SHOP
  • සේල වී-Sela Vee
    10 % OFF
    Sold out!

    සේල වී-Sela Vee

    Original price was: රු800.00.Current price is: රු720.00.

    තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ. හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා. නුරා ඒ් හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා. රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට. කපිල් හුළගේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.

  • ප්‍රේමාක්ෂර-Premakshara
    10 % OFF
    Sold out!

    ප්‍රේමාක්ෂර-Premakshara

    Original price was: රු850.00.Current price is: රු765.00.

    මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි. සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද්‍ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි. ප්‍රේමයේ විශ්වීයත්වය වූ රාධා – ක්‍රිෂ්ණා ද තවත් එබඳු වූ ප්‍රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි. වත්මනෙහි, ප්‍රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි. සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය. “ගැඹුරු නින්දේත් ප්‍රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා. ප්‍රේමයෙන් විසීම යනු ම අනෙකා තුළ හදවතින් විසීම යි,” සකුන්තලා එසේ කියමින් සිටියා ය. මේ පුවත සාහිත්‍යමය අතිශයෝක්තියක් නොවන්නේ ඔවුන් තවමත් අප සමඟ වෙසෙන බැවිනි.

  • ඕලු පොත් 5-Olu Book Set

    ඕලු පොත් 5-Olu Book Set

    රු1,400.00
  • Forget Me Not
    10 % OFF

    Forget Me Not

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
  • ඇහැළ මලට දම් පාටක්-Ehela Malata Dam Patak
    10 % OFF

    ඇහැළ මලට දම් පාටක්-Ehela Malata Dam Patak

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    “පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”

    පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක

    දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.

    පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.

    “The tree of Paramee…!”

    “මම පාරමී?”

    “ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා

    ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”

    “ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”

    මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”

    “කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු

    ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”

    “ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.

    අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”

    “ඇයි ඒ?”

    “දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!

  • බැද්දේ කුමරිය කොළඹ ඇවිත්-Bedde Kumariya Kolamba Awith
    10 % OFF

    බැද්දේ කුමරිය කොළඹ ඇවිත්-Bedde Kumariya Kolamba Awith

    Original price was: රු890.00.Current price is: රු800.00.

    “දැන් දුවටත් මාස පහක් වුණානෙ මහත්තයා… මට දැන් දුවවත් අරන් කොළඹ මහත්තයා ඉන්න ගෙදරකට පදිංචියට එන්න පුළුවන් නේද? අපේ අක්කා කිව්වා මට දරුවත් අරන් මහත්තයා ඉන්න තැනකට දැන් යන්න කියලා. දරුවා වුණත් ලොකු වෙනකොට තාත්තා ළග ඉන්න එකනෙ හොඳ?”

    ”ඒක තමයි සුනිලා මමත් හිතාගෙන හිටියේ. ඒත් මට ඔයාට කියන්න බැරුව හිටියේ, එන මාසේ ඉඳන් මාව කොළඹ කන්තෝරුවෙන් මඩකලපුවේ ආණ්ඩුවේ කන්තෝරුවකට මාරු කරලා, මම මොනවද කරන්නේ, ඔයාට ඒක කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව හිටියේ. ආණ්ඩුවේ රස්සාව නිසා මට එහේ යන්නම වෙනවා සුනිලා…”

    ”අනේ..! ඒ කියන්නේ අපට ළඟකදි එකට ඉන්න කොළඹ යන්න ලැබෙන්නෙ නැද්ද?”

  • බැද්දේ කුමරිය-Bedde Kumariya
    10 % OFF

    බැද්දේ කුමරිය-Bedde Kumariya

    Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

    ගෙයි ඇතුළේ මැද සාලයේ කොනක, පුංචි මේසයක් උඩ රෑට කන්නට කෑම තියා ඇත. ගෙයි ඇතුළත දැල්වෙන කුප්පි ලාම්පු එළියෙන් ගේ ඇතුළත එළිය වී ඇත. ඒ එලියෙන් මගේ දිගු හෙවනැල්ල ගෙයි එහාට වැනෙන්නේ මහා විශාල රූකඩයක් මෙනි. කෑම මේසයට මම වාඩි වනවිටම, එතනට කුප්පි ලාම්පුවක් හා උස මහත වතුර වීදුරුවක් රැගෙන ආ සුනිලා මේසයේ තිබුණ පුංචි කෑම දීසි මට ලං කළාය.

