SHOP
  • 10 % OFF

    මන්දාරම් උයන-Mandaram Uyana

    Original price was: රු600.00.Current price is: රු540.00.

    දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය.අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කොතරම් හිරු පායා ඇති දිනක වුවද අඳුරුය.නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වාභාවයක් ගනී.පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩී වි පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි.එසේ බලාසිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය.පෙණය විදහාගෙන එකන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස් වලින් හා මුවින් ගිනිදලු විහිදන මකරුන්, හැඩපලු ගෙති ඇති කෙස් වැටිවලින් හා දික් වු නියපොතු සහ දත් සහිත ගැහැණුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගත කරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිස්වු සිතිනි.

  • 10 % OFF

    No regrets, let’s Love

    Original price was: රු899.00.Current price is: රු810.00.

    සත්‍ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් ආර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය.අපට ජීවත් වෙනවා යැයි හැගෙන්නේ ද එවිට ය.කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.

  • 20 % OFF

    පලා පෙත්තෙකුගේ ප්‍රේමය-Pala Peththekuge Premaya

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
  • 20 % OFF

    ප්‍රේමාරම්මණ-Premarammana

    Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

    ප්‍රේමය යැයි කියූ සැනින් බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන්නේ තරුණයකු සහ තරුණියක අතර හටගන්නා ආදර බැඳීමකි. එහෙන් බුදු දහමේ හිරන්තරයෙන් කියවෙන මාතෘ – දාරක ප්‍රේමය, පීතෘ – දාරක ප්‍රේමය, සහෝදර ප්‍රේමය, කිතු දහමෙහි සඳහන් වන අසල්වැසියා කෙරෙහි පවතින ප්‍රේමය ආදී ප්‍රේමයේ උප – ප්‍රවර්ගයන් ගණනාවක් තිබේ.

    ප්‍රේමය ඔක්සිජන් වැනි ය. එය සැම තැනම පවතී. නමුත් පවතින බව කිසිවකුට නොපෙනේ. නොපෙනෙන නමුත් එය ඇති බව සියල්ලෝම දනිති. සෑම මිනිසකුම ජීවත්වන්නේ ඔක්සිජන් පවතින තැනක පමණි. එය නොමැති නම් කිසිවෙකුට එතනින් එහා තවදුරටත් ජීවත්වන්නට නොහැක. ප්‍රේමය ද එසