SHOP
  • බ්ලෙයාර් විච්–BLAIR WITCH
    10 % OFF
    Sold out!

    බ්ලෙයාර් විච්–BLAIR WITCH

    Original price was: රු850.00.Current price is: රු765.00.
  • උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා-Usavi Giya Neruda Nohoth Kamagora Kawiya
    10 % OFF
    Sold out!

    උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා-Usavi Giya Neruda Nohoth Kamagora Kawiya

    Original price was: රු1,480.00.Current price is: රු1,332.00.

    නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය. බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය. ඇසීම දුබල ය. බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත්‍ර අඳී.. ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන් චෝදනා නැඟේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක ඔහු ඒ චිත්‍ර සියල්ලට ගිනි ලා සිවුරු හරී. ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු මත්පැනට ඇබ්බැහි වේ. කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි. කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැඟේ. ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා කථිකාචාර්යවරියක විසින්කි විවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ. තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි. සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට ලක් කළේද? ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික හැසිරීමට රුකුල් දුන්නී ද?

  • මළගිය ඇත්තෝ-Malagiya Eththo

    මළගිය ඇත්තෝ-Malagiya Eththo

    රු490.00
  • මළවුන්ගේ අවුරුදු දා-Malawunge Avurudu Da Sold out!

    මළවුන්ගේ අවුරුදු දා-Malawunge Avurudu Da

    රු850.00
  • නැනී–NaNNy
    20 % OFF
    Sold out!

    නැනී–NaNNy

    Original price was: රු1,000.00.Current price is: රු800.00.

    “තාත්තා… ඔයා ගොඩක් ගොඩක් ගොඩක් හයියයි.

    ගොඩාආආආ…ක් ශක්තියයි.

    ගොඩාආආආ…රියක් උසයි.

    ඔයා කොහොමද මෙච්චරක් කල් ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ කොහොමටවත් ඒක අස්සට යන්නෑනේ…?

    මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ… මම දැන් ලොකුයි…”

    ********************************************************

    ඒ උනාට ලොකු මිනිස්සු ගොඩ දෙනෙක් තාම කුඩායි.

    චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්, අතොරක් නැති කතාවෙන්, පුටුවටකට මේසෙකට බඩගෑමෙන් සිඟිත්තෙක් කියන වැදගත් කතා තේරුම් ගන්න ඒ ගොල්ලොන්ට පෑනෙන් ලියූ මේ කතාව රුකුලක් වේවි!

  • සිටුවර පුවත-Situwara Puwatha
    10 % OFF

    සිටුවර පුවත-Situwara Puwatha

    Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

    වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්‍රීහු තවත් වරෙක සඳ රැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත වන්නෝය මේ නවකතාවේ එන සරලා නම් ගැහැනියද ඒ චරිත ලක්ෂණ ද්විත්වයම හිමි කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසාය. සරලාගේ චරිතයට ප්‍රභාෂ්වරයක් වීමට හැම විටම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ පවනක් වෙමින්ද වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින්ද සරලා තමා වෙත නතු කර ගැනීමට වෑයම් කරන්නේ ස්වකීය ප්‍රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් අනුවේදනීය මොහොතකය. රාග දෝෂ මෝහආදි ක්ලේශ රාශියකින් වෙළි සිටින මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද මනා ගුණ ද අත් දකිමින් ගෙන යන ජීවිතයෙන් බිඳක්මේ නවකතාව තුළින් කතුවරිය අප තුළ සිතුවම් කරන්නීය.

  • ඉර වර වර-Ira Wara Wara
    10 % OFF

    ඉර වර වර-Ira Wara Wara

    Original price was: රු500.00.Current price is: රු450.00.

    ඉර වර වර අගනා නවකතාවකි ඉර වර වර නවකතාවෙහි අන්තර්ගත එක් මුඛ්‍ය තේමාවක් නම් පරිසරාවබෝධයෙහි පරිසර විඥානයෙහි පරිසර භක්තියෙහි වැදගත්කමයි. මානව ශිෂ්ටාචාරයෙහි මුලාවධියෙහි පටන් මිනිසාත් ස්වභාව ධර්මයත් අතර ඉතාම සමීපවුත් පරස්පර පරිපෝෂකවුත් සම්බන්ධයක් පැවතිණ. නවීකරණයෙහි ව්‍යාප්තිය නිසා මෙම සම්බන්ධයට හානි සිදුවී ඇති අයුරු කන්දේපොළ සිතුවම් කරන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුවය. සංකේතාත්මක සංසිද්ධි තුළින් කතුවරයා නවකතාවේ ආභ්‍යාන සංකේථනයට ජීවයක් ලබා දෙයි. ඉර වර වර සාහිත්‍යාභිලාෂීන්ගේ විචාර දර්ශනයට පාත්‍ර විය යුතු කෘතියකි. -මහාචාර්ය විමල් දිසානායක-

  • නිලි වැස්ස-Nili Wessa
    10 % OFF
    Sold out!