    ”වැඩිය මුකුත් හැදුවෙ නෑ මහත්තයා.. මහත්තයාට මෙහෙම කන්න පුළුවන්ද මංදා… මං නයි මිරිස් දාලා පොල් සම්බෝලයන් කොටලා ගත්තා. අනිත්වා නම් අපි රෑට කාලා ඉතුරු වුන කෑම…”

    ”මේ දේවල් වැඩිත් එක්ක.. මං හොඳටම බඩගිනි වෙලයි හිටියේ සුනිලා…”

    රතු කැකුළු හාල් බතට, දඩ මස් බොරයකුත්, කොච්චි මිරිස් දා අලුත් දෙහි සුවද එන පොල් සම්බෝලයයි, රට දෙල් මාළුවකුත්, ලේන් හතු ඇඹුලකුත් මේසයට තියා තිබුණේය… හොඳටම බඩගිනි වී සිටි මට, එම කෑම රජ බොජුනක් විය… මම කෑම ටික රස කරමින් කෑවේ, බඩගින්න ඉවසා සිටීමට බැරිවය.

  • පෙරඹර කළුවර-Perambara Kaluwara
    10 % OFF
    Sold out!

    පෙරඹර කළුවර-Perambara Kaluwara

    Original price was: රු1,380.00.Current price is: රු1,242.00.

    “මට ලෝබයි උඹ ගැන. ඒත් මට… උඹ සහේට ගන්ට බැරුවා. මයෙ අතින් වුණේ වැරැද්දක්.”

    “මං ඔය ඇත්තන්ට එහෙ‍ව් වගක් කීවෙ නෑ නෙව. තමුන්නැහේව දැක්ක වෙලේම මයෙ ඇස් දෙක ගිනිකණ වැටුණා වගේ. අපේ වරිගෙ එවුන් අතරේ මං ඔය වගේ රූප ලස්සනක් දැකලා නෑ.”

    “ම්… ඒකයි… එහෙනම් අර තරම් සෙංගතුකම් පාලා මට වතුර පොවන්න හැදුවේ?”

  • රහසින්වත් Love නොකළ සේක-Rahasinwath love nokala seka
    10 % OFF
    Sold out!

    රහසින්වත් Love නොකළ සේක-Rahasinwath love nokala seka

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

    අනේ මන්දා දැන් මට හිතෙනවා ‘ඔයාව මට මදියි’ කියලා. මට තේරෙන්නෙ නැත්තෙ මට ඔයාව මදියි කියලා දැනෙන්නෙ ඇයි කියලා. වෙලාවකට මට ඔහොම හිතුණම, මම කරන්නේ ඔයාව සීමාවක් නැතුව කිස් කරන එක. මම ආසයි එහෙම අසීමිතව ඔයාව කිස් කරන්න. එහෙම වෙලාවට මට හිතෙනවා ‘මට ඔයාව මදි නෑ’ කියලා. ආපහු කිස් කරලා ඉවර වුණාම ආයෙත් ‘මට ඔයාව මදි’ වෙනවා.

    මම දන්නවා ඔයානම් කැමති, මට හැමවෙලාවකම ‘ඔයාව මදි’ කියලා හිතෙනවට කියලා. මොනා කරන්නද.. අපි බලමු ඔයාව මට ඇතිවෙන්නෙ කවදද කියලා. ඇත්තමයි මම නම් ආස ඔයාව මට තව තව මදි වෙනවනම්.

  • ඉඳිකටු තුඩු-Idikatu Tudu
    20 % OFF
    Sold out!

