SHOP
  • අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය #1-Adhamayage Athmarakshaka Paddhathiya 01
    15 % OFF

    අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය #1-Adhamayage Athmarakshaka Paddhathiya 01

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    ලුඔ බිංහ යනු අන්තර්ජාලයේ පළ වූ නවකතාවක සිටි අර්ධ අසුරයෙකි. ඔහුගේ බාල කාලය ඉතා දුක්ඛිත වූ අතර, අනතුරුව ඔහු මනු රාජධානිය මෙන්ම අසුර රාජධානිය ද සියතට ගෙන සිය ගණනක් වූ භාර්යාවන්ගෙන් යුතු අන්තඃපුරයක් ද සහිතව බොහෝ බලගතු අයෙකු බවට පත් විය.’

    ශෙන් යුඇන් කියැවූ සාඩම්බර අමරණීය අසුරයාගේ ගමන්මග නම් නවකතාවේ සඳහන් වූයේ එලෙසයි. නමුත් එම නවකතාව කියවා අවසන් කර, එයින් ඇති වූ කෝපයත් සමග මියගිය ඔහු අනතුරුව කුඩා ලූඔ බිංහගේ කුරිරු ගුරුවරයා වූ ශෙන් චිංච්ඡුගේ ශරීරය තුළ නැවත උපත ලැබුවේය. ශෙන් චිංච්ඡු යනු අසමසම බලයක් සහිත ධ්‍යානවේදියෙක් වූ නමුත්, ඔහුගේ දෛවයේ ලියැවී තිබුණේ තමන් විසින් ප්‍රධාන චරිතයට සිදුකරන ලද අපරාධයන් සඳහා වන්දි ගෙවමින් දරුණු වධ හිංසාවලට ලක්ව මියැදීමටයි.

    නව ශෙන් චිංච්‍යුට ඇත්තේ එකම අරමුණක් පමණකි. එනම් ලුඔ බිංහ බලය ලබාගැනීමට පෙර ඔහු තුළ තමා පිළිබඳව සුබවාදී හැඟීමක් ඇති කරවීමයි.

  • අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු #02-Asura Dynawedaye 02 - MO DAO ZU SHI #02
    15 % OFF

    අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු #02-Asura Dynawedaye 02 – MO DAO ZU SHI #02

    Original price was: රු2,350.00.Current price is: රු1,997.50.

    විච්ඡේදනය කරන ලද මළසිරුරකින් ලැබෙන හෝඩුවාවන් ඔස්සේ, වෙයි වූෂියැන් සහ ලන් වංජි මිහිදුමෙන් වැසීගිය, අනේක විධ නොසන්සුන් ආත්මයන් ගැවසෙන, අත්හැර දමන ලද ‘යී නගරයට‘ පිවිසෙති. ක්‍රෑරත්වයෙන්ද, සාහසික බවින්ද උමතු වූ සතුරෙක් එහි වූ අඳුරු සෙවණැලි අතර සැඟවී සිටින්නේ, හද කකියවන ශෝකාන්තයක තතු පිළිබඳ පූර්වෝක්ති කතාන්දර කියන්නට සැරසෙමිනි. අද්භූත මළසිරුරේ අනන්‍යතාවය පිළිබඳ රහස අවසානයේ හෙළිදරව් වූ පසු, එහි ඝාතකයා සොයාගනු වස්, ධ්‍යානවේදී ලෝකයේ දේශපාලනයේ ගැඹුරට කිමිදෙන්නට වෙයි වූෂියැන්ට සිදු වේ. මෙම ගමනේදී සිය සතුරන් තමාට සමීපයෙන් තබාගැනීමට ඔහුට සිදුවන අතර, ලන් වංජි අන් කවරදාකටත් වඩා ඔහු හා එක්ව පියවර තබයි.

  • අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 1-Asura Dyanawedaye 01 - MO DAO ZU SHI #01
    15 % OFF

    අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු 1-Asura Dyanawedaye 01 – MO DAO ZU SHI #01

    Original price was: රු2,350.00.Current price is: රු2,000.00.