    නිලි වැස්ස-Nili Wessa

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    “මගේ දෙවියන් ඉන්නේ මේ නිල් පාට අහසෙ. මේ මහ මූදෙ. මේ හුළං අතරෙ. “කපිතාන් කීවා. මට ඒක හරියට ම තේරුණේ නෑ. තේරුම් ගන්ඩ මං උත්සාහ කළෙත් නෑ. මට දෙවියො බුදුන් තියා කන්ද උඩරටයි, රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබ්බේ. මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇඟ පුරා ඔහුගේ ඇඟිලි තුඩු ගමන් කරනව දැනුණා. දියෙන් පෙඟුණු ඔහුගේ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි, නිල්පාට මූදයි එක් වෙන හැටි බලාගෙන හිටියා.

  • සියඹලාගහේ ප්‍රේමය සහ තවත් කතා-Siyambala Gahe Premaya Saha Thawath Katha
    40 % OFF

    සියඹලාගහේ ප්‍රේමය සහ තවත් කතා-Siyambala Gahe Premaya Saha Thawath Katha

    Original price was: රු500.00.Current price is: රු300.00.
  • කැදැල්ලක නෙත-Kedellaka Netha
    40 % OFF

    කැදැල්ලක නෙත-Kedellaka Netha

    Original price was: රු500.00.Current price is: රු300.00.
  • තම්මැන්නා රැජින-Thammanna Rejina
    20 % OFF

    තම්මැන්නා රැජින-Thammanna Rejina

    Original price was: රු1,200.00.Current price is: රු960.00.

    ***මේ අතර කුවණ්ණා කුමරියට දැනුණේ තමාට පාලනය කළ නොහැකි බලවේගයක් මඟින් තමාව මෙහෙයවන බවයි.දීයා නිහඬව ඉදිරියෙන් ගමන් කළාය.එහෙත් අසු මෙහෙයවන්නේ තමා නොව කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් යයි කුවණ්ණාට සිතිණි. මෙය නිධානය හෝ ගල් ලෙන සම්බන්ධ සිද්ධියක් නොවේ..ඇය නිදන් දොර වසා පිටත් වූයේ හොඳ සිහියෙන් බව නිශ්චිතවම දැන සිටියාය.එහෙත් දැන් ඇයට කිසිවක් තීරණය කළ නොහැකි බව දැනේ..ඉබේ ඉදිරියට යාම නවතා තමාට රිසිලෙස අසු මෙහෙයවා යාමට ඇය කැමති වූවත් එසේ කළ නොහැකි විය.. ඇය අත පත්තු කරගත් විලක්කුවක් විය.එය ගත්තේ සුධීර කල්පනාවෙන් හැමදෙයක්ම රැස්කර තිබූ ගල් ගුහාවෙන්ය.තමා යන්නේ නියම මඟ යයි විලක්කුවේ ආලෝකයෙන් ඇය තහවුරු කරගත්තාය..තමා උගත් සියළු යන්ත්‍ර මන්ත්‍ර සිහියට නැඟුණත් ඒ සියල්ල අභිබවා යමක් ක්‍රියාත්මක වන බව කුවණ්ණා වටහා ගත්තාය. “කුමරිය,කිසි දිනක ඔබ ඇඟ දැවටූ සළුවක් වෙනත් අයකුට නොදෙන්න.එවැන්නක් උපයෝගී කරගෙන ඔබ ඉක්මවා යන බලයක් යමෙකුට අත්පත් කරගත හැකිවේවි.” පසුගිය දිනක ඇගේ සලුවක් හිටිහැටියේ අතුරුදහන් විය.එය සෙවීමට කෙතරම් මහන්සි වුවද ඇයට එය සොයාගත නොහැකි විය.. ***මාළිගය අසල කැලෑ රොදින් මතුවන විට දීයා තමා වෙත පෙරමඟට එනු කුවණ්ණා දුටුවාය.ලේ තැවරුණ මුව ඇගේ බිය දෙගුණ තෙගුණ කළාය.සතුන් දඩයම් කරන දිවිදෙන කිසි දිනෙක තමා හමුවට ලේ වැගිරන මුවින් පැමිණ නැත..අද උදෑසන ඇය ප්‍රථම වතාවට මිනිසකු මරා දැම්මාය.කුවණ්ණා කුමරිය වන්දනා වෘක්ශය ලඟින් බිමට බැස්සේ චංචල වූ සිතකිනි… කතෘ විනෝදනී සේනාරත්න

