SHOP
  • කොළපාට ඇස් - Kola Pata As
    15 % OFF

    කොළපාට ඇස් – Kola Pata As

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

  • මෙලඩී-Melody
    50 % OFF
    Sold out!

    මෙලඩී-Melody

    Original price was: රු1,200.00.Current price is: රු600.00.

    “රාත්‍රිය අඳුරුය දැඩිසේ අඳුරුය තරු කැට කිහිපයකින් ඒ අඳුර පලවා හැරිය නොහැකිය… හුදෙකලාව දරුණුය අන්ධකාරයටත් වඩා දරුණුය නමුත් අපූරු යෙහෙළියකගේ එක සිනහවකින් එය සදහටම පැරදවිය හැකිය…” මධූෂා හේවගේ විසින් රචිත “මෙලඩි” මිත්‍රත්වය, ආදරය, කරුණාව, සංවේගය සහ වේදනාව කැටුව එන “අපූරුතම කෘතියක රස මිහිර විදින්න”

  • හද වෙණ සත්සර-Hada Wena Sathsara
    30 % OFF

    හද වෙණ සත්සර-Hada Wena Sathsara

    Original price was: රු990.00.Current price is: රු693.00.

    අවසානයේදී ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. එහි වූයේ දහවල සිට තිබූ මත්බර ිනහව නොව, සුන්දර හා හෘදයාංගම සිනහවකි. ඔහුගේ සුසුම් රළ ඇගේ නළල මත පතිත විය. “ඉස්සෙල්ලා මං විහිළුවක් කළේ. ඔයා රතු වෙනකොට නෙළුම් මලක් වාගේ…….” දෙවියනේ …..! “අද ඔය ඇඳුමට හරිම ලස්සනයි. ඇත්තමයි….” ඇය සිනාසුණාය.ඔහුද සිනාසුණේය. අමන්දිගේ සිතුවිලි අතරින් ඒ මොහොතේදී එතැන සිටි අනෙක් සියල්ලන්ම අතුරුදන් විය. ඇයද ඔහුද මින්දද හී සර පතිත් වන ඈත මිහිදුමෙන් වැසුණු කඳු මුදුනකට පාව ගියහ. ඈ ඔහු දෙසද, ඔහු ඈ දෙසද නෙතු යොමාගත් වනම ඒ ඇසෙමින් තිබූ සුමියුරු ළයාන්විත රිද්මයට නර්තනයේ යෙදුණෝය. එය ඔවුනටම අයත් ලෝකයක් විය. ඔවුනටම පමණක් අයත් ලෝකයක් විය. ඔහු ඔහුගේ කොන්දේසිය අමතක කර දමන්නට තීරණය කර ඇතුවා වන්නට ඇත. මෙවන් දෑ පවසන්නේ එනිසා විය යුතුය. තම හදවත එවන් රිද්මයකින් ස්පන්දනය වනු ඇයට ඉන් පෙර කිසිදා දැනී තිබුණෙ නැත. එක්වරම ඔවුන් දෙදෙනා මධ්‍යයට මහා අකුණක් පතිත විය !

  • කාලය ඉදුරා පවසාවි – Kalaya Indura Pawasawi-Only Time Will Tell
    20 % OFF

    කාලය ඉදුරා පවසාවි – Kalaya Indura Pawasawi-Only Time Will Tell

    Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

    පළමුවෙන් දුටු නිමේෂයේම එමා බැරින්ටන් හැරි ක්ලිෆ්ටන් හට පෙම් බැන්දාය.. ඔවුහු වේදිකාවේදි මෙන්ම බාහිරයේදි ද ශේක්ෂ්පියර් ගේ රොමියෝ සහ ජුලියට් මෙන්ම එකිනෙකාට බෙහෙවින් පෙම් කළ අය වුහ. ශුද්ධ වු සභාව ඉදිරිපිටදි දෙදෙන නිත්‍යානුකූලව එක් වියයුතු නැතැයි කිසිවකු සිතත් නම් දැන් එම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අල්‍තාරය ඉදිරිපිට සිට දේවගැතිවරයා ඉල්ලා සිටියේය. “මම විරුද්ධයි” එම දුෂ්ඨ වචන දෙක තෙපලු කපිතාන් ටරන්ට් වෙත සැමගේ නෙත් හැරවිණි..

  • සේන්ගඟේ රැළිත් එක්ක - Sain gange Relith Ekka
    10 % OFF
    Sold out!

    සේන්ගඟේ රැළිත් එක්ක – Sain gange Relith Ekka

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

    මංජුල සේනාරත්න – Manjula Senaratne

  • ප්‍රියා සමග ඉරිදාවක් - Priya Samaga Iridavak
    10 % OFF
    Sold out!

    ප්‍රියා සමග ඉරිදාවක් – Priya Samaga Iridavak

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    මංජුල සේනාරත්න – Manjula Senaratne

  • රෝස මාලිගාවේ මනුසත්තු - Rosa Maligawe Manusaththu
    10 % OFF
    Sold out!

    රෝස මාලිගාවේ මනුසත්තු – Rosa Maligawe Manusaththu

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව සමනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකි ය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජිවත්වනට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකි ය. ඒ කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද , එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකි ය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.

    මංජුල සේනාරත්න – Manjula Senaratne

  • තී හා තා-Thee Ha Tha
    10 % OFF
    Sold out!

    තී හා තා-Thee Ha Tha

    Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

    සුරත් ද මැල්