    ඉඳිකටු තුඩු-Idikatu Tudu

    Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

    මම බරැති සුසුමක් පිට කලෙමි. අහස අල්ලනන්ට බැරිය. අහසද අනුන්ගේය. ඉතින් සඳ ඉල්ලා කුමට වැලපෙම්ද… මම පන්ති කාමරයට ගොස් ඉඳගත්තද මගේ හදවත තරමක් වේදනාවකින් බරවිය. හදවත මැද්ද ඉදිකටුවකින් කවුදෝ විසින් හාරනවා වැනිය. නමුත් එසේ දැනෙන්නේ ඇයි දැයි මටම නොතේරෙන මොහොතක… පන්තිකාමරයේ දොර ඇරුනි.

    එය තිබුනේ මට පිටුපාය… මම හරිබරි ගැහිවැඩි වී පිටුපස බැලුවෙමි.

    අනේ දෙවියනේ දුටු දසුනින් මගේ දෙපා පන නැතුව ගියාක් මෙන්ය. මා පසුකර ගියේ සැර විලවුන් සුවදක්ය. දැන් මා කුමක් කරයි මගේ යටිසිත පෙරලා මගෙන්ම ප්‍රශ්න කලේ. බඩ හරහා පපුව තෙක් පැමිනි දැවිල්ලද සමගිනි. මට පැන දුවන්නට තරම් හිතුනි.

  • මා විසින් මා වෙත-Ma Wisin Mawetha
    20 % OFF
    Sold out!

    මා විසින් මා වෙත-Ma Wisin Mawetha

    Original price was: රු1,200.00.Current price is: රු960.00.

    පිරිමින්ගේ ප්‍රේමය බොහෝ අරුමැසිය… සනසවන සුළුය…. මනරම්ය.. නමුත් මා හට සෑම විටම නොපිරුණු හිස් කමක් දැනෙයි…. විටෙක පරිපූර්ණත්වයක් දැනෙයි… මට මා තුළම අධික සංකීර්ණතාවයක් දැනෙයි….

    යුතුකම් වගකීම් ඉටු කරන්නට, සිරුර බෙදාගන්නට, ආදරය බෙදා ගන්නට, සමාජයට පේන්නට තවත් පිරිමියෙකුත් ආත්මය බෙදාගන්නට තවත් පිරිමියෙකුත් ගැහැණියකට අත්‍යවශ්‍යම යැයි මම අතිශය පුද්ගලිකව විශ්වාස කරමි… ඉතින් එය ඇත්තක්ය. මා සර්වසම්පූර්ණ හිස් තැන් නොමැති ගැහැණියක ලෙස දැනෙන්නේ එබැවිනි…

  • මල් දරන්නට තරම්-Mal Darannata Tharam
    20 % OFF
    Sold out!

    මල් දරන්නට තරම්-Mal Darannata Tharam

    Original price was: රු1,850.00.Current price is: රු1,480.00.

    ජීවිතේ කියන්නේ තනිකරම මන්දාකිනියක්….කලු කුහර පිරිච්ච මහ ගුප්ත තැනක්… සිද්ද වෙන්නෙ මොනවද මොකක්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්න අමාරු දෙයක්…

    ජීවිතේ ඇතුලේ මනුස්සයෙක්ට ලැබෙන්නම හොඳ නැති දේ තමා මානසික පීඩනය කියන දේ. මේ පෘථිවිය ඇතුලේ ඉපදුන හැම මනුස්සයටම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕන…

    එක එක මනුස්සයා ඒ පීඩනේ දරාගන්න විදිය වෙනස්. සමහරු ඒ පීඩනේ හරිම පහසුවෙන් තමන් තුළට උරා ගන්නවා… සමහරු අඬනවා. සමහරු තරහවක් විදියට පිටකරනවා…සමහරු නිහඬ වෙනවා. සමහරු සියදිවි නසාගන්නවා…

    පීඩනේ කියන දේට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන තරමට ඔයා හයිය කෙනෙක් වෙනවා…පුළුවන් තරම් සංසුන්ව ජීවිතේට එන කුණාටු පහුකරන්න ඕන කියලා, ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හරි අන්තිමට ඔයා තේරුම් ගන්නවා….

  • සඳ-Sada
    20 % OFF
    Sold out!

    සඳ-Sada

    Original price was: රු2,300.00.Current price is: රු1,840.00.
  • රෝජා-Roja
    15 % OFF
    Sold out!

    රෝජා-Roja

    Original price was: රු1,500.00.Current price is: රු1,275.00.

    මිනිස්සු…

    දුබලයන්ව ඉපදෙන්නාහ.

    මිනිස්සු…

    ජීවිතයේ යම් යම් යුගවල

    විවිධ හේතු කාරණාවන් නිසාවෙන්

    දුබලයන්ව ජීවිතය රැකගන්නාහ.

    නමුත්…

    අප කිසිවෙකුටත්

    දුබලයන්ව මිය යන්නට

    අයිතියක් නැත.

    අපි නැඟිටිය යුතුය!

    අපි හිනැහිය යුතුමය!

  • කඩවර-කම්බිලි-kadawara-kambili Hard Cover
    20 % OFF

    කඩවර-කම්බිලි-kadawara-kambili Hard Cover

    Original price was: රු4,600.00.Current price is: රු3,680.00.
  • හදවත් වරක් 2-Hadawarth Warak 2
    15 % OFF
    Sold out!

    හදවත් වරක් 2-Hadawarth Warak 2

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.
  • හදවත් වරක් 1-Hadawarth Warak 1
    15 % OFF
    Sold out!

    හදවත් වරක් 1-Hadawarth Warak 1

    Original price was: රු1,500.00.Current price is: රු1,275.00.
  • කම්බිලි-Kambili-Hard Cover
    20 % OFF

    කම්බිලි-Kambili-Hard Cover

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
  • කඩවර-Kadawara-Hard Cover
    20 % OFF

    කඩවර-Kadawara-Hard Cover

    Original price was: රු2,800.00.Current price is: රු2,240.00.
  • ඒක අමුතු කතාවක් - Eka Amuthu Kathawak
    15 % OFF

    ඒක අමුතු කතාවක් – Eka Amuthu Kathawak

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

    ලංකාවේ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?

    “ඔහ්… කමෝන්! මේක සාමානය පැහැරගැනීමක් නෙමෙයි…” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්…”

    “ඔව්..?”

    “ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!”

    “මොකක්?”

    මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැගිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්,

    “තෑන්ක්ස්…” එයාගෙ ආචාරශීවූ ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තූති නොකර බැරිවුණා.

    මේක ටිකත් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ… සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”

    කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට…

    එයා හදිස්සියෙමි මගේ දිහාට හැරුණා. ඒ ළඟින්ම ගමින් කරපු මම එයාගේ උරහිසේ හැප්පිලයි නතරවුණේ.

    “අපි දෙයක් කරන්න යන්නෙ…”

    එයාගේ ඇස් දෙකේ මෙතෙක්වෙලා තිබුණු මලානික ගතිය වෙනුවට අමුතු දීප්තියක් එකතුවෙලා තිබුණා.

    “ම්ම්?”

    ” අපි එයාව උස්සනව!” අදිති කිව්වා.

  • සාෂා-Sasha
    30 % OFF

    සාෂා-Sasha

    Original price was: රු1,200.00.Current price is: රු840.00.

    මේ ලෝකෙ ලස්සන කරන්නෙ හීන පස්සෙන් හඹාගෙන යන මිනිස්සු. වැටුණත් නැගිටින මිනිස්සු. උත්සාහය අත් නොහැර ඉන්න අය. අඬන්න හේතු කාරණා දස දහසක් තිබුණත්, ඒ අස්සෙන් හිනා වෙන්න එක ම එක හේතුවක් හරි හොයාගෙන, අන්න ඒක වෙනුවෙන් මුළු ජීවිතේ ම සැලසුම් සහගත ව ඉදිරියට ගෙන යන මිනිස්සුන්ට විතරයි මේ ලෝකෙ ලස්සන දකින්න පුළුවන්. ජීවත්වෙන හැම දවසකම, හැම මොහොතකම ජීවිතේ විඳින්නෙ අන්න ඒ වගේ අය.

    එහෙම මිනිස්සු හරි දුර්ලභයි. හැබැයි සාෂා කියන්නෙ එහෙම කෙනෙක්.

  • ත්‍රිමූර්ති-Thrimurthi
    30 % OFF

    ත්‍රිමූර්ති-Thrimurthi

    Original price was: රු1,100.00.Current price is: රු770.00.

    ‘ඔපරේෂන් එක කරන කොට උණ්ඩුක පුච්චය ටිකක් පුපුරලාලු තිබුණේ..තව ටිකක් ප්‍රමාද වුණා නම් මැරෙනවා කියලා දොස්තරලා කියලා තිබුණා.හරියට ප්‍රමාද වුණේ මම වගේ එයාලගේ කතාව.මං ඉස්පිරිතාලේට ආවේ උදේ හතට කියලා කෑ ගහලා කියන්න මට හිතුණා.ඒත් දෙවිවරු ඉස්සරහා ගොළු වෙන එක පරම්පරා ගාණක ඉඳලා අපේ පුරුද්දනේ. ඉතිං මමත් ගොළු වුණා,

  • ලැවෙන්ඩර්-Lavender
    10 % OFF
    Sold out!

    ලැවෙන්ඩර්-Lavender

    Original price was: රු750.00.Current price is: රු675.00.

    පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…..

    ලෑ මල් සුවඳ, වැනිලා ගොඩාක් දාලා හොඳින් කලතාපු කැපුචීනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරින් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවෙන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිඳු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මාගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කබල් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සේ තැවරුණාම එන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩුවලින් සෝදාපූ ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම, මේක මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩාක් ගැන කතාවක්…

  • ස්වෛරී-Swayiri
    10 % OFF

    ස්වෛරී-Swayiri

    Original price was: රු750.00.Current price is: රු675.00.

    මුදලට ඇඟ විකිණූ ගණිකාවක ගේ එක ම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් සහ බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකත්වයන්ට සහ පරාජයන්ට මුහුණ දුන්නේ ද යන්න ගැන වත්, ඇය විඳී මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැන වත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතූහා වූ වාර ගණන ගැන වත්, කිසිවෙකු හෝ සොයා නො බැලී ය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවී ය. ඇය හැඬු තරම දන්නේ ඒ කඳුළු හෙළූ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරා ගත් මහ පොළොවත් පමණි.

    අද ඔබට සිනාසෙන මිනිසුන්, දිනෙක ඔබ වෙනුවෙන් ප්‍රියසාද පවා පවත්වනු ඇත. ඔබ ඔවුන් ගේ මිතුරන් බවත්, නෑදෑයින් බවත් බොහෝ ආඩම්බරයෙන් කෑ ගසමින් කියවනු ඇත. ඔබ ඊයේ දිනයේ කෙතරම් කඩා වැටුණා වුවත් කමක් නැත; අද අලුත් දවසක් බව පමණක් සිහි කරගන්න.

    අන් අය ඔබෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ නො ව, ඔබට ඔවුන් වෙනුවෙන් සිදු කළ හැකි දේ පිළිබඳ පමණක් ඔබේ අවධානය යොමු කරන්න. ඔබ ව නිර්මාණය කරමින් හිඳින්නේ ඔබ මැ මිසක, ඒ අන් කිසිදු අයෙකු නො විය යුතූ ය. එවිට ඔබගේ ජීවිතය ඉතා වේගයෙන් යහපත් ලෙස වෙනස් වන්නට පටන් ගන්නා බැව් ඔබට මැ වැටැහී යනු ඇත.