    වෙයි වූෂියැන් වූ කලී සිය සමකාලීන පරම්පරාවේ වඩාත්ම කැපී පෙනුණ ධ්‍යානවේදීන් අතරින් අයෙකි. සටන් කලාව දැනුම සහ ආධ්‍යාත්මික හැකියාවෙන් බල සම්පන්න කෙළිලොල් තරුණයෙකි. එසේ නමුත් ධ්‍යානවේදී ලෝකය යුද ගිනිදැල් තුළ ගිලී යද්දී, ලෝක සම්මත මාර්ගයෙන් බැහැර වී අසුර ධ්‍යාන වේදය ප්‍රගුණ කිරීමට ඔහුට සිදු වේ. මෙම අපූරු ධ්‍යානවේදීයාගේ අසහාය හැකියාවන් පිළිබඳ ලෝක ජනයා තුළ ගෞරවයම කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ගේ භීතිය බවට පරිවර්තනය වන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. අවසානයේදී ඔහු මිය යයි. ඔහුගේ මරණය අසන්නෝ ප්‍රීතිඝෝෂා නංවති. ජය පැන් බොති. වසර ගණනක ඇවෑමෙන් එක්තරා තරුණයෙක් සිය ආත්මය කැප කර මියගිය වෙයි වූෂියැන්ගේ ආත්මයට සිය සිරුර පූජා කරන්නේ තම ජීවිතය විනාශ කළවුන්ගෙන් පළිගැනීමේ පරම චේතනාවෙනි. තරුණයාගේ සිරුර පිළිගෙන යළිත් මෙලොවට පැමිණෙන වෙයි වුපියන්ගේ දෙවැනි ජීවිතයද කිසිසේත්ම පහසු චාරිකාවක් නොවේ. නමුත් මේ වතාවේ අසමසම හන්ගුආන් – ජුන් ඔහුගේ පසෙකින් හිඳියි. සිය ජීවිතය වටා ගෙතී ඇති අබිරහස් විසඳා ගැනීමට වෙයි වූෂියැන් සමත් වනු ඇතිද? ජීවිතය උදෙසා ඔහු ලද දෙවැනි අවස්ථාව පෙර පරිදිම ඛේදවාචකයකින් අවසන් වනු ඇතිද?

  • නෝටි 40-Naughty 40
    10 % OFF

    නෝටි 40-Naughty 40

    Original price was: රු1,450.00.Current price is: රු1,300.00.

    ඇත්තටම ගෑනු කියන්නෙ, එක අතකින් බැලුවාම කොච්චර අසරණ ජීවී කොට්ඨාසයක්ද!
    උන් හරියට ගිනිකඳු වගේ. එළියට පේන්නෙ නැති ලොකු ගින්දරක් වගෙ ආසාවක් හිත ඇතුළේ, ශරීරය ඇතුළේ තියාගෙන තමන්ට ගැළපෙන කෙනා හම්බවෙනකම් අවුරුදු සීයක් වුණත් ජීවවෙනවා. ඊට පස්සෙ තමා ගිනිකන්දක් වගේ පිපිරිලා යන්නේ.

    ගොඩක් පිරිමි ගෑනුන්ගෙ මේ රසායනය හරියට දන්නෙ නැහැ. ගොඩක් උන් හිතාගෙන ඉන්නෙ ගෑනු කියන්නේ සෙක්ස්වලට හරිම කම්මැළි, ඇල්මැරුණු, ඇඳේදී මළකඳක් වගේ උඩුබැල්ලට නිදාගෙන ඉන්න කම්මැළි ජාතියක් කියලා. මම දිගින් දිගටම මගේ කල්පනා ලෝකෙ අතරමං වෙවී ඈතට ඈතටම පාවෙලා ගියා.

    “ඒයි, ඔයා මොනවද මං දිහා බලාගෙන ඔච්චර කල්පනා කරන්නේ. අද මං දගලනවා වැඩියි නේද?”

    හදිසියේම ටීනා කටහඬ අවදි කළා. ඒත් එක්කම එකපාරටම මගේ සිතිවිලි දාමය ෆියුස් එකක් වගේ නිවිලා ගියා.

  • Ice Hunt-අයිස් හන්ට්
    15 % OFF

    Ice Hunt-අයිස් හන්ට්

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.

    පෘථිවියේ උත්තර ධ්‍රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු, අමෙරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද්‍යාගාරයකි, ග්‍රෙන්ඩල් අයිස් නැවතුම’. සෝවියට් සංගමය සමයේ ව්ලැව්ලැඩ්මීර් පෙට්කොෆ් නමැති විද්‍යාඥයෙක් ජීවිතයත් මරණයත් අතර රැහැන බොඳ කර, සදාකාලික ජීවය අත්කර ගැනීමේ අද්විතීය පරීක්ෂණයක නිරත වෙයි.

    එහෙත් මේ විද්‍යාඥයා ඇතුළු සෙසු පිරිස සමඟ හදිසියේ අතුරුදන් වන ග්‍රෙන්ඩල් අයිස් නැවතුම වසර හැත්තෑවකට පසු අහම්බෙන් මෙන් සොයාගනු ලබන්නේ, ‘පෝලා සෙන්ටිනල්’ නම් අමෙරිකානු සබ්මැරීනය විසිනි. එහි දී ඔවුන්ට මේ සැඟවුණු විද්‍යාගාරය තුළ තවමත් ජීවය පවතින යමක් නිරීක්ෂණය වෙයි. මේ අතර තම පියාගේ පරීක්ෂණ ප්‍රතිඵල සියතට ගැනීමට වෙහෙසෙන ව්ලැඩ්මීර් පෙට්කොෆ්ගේ පුත් අද්මිරාල් වික්ටර් පෙට්කොෆ් අයිස් නැවතුම සොයා එයි. තම පියාගේ නිධානය ලබාගෙන, අයිස් නැවතුම ඇතුළු උත්තර ධ්‍රැවය විනාශ කිරීම ඔහුගේ අරමුණයි. අයිස් නැවතුමේ බිත්ති අතර සිරවුණු අබිරහස සොයා එන අමෙරිකානුවන් සහ රුසියානු හමුදාව අතර මාරක සටන ඇරඹෙනුයේ එතැන් සිටයි.

