Showing 385–416 of 515 resultsSorted by latest


කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය.
රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය.
සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය.
ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය.
ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය.
සිරිත් පරිදි පළමුව තුටුපඬුරු පිරිනැමෙන්නේ තවලම්රාලටය.
තවලම්රාල වන ඩිංගිරාල ඇත්තා ආර්යාව සමීපයට මිදුල හරහා එමින් සිටියේය. මුහුණ පුරා වැඩුණු ගන රැවුලකින් හෙබි ඩිංගිරාල නායකත්වයේ සියලු ලක්ෂණ ප්‍රකට කරමින් ඍජු ගමනින් ආර්යාවට සමීප වෙමින් හිඳී. ඔහු සමීප වෙත්ම ඇගේ දෙකොපුල් මහ රත් මලක ළා රත් පැහැය ගත්තේය.
අත්කොට සුදු මේස් බැනියමකින් සහ අදුරු පැහැති සරමකින් සැරසී හුන් තවලම්රාල හිස වටා බැඳ තිබූ නිල් පැහැති ලේන්සුව ලිහා ගෙළ වටා දාගත්තේය.
ඔහුගේ තියුණු දෑස් යොමුව තිබුණේ ඍජුවම ඇගේ දෑස් වෙතය.
ඒ දෑස් යුගළ අතරේ එකිනෙකාට කියාගත නොහෙන නිහඬ රහසක් ලියැවී තිබුණේය.
හිමිදිරි අන්ධකාරය දවාලමින් වලව් මිදුලේ කෙසෙල් කොටන් මත රැඳවූ පන්දම් සහ විලක්කු සේම ඇගේ දෑස් ද ඊළඟ මොහොතේ නාඳුනන ගින්නකින් ඇවිළෙමින් තිබුණේය. තවමත් රිදුම් දෙන දෙතොල්පට ඇය දිව’ගින් තෙත් කරගත්තාය….
රාජ්‍ය සම්මානිත කාල නදී ගලා බසී නවකථාවෙන් පාඨක සිත් අමන්දානන්දයට පත් කළ නෝබට් අයමගේ නවතම නවකථාවයි,
‘කුර හඩෙකි වියැකෙන’



එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අභිරහසකට පදනම දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.

“විශ්වය පුරා ඉතිරී පැතිරී යන ආදරයට අප ආදරය කරන්නෙමු. එම ආදරය සමහරකුට සඳ එළියකි. තවකෙකුට සැඬ හිරු එළියකි. තවකෙකුට එය චණ්ඩ මාරුතයකි. තවකෙකුට ගනාන්ධකාරයකි. තවකෙකුට මේ සියල්ල කැටි කර ගත්තකි. විශ්වය පුරා සැරිසරන මෙම ආදරය ‘විසඹසරයි’.”
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ G-232 සුසර වෙළඳ කුටියෙන් මිලදී ගත හැක.

පළමුවෙන් දුටු නිමේෂයේම එමා බැරින්ටන් හැරි ක්ලිෆ්ටන් හට පෙම් බැන්දාය.. ඔවුහු වේදිකාවේදි මෙන්ම බාහිරයේදි ද ශේක්ෂ්පියර් ගේ රොමියෝ සහ ජුලියට් මෙන්ම එකිනෙකාට බෙහෙවින් පෙම් කළ අය වුහ. ශුද්ධ වු සභාව ඉදිරිපිටදි දෙදෙන නිත්‍යානුකූලව එක් වියයුතු නැතැයි කිසිවකු සිතත් නම් දැන් එම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අල්තාරය ඉදිරිපිට සිට දේවගැතිවරයා ඉල්ලා සිටියේය. “මම විරුද්ධයි” එම දුෂ්ඨ වචන දෙක තෙපලු කපිතාන් ටරන්ට් වෙත සැමගේ නෙත් හැරවිණි..










මනුෂ්‍ය ස්තී‍්‍ර රූපය විශ්මයජනක යෝග්‍ය සකස්වීම්වලින් සහ සියුම් ඔපලීම්වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප්රතිඵලයකි. එය ග්‍රහලෝකය මත ඉතාම අපූරුව පැවැත්ම වේ.
විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්තී‍්‍ර රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබාදහම මත වැඩිදියුණු කිරීම්වලට වෑයම් කර තිබේ. මෙම අලූත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඞ් මොරිස් ඔහුගේ නිපුණතාවය සහ අවධානය ස්තී‍්‍ර රූපය කෙරෙහි යොමු කරමින් ‘හිසේ සිට දෙපා තෙක්’ මඟපෙන්වීම් චාරිකාවක පාඨකයාව රැුගෙන යයි.
සියලූ කාන්තාවන්ට පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණවල පරිණාමීය කාර්යයන් ඉස්මතු කරමින් ඩෙස්මන්ඞ් මොරිස් ස්තී‍්‍ර රූපයේ හැසිරවීම සහ පරිපූර්ණත්වය වෙනුවෙන් ගවේෂණය තුළ මානව සමාජයන් වර්ධනය කර ඇති වැඩිදියුණු කිරීම් සහ සීමා කිරීම් අනාවරණය කරයි.
‘නිරුවත් ගැහැනිය’ මානව සත්ත්වයා පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ඩෙස්මන්ඞ් මොරිස්ගේ අසමසම ප්‍රවීණත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියැවුණු විද්‍යාත්මක සාධකවලින්,
සිත්ගන්නාසුලූ අන්දරයන්ගෙන් සහ පොළඹවනසුලූ නිගමනයන්ගෙන් සමන්විත ග්රන්ථයකි.


ලොව විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතාවක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය.පුද්ගල මනෝභාවයන්, ලෞකික ආශාව, පවුල, විවාහය, සමාජ තත්ත්වය, ඊර්ෂ්‍යාව යන තේමාවන් නවකතාව තුළින් මනාව විමර්ශනය කර ඇත.






අතුරුදන් ශිෂ්ටාචාරයක්… බියකරු ගවේෂණයක්… මාරක රහසක්… ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය. ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්රොස්ට්’ගේ අනුග්රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති. එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි. අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය. මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද? ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද? මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.

වයි පෙරල්මාන්
Yakov Perelman

වයිද්ය සන්තදෙව මුරුතැන්ගෙ

රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.
සුරංගි ද අල්විස්

සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
ජැක්සන් ඇන්තනී

අප රට සිටි ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කොට ඒ.පී. ගුණරත්න විසින් සිංහලයට නගන ලද ‘බැද්දේගම‘ වූ කලී කැලෑබද ගම්මානයක සිංහල ගැමි ජීවිතය ඇසුරු කරගනිමින් නිර්මාණය වූ ශ්‍රේෂ්ඨතම ඉංග්‍රීසි නවකතාව බව විචාරකයන්ගේ මතයයි. ඉංග්‍රීසි ජාතිකයකු ලෙස ඔහු අප ගැමි සමාජය විනිවිද දුටු අයුරු අපූරුය. 2019 වර්ෂයේ උසස් පෙළ විෂය නිර්දේශය වෙනස් වීමත් සමග ඉදිරි වසර 8 ක් සඳහා නිර්දේශය වූ සිංහල නවකතාව වූයේ ද බැද්දේගම ය. බැද්දේගම නවකතාව මෙසේ ඔබ අතට පත්වන්නේ නැවත සකස් කිරීමකින් පසුව එන නැවත මුද්‍රණයක් වශයෙනි. මෙසේ නැවත සකස් වීමේ දී ප්‍රමාණය වෙනස් කොට තිබේ.

නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි.
Nick Vujicic

අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.Nick Vujicic