    ලස්සන ම මල් බොහොමයක් පිපෙන්නේ, දරාගත නො හැකි තරම් වූ මහා වැසි මැද බව සිහි කරගන්න. මේ, ඔබේ ජීවිතයට මහා වැසි ඇද හැලෙනා කාලය විය හැකි ය. ඉදින්, මහා වැසි වලට ආදර කරමින් ටික කලක් සතුටින් ඉවසන්න ; ජයග්‍රහණයේ මල් පිපෙනු ඇත

  • මාගරට් – Magarat
    20 % OFF
    Sold out!

    මාගරට් – Magarat

    Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

    ********************************
    මාගරට්
    “බැහැපිය ගහෙන් ” “ඇයි..?
    තොගෙ හතර හන්දි කඩන්න ”
    “බෑ”
    චිං චිං නෝනාත් ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.
    මම ගහ කපනවා”
    “මං මැරෙනවා ගහෙන් පැනලා”
    ” ආහ් මැරියංකෝ මැරුණත් ගහනවා තොට” ” මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ ? ”
    ” කොස් නොකා ඉන්නවා ” ” ඇයි මං මොකක් ද කළේ?”
    “ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ..?” “මං නැග්ගෙ නිකම් ”
    “තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව ” ” ගැහුවොත් මං කියනවා.”
    “මොකක්ද ? ”
    “අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්න ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා
    *****************************

  • වරවණ්ණනී-මාගරට්/ Warawannani – Magarat
    20 % OFF

    වරවණ්ණනී-මාගරට්/ Warawannani – Magarat

    Original price was: රු2,750.00.Current price is: රු2,200.00.

    වරවණ්ණනී “ගෑණු අපි ඉවසන්නම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනේ කරන්නේ. තුන් මහක් ගිය තැන කණ් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රෑක තොටක, මහ මඟක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියාම මාස් වේදනාව. එතන ඉඳන් ඉතිං හැමදාම මොකක් හරි දුකක් , කසාද බැන්දොත් බැඳපු මිනිහාට වාල් කම් කරගෙන ඉන්න ඕනි. කන්න බොන්න ටිකේ ඉඳලා අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. බැඳපු දාම උපන් ගේ දාලා රෙදි කඩමාළු ටිකත් අරගෙන කාගේ හරි තැනකට අහිකුණ්ඨකයෝ වගේ යන්න ඕනි. එතැන ගිහින් එතැන නැන්දම්මලා , නෑනලාගේ රැස්පොට් බලන්න ඕනි. ඊට පස්සේ වදපන්කෝ දරුවෝ. උන්ට තියෙන්න හති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප්‍රශ්න නැතත් ප්‍රශ්න. අපේ ඕන එපාකමක් කවමදාවත් අපිට කොරගන්න ලැබෙන්නෙ නෑ. එදා ඉඳන් මිනිහාට විතරක් නෙමෙයි ළමයින්ටත් ඕනෑ විදියටයි අපිට ඉන්න වෙන්නේ. අන්තිමට ඉතිං කවදාහරි තවත් ලේලියෙක්ගෙන් වෙනස් කම් විඳ විඳ මැරෙන්කම්ම ජීවත් වෙන්නයි වෙන්නේ.” ******************************** මාගරට් “බැහැපිය ගහෙන් ” “ඇයි..? තොගෙ හතර හන්දි කඩන්න ” “බෑ” චිං චිං නෝනාත් ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි. මම ගහ කපනවා” “මං මැරෙනවා ගහෙන් පැනලා” ” ආහ් මැරියංකෝ මැරුණත් ගහනවා තොට” ” මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ ? ” ” කොස් නොකා ඉන්නවා ” ” ඇයි මං මොකක් ද කළේ?” “ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ..?” “මං නැග්ගෙ නිකම් ” “තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව ” ” ගැහුවොත් මං කියනවා.” “මොකක්ද ? ” “අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්න ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා *****************************