  • මෙලඩී-Melody
    50 % OFF
    Sold out!

    මෙලඩී-Melody

    Original price was: රු1,200.00.Current price is: රු600.00.

    “රාත්‍රිය අඳුරුය දැඩිසේ අඳුරුය තරු කැට කිහිපයකින් ඒ අඳුර පලවා හැරිය නොහැකිය… හුදෙකලාව දරුණුය අන්ධකාරයටත් වඩා දරුණුය නමුත් අපූරු යෙහෙළියකගේ එක සිනහවකින් එය සදහටම පැරදවිය හැකිය…” මධූෂා හේවගේ විසින් රචිත “මෙලඩි” මිත්‍රත්වය, ආදරය, කරුණාව, සංවේගය සහ වේදනාව කැටුව එන “අපූරුතම කෘතියක රස මිහිර විදින්න”

  • 20000 ක සවාරියක්-20000 Ka Sawariyak
    30 % OFF

    20000 ක සවාරියක්-20000 Ka Sawariyak

    Original price was: රු1,000.00.Current price is: රු700.00.

    මෙම කෘතිය සුවිශේෂි ග්‍රන්ථයකි. එසේ වන්නේ තරුණයන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප්‍රිකාව හරහා ගොඩබිමෙන් සංචාරය කිරීම පිළිබද විස්තර සහිත ග්‍රන්ථයක්, මීට පෙර ලාංකීය පාඨකයන්ට කියවන්නට අවස්ථාව ලැබී නැති හෙයිනි. ඊටත් වඩා මොවුන් සංචාරය කරන්නේ කුඩා සැලුන් රථයකිනි. මේ නිසා තරුණයන් තිදෙනාට අභිමුඛ වන අභියෝගතා එමටයි. ඉන් පසු නො බසින මොවුන් සැතපුම් 20000ක් දුරගෙවා ඉන්දු අප්‍රිකානු ගවේෂණ චාරිකාව සම්පූර්ණ කරති. මේ තිදෙනාගේ ගමන් විස්තරය පමණක් නොව, ජායාරූප පවා ආකර්ශණීය හැගීමක් අප සිත් තුළ ජනිත කරයි. මේ සංචාරය සිදු කර ඇත්තේ 1960 දී වූවත්, එහි ජීවගුණය තවමත් වියැකී නොමැත්තේ යැයි පාඨකයාට දැනෙනු ඇත. මුල් කෘතිය හා කතෘ :20000 Miles/ Christopher Fenwick පරිවර්තන කෘතිය : 20000 ක සවාරියක් පරිවර්තක : මනෝ ප්‍රනාන්දු

  • ශ්‍රී ලංකාවේ ලන්දේසි බලකොටු-Sri Lankawe Landesi Balakotu
    10 % OFF

    ශ්‍රී ලංකාවේ ලන්දේසි බලකොටු-Sri Lankawe Landesi Balakotu

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.

    දෙවන ලෝක සංග්‍රාමයට පෙර, තමන් කොළඹ නගරයේ වරලත් ගණකාධිකාරි වරුන්ගේ ආයතනයක සේවය කරමින් සිටි වකවානුවෙහි දී, ඩබ්ලියු. ඒ. නෙල්සන් මහතා විසින් මෙම ලන්දේසි බලකොටු පිළිබදව සකස් කොට සංග්‍රහ කරන ලද THE DUTCH FORTS OF SRI LANKA නම් මහැගි ග්‍රන්ථය ශ්‍රී ලංකා ඉතිහාසයෙහි බොහෝ දුරට ගිලිහී ගිය පරිච්ජේදයක වැදගත් තොරතුරු අව ඉදිරියෙහි දිග හරියි. මුල් ග්‍රන්ථය හා කතෘ : The Dutch Forts of Sri Lanka/ W. A. Nelson පරිවර්තන ග්‍රන්ථය : ශ්‍රී ලංකාවේ ලන්දේසි බලකොටු පරිවර්තක : නිස්සංක පෙරේරා