    සුපිරි බලවතුන් අතර සිදුවන බල අරගලයේ තීරණාත්මක සටනක් අතරතුර, අඩක් ගිලුණු අයිස් නැවතුම තුළ පවතින බියජනක සත්‍යය හෙළිදරව් කරගැනීමට අමෙරිකානු පිරිස සමත් වෙති. මනුෂ්‍ය සංහතියේම ඉදිරි අනාගතය වෙනස් කළ හැකි මේ සොයාගැනීමත් ඒ සමඟ සිදුවීමට නියමිත මහා විනාශයත් වළකාගැනීමට ඔවුන්ට හැකි වේද? නැතහොත් රාජ්‍යයන් දෙකක බල අරගලය වෙනුවෙන් දිවි පිදීමට ඔවුන්ට සිදුවේද? දඩයම ගොදුර බවටත්, ගොදුර දඩයම බවටත් පත්වෙමින් සිදුවන සටනේ අවසානය කෙසේ සනිටුහන් වේද?

    මේ ඒ බියකරු සත්‍යයේ කතාවයි!

  • Shapalath Niwase Abirahasa-ශාපලත් නිවසේ අබිරහස
    15 % OFF

    Shapalath Niwase Abirahasa-ශාපලත් නිවසේ අබිරහස

    Original price was: රු1,650.00.Current price is: රු1,400.00.

    මේ, රූත් ගැලෝවේ සෝල්ට්මාෂ් පරීක්ෂණයට සම්බන්ධ වී යන්තම් පණ බේරාගෙන ගෙවෙන තෙවැනි මාසයයි.
    එක්තරා ගොඩනැගිල්ලක් විනාශ කෙරෙන ව්‍යාපෘති බිමකදී, විශ්ව විද්‍යාල පුරා විද්‍යා කණ්ඩායමට කුඩා දරුවෙකුගේ හිස සුන් සැකිල්ලක් හමු වේ.
    රූත් ගැලෝවේ සොයා ගන්නේ මෙකී හිස සුන් සැකිල්ල අවුරුදු පනහකට හෝ හැටකට හෝ එපිටින් වළ දැමූවක් බවය. ඒ අනුව පෙර එතැන තිබුණේ පූජකවරයෙකු සහ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගෙන යන ලද ළමා නිවාසයක් බව, රහස් පරීක්ෂක නෙල්සන් ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගනී. ළමා නිවාසය භාරව සිටි හෙනසි පියතුමා ඒ කාලයේදී ළමුන් දෙදෙනෙක් අතුරුදන් වූ බවත්, ඒ මන්දිරයට යක්ෂයා අරක්ගෙන සිටි බවත් පවසයි.
    ඒ අතර කිසිවෙක් රූත්ව බිය ගන්වන්නටත්, ඇගේ නූපන් බිලිඳාට සහ ඇයට මරණ තර්ජන කරන්නටත් උත්සාහ ගනී.
    මේ කවන්ධය කාගේද?
    ළමා නිවාසයේ අතුරුදන් වූ දරුවන් දෙදෙනාට සිදු වූයේ කුමක්ද?
    රූත් සහ ඇගේ නූපන් බිලිඳා මරාදමන්නට ඕනෑ කාටද?
    මෙකී ශාපලත් නිවසේ අබිරහස කුමක්ද?

  • Blackhith Mendure Abirahasa-බ්ලැක්හීත් මැඳුරේ අබිරහස
    15 % OFF
    Sold out!

    Blackhith Mendure Abirahasa-බ්ලැක්හීත් මැඳුරේ අබිරහස

    Original price was: රු2,100.00.Current price is: රු1,785.00.

    ග්‍රාමීය පෙදෙසක පිහිටි මන්දිරයක පැවැත්වෙන සාදයක් අතරතුරේදී ඝාතනය වන තරුණියක්!

    මනස විකල් කරවනසුලු වූ නොනවතින කාල චක්‍රයක් තුළ ඇගේ මිනීමරුවා සොයා යන තනි මිනිසෙක්!

    එව්ලින් හාඩ්කාස්ල්, සිය දෙමාපියන් විසින් සංවිධානය කරනු ලබන වෙස්ගැන්වීමේ සාදයක් අතරතුරදී ඝාතනය වෙයි. ඇගේ මිනීමරුවා හඳුනාගෙන, එම පුද්ගලයාව වළක්වන්නට ඒඩ්න් බිෂොප් හට හැකිවන තෙක්ම ඈ දිනපතාම එසේ මරණයට පත්වෙයි.

    එකිනෙකාට වෙනස් වූ සාක්ෂිකරුවන් අටදෙනෙකුගේ දෑසින් මෙම සිදුවීම නරඹන්නට ඒඩ්න් බිෂොප් හට ඉඩ ලැබෙයි. සාදයේ ආරාධිත අමුත්තන් වන ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අන් අයට වඩා ඒඩ්න් හට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් ඔහුට ලැබෙන දින අටක සීමිත කාලය තුළදී හමුවන කිසිවෙකුත් විශ්වාස කරන්නට නොහැකිය. පෙනෙන්නට ඇති කිසිවක් එලෙසම යැයි සලකන්නටද නොහැකිය.

    සැබෑ මිනීමරුවා සොයාගන්නට ඔහුට හැකි වේවිද?

  • Panaha Panaha-පනහ පනහ
    15 % OFF
    Sold out!

    Panaha Panaha-පනහ පනහ

    Original price was: රු1,950.00.Current price is: රු1,657.00.

    සහෝදරියෝ දෙදෙනෙක් මිනීමැරුම් චෝදනාවකට ලක්ව සිටිති.
    දෙදෙනාම එකිනෙකාට චෝදනා කරති. ඔබ විශ්වාස කරන්නේ කවුරුන්ද?

    ඇලෙක්සැන්ඩ්‍රා ඇවෙලිනෝ,
    තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවීමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදුකළ බවත්, ඈ පිහියද අතැතිව තවමත් නිවසේ සිටින බවත් ඇලෙක්සැන්ඩ්‍රා විශ්වාස කරන්නීය.

    සොෆියා ඇවෙලිනෝ,
    තම පියාගේ විකෘති කළ මළසිරුර සොයාගත් මොහොතේ, වහාම පොලිසියට කැඳවිමක් කරයි. සිය සහෝදරිය එම මිනීමැරුම සිදු කළ බවත්, ඈ තවමත් නිවසේ නානකාමරයට වී අගුළු දමාගෙන සිටින බවත් සොෆියා විශ්වාස කරන්නීය.

    කාන්තාවන් දෙදෙනාම එකවර නඩු විභාගයකට යා යුතුය; එකම ජූරි සභාවක් ඉදිරියේ පැවැත්වෙන ඒකාබද්ධ නඩු විභාගයක්.

    නමුත් කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු බොරුකාරියකි. ඔවුන්ගෙන් එක් අයෙකු සැබෑම මිනීමරුවාය.

    සිරමැදිරියක වාඩිවි, ඝාතනය සම්බන්ධයෙන් තම සහෝදරිය සමඟ නඩු විභාගයකට සූදානම්ව සිටින ඇය කිසිසේත්ම මෙවැන්නක් බලාපොරොත්තු නොවූ බව ඔබ සිතනු ඇත.

  • Deep Fathom-ඩීප් ෆැතම්
    15 % OFF

    Deep Fathom-ඩීප් ෆැතම්

    Original price was: රු2,300.00.Current price is: රු1,955.00.

    හිටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කර්ක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන්‍ය දසුනක් නොවේ:

    මහපොළොව ගිනිගනිමින් තිබේ!
    සූර්ය ගිනිදැල්වල ප්‍රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව්‍යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් ‘එයාෆෝස් වන්’ යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ.

    අමෙරිකාව, න්‍යෂ්ටික ප්‍රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, ‘ඩීප් ෆැතම්’ නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදුකළ යුතු මෙහෙයුමකට නායකත්වය ලබාදීමේ වගකීම ජැක් කර්ක්ලන්ඩ් මත පැටවේ.

    ඔහු එනතුරු සාගර පත්ලේ සැඟව මග බලා සිටින විනාශකාරී රහසකි. දරාගත නොහැකි බලවේගයක් උරුම කරගත්, නැසීගිය පුරාණ ශිෂ්ටාචාරයක්ද, වර්තමාන ලෝකයම උඩුයටිකුරු කළ හැකි ඉරණමක්ද එක්ව මුසු වූ මෙම මෙහෙයුම කෙසේ අවසන් වනු ඇතිද?

  • ඒක අමුතු කතාවක් - Eka Amuthu Kathawak
    15 % OFF

    ඒක අමුතු කතාවක් – Eka Amuthu Kathawak

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

    ලංකාවේ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?

    “ඔහ්… කමෝන්! මේක සාමානය පැහැරගැනීමක් නෙමෙයි…” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්…”

    “ඔව්..?”

    “ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!”

    “මොකක්?”

    මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැගිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්,

    “තෑන්ක්ස්…” එයාගෙ ආචාරශීවූ ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තූති නොකර බැරිවුණා.

    මේක ටිකත් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ… සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”

    කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට…

    එයා හදිස්සියෙමි මගේ දිහාට හැරුණා. ඒ ළඟින්ම ගමින් කරපු මම එයාගේ උරහිසේ හැප්පිලයි නතරවුණේ.

    “අපි දෙයක් කරන්න යන්නෙ…”

    එයාගේ ඇස් දෙකේ මෙතෙක්වෙලා තිබුණු මලානික ගතිය වෙනුවට අමුතු දීප්තියක් එකතුවෙලා තිබුණා.

    “ම්ම්?”

    ” අපි එයාව උස්සනව!” අදිති කිව්වා.

  • හවුස්මේඩ් - The Housemaid
    15 % OFF

    හවුස්මේඩ් – The Housemaid

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    ‘සාදරයෙන් පවුලට පිළිගන්නවා’ නීනා වින්චෙස්ටර් එහෙම කිව්වෙ නිය ආලේපනවලින් හැඩකරපු එයාගේ සුන්දර අතක් මට දිගු කරන ගමන්. මම බොහොම විනීත විදිහට හිනාවුණේ පොළොවට කිරිගරුඬ අතුරපු කොරිඩෝව වටේ බැල්මක් හෙළන ගමන්. මේ රස්සාව තමයි හැමදෙයක්ම අලුතින් පටන්ගන්න මට ලැබෙන අන්තිම අවස්ථාව. මට කැමති කෙනෙක් විදිහට ජීවිතය අලුතින් පටන්ගන්න පුළුවන්. ඒත් වින්චෙස්ටර් මන්දිරයේ සැගවිලා තියෙන රහස් මගේ රහස්වලට වඩා හුඟක් භයානක බව මට වැඩිකාලයක් යන්න කලින් දැනගන්න ලැබේවි.

    හැම දවසකම මම වින්චෙස්ටර් මන්දිරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරනවා. මම එයාලගේ දුවව පාසල් ඉවරවුණාම ගෙදර එක්කගෙන එනවා. මුළු පවුලටම රසවත් රෑ කෑම වේලක් උයලා, පිළිගන්වලා, අන්තිමට මම අටල්ලේ තියෙන මගේ පුංචි කාමරේ ඇතුළේ තනියම රෑ කෑම ගන්නවා.

    මම පිරිසිදු කරන තරමටම නීනා මේ ගෙදර අවුල් ජාලයක් කරන විදිහ නොතකා ඉන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. ඒ වගේම, එයා තමන්ගෙම දුව ගැන කියන අමුතු විදිහේ බොරු කතා, එයාගෙ ස්වාමිපුරුෂයා වෙන ඇන්ඩෲ වින්චෙස්ටර් දවසින් දවස බිඳුණු මනුස්සයෙක් බවට පත්වෙන විදිහ. ඒත් වේදනාවෙන් පිරුණු ඇන්ඩෲ වින්චෙස්ටර්ගේ දුඹුරු පාට, ලස්සන ඇස් දෙක දකින වාරයක් පාසා නීනාට උරුම වෙලා තියෙන සැපවත් ජීවිතය ගැන මට නොහිතා ඉන්න අමාරුයි. නිමක් නැති තරමට ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, සර්ව සම්පූර්ණ සැමියෙක්!

    එකම එක වතාවක් මම නීනාගේ සුන්දර සුදු ගවොමක් ඇඳලා බැලුවා. ඒ ඒක මට මොන විදිහට ගැළපෙනවද කියලා බලන්න. ඒත් වැඩිකාලයක් යන්න කලින් ඒක එයාට අහුවුණා… ඒ එක්කම, මම ඉන්න අටලු කාමරය අගුලු දාන්න පුළුවන් පිටතින් විතරයි කියලා මට තේරුම් යද්දිත් මම ප්‍රමාද වැඩියි.

    ඒත් තාමත් ඇත්තටම මම කවුද කියලා වින්චෙස්ටර්ලා නොදන්න බව මට සහතික වෙන්න පුළුවන්!
    මට කරන්න පුළුවන් මොනවගේ දේවල්ද කියලා එයාලා තාමත් දන්නේ නෑ!

  • ත්‍රී-පයින්ස් ඛේදවාචකය - Three Pines Kedawachakaya
    15 % OFF
    Sold out!

    ත්‍රී-පයින්ස් ඛේදවාචකය – Three Pines Kedawachakaya

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    කැනඩාවේ ඈත කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක් වූ ත්‍රී-පයින්ස් යනු අපරාධ සිදු නොවන, සොඳුරු ගම්වැසියන්ගෙන් පිරි ගම්මානයකි. එහෙත් තුතිපිදීමේ උත්සවය යෙදී තුබූ ඉරිදා උදෑසන, ගමට යාබද මේපල් කැලෑරොදේ තිබී, ත්‍රී-පයින්ස් ගම්මානයේ සැවොම ආදරය කළ ජේන් නීල් නම් වූ වියපත් ගැහැනියගේ මළසිරුර හමුවෙයි.

