සබ්මැරීනය - Abirahas Sabmarinaya
    15 % OFF
    Sold out!

    අබිරහස් සබ්මැරීනය – Abirahas Sabmarinaya

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    සියල්ල ඇරඹුණේ, කැරිබියානු මුහුදු පත්ලේ ගිලීගිය, දෙවැනි ලෝක යුද සමයට අයත් ජර්මානු සබ්මැරීනයක තිබූ දිනපොතක් හෙන්රි බේකර් නමැති කිමිදුම්කරු විසින් සොයාගැනීමත් සමඟය.

    ලෝකයම සසල කරවිය හැකි අතිශය රහසිගත ලියවිලි රැසක් සබ්මැරීනය තුළ වන බව වටහාගන්නා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශයේ චාර්ල්ස් ෆර්ගසන්, සබ්මැරීනය සොයාගැනීමේ මෙහෙවර එක් විශේෂිත අයෙකු හට පවරනු ලබයි.

    ඒ හිටපු IRA සෙබළෙකු වන ෂෝන් ඩිලන්ටය.
    ඔහු හුදෙකලාවම ක්‍රියාන්විතය දියත් කළ යුතුය.
    සබ්මැරීනය සොයාගැනීම පමණක් නොව, එය පසුපසින් පැමිණෙන පාතාල කල්ලි හා ගැටෙමින්, ඔවුන්ට පළමුවෙන් ලිපිගොනු සොයාගැනීමේ අභියෝගයටද මුහුණදිය යුතුය.

    එබැවින්ම,
    ඔහු ගෙන යන සටන ත්‍රාසජනකය;
    ලොමුදැහැගන්වනසුලුය!

  • ඇතුගල අහස යට-Athugala Ahasa Yata
    20 % OFF

    ඇතුගල අහස යට-Athugala Ahasa Yata

    Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
  • කොළඹ අහස යට-Kolaba Ahasa Yata
    20 % OFF

    කොළඹ අහස යට-Kolaba Ahasa Yata

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

    “සිහින.. ඔයා කියන ඕනම දෙයක් මං කරන්නම්.. ඕනම දෙයක්.. මට මගේ දරුවාව ගෙනල්ලා දෙන්න සිහින.. කොහෙන්හරි මට මගේ අහිංසක දරුවාව ගෙනල්ලා දෙන්න.. මේ දේවල්වලට මගේ බඩට ආපු අහිංසක දරුවා මොනා කරන්නද..? එයා මොන වරදක් කළාටද ඒ දරුවාට එහෙම කලේ..? කවුද දන්නේ ඒ වෙන කාගෙවත් නෙමෙයි ඔයාගේම දරුවාද කියලා.. කවුද දන්නේ ඒ පැටියාගේ ඇගේ දුවන්නේ සිංහවංශ ලේමද කියලා..”

    මියැසි අඬ අඬා කිව්ව ඒ වචන ටික ඇහෙනකොට සිහින මොහොතකට ගල් ගැහුණා. තමන් ගත්ත සමහර තීරණ හරිද වැරදිද කියලා හිතාගන්න බැරි තැනකට සිහින ආවා. එත් ඒ කිසිම දෙයක් ආපස්සට හරවන්න පුළුවන් තැනක නෙමෙයි මේ වෙද්දි තිබුණේ.

  • රතු ලෙන් වලව්ව-Rathu Len Walawwa
    10 % OFF
    Sold out!

    රතු ලෙන් වලව්ව-Rathu Len Walawwa

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

    “ජානකී ඔයාත් දැක්කාද කවුරුහරි කෙනෙක් බැල්කනියේ හිටන් ඉන්නවා වගේ..?”

    මේධා පුදුමයෙන් වගේ ඇහුවා.

    ඔව්.. මං හිතුවේ ඒ අලුත් මැණිකේ කියලා..”

    නෑ නෑ.. ඒ මං නෙමෙයි.. වෙන කවුද කෙනෙක් හිටියේ.. මාත් මේ කවුද ඉන්නවා දැකලා බලන්න යනකොට තමයි ජානකී ඇවිල්ලා මට කතා කළේ..

    ” ආහ්.. අනේ දෙයියනේ ඒ කියන්නේ අලුත් මැණිකේ මේ දැක්කේ..”

    ජානකී මොනවදෝ කියන්න ගිහින් නතරවුණා. තමන්ට රතු ලෙන් වලව්වට අඩිය තියපු වෙලාවේ ඉඳලා දැනෙන අද්භූත දේවල් හැමදේම පිටිපස්සේ හැංගිලා තියෙන රහස ගැන මොනවා හෝ දෙයක් ජානකී දන්නවා ඇති කියලා එවෙලේ මේධාට හිතුණා.

  • නුවර අහස යට-Nuwara Ahasa Yata
    20 % OFF

    නුවර අහස යට-Nuwara Ahasa Yata

    Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
  • අන්ධකාර රාත්‍රිය-Andakara Rathriya
    20 % OFF
    Sold out!

    අන්ධකාර රාත්‍රිය-Andakara Rathriya

    Original price was: රු800.00.Current price is: රු640.00.
  • අවසන් මරණය-Awasan Maranaya
    20 % OFF
    Sold out!

    අවසන් මරණය-Awasan Maranaya

    Original price was: රු1,200.00.Current price is: රු960.00.
  • අපි-Api
    20 % OFF
    Sold out!

