Showing 33–64 of 298 resultsSorted by latest









“අනෙ මයෙ අඅක්කන්ඩ් මයෙ හිත වාවන්නෙ නැ උබලාට
වුන මේ විපත මතක් වෙලා… ඇත්තටම උඹව මැරුවෙ කවුද මයෙ අම්මා.”
කියමින් සමදරා කඳුළු සලන්න ගත්තේ එතෙක් කල් තමන් කිසිදාක නොදැකපු තමන්ගෙම සහෝදරී ගැන උපන් අනුකම්පාවෙනි. ඇයගෙ ආත්මයට සැනයිමක් නොලැබ මෙලෙස සරන්නෙම ඒ අකාලයේ සිදුවුන මරණය නිසාවෙන් බව ඇය දනි. කවුරු නමුත් එ කළෙ අපරාධයකි. ඔවුන්ට කිසිදාක සමාවක් නොදිය යුතූ බව ඇය තරයෙම සිතූවාය.
“නඩා ඉදින් මයෙ නගා උඹ ඇඩුවා කියලා අයෙ මගෙ ඊණ වන්නෙ නැතුවා.”
“එක මං දන්නවා මගෙ රත්තරනෙ ..එත් මට වාවගන්න බැ උබට මේ මොකද වුනෙ.”
“එක මහා දිග කතාවක් නගා…දැන් මං ඒ කතාව කියවන්න. පටන් ගත්තොත් එළිවෙයි මයෙ නගා දැන් නිදාගන්න. උබට මහන්සියි නොවැ.”
‘එත් මට දැනගන්න ඕනි උබට මේ වින කොරෙ කවුද කියලා.. අක්කන්ඩ් .’

එහේ රෑට ඇවිදින එක මාර ආතල් වැඩක්.
රෑ එහෙම යද්දී කීප තැනකින් චූටි කොට කලිසම් ඇඳ ගනිපු, එහෙමත් නැත්නම් ඇඟෙන් හතරෙන් එකක් විතරක් මොකක් හරි පොඩි රෙදි කෑල්ලකින් වහගත්තු ලස්සන ගෑනු ලමයි අපිට කතා කරනවා, අපි කාලෙක ඉඳන් දන්නවා වගේ. වැරදිලා හරි ඒ කෙනෙක් දිහා බැලු වොත් දුවගෙන ඇවිල්ලා අතේ එල්ලෙනවා අපිත් එක්ක අවුරුදු ගනනක ප්‍රේම සම්බන්ධයක් තිබිලා අද ගෙදරින් කැමැත්ත දුන්නා වගේ. එකෙන් අමුතුම ලල් එකක් තියෙන්නේ. එච්චර සුදු කෙල්ලෙක් මගේ අතින් ඇල්ලු වමද කොහෙද?

මොකද්ද ඉක්කි මේ නෙයියාඩගම?
අපිට පාරක තොටක යන්න නැද්ද? සේසිරි ඔච්චර ඉවසුවා ඇති. වෙන මිනිහෙක් නම්
ගුටි කෙළියක්!
ඉක්කි… කොටින් කියන්නං, ආයෙ නම් මේ පළාතේ නාවට කමක් නෑ!”
මට වචනයක්වත් කියන්න ඉඩක් ලැබුණෙ නෑ, නෙලුම් මුලකුත්
නැති අගකුත් නැති හුඟක් කියලා හුස්ම ගත්තා.
“බැරිම තැන මේ උඹට එන්න කියලා ලියුම දැම්මෙ… මේක ඉවරයක් කරගන්න! ඉක්කි, උඹ මට දුන්නෙ අර මිනිහගෙ සල්ලිද? දන්නවා නම් අපි හිඟාකෑවත් ඒවා ගන්නෙ නෑ. අපිව පාච්චල්
කරන්ඩ එපා ඒකාට මේකාට. මං කිව්වනෙ මේ බඩු මුට්ටු විකුණලා
හරි ඔව්වා ගෙවනවා කියලා. අපෙන් සල්ලි ඉල්ලන්ඩ ඌ එවන්ඩ, උඹට ලැජ්ජා නැද්ද? ආයෙ
ආවොත් ඇත්තමයි අඬු කඩනවා!
එතකොට උඹට අබ්බගාතයෙක් තමා බඳින්න වෙන්නෙ. කෙළින් කතා කරපං ඉක්කි උඹම…! ආයේ
තෝල්කයො මොකටද…”
“නෙලුම්! කියන මඟුලක් තේරෙන්ඩ කියනවද? ඇඟට කඩා පනින්ඩද මට මේ ලහියෙ එන්ඩ කිව්වේ?”
“රඟපාන්ඩ එපා ඉක්කි! උඹ අර කොල්ලාව එව්වේ සේසිරිව බය කරලා සල්ලි ගන්ඩද? සේසිරිට තර්ජනේ කරලා…? ඌ උඹට ලොකු ඇති! මට නං ඔය සෙප්පඩියා ලොකු නෑ…!