    එකී කාරුණික, ආදරණීය ගැහැනිය මියයන්නේ කිසිවෙකු විසින් එල්ල කරනු ලදුව, හදවත පසාරු කළ ඊ පහරකිනි. මෙය, දඩයම් අනතුරක් හැරෙන්නට වෙන කිසිවක් නොවන බවට ගම්වැසියෝ සහතික කරති. එහෙත් මොන්ට්‍රියල් සිට විමර්ශනයට පැමිණෙන ආර්මෝ ගමාෂ් ඇතුළු කණ්ඩායමට මේ දුර ඈතක වූ කැලෑරොදෙහි යම් අප්‍රසන්න යමක ඉවක් දැනෙයි. ඉක්මනින්ම, මෙම මරණය වනාහි කුරිරු මිනීමරුවෙකු විසින් සිතාමතාම කරන ලද මිනීමැරුමක් විනා, නොසැලකිලිමත් දඩයක්කරුවකුගේ අත්වැරැදීමක් නොවන බව ගමාෂ් සොයාගනියි.

    ජේන් නීල් කිසිදිනෙක තම නිවසට අමුත්තන්ට ආරාධනා නොකළේ ඇයි?

    ඈ මියයන්නට දෙදිනකට ඉහතදී අද්භූත සිත්තමක් චිත්‍ර ප්‍රදර්ශනයකට භාරදුන්නේ ඇයි?

    මේ මරණය සමඟ එහි යම්කිසි අයුරක සම්බන්ධයක් තිබේද?

    ගමාෂ් ඇතුළු කණ්ඩායම, ත්‍රී- පයින්ස් ගම්මානයේ සැඟවුණු රහස සොයාගනියිද?

    රූපවාහිනී කතා මාලාවකට පවා පාදක වුණු, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්මෝ ගමාෂ් කතා මාලාවේ පළමු කොටසයි මේ..

  • පොළොව රඳන තැන 02 - Polowa Randana Thena 02
    15 % OFF

    පොළොව රඳන තැන 02 – Polowa Randana Thena 02

    Original price was: රු2,900.00.Current price is: රු2,465.00.

    එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.

  • පොළොව රඳන තැන 01-Polowa Radana Thena 01
    15 % OFF

    පොළොව රඳන තැන 01-Polowa Radana Thena 01

    Original price was: රු2,800.00.Current price is: රු2,380.00.

    එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.

  • Red White Royal Blue-රෙඩ් වයිට් රෝයල් බ්ලූ
    15 % OFF

    Red White Royal Blue-රෙඩ් වයිට් රෝයල් බ්ලූ

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.

    ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.

    හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.

    එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‘අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද?

    දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ අමෙරිකානු ජනපතිනියටත්, රජකමේ ගෞරවය රැක ගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද? අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද? ඉතිහාසය තුළ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

  • 1932 (Under the Shades of Himalayas) - 1932
    15 % OFF

    1932 (Under the Shades of Himalayas) – 1932

    Original price was: රු1,850.00.Current price is: රු1,572.50.

    සිදත් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පස්වසක් ඉක්මවගොස් ඇති සමය…

    බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්…

    ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්…

    යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප්‍රාණසම සගයා වූ සේනක සමඟින් ලංකාවට පැමිණෙයි.

    ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අලංකාර උත්තර භාරතීය හිමාචල් ප්‍රදේශ් කඳුකරයටයි.

    බිහිසුණු මායාකර්මයන්, සාම්ප්‍රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද?

    ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාපකර්මයක විපාකයෙන් ඇලන්- සඳමාලී යුවළට ගැලවීමක් ලැබේවිද?

    සියවසකට පෙර අඳුරු රාත්‍රියක සීතල හපුතලේ පාළු කඳු අතර සිය අවසන් හුස්ම හෙළූ ඇලන් ස්ටුවට් තරුණයාගේ මරණය පසුපස සැඟවුණු අබිරහස කුමක්ද?

    ඔහුගේ මරණයට හේතුව හුදෙක්ම පෙම්හබයක් පමණක්ද?

    ඔහුගේ සැබෑ ඝාතකයා කවරෙක්ද?

  • දහතුන - Dahathuna
    15 % OFF

    දහතුන – Dahathuna

    Original price was: රු1,950.00.Current price is: රු1,657.50.

