තාත්තගෙ දුව – ඔව් ඔයා මට පුතෙක්-Thaththage Duwa
Original price was: රු800.00.රු640.00Current price is: රු640.00.අපි හිටපු කුලී ගෙදර තිබුණ අඹ ගහේ අඹ ගෙඩි තුනක් තිබුණා. ඒ අඹගෙඩි තුනෙන් අඹ ගැටේ වැටුන දවසේ ඔයා ඒක අහුලගෙන අඹ පුතා වැටිලා, දැන් අඹ අම්මටයි තාත්තටයි කෝ අම්මේ පුතෙක් කියලා මූණ බෙරි කරගත්තා. එදා මුළු දවසම ඔයා දුක් උනේ අකාලෙ වැටුණ අඹ පුතා ගැන. ගහ ගාවට ගිහින් ඉතුරු අඹ ගෙඩි දෙක දිහා බල බල ඕගොල්ලන්ට දුකදු කිය කිය ඔයා ඇහුවා. සැරින් සැරේ මං ගාවට ඇවිත් අම්මේ අඹ අම්මයි තාත්තයිත් වැටෙන්න යන්නෙ කියල කිව්වා. එදා ඔයාගෙ චූටි හිත සැනසෙන්න මට කොයිතරම් දේවල් කිව්වත් ඔයාව අඹ ගහ ගාවට දුවන එක මට නවත්තගන්න බැරි උනා. පහුවෙනිදා අනික් අඹගෙඩි දෙකත් බිම වැටිල තිබුණා.
අම්මේ අඹ අම්මයි තාත්තයි වැටිලා. ඔයා අඹගෙඩි දෙක දෝතට අරන් ආවා. පුංච් රවුම් ඇස් ඇතුළේ කඳුළු පුරෝගෙන අම්මෙ මට දුකයි. කියලා ඔයා කිව්වා.
