ඔහු ඒ වෙඩි පහරින් මියගියේය. මම වසර විස්සක්ම මියයමින්, ජීවත්වෙමින් මියයමි. ඔහු ජූලියස් සීසර් විය. මම මාර්ක් ඇන්ටනි වෙමින් ලෝකයාගෙන් ගැරහුම් වින්දෙමි. සීසර් මරාදමන්නට හැටදෙනෙකු එක්වන වගක් පවසා තිබිණි. එහෙත් ඔහුගේ ශරීරයේ තිබුණේ පිහිපහර විසි තුනක් පමණි. මත්පැනින්ම දවස ගෙවූ ක්ලියෝපැට්රාගේ පාෂයේ බැඳුණු ජූලියස් සීසර් රෝම අධිරාජ්‍යයේ උන්නතිය වෙනුවෙන් කළ යමක් නැත. සීසර් වීරයකු යයි මට නොසිතේ. ඔහු මාර්ක් ඇන්ටනි විසින් වීරයකු බවට පත්කරනු ලැබුවා පමණි.
මම මොහොතකට මොන්තක්රිස්ටෝ සිටුවරයා වෙමි. එසේම, වසර විස්සකට ආසන්න කාලයක් සිරගතවද සිටියෙමි. එකම වෙනස, මා ඔහු මෙන් සිරෙන් පැන රහසේ මුහුදේ පිහිනා වෙස් මාරුකරගෙන ජීවත් නොවීම පමණය.

“අපි එහෙම්මම සාලෙ බිම,
අළුපාට කාපට් එක උඩ හාන්සි වෙලා,
තව සනීපෙට කිස් කරන්න ගත්තා.
මං පළවෙනි වතාවට ඇමරිකානු මහ පොළොව මත වැතිරුනේ එහෙමයි.
දුශ් අහසක් වගේ මගේ උඩින් හිටියා.”
“ලූ ……..’
අවසාන නොකරන දිග හුස්ම එක්ක ඒ රහස් කෙඳිරිය මට ඉන්න බැරි
කරනවා. ”
එයාව තව තවත් සතුටු කරන්න මට ඕන. ස්වර්ගයේ වළාකූල්වල එයා
ගෑවෙන තරමට අහස්ගත කරන්න මට ඕන. එයාගෙ ජීවිතේ හොඳත්
නරකන් දෙකේදිම උමතු උපරිමය වෙන්න මට ඕන.”
” වයිල්ඩ් ඛෙරිවල පැණි ටීශර්ට් එකේ හැලිලා. ලාවට දම් පාට තීන්ත
පෙගිලා වෙලා වගවගේ ඩොට් ඩොට් හැමතැනම. මම දුශ්ට ෆොටෝ එකක්
අරන් යැව්වා.
ඉක්මනට එන්න මගේ බෙරි ගෙඩියමට ඔයාව ලෙවකන්න ඕනි.
දුශ් දිව දාපු ඉමෝජියකුත් එව්වා.”
“ගෑනියෙක් සතුටු වෙන්නෙ ආදරේ කරන පිරිමියාගෙ ඇස්වල දිලිසෙන
සතුටෙන්. ඒ සතුට වෙනුවෙන් කරන්න නියෙන අමාරුම වැඩේ තමයි
ගැහැණියකට වැඩිපුරම සතුට අරන් එන්නෙ. එක විදිහකට පිරිමියාගෙ
සතුට වෙනුවෙන් දුක විඳින එකම නමයි ගැහැණියගේ සතුට”

“මගෙ ඔලුව වටේ සමනල්ලු පියාඹන්න ගත්තා. පපුව ඇතුලෙ මල් පිපෙන්න ගත්තා ෆෝන් එකේ ස්ක්‍රීන් එක උඩ තොල් දෙක තියලා මං ඒක විසි තිස් වතාවක් ඉඹගෙන ඉඹගෙන ගියා. ඊට පස්සෙ සතුට කාන්දුවෙන ඇඟිලි තුඩු වලින් මෙහෙම ටයිප් කළා.
“ඔයාට මාව ඇත්තටම බලන්න ඕනද…?”
“ඔව්…”
Toxic- ගර්භ විස