    අපි-Api

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

    සොත්ති මාලා හිඳ උන් තැනින් නැගිට්ටාය. නැත. ඈ නොවේ. ඇය තුළ උන් ගැහැනු ආත්මය නැගිට තිබිණි. රැය පදික වේදිකාවේ ලෑලි පටි බංකුවේ නිදන්නට තීරණය කර උන් අනාථ යුවතිය – ශාක්‍යා ළඟට ඇය කිට්ටු විය. ලොතරැයි විකුණන බාලා ඊට ටිකක් දුරින් ශාක්‍යාට කෙළ හළා ගත් ගමන්ය.

    “වරෙං යන්ඩ…”

    මාලා ගහෙන් ගෙඩි එන්නා වාගේ යුවතියට කීවාය.

    “කමක් නෑ අක්කෙ… මං අද රෑ මෙතන නිදා ගන්නවා…”

    ශාක්‍යා කීවාය.

    උඹ මෙතන නිදා ගත්තොත් හෙට උදේට බඩ වෙලා තියෙයි. ගෑනියෙකුට වරදින්ඩ ඒ හැටි වෙලාවක් යන්නෑ බං… උඹට වරදින්ඩ බීඩි දුමක දුර ඇති..” මාලා .මේ ඇනුම් පද කියන්නේ තමාට බව ඒ වනවිටත් බීඩි දුමාරය රවුම් කරමින් උන් බාලාට තේණ.

    ලේන්සු පොඩියක් තරම් දෙයක් අතේ නැතුව ශාක්‍යා මාලා පස්සේ නාටාමි වත්තට අඩිය තියන්නට මහ පාරින් ඇරඹි මනුස්සකම හේතු වී තිබිණි. ලෑලි-ටකරන්-තහඩු ආදී අතට අහුවෙන කොයිදේත් එකතු කර තැනූ නාටාමි වත්තේ ගෙවල් පේළිය ශාක්‍යාට පුදුමයක් විය.

    අපට ඉතිං ස්ථීර රස්සා නෑ.. ජීවත් වෙන්ඩ අතට අහුවෙන කොයිදේත් කරනවා. උඹටත් දැන් ඒවට පුරුදු වෙන්ඩ වෙයි.. හැබැයි මොනා කළත් ජීවත්වෙන්ඩ මං තාම මාව විකුණල නෑ.. ඒ හින්ද උඹව විකුණන්නෙත් නෑ.. උඹ බයවෙන්ඩ එපා…”

    මාලා ශාක්‍යාට කීවාය.

  • අපෙන් එකෙක්-Apen Ekek
    20 % OFF
    Sold out!

    අපෙන් එකෙක්-Apen Ekek

    Original price was: රු1,100.00.Current price is: රු880.00.

    සාරා වසා තිබූ කාමරේ දොර හෙමිහිට විවර කළාය. දොර ඇරෙනවාත් එක්කම බරැති යමක් බිම වැටෙන හඬ සාරාට ඇසිණ. බාගෙට ඇරුණු දොරින් සාරා එබී බැලුවාය. මොහොතකට පෙර වසා තිබූ කාමරේ දොරට හේත්තු වී උන් කවුරුන් හෝ කාමරේ බිම වැටී සිටියි. සාරාට පුදුම ඒක නොවේ.

    කවුරුත් නැතැයි සිතා ඇතුළු වූ නිවසේ කාමරේක බිම කවුරුන් හෝ වැටී සිටියි.

    ”දෙයියනේ රාජා අන්කල්….’”

    සාරා බිම වැටී උන් පුද්ගලයා හඳුනන්නීය.

    “ක්…ග්.. හ්…”

    බිම වැටී උන් පුද්ගලයා වියරුවෙන් මෙන් දඟලයි. ඒ දඟලන අයුරින් ඔහු ජීවිතයත් මරණයත් අතර උන් බව සාරාට තේරිණ.

    “රාජා අන්කල්…”

    සාරා බිම වැටී උන් පුද්ගලයා වෙතට ළංව කතා කළාය. ඇය මේ වෙලාවේ තමා මේ ගෙදරට රහසේ ඇතුළුව උන් බව අමතක කළාය. ඒ ආවේ පළිගන්නට බවත් අමතක කළාය. ඇයට උවමනා කළේ මේ වෙලාවේ මේ බිම වැටී දඟලන පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීමටය. එහෙත් ඊළඟ තත්පරයේ රාජා සදහටම දෙනෙත් පියවගත්තේ සාරාගේ හිතේ භීතියක් ඇති කරමින්ය.

  • රාස්සිගේ හෝරාව-Rassige Horawa
    10 % OFF
    Sold out!

    රාස්සිගේ හෝරාව-Rassige Horawa

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    කෑගසන්නට උවමනා වීද මගේ දෙතොල් සෙළවුණේ වත් නැත. මා කොතරම් භීතියට පත්ව සිටියා දැයි කිවහොත් හුස්ම පවා ගත්තේ අපහසුවෙනි. සිය සාක්කුවට අත දැමූ මිනිසා අතට ගත්තේ කිනිස්සකි. එය අතින් අතට මාරු කරමින් මොහොතක් මදෙස බලා සිටි ඔහු අමුතු ආකාරයට සිය ගෙල එක් පසෙකටත් පසුව අනෙක් පසටත් කරකවමින් පෙන්වූයේ උමතු ස්වභාවයකි. වෙස් මුහුණේ වූ කුඩා සිදුරු දෙකෙන් යාන්තමට නිරාවරණ වූ ඇස් බෝල තද රත් පැහැයක් ගෙන තිබුණි.

  • අවකාශ-Awakasha
    10 % OFF

    අවකාශ-Awakasha

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.