  • චීනයට මන්දගාමී බෝට්ටුවකින්-Cheenayata Mandagami Bottuwakin
    30 % OFF

    චීනයට මන්දගාමී බෝට්ටුවකින්-Cheenayata Mandagami Bottuwakin

    Original price was: රු450.00.Current price is: රු315.00.
  • මොනාලිසාගේ මිසර ගමන-Monalisage Misara Gamana
    30 % OFF

    මොනාලිසාගේ මිසර ගමන-Monalisage Misara Gamana

    Original price was: රු350.00.Current price is: රු245.00.
  • හද වෙණ සත්සර-Hada Wena Sathsara
    30 % OFF

    හද වෙණ සත්සර-Hada Wena Sathsara

    Original price was: රු990.00.Current price is: රු693.00.

    අවසානයේදී ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. එහි වූයේ දහවල සිට තිබූ මත්බර ිනහව නොව, සුන්දර හා හෘදයාංගම සිනහවකි. ඔහුගේ සුසුම් රළ ඇගේ නළල මත පතිත විය. “ඉස්සෙල්ලා මං විහිළුවක් කළේ. ඔයා රතු වෙනකොට නෙළුම් මලක් වාගේ…….” දෙවියනේ …..! “අද ඔය ඇඳුමට හරිම ලස්සනයි. ඇත්තමයි….” ඇය සිනාසුණාය.ඔහුද සිනාසුණේය. අමන්දිගේ සිතුවිලි අතරින් ඒ මොහොතේදී එතැන සිටි අනෙක් සියල්ලන්ම අතුරුදන් විය. ඇයද ඔහුද මින්දද හී සර පතිත් වන ඈත මිහිදුමෙන් වැසුණු කඳු මුදුනකට පාව ගියහ. ඈ ඔහු දෙසද, ඔහු ඈ දෙසද නෙතු යොමාගත් වනම ඒ ඇසෙමින් තිබූ සුමියුරු ළයාන්විත රිද්මයට නර්තනයේ යෙදුණෝය. එය ඔවුනටම අයත් ලෝකයක් විය. ඔවුනටම පමණක් අයත් ලෝකයක් විය. ඔහු ඔහුගේ කොන්දේසිය අමතක කර දමන්නට තීරණය කර ඇතුවා වන්නට ඇත. මෙවන් දෑ පවසන්නේ එනිසා විය යුතුය. තම හදවත එවන් රිද්මයකින් ස්පන්දනය වනු ඇයට ඉන් පෙර කිසිදා දැනී තිබුණෙ නැත. එක්වරම ඔවුන් දෙදෙනා මධ්‍යයට මහා අකුණක් පතිත විය !

  • දෙවියෝ සහ භූතයෝ-Dewiyo Saha Buthayo
    10 % OFF
    Sold out!

    දෙවියෝ සහ භූතයෝ-Dewiyo Saha Buthayo

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    දෙවියෝ සහ භූතයෝ ලෝකයේ නූතන විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සිය නිම් වළලු කොතරම් දුරට පුළුල් කරගැනීමට සමත්වූවත් මානව සංහතියේ පැවැත්ම කේන්ද්‍රගතව පවත්නා සම්ප්‍රදායික මිථ්‍යා දෘෂ්ටි සංස්කෘතියෙන් ඔවුන් ගලවා ගැනීම එතරම් පහසු කාර්යයක් වී නොමැත. මෙවන් පසුබිමකදී රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගත් මිථ්‍යා මතවාදී රැල්ල මානව සමාජයේ ප්‍රගමනයට බාධාවක්ව පැවැති කාලවකවානුවේදී සමාජය වෙළාගත් මිථ්‍යා විශ්වාස බිඳ දමා මානව චින්තනය නව ප්‍රවේශයකට යොමුකිරීමට පුරෝගාමී මෙහෙයකට මුලපිරූ ආචාර්ය ඒබ්‍රහම්. ටී කොවුර් අපට කියාදුන් හේතුවාදී දර්ශනය තුළින් විශ්වය හා එහි අන්තර්ගත සියල්ල පිළිබඳ යථාර්තය, ඇති සැටිය, සත්‍යය අඩංගු සුපිරිසුදු ඥානය හුදෙක් මානව බුද්ධිය මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය භාවිතකොට මිනිසා ලබාගන්නා දැනුම් සම්භාරය පමණක් බව වර්තමාන සමාජය දැන් අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන සිටින බව නොරහසකි. ශ්‍රී ලාංකේය සමාජයට හෙතෙම තිළිණ කළ මා හැඟී ග්‍රන්ථ දෙකකි. ඉන් එකක් “මා කළ ගවේෂණ” කෘතිය වන අතර අනෙක් ග්‍රන්ථය “දෙවියෝ සහ භූතයෝ” කෘතියයි. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් හේතුවාදී සාහිත්‍යයකට තිළිණ කළ මෙම කෘති යළි මුද්‍රණයට පිවිසීම කාලෝචිත ප්‍රයත්නයක් වන අඅතර මීට පෙර “මා කළ ගවේෂණ” කෘතිය පසුගියදා එළිදැක්වුණු අතර, “දෙවියෝ සහ භූතයෝ” නමැති මෙම කෘතිය එම ප්‍රවාහයේ දෙවන කෘතියයි.

