Showing 225–256 of 298 resultsSorted by latest











අතුරුදන් ශිෂ්ටාචාරයක්… බියකරු ගවේෂණයක්… මාරක රහසක්… ඉතිහාසයේ වඩාත් කල්පැවතුණු සහ විවාදාපන්න පුරාවෘත්ත අතරින් එකක් වන්නේ අත්ලාන්තික් හි අතුරුදන් නගරය පිළිබඳ පුරාවෘත්තයයි. ඒ අතුරුදන් නගරය කොහේදැයි යන ප්රහේළිකාව තමාට විසඳිය හැකි බව පුරාවිද්‍යාඥවරියක වූ නීනා වයිල්ඩ්ගේ විශ්වාසය විය. ඇය, සියවස් ගණනක අතීතයේ එතෙක් මෙතෙක් ලොව වැදගත්ම ගවේෂණය ආරම්භ කරන්නේ හුදෙකලා බිලියනපතියකු වූ ‘ක්‍රිස්ටියන් ෆ්රොස්ට්’ගේ අනුග්රහයෙනි. ඔහුගේ රූමත් දියණිය, ‘කාරි ෆ්රොස්ට්’ සහ නීනාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන, හිටපු විශේෂ බලකා සෙබළෙකු වූ ‘එඩී චේස්’ ඇගේ ගවේෂණයට සහාය වෙති. එහෙත් ගවේෂණය සාර්ථක වනු දැකීම සැමගේම අපේක්ෂාව වන්නේ නැත. ප්‍රබල සහ අබිරහස් සංවිධානයක් වන ‘සහෝදරයත්වය’ වසර 11,000 පුරා සාගර පත්ලේ සැඟවී තිබෙන රහස මතුපිටට ගෙන ඒම වැළැක්වීමට ක්‍රියා කරයි. අත්ලාන්තිසයේ රහස හඹා යමින් එය සොයා ගැනීමට උත්සාහ කළ බොහෝ දෙනෙක් දැනටමත් මරු තුරුලට යැවීමට ‘සහෝදරත්වය’ කටයුතු කර තිබිණි. නීනාගේ මව්පියන්ටද අත් වූයේ ඒ ඉරණමය. මැන්හැට්න්වල වීදිවල සිට බ්‍රසීල වනාන්තරය දක්වාත්, ටිබෙටයේ කඳු මුදුන්වල සිට අත්ලාන්තික් සාගරයේ පතුල දක්වාත්, නීනා සහ එඩී කාලයට එරෙහිව නොවතින ගමනක යෙදෙනු ඇත. අන්තරායකාරී මරණීය මාවතක් ඔස්සේ, සියල්ල උඩු යටිකුරු කළ හැකි රහසක් හෙළිදරව් කරගැනීම පිණිස ඔවුන් යන ගමන, වත්මන් ශිෂ්ටාචාරය සදහටම විනාශ කර දමනු ඇත් ද? ඔවුන්ට මාරක අභියෝග එල්ල කරන්නේ සහෝදරත්වය පමණද? මේ, එම ඓතිහාසික ගවේෂණය පිටුපස සැඟවුණු බිහිසුණු ම්ලේච්ඡත්වයේ කතාවයි.

සෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
ජැක්සන් ඇන්තනී

අප රට සිටි ඉංග්‍රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කොට ඒ.පී. ගුණරත්න විසින් සිංහලයට නගන ලද ‘බැද්දේගම‘ වූ කලී කැලෑබද ගම්මානයක සිංහල ගැමි ජීවිතය ඇසුරු කරගනිමින් නිර්මාණය වූ ශ්‍රේෂ්ඨතම ඉංග්‍රීසි නවකතාව බව විචාරකයන්ගේ මතයයි. ඉංග්‍රීසි ජාතිකයකු ලෙස ඔහු අප ගැමි සමාජය විනිවිද දුටු අයුරු අපූරුය. 2019 වර්ෂයේ උසස් පෙළ විෂය නිර්දේශය වෙනස් වීමත් සමග ඉදිරි වසර 8 ක් සඳහා නිර්දේශය වූ සිංහල නවකතාව වූයේ ද බැද්දේගම ය. බැද්දේගම නවකතාව මෙසේ ඔබ අතට පත්වන්නේ නැවත සකස් කිරීමකින් පසුව එන නැවත මුද්‍රණයක් වශයෙනි. මෙසේ නැවත සකස් වීමේ දී ප්‍රමාණය වෙනස් කොට තිබේ.