    ඔවුහු හොලිවුඩයේ බලවත්ම නළු-නිළි යුවලක් වූහ.
    දැන් ඔවුන්ගෙන් එක් අයෙක් මියගොසිනි.
    හොලිවුඩ් නළු රොබට් සොලමන්ට තමාගේ රූමත් බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇත.
    මෙය සියවසේ නඩු විභාගයයි.
    සියලුම සාක්ෂි යොමුවන්නේ රොබට් සොලමන් වරදකරු වන ලෙසය.
    නමුත් නඩු විභාගය ඇරඹෙන විටම විත්තියේ නීතිඥ එඩී ෆ්ලින්ගේ මනස තුළ මැවෙන, නොගැළපෙන සිදුවීම් මාලාවක් තුළින් ඝාතකයා පිළිබඳ සැකයන් මතුවෙමින් තිබේ.
    අධිකරණ ශාලාව තුළ එක් නළුවෙක්ට වඩා සිටී නම්?

  • සොල්ට්මාෂ් අබිරහස - Saltmash Abirahasa
    15 % OFF

    සොල්ට්මාෂ් අබිරහස – Saltmash Abirahasa

    Original price was: රු1,900.00.Current price is: රු1,615.00.

    වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය.
    අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි.
    පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සත්, රූත්ගේ සහාය පතන්නේ. ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල ලෙසි ඩාවීනි නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු හැරී නෙල්සත්ව සමච්චලයට ලක් කෙරමින් අරුම පුදුම ලිපි පෙලක් ලැබී ඇත.
    අනතුරුව, නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.
    ඒ එකම ඝාතකයාද?
    නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?

  • ජීවිතයෙන් මාස හයක්-Jeewithayen Masa Haya
    10 % OFF

    ජීවිතයෙන් මාස හයක්-Jeewithayen Masa Haya

    Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

    “ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය.
    සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. ‘අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ‘ යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ අච්චුස්සහ වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.
    “බය වෙන්න කිසි දෙයක් නැහැ. හැම දෙයක්ම හොදට සිද්ධ වෙනවා.” මහි පිළිතුරු දුන්නෙයි. “ඇයි ඔයා මාව බඳින්නෙ?” ඇය ඇසුවාය.
    ඒ ප්‍රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ‘මම ඔයාට ආදරේ හින්දා’ යැයි කීම වුණත්, පිටි මහාපුරුදු පිළිතුරක් සෙව්වෙමි. මෙතෙක් සවන් දුන් ගීතයක වදනක් මතකයට නැඟාගන්නට උත්සාහ කඳුයි. එවැන්නක් හමුනොවුණු තැනු සිතට පැමිණි අදහස් ගොන්නක් මෙසේ වදන්ගත කරන්නට මට හැකි විණ.
    “මම ඔයාව බඳින්නේ මගේ ජීවිතේට ඔයාව ඕනෑ හින්දා නෙමෙයි.
    ඔයා නැතිව මට ජීවත්වෙන්න බැරි හින්දා. ඒක, ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ කතාවක් නේද? විවාහයයි, මරණ යයි කියන්නෙ එක හා සමාන දෙයක්. හරියට බැලුවොත් මේ දෙකම ජීවිතේට ලැඛෙන්නේ එක වතාවයි. ඒත් සමහර වාසනාවන්තයෝ විවාහයෙන් පස්සෙ කීප වතාවක්ම ඉපදෙනවා. මට හිතෙන්නේ මමත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙයි.” මම කීමි. “මේ ජීවිතේ කෙටියි. ඒත් අපි දෙන්නා එක් වුණාට පස්සෙ අපිට පුළුවන් දිගු ජීවිතයක් ගතකරන්න.“

  • මේඩ්න්ස් - Maidens
    10 % OFF

    මේඩ්න්ස් – Maidens

    Original price was: රු2,000.00.Current price is: රු1,800.00.

    ‘මේඩ්න්ස්’ වූ කලී අපව, අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත්, ප්‍රේමයේත් – වියෝ දුකෙහිත් කතාන්තරයයි.

    කේම්බ්‍රිජ්හි පිහිටි සෙන්ට් ක්‍රිස්ටෝපර් විද්‍යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි.
    වියෝ දුකෙහි ගිලී, තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝචිකිත්සක මරියානා ඇන්ඩ්‍රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්, ඇයගේ ඥාති දියණියක වූ සෝයී හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය.
    ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප්‍රකම්පිතව හිඳින මරියානා හට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ.
    ඒ වූ කලී, අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පිරිසකගේ එකතුවකින් සැදි ‘මේඩ්න්ස්’ නම් රහස් සමාජයකි. අබිරහස් හැසිරීමකින් යුත් මහාචාර්ය එඩ්වඩ් ෆොස්කාගේ අඳුරු බලපෑමට ඔවුහු නතු වී හිඳිති.
    මිනීමැරුම් මෙන්ම ඝාතනයට ලක් වූවන් පිළිබඳ අන් කිසිවකුටත් වඩා හොඳින් දන්නේ ඔහුය. මිනීමරුවා සොයා යන මරියානාගේ ප්‍රධාන සැකකරුවා වන්නේද ඔහුය.
    සියල්ල හෙළිදරව් වන්නේ එකී සැකය හඹා යාමේදීය.