  • මා කළ ගවේශණ-Ma Kala Gaweshana
    10 % OFF

    මා කළ ගවේශණ-Ma Kala Gaweshana

    Original price was: රු650.00.Current price is: රු585.00.
  • මා දුටු කොවුර්-Ma Dutu Kowur
    10 % OFF

    මා දුටු කොවුර්-Ma Dutu Kowur

    Original price was: රු750.00.Current price is: රු675.00.
  • බ්‍රොන්ටේ සොයුරියෝ-Bronte Soyuriyo
    20 % OFF

    බ්‍රොන්ටේ සොයුරියෝ-Bronte Soyuriyo

    Original price was: රු950.00.Current price is: රු760.00.

    මෙතෙක් බිහිවූ වඩාත් ප‍්‍රචලිත හා මහජන ආදරය දිනාගත් ලේඛකයන් අතර බ්‍රොන්ටේ සහෝදරියන් ද සිටී. දහනව වැනි සියවසේ සම්භාව්‍ය නවකතා අතරට ඔවුන්ගේ ජේන් අයර් (චාලට්*, වදරින් හයිට්ස් (එමලි* සහ ඇග්නස් ගේ‍්‍ර (ඈන්* ද අයත් වෙයි. සමහරවිට හද කම්පාකරවන මෙම යොවුන්–වැඩිහිටි චරිතාපාදනයේදී එම සහෝදර සහෝදරියන්ගේ කැලඹිලි බහුල ජීවිත සහ ඔවුන් ජීවත්වූ පීඩාකාරී කාලය මෙහි මුල් පොතේ කතුවරිය වන කැතරින් රීෆ් විසින් මනාව ගවේෂණය කර ඇත. මෙහි දැක්වෙන හැටකට අධික ඉතා වටිනා කළු සුදු සංරක්‍ෂිත ඡුායාරූප බ්‍රොන්ටේ රසිකයන් විස්මයට පත් කරවන ඒවාය. එමෙන්ම චාලට් ඇගේ මිතුරියන් සමඟ කළ ලිපි හුවමාරුව, හැවෝර්ත් හි පටු වටපිටාවෙන් බැහැරව ලබාගත් වඩාත් පුළුල් අත්දැකීම්, ඇගේ චරිතාපදානය ලියූ නවකතාකාරිය වන එලිසබෙත් ගෑස්කල් දැන හඳුනා ගැනීම ඇතුළුව ඇගේ පුද්ගලික තොරතුරු මෙහි වැඩි වශයෙන් නිරාවරණය කර ඇත. 19 වන සියවසේ කාන්තා ලේඛිකාවන් සඳහා වූ සන්දර්භය සහ බ්‍රොන්ටේ සහෝදරියන් අන්වර්ථ නාමයන් යටතේ පමණක් සිය කෘති ප‍්‍රකාශයට පත් කිරීමට හේතු වූ කරුණු ද මෙහිදී විමසා බැලෙයි. එමෙන්ම ඈන් සහ චාලට්, චාලට්ගේ ප‍්‍රකාශකයාට තම අනන්‍යතාව හෙළි කළ හමුවීම පිළිබඳ අපූරු විස්තරයක් ද, සහෝදරියන්ගේ නවකතාවල කෙටි, ප‍්‍රධාන සාරාංශ කීපයක් ද, සැබෑ ජීවිත අත්දැකීම් ප‍්‍රබන්ධයක් බවට පරිවර්තනය වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට ඉවහල්වෙන සාධක ද මෙයට ඇතුළත් ය. මෙම පොත නූතන ප‍්‍රබන්ධකරණයේ විශිෂ්ට පුරෝගාමීන්වූ බ්‍රොන්ටේ සහෝදරියන් දෙස හෙලන ආකර්ෂණීය බැල්මකි.

  • මොනර පිලේ ශාපය-Monara Pile Shapaya
    20 % OFF
    Sold out!

    මොනර පිලේ ශාපය-Monara Pile Shapaya

    Original price was: රු2,400.00.Current price is: රු1,920.00.

    ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැුගෙන එන්නේයx එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකියx අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?

  • මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්කෝෂය-Malalasekara English Sinhala Dictionery
    30 % OFF

    මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්කෝෂය-Malalasekara English Sinhala Dictionery

    Original price was: රු4,500.00.Current price is: රු3,150.00.

    මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයේ නව සංස්කරණය 2014 ජනවාරි මාසයේ දී නව මුහුණුවරකින් ප්‍රකාශයට පත් විය. අප රට නිදහස ලබා ගත් 1948 වසරේ දී මුලින් ම ප්‍රකාශයට පත් කෙරුණු මලලසේකර ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය 2021 වසර වන විට වසර 73 ක් සම්පූර්ණ කරයි. මේ වන විට මෙහි අඩංගු මූලික වචන (Head Words) සංඛ්‍යාව 53,000 කට අධික ය. අප රටේ සුප්‍රකට මහාචාර්යවරුන් දස දෙනෙකු මේ ශබ්දකෝෂය පිළිබඳ පල කොට ඇති අදහස් මෙහි පසු පිට කවරයෙහි දක්වා ඇත. එයින් ඉස්මතු වන්නේ අප රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර මලලසේකර ශබ්දකෝෂය පිළිබඳ පවතින උසස් ආකල්පයයි.

  • ආර්යා – Arya
    20 % OFF

    ආර්යා – Arya

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

    මජර දේශපාලනය හා අවිනීත මාධ්‍ය සංස්කෘතිය තුළ දෝලනය වෙමින් ඒ සියලු තැන්වල නිල අල්ලා බලය සියතට ගන්නා උත්පලා නම් මානවිකාව සකල විධ සමාජ බලවේගයන් තමන් ඉදිරියේ දණ ගස්වා ඉතා උපක්‍රමශිලීව සිය ඉලක්කය සපුරා ගනිමින් කූඨප්‍රාප්තියට පත්වන්නීය. ශ්‍රී ලංකා දේශපාලනයේ හා මාධ්‍යකරණයේ නිරුවත හෙළිකරන හර්ෂය, ප්‍රමෝදය, ආවේගය, උද්දාමය කුතුහලය හා විමතිය දනවන කාලීන සමාජ හා දේශපාලනමය ත්‍රාසජනක නවකතාවකි…..

  • කටු කුරුළු හඩ-Katu Kurulu Handa
    30 % OFF

    කටු කුරුළු හඩ-Katu Kurulu Handa

    Original price was: රු1,480.00.Current price is: රු1,036.00.

    යුද්ධය වටා ගෙතුණු ලෝක දේශපාලනයත්, ඕස්ට්‍රේලියාවේ දේශගුණික විපර්යාසයත් පසුබිම් වුණු ‘ කටු කුරුළු හඩ ‘ දේවගැතිවරයෙකුගේ චරිතය පාදක කොටගත් නවකතාවකි. දේවත්වයටත්, මනුශ්‍යත්වයටත් මැදිවුණු මේ පියතුමා කුඩා දැරියක් උස් මහත් වෙද්දී අසම්මතය කරපින්නාගනී. “මා ඔබට හොරෙන් ලබාගත් දේ ඔබටම දෙනවා” ඒ මැගීගේ මුවින් පිටවූ අවසන් වදන් පෙළයි.තමන්ට දාව මැගීගේ කුසින් උපන් ඩේන් හැදී වැඩී පූජකවරය ලබා මියයන තුරු සැගවුණු මේ රහස දැනගත් මොහොතේ රැල්ෆ් පියතුමාට කුමක් සිදුවන්නට ඇතද? මුල් කෘතිය හා කතෘ : Colleen McCullough / The Thorn Birds පරිවර්තන කෘතිය : කටු කුරුළු හඩ පරිවර්තක : අනුල ද සිල්වා

  • කියනු වස් පවතිමි-Kiyanu Was Pawathimi
    10 % OFF

    කියනු වස් පවතිමි-Kiyanu Was Pawathimi

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    පරිවර්තනය මහේෂි වීරකෝන් පිටු 662

  • පියෙද්‍රා ගඟ අසබඩ-Piyedra Ganga Asabada
    10 % OFF
    Sold out!