සමහර ඇත්තවල් තියනවා ඒවා කොච්චර
ඇත්ත උනත් පිලිගන්න බැරිම තරමට තිත්තයි.
අපි හරිම තදින් ප්‍රේම කරන මිනිස්සු
අපිට කොහෙත්ම ප්‍රේම කරන්නේ නෑ කියලා දැනගන්න එක
මනුස්සයෙක්ට දරන්න අපහසු වේදනාවක්.
අපිට අතීතෙට ගිහින් අතීතයේ සිද්ද වෙච්ච දේවල් වෙනස්
කරලා එන්න බෑ. ඒත් අපිට පුලුවන් අනාගතයෙ දවසක
ආපස්සට හැරිලා සතුටින් බලන්න පුලුවන් ලස්සන දවස් දැන්
ජීවිතේට එකතු කරගන්න.
අම්මලා අඬද්දි දරුවොන්ටත් රිදෙනවා.
අපි හැමෝගෙම ජීවිත ඉදිරියට යන්න ඕනෙ. ඉදිරියට යන්න
පුලුවන්කම තියෙද්දි පිටිපස්ස හැරිලා බල බලා ලතවෙන්න
තියාගත්තොත් ඉස්සරහට අඩියක් තියද්දි අපි පිටිපස්සට අඩි දෙකක්
තියලා. එතකොට කවදාවත්ම ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.


මම එයාට ආදරෙයි.. මම මයේලිට ආදරෙයි අශී.. කිසිම දවසක ඔයාගෙන්වත් නොදැනුන ආදරයක් ආරක්ෂාවක් ඒ ඇස් දෙක ඇතුලේ මට දැනෙද්දි මම ඒ ආදරේට ලෝබයි. ඔයා ගැන නොදැනුන හැගීම් ගොඩක් මට මයේලි ගැන දැනෙනවා. අහලා තියෙනවද කතාවක් අයිති තැන නෙමෙයි දැනෙන තැනයි මිනිස්සු නවතින්න ඕනේ කියලා.. මට මගේ කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් උන දවසට මම එනවා.. මේ හැමදේම අපි කතා කරලා විසඳගමු මොකද මම මේ අහිංසක හිතට ආදරෙයි..! “මම ඔයාට ආදරෙයි මයූ ඒක කවදා කොතනකදී දැනුන කියන්න දන්නෙ නෑ හැබැයි වෙච්ච හැමදේම ඔයාව මට හම්බෙන්න උනා වගේ දැනෙනවා. ආදරය, ප්‍රේමය එය පැවසිය නොහැකි තරමට වදන් පැටලෙන හැඟුමක්ව අවසන්ය.

”මම බිඳුණු කෙනෙක්…සම්පූර්ණයෙන් නැතත් මම භාගෙට හරි බිඳුණු කෙනෙක් ත්‍රිශූල්‍ය සර්…ඉතින් ඔයාට බෑ බිඳුණු මට ආදරේ කරන්න…ඔයාගේ ලස්සන ජීවිතය මම නිසා විසිරිලා යනවට මම කැමති නෑ…ඉතින් එදා අහපු දේට මට කැමති වෙන්න කොහෙත් ම විදිහක් නෑ…” ”ඔයා බිඳුණු කෙනෙක් නෙවේ යුහන්සා…ඔයා පෙති හයිය මලක්…ජීවිතේ අමාරුම තැන් දරා ගෙන හැම පෙත්තක් ම විහිදගෙන ඉන්න රතු රෝස මලක්…ගොඩක් හිත හයිය පුංචි ගෑණු ළමයෙක්…”

විවාහ මංගලෝත්සවයකට සහභාගි වීමට කඳුකර මන්දිරයකට යන යුවතියක්..
ඇයට එහිදී අත්විදින්නට සිදුවන අද්භූත සිදුවීම් මාලාවක්..
එහි සිටින අන් කිසිවෙකු ට අහන්නට දකින්නට නොලැබෙන ඒ සිදුවීම් මාලාව ඈගේ මනෝවියාධික සිතුවිලිම පමණක් ද ?
නැත්නම් කිසිවෙකුගේ සයවැනි ඉන්ද්‍රීයකට හෝ හසු නොවනා රහසක් ඒ මන්දිරය තුළ සැඟවී පවතීද?
ගැහැනුන්ගේ ජීවය උරා ගෙන මොහොතකට දෘශ්‍යමාන වන විකෘති ප්‍රාණියෙක්.. වැරදී ගිය විද්‍යාත්මක පරීක්ෂක මිනිස් නියදික්…
සිය මියගිය පෙම්වතිය සොයා අතීතයෙන් වර්තමානයට පැමිණි මානවකයෙක්… විද්‍යාවද ගුප්ත ශාස්ත්‍රය ද වැරදි අරමුණක යෙදවූ විද්වතෙක්
ආත්මාර්ථයෙන් තොර සැබෑ ප්‍රේමයක් වෙනුවෙන් ජීවිතය පිදූ විදේශිකයෙක්..
ඇයට වූ අසාධාරණයට යුක්තිය ඉල්ලමින් සැරිසරනා හිසසුන් ආත්මයක් …
අතීත වෙනස්කිරීම තුළින් වර්තමානයේ ඛේදවාචකයක් අවසන් කරන්නට අදිටන් කරගත් පෙම්වතුන් යුවලක්..
අතීතයත් වර්තමානයත් එකට ගැටුණ කාලාත්‍රයේ සැරූ සිහිනයක්..