  • ඒදන් උයනේ අල්තාරය-Edan Uyane Altharaya
    15 % OFF
    Sold out!

    ඒදන් උයනේ අල්තාරය-Edan Uyane Altharaya

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.
  • D
    10 % OFF
    Sold out!

    D

    Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

    එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
    මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
    එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අභිරහසකට පදනම දැමූහ.
    මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.

  • අත්ලන්තික් දඩයම-Athlanthik Dadayama
    15 % OFF
    Sold out!

    අත්ලන්තික් දඩයම-Athlanthik Dadayama

    Original price was: රු1,900.00.Current price is: රු1,615.00.

    අතුරුදන් ශිෂ්ටාචාරයක්… බියකරු ගවේෂණයක්… මාරක රහසක්… ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්‍රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය. ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්‍රොස්ට්’ගේ අනුග්‍රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්‍රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති. එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි. අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය. මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද? ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද? මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.

  • ප්‍රියා සමග ඉරිදාවක් - Priya Samaga Iridavak
    10 % OFF
    Sold out!

    ප්‍රියා සමග ඉරිදාවක් – Priya Samaga Iridavak

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    මංජුල සේනාරත්න – Manjula Senaratne

  • රෝස මාලිගාවේ මනුසත්තු - Rosa Maligawe Manusaththu
    10 % OFF
    Sold out!

    රෝස මාලිගාවේ මනුසත්තු – Rosa Maligawe Manusaththu

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව සමනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකි ය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජිවත්වනට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකි ය. ඒ කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද , එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකි ය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.

    මංජුල සේනාරත්න – Manjula Senaratne

  • දෙවැනි ගැහැනිය - Deweni Geheniya
    10 % OFF

    දෙවැනි ගැහැනිය – Deweni Geheniya

    Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

    “මම යනවා.” ඇගේ සැමියා කීවේය.

    මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.

    ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

    තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.

    අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

    මේ, ඒ කතාවයි…

  • බියුරෝ - Bureau
    15 % OFF

    බියුරෝ – Bureau

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.

    “මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..!” එය අපේ තීරණයයි.”

    මංජුල සේනාරත්න – Manjula Senaratne

  • 12.12.12
    15 % OFF

    12.12.12

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.මංජුල සේනාරත්න – Manjula Senaratne

  • රාවණ් ලියෝ - Ravan Leo
    15 % OFF
    Sold out!

    රාවණ් ලියෝ – Ravan Leo

    Original price was: රු1,100.00.Current price is: රු935.00.
    කීර්තිමත් අධිකරණ වෛද්ය විද්යා මහාචාර්යවරයෙක්. ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්.
    හන්තාන අඩවියේ, මහකන්ද නිවහනේදී
    ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්.
    රටම කැළඹූ, මහාචාර්යවරයාගේ තරුණ පුත්රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්රේමයක්ද..?
    විද්යාත්මක පර්යේෂණයක්ද..?
    සැඟවුණු රහසක්ද..?
    සියල්ල තවමත් නොවිසඳුණු අබිරහසකි.
    රහසිගතව ක්රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරිනියක්…..
    ඇයගේ අධීක්ෂණය යටතේ යොදාවන ලද ආධුනික නිලධාරියෙක්.
    එය ඔහුගේ රැකියා සුරක්ෂිතභාවය තීරණය කරන පළමු පැවරුමය.
    ප්රදීප් රත්නායක
  • 1925 Once Upon A Time In Ceylon
    15 % OFF
    Sold out!

    1925 Once Upon A Time In Ceylon

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    Imesh Madusanka Yapa

  • හඬ නිහඬ-Handa Nihanda
    15 % OFF

    හඬ නිහඬ-Handa Nihanda

    Original price was: රු1,700.00.Current price is: රු1,445.00.

    පරිවර්තනය කුමාර සිරිවර්ධන, Author Alex Michaelides

  • එක්ස්කැවේෂන්-Excavation
    15 % OFF

    එක්ස්කැවේෂන්-Excavation

    Original price was: රු1,850.00.Current price is: රු1,572.00.

    දකුණු අමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ්‍යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවිමෙන් පැරණි අතුරුදහන් නගරයක කැණීමක් සිදුවෙයි. මෙහෙදි ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් , මුද්‍රා තැබු ද්වාරයකි. සෑම් සහ ඔහුගේ ගවේෂක කන්ඩායම නටඹුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දි, ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වෙන අතර බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජන වලට මුහුණ දෙයි. එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු මුළුමනින්ම වැසී ගිය භූගත සුසානයක් වෙත ඔවුන් කැඳවාගෙන යයි. එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි.  බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිඳියි. අතුරුදහන් නගරයේ මාරක අබිරහස කුමක් ද? ඔවුන්ගේ අවසාන ඉරණම කුමක් වනු ඇත් ද? මංජුල දිසානායක