    පියෙද්‍රා ගඟ අසබඩ-Piyedra Ganga Asabada

    Original price was: රු900.00.Current price is: රු810.00.
  • රජවරුන්ගේ ශාපය-Rajawarunge Shapaya
    20 % OFF
    Sold out!

    රජවරුන්ගේ ශාපය-Rajawarunge Shapaya

    Original price was: රු2,220.00.Current price is: රු1,776.00.

    කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුණු මට පුරාවිද්‍යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද ආශ්චර්යයක් විය. ඉතින් පුරාවිද්‍යාවේ අසිරිමත් දේශය වූ ඊජිප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක් බදුය. එහෙත් ඒ සැබෑවූ සිහිනය මහා භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ නැත. අලුත් පාරාවෝ සොහොන්කොතක් ගවේෂණය කරන්නට ගිය අපේ කණ්ඩායමේ එකින් එකා මිය යන්නට පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැගවී ඇතැයි කියන “රජවරුන්ගේ ශාපය” නිසාමද.? නැතිනම් ඊටත් වඩා රුදුරු, අදුරු බලවේගයක් නිසාද..?

  • ලිට්ල් හවුස් පොත් කට්ටලය - Little House Book Series
    20 % OFF

    ලිට්ල් හවුස් පොත් කට්ටලය – Little House Book Series

    Original price was: රු11,010.00.Current price is: රු8,808.00.

    Laura Ingalls Wilder විසින් රචිත ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද පරිවර්තනය කළ “Little House” කතා මාලාවේ – පරිවර්තන පොත් කට්ටලය (පොත් 10). වන අරණක කුඩා නිවස තැනිතලාවේ පිහිටි කුඩා නිවස මිදි ඔය අසබඩ රිදී විල් තෙර සීතලෙන් සීත වුණ සීත සමය තැනිතලාවේ පිහිටි කුඩා නගරය මේ මිහිරැති සොඳුරු සමය පළමු සිව්වසර ගෙදර යන අතරමග අල්මන්සෝ පුංචි ගොවියා

  • අරගලම් – Aragalam
    10 % OFF

    අරගලම් – Aragalam

    Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
  • මේඩ්න්ස් - Maidens
    10 % OFF

    මේඩ්න්ස් – Maidens

    Original price was: රු2,000.00.Current price is: රු1,800.00.

    ‘මේඩ්න්ස්’ වූ කලී අපව, අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත්, ප්‍රේමයේත් – වියෝ දුකෙහිත් කතාන්තරයයි.

    කේම්බ්‍රිජ්හි පිහිටි සෙන්ට් ක්‍රිස්ටෝපර් විද්‍යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි.
    වියෝ දුකෙහි ගිලී, තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝචිකිත්සක මරියානා ඇන්ඩ්‍රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්, ඇයගේ ඥාති දියණියක වූ සෝයී හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය.
    ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප්‍රකම්පිතව හිඳින මරියානා හට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ.
    ඒ වූ කලී, අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පිරිසකගේ එකතුවකින් සැදි ‘මේඩ්න්ස්’ නම් රහස් සමාජයකි. අබිරහස් හැසිරීමකින් යුත් මහාචාර්ය එඩ්වඩ් ෆොස්කාගේ අඳුරු බලපෑමට ඔවුහු නතු වී හිඳිති.
    මිනීමැරුම් මෙන්ම ඝාතනයට ලක් වූවන් පිළිබඳ අන් කිසිවකුටත් වඩා හොඳින් දන්නේ ඔහුය. මිනීමරුවා සොයා යන මරියානාගේ ප්‍රධාන සැකකරුවා වන්නේද ඔහුය.
    සියල්ල හෙළිදරව් වන්නේ එකී සැකය හඹා යාමේදීය.

  • ඒදන් උයනේ අල්තාරය-Edan Uyane Altharaya
    15 % OFF
    Sold out!

    ඒදන් උයනේ අල්තාරය-Edan Uyane Altharaya

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.