බස්නාහිර අහස ඉර ගිල ගන්නා අයුරු මම බලා සිටියෙමි. පේන තෙක් මානයේ රැලි නංවමින් වෙරළත සිපගන්නා මහා සාගරයයි. සාගරය වෙරළට පෙම් කරනු ඇතැයි මට සිතෙයි. කෙතරම් බාධක තිබියදීත් එකට රැඳී සිටින්නට බැරි බව දැන දැනත් සාගරයේ රැලි සොයා එන්නේ වෙරළමයි. මට මාගේ තරුණ කාලය සිහි වෙයි. මම මේ ආදරය පසුපස දිව ආවේ ද මෙලෙසිනි. විටෙක මම ඉකිබිඳ හැඬුවෙමි. විටෙක මම මිරිඟුවක් පසු පස දුවන්නාක් මෙන් දිව්වෙමි. ඉන් මම විඩාපත් වුණෙමි. වේදනා වින්දෙමි. නමුත් ඒ වේදනාවට මම ආදරය කළෙමි.

මල් බඳ පැළී අංකුරයක දළු ඒම
මල්වර නැකතෙ දොස් නැතිවත් ගිනි ලෑම
තිස්තුන් කෝටියක් දෙවිවරු කණවීම
අවසන් උනේ මවකගෙ හද දෙදරීම..
පුර දා හඳක් මෙන් අහසෙහි දිලෙන තුරු
මඩ වගුරකත් නිල් මහනෙල් පිපෙයි සරූ
නොසිතූ පැයේ මල පොඩිකර ගියෙන් සොරූ
මව් හදවතත් සසැලේවී මහාමෙරූ…
ගිනි කඳු පැළී ලෝ දිය බිම ගලන රැයේ
මවගේ ළයෙත් ගිනි කන්දකි පිපිර ගියේ
පණ මෙන් සැදූ දියණියකගෙ සුසුම් ළයේ
මොන අම්මටද උහුලන්නට හැකිව ගියේ..




කිසිදා හිරු එළියවන් නොවැටෙන, අඳුරු අට්ටාලයක සිරගත කළ, ශාපලත් අනාවැකියේ හිමිකාරිය වූ සොඳුරු ඇය….
ක්‍රිස්ටල් මේරි කොන්ස්ටන්
මිනිසුන්ට, මළ – නොමළ අත්මයන්ට, සහ අනුෂ්යයින්ට මෙන්ම ශීතලට, යුද්ධයට හා අදුරට අධිපති වූ රණශූර ඔහු…
ෆ්‍රෙෂ් මැෆීල්ඩ්
ඇසිල්ලකින් සිදුවූ ඔවුන්ගේ හමුවීම…
ඔවුන්ගේ දෛවය කෙතරම් වෙනස් කරයිද?
බලය සහ සිහසුනේ අනාගත හිමිකාරීත්වය වෙනුවෙන් සැඟවූ රහස් සහ මායාවන් අතර දෝලනය වන ඔවුන්ගේ අසීමත වූ ප්‍රේමය…
ශාපලත් අනාවැකිය සැබෑ කරයිද?
අවසන ඇය විසින් සර්වනාශ උපද්දවනු ඇතිද?
එසේනම් මැන්ස්ෆීල්ඩ් සිහසුනේ අවසානය එය වේවිද?


