Showing all 11 resultsSorted by latest


“අහම්බකාරක නිසා ජීවිතේ නියත සත්‍යයන් කියලා විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්” -දේව්- ” මිනිස්සු සතුටින් ඉන්නකොට මූණෙන් විතරක් නෙවෙයි,වචනවලිනුත් හිනාවෙනවා. මූණෙන් සතුට මවාපාන්න පුළුවන් හැබැයි වචනවලින් සතුට මැවෙන්නේ ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට” -නිතූ- ” අපි හැමෝගෙම ඇතුලෙම ඉන්නවා හැංඟුණ මිනිහෙක්. ඒ හැංඟුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා තීරණේ කරන්නේ අපිටත් වඩා අපේ ළඟින් ඉන්න මිනිස්සු. හැංඟිලා ඉන්න මිනිහා හංඟලාම තියනවද අඩුමගානේ එකම එක පිටස්තරයෙක්ට හරි එළිකරනවද කියලා තීරණේ කරන්නේ අපි ළඟින් ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම මත” -සුලක්ෂණ – ” සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි. සමහර දේවල් ලැබුනට පස්සේ අපිට තේරෙනවා කොහොම හරි ලබාගන්න හදපු ගොඩක් දේවල් ඇත්තටම අපිට ඕනා දේවල් නෙවේ කියලා” -මදාරා-

මහත් පුදුමයකි. මෙතුවක් කාලයක් බිම බලාගෙන ශාන්ත ලීලාවෙන් සිටි පිළිමයේ හිස එස වී තිබුණි. එපමණක් ද නොව පිළිමයේ නෙත් යුවල ගිනි බෝල දෙකක් මෙන් රක්ත වර්ණයෙන් දැවෙමින් තිබුණි. පිළිමය ගමට පිටු පා බලාගෙන සිටියේ නගරය පිහිටා ඇති ඉසව්වයි. මෙතුවක් එළකිරෙන් පුද සත්කාර ලැබ සුදෝසුදු පාටින් දිදුලන ලද පිළිමය කළු පැහැයට හැරී තිබුණි.
මේ දුටු ගම්මු වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ භීතියකින් ඇලලී ගියහ. සිය නෙත් පමණක් නොව මුව ද පමණට වඩා ඇරී ගියේ නිතැතිනි. මෙම විශ්මයජනක සිදුවීමේ දෙවන පරිච්ඡේදය ආරම්භ වූයේ තවත් නිමේෂයකිනි. නාරං යායට යටි පැත්තෙන් වූයේ කුඩා ප්‍රපාතයකි. එම පෙදෙසේ සිට නැඟී ආ විලාපය ගම්මුන්ගේ සිරුරු ලොමු දැහැගැන්වීමට සමත් විය.

”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”

බස්නාහිර අහස ඉර ගිල ගන්නා අයුරු මම බලා සිටියෙමි. පේන තෙක් මානයේ රැලි නංවමින් වෙරළත සිපගන්නා මහා සාගරයයි. සාගරය වෙරළට පෙම් කරනු ඇතැයි මට සිතෙයි. කෙතරම් බාධක තිබියදීත් එකට රැඳී සිටින්නට බැරි බව දැන දැනත් සාගරයේ රැලි සොයා එන්නේ වෙරළමයි. මට මාගේ තරුණ කාලය සිහි වෙයි. මම මේ ආදරය පසුපස දිව ආවේ ද මෙලෙසිනි. විටෙක මම ඉකිබිඳ හැඬුවෙමි. විටෙක මම මිරිඟුවක් පසු පස දුවන්නාක් මෙන් දිව්වෙමි. ඉන් මම විඩාපත් වුණෙමි. වේදනා වින්දෙමි. නමුත් ඒ වේදනාවට මම ආදරය කළෙමි.