දකුණු ඇමරිකානු ඈත වාස භූමියක් ලෙස කල්පිතව ගොඩනංවන මැකොන්ඩෝව ජනාවාස කරගත් බුඑන්ඩියා පවුලේ මෝහනීය ඉතිහාස කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරාණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගොඩනංවයි.
මායා යථාර්ථවාදී කතා කලාවේ අග්‍ර කෘතිය ලෙසද, ලෝක සාහිත්‍ය ඉතිහාසයේ එතෙක්, මෙතෙක් රචිත සුවිශිෂ්ට කෘති අතුරින් එකක් ලෙසද අවිවාදයෙන් පිළිගැනෙන මෙම කෘතිය, 1982 වසරේදී සාහිත්‍ය පිළිබඳව නොබෙල් ත්‍යාගය මාර්කේස් වෙත ලබා දීමේදී සුවිශේෂව සලකා බැලූ කෘතිය ලෙස පිළිගැනේ.
“…මේ විස්මයජනක නවකතාවෙන් හරියට කෙනෙකුට සිහිනයෙන් යමක් එළිදරව් වන්නාක් මෙන් ගිනිගෙන දැවෙන සිතිවිලි එළිදරව් වේ…”
– ගැන්රේ ග්‍රාස්
“…සමකාලීන ලතින් ඇමරිකානු නවකතාකරුවන් අතුරින් එක් දීප්තිමත් තාරකා මණ්ඩලයකි; ඔහු විශිෂ්ට පරිමාණයේ සම්භාව්‍ය කෘතියක රචකයෙකි; උසස් භාවයෙන් මෙම කෘතිය හෝමර්ගේ ‘ඔඩෙසි’ හා සැසඳිය හැකි කෘතියකි. ගාර්සියා මාර්කේස් සිත් වශීකරන ඉන්ද්‍රජාලිකයෙකි…”
– ද නිව්යෝර්ක් ටයිම්ස්
පරිවර්තනය පසන් කොඩිකාර /අබේ දිසානයක

ළිං කණින්නකුගේ ගෝලයකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන ඍතුවකදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙම් ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩිමහල්, රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි. ඒ ප්‍රේමය කරණකොටගෙන හටගත් සිද්ධි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ඡස්ථානයට ළඟා වෙයි.
පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය, සත්‍යය, මිථ්‍යා කතා සහ කලාපයේ මහා කාව්‍ය සාහිත්‍යය සමඟ එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශනවාදී මෙන්ම රමණීය ගද්‍ය කාව්‍යයකි.
පරිවර්තනය නිලුක කදුරුගමුව
නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී තුර්කි ලේඛක ඔර්හාන් පමුක්ගේ නවකතාවක් සිංහල බසට නැඟෙන පළමුවැනි අවස්ථාව මෙය

ආනන්ද අමරසිරි

මංජුල සේනාරත්න – Manjula Senaratne

දර්ශනා ශම්මි විජේතිලක

දර්ශනා ශම්මි විජේතිලක
Sold out!
Sold out!

මංජුල සේනාරත්න – Manjula Senaratne

යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව සමනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකි ය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජිවත්වනට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකි ය. ඒ කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද , එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකි ය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.
මංජුල සේනාරත්න – Manjula Senaratne

“මම යනවා.” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…

ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.
“මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..!” එය අපේ තීරණයයි.”
මංජුල සේනාරත්න – Manjula Senaratne

ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.මංජුල සේනාරත්න – Manjula Senaratne

නිශ්ශංක විජේමාන්න


සුනේත්‍රා රාජකරුණානායක

සෝමචන්ද්‍ර විජේසූරිය


සුරත් ද මැල්