“සිහින.. ඔයා කියන ඕනම දෙයක් මං කරන්නම්.. ඕනම දෙයක්.. මට මගේ දරුවාව ගෙනල්ලා දෙන්න සිහින.. කොහෙන්හරි මට මගේ අහිංසක දරුවාව ගෙනල්ලා දෙන්න.. මේ දේවල්වලට මගේ බඩට ආපු අහිංසක දරුවා මොනා කරන්නද..? එයා මොන වරදක් කළාටද ඒ දරුවාට එහෙම කලේ..? කවුද දන්නේ ඒ වෙන කාගෙවත් නෙමෙයි ඔයාගේම දරුවාද කියලා.. කවුද දන්නේ ඒ පැටියාගේ ඇගේ දුවන්නේ සිංහවංශ ලේමද කියලා..”
මියැසි අඬ අඬා කිව්ව ඒ වචන ටික ඇහෙනකොට සිහින මොහොතකට ගල් ගැහුණා. තමන් ගත්ත සමහර තීරණ හරිද වැරදිද කියලා හිතාගන්න බැරි තැනකට සිහින ආවා. එත් ඒ කිසිම දෙයක් ආපස්සට හරවන්න පුළුවන් තැනක නෙමෙයි මේ වෙද්දි තිබුණේ.

“ජානකී ඔයාත් දැක්කාද කවුරුහරි කෙනෙක් බැල්කනියේ හිටන් ඉන්නවා වගේ..?”
මේධා පුදුමයෙන් වගේ ඇහුවා.
ඔව්.. මං හිතුවේ ඒ අලුත් මැණිකේ කියලා..”
නෑ නෑ.. ඒ මං නෙමෙයි.. වෙන කවුද කෙනෙක් හිටියේ.. මාත් මේ කවුද ඉන්නවා දැකලා බලන්න යනකොට තමයි ජානකී ඇවිල්ලා මට කතා කළේ..
” ආහ්.. අනේ දෙයියනේ ඒ කියන්නේ අලුත් මැණිකේ මේ දැක්කේ..”
ජානකී මොනවදෝ කියන්න ගිහින් නතරවුණා. තමන්ට රතු ලෙන් වලව්වට අඩිය තියපු වෙලාවේ ඉඳලා දැනෙන අද්භූත දේවල් හැමදේම පිටිපස්සේ හැංගිලා තියෙන රහස ගැන මොනවා හෝ දෙයක් ජානකී දන්නවා ඇති කියලා එවෙලේ මේධාට හිතුණා.




සොත්ති මාලා හිඳ උන් තැනින් නැගිට්ටාය. නැත. ඈ නොවේ. ඇය තුළ උන් ගැහැනු ආත්මය නැගිට තිබිණි. රැය පදික වේදිකාවේ ලෑලි පටි බංකුවේ නිදන්නට තීරණය කර උන් අනාථ යුවතිය – ශාක්‍යා ළඟට ඇය කිට්ටු විය. ලොතරැයි විකුණන බාලා ඊට ටිකක් දුරින් ශාක්‍යාට කෙළ හළා ගත් ගමන්ය.
“වරෙං යන්ඩ…”
මාලා ගහෙන් ගෙඩි එන්නා වාගේ යුවතියට කීවාය.
“කමක් නෑ අක්කෙ… මං අද රෑ මෙතන නිදා ගන්නවා…”
ශාක්‍යා කීවාය.
උඹ මෙතන නිදා ගත්තොත් හෙට උදේට බඩ වෙලා තියෙයි. ගෑනියෙකුට වරදින්ඩ ඒ හැටි වෙලාවක් යන්නෑ බං… උඹට වරදින්ඩ බීඩි දුමක දුර ඇති..” මාලා .මේ ඇනුම් පද කියන්නේ තමාට බව ඒ වනවිටත් බීඩි දුමාරය රවුම් කරමින් උන් බාලාට තේණ.
ලේන්සු පොඩියක් තරම් දෙයක් අතේ නැතුව ශාක්‍යා මාලා පස්සේ නාටාමි වත්තට අඩිය තියන්නට මහ පාරින් ඇරඹි මනුස්සකම හේතු වී තිබිණි. ලෑලි-ටකරන්-තහඩු ආදී අතට අහුවෙන කොයිදේත් එකතු කර තැනූ නාටාමි වත්තේ ගෙවල් පේළිය ශාක්‍යාට පුදුමයක් විය.
අපට ඉතිං ස්ථීර රස්සා නෑ.. ජීවත් වෙන්ඩ අතට අහුවෙන කොයිදේත් කරනවා. උඹටත් දැන් ඒවට පුරුදු වෙන්ඩ වෙයි.. හැබැයි මොනා කළත් ජීවත්වෙන්ඩ මං තාම මාව විකුණල නෑ.. ඒ හින්ද උඹව විකුණන්නෙත් නෑ.. උඹ බයවෙන්ඩ එපා…”
මාලා ශාක්‍යාට කීවාය.