***මේ අතර කුවණ්ණා කුමරියට දැනුණේ තමාට පාලනය කළ නොහැකි බලවේගයක් මඟින් තමාව මෙහෙයවන බවයි.දීයා නිහඬව ඉදිරියෙන් ගමන් කළාය.එහෙත් අසු මෙහෙයවන්නේ තමා නොව කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් යයි කුවණ්ණාට සිතිණි. මෙය නිධානය හෝ ගල් ලෙන සම්බන්ධ සිද්ධියක් නොවේ..ඇය නිදන් දොර වසා පිටත් වූයේ හොඳ සිහියෙන් බව නිශ්චිතවම දැන සිටියාය.එහෙත් දැන් ඇයට කිසිවක් තීරණය කළ නොහැකි බව දැනේ..ඉබේ ඉදිරියට යාම නවතා තමාට රිසිලෙස අසු මෙහෙයවා යාමට ඇය කැමති වූවත් එසේ කළ නොහැකි විය.. ඇය අත පත්තු කරගත් විලක්කුවක් විය.එය ගත්තේ සුධීර කල්පනාවෙන් හැමදෙයක්ම රැස්කර තිබූ ගල් ගුහාවෙන්ය.තමා යන්නේ නියම මඟ යයි විලක්කුවේ ආලෝකයෙන් ඇය තහවුරු කරගත්තාය..තමා උගත් සියළු යන්ත්‍ර මන්ත්‍ර සිහියට නැඟුණත් ඒ සියල්ල අභිබවා යමක් ක්‍රියාත්මක වන බව කුවණ්ණා වටහා ගත්තාය. “කුමරිය,කිසි දිනක ඔබ ඇඟ දැවටූ සළුවක් වෙනත් අයකුට නොදෙන්න.එවැන්නක් උපයෝගී කරගෙන ඔබ ඉක්මවා යන බලයක් යමෙකුට අත්පත් කරගත හැකිවේවි.” පසුගිය දිනක ඇගේ සලුවක් හිටිහැටියේ අතුරුදහන් විය.එය සෙවීමට කෙතරම් මහන්සි වුවද ඇයට එය සොයාගත නොහැකි විය.. ***මාළිගය අසල කැලෑ රොදින් මතුවන විට දීයා තමා වෙත පෙරමඟට එනු කුවණ්ණා දුටුවාය.ලේ තැවරුණ මුව ඇගේ බිය දෙගුණ තෙගුණ කළාය.සතුන් දඩයම් කරන දිවිදෙන කිසි දිනෙක තමා හමුවට ලේ වැගිරන මුවින් පැමිණ නැත..අද උදෑසන ඇය ප්‍රථම වතාවට මිනිසකු මරා දැම්මාය.කුවණ්ණා කුමරිය වන්දනා වෘක්ශය ලඟින් බිමට බැස්සේ චංචල වූ සිතකිනි… කතෘ විනෝදනී සේනාරත්න

ඉරෝෂා ප්‍රසාදි දිලිජ උදාර පීරිස් කුමාර හෙට්ටිආරච්චි හිමාලි අංගබද්‍රා වීරක්කොඩි

හිමාලි අංගබද්‍රා වීරක්කොඩි

කුමාර හෙට්ටිආරච්චි

ඉරෝෂා ප්‍රසාදි

ලක්දිව හෙල රැජිණ කුවේණියගේ කතාව…2013 මධ්‍යම පළාත් සාහිත්‍ය තරඟාවලිය හොඳම අත් පිටපත. තනුවකට ලියවුනු ගීතයක් වගේ ඉතිහාස කතාවට බැඳුණ නවකතාවක්.දහසක් පැතුම් බලාපොරොත්තු සිහින පොදි බැදගත් යුවතියකගේ ජිවිත කතාව’ ඒ සිහින දැස් ඉදිරිපිට බිඳ වැටුණ ගැහැනියකගේ සෝ සුසුමි අසන්න. ඇගේ විලාපය සහ ශාපය සියවස් ගණනාවක් පුරා අපට ඇසෙන බව සිහිපත් කරන්න. ඒ එක්කම යටිපෙළ කියවිමෙිදී කුවේණිලාත් විජයලාත් අතර පවතින සදාතනික අරගලය ගැන අදහසක් ලබා ගන්න.