  • වරවණ්ණනී-Warawannani
    20 % OFF

    වරවණ්ණනී-Warawannani

    Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

    “ගෑණු අපි ඉවසන්නම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනේ කරන්නේ. තුන් මහක් ගිය තැන කණ් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රෑක තොටක, මහ මඟක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියාම මාස් වේදනාව. එතන ඉඳන් ඉතිං හැමදාම මොකක් හරි දුකක් , කසාද බැන්දොත් බැඳපු මිනිහාට වාල් කම් කරගෙන ඉන්න ඕනි. කන්න බොන්න ටිකේ ඉඳලා අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. බැඳපු දාම උපන් ගේ දාලා රෙදි කඩමාළු ටිකත් අරගෙන කාගේ හරි තැනකට අහිකුණ්ඨකයෝ වගේ යන්න ඕනි. එතැන ගිහින් එතැන නැන්දම්මලා , නෑනලාගේ රැස්පොට් බලන්න ඕනි.
    ඊට පස්සේ වදපන්කෝ දරුවෝ. උන්ට තියෙන්න හති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප්‍රශ්න නැතත් ප්‍රශ්න. අපේ ඕන එපාකමක් කවමදාවත් අපිට කොරගන්න ලැබෙන්නෙ නෑ. එදා ඉඳන් මිනිහාට විතරක් නෙමෙයි ළමයින්ටත් ඕනෑ විදියටයි අපිට ඉන්න වෙන්නේ. අන්තිමට ඉතිං කවදාහරි තවත් ලේලියෙක්ගෙන් වෙනස් කම් විඳ විඳ මැරෙන්කම්ම ජීවත් වෙන්නයි වෙන්නේ.”

  • Red White Royal Blue-රෙඩ් වයිට් රෝයල් බ්ලූ
    15 % OFF

    Red White Royal Blue-රෙඩ් වයිට් රෝයල් බ්ලූ

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.

    ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.

    හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.

    එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‘අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද?

    දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ අමෙරිකානු ජනපතිනියටත්, රජකමේ ගෞරවය රැක ගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද? අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද? ඉතිහාසය තුළ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

  • ගිරිජා-Girija
    10 % OFF

    ගිරිජා-Girija

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
  • අනියම් බිරින්දෑවරු-Aniyam Birindawaru
    10 % OFF
    Sold out!

    අනියම් බිරින්දෑවරු-Aniyam Birindawaru

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.

    මගේ බිරිඳ මිය ගියත් ඈ තවමත් මා තුළ ජිවත්වෙමින් සිටිනවා.

    ඔහු මෙසේ පවසද්දි මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජිවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී.

    ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඩූ කදුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජිවත් විය නොහැකිවේයැයි සිතමිනි.

    ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.

  • ප්‍රේමසුත්‍ර – Premasutra
    15 % OFF

    ප්‍රේමසුත්‍ර – Premasutra

    Original price was: රු1,400.00.Current price is: රු1,190.00.

    ‘‘මාස්ටර්…. ගෑනු හරියට හුළග වගේ…. නොකියම එනවා… නොකියම යනවා… ආවා වගේ නෙවෙයි… යනකොට යන්නෙ හැඩිකරලා… අවුල් කරලා… හැඩි වුණාට පස්සෙ එකලස් කරගන්න හරි අමාරුයි. ගෑනු කියන්නෙම කෙළවරක් නැති සබ්ජෙට් එකක් මාස්ටර්… කොච්චර කතා කළත් ඉවරයක් නෑ… ඇතුවත් බෑ. නැතුවත් බෑ…. උන් එක්ක ජීවත්වෙනවා කියන එක ලේසි නෑ තමයි.. එත් ගෑනියෙකුට කිට්ටු වෙනකොට, ගෑනියෙකුට යටත් වෙනකොට, උන්ට ඇහුංකං දෙනකොට, උන් එක්ක රණ්ඩුවෙනකොට එතන මොකක්දෝ තේරුම් ගන්න බැරි දෙයක් තියනවා… ඒක අපිට පිරිමියෙක් එක්ක කරන්න බැරි ගනු දෙනුවක්…’’

  • නිදුක්ඛා – Nidukkha
    20 % OFF

    නිදුක්ඛා – Nidukkha

    Original price was: රු1,590.00.Current price is: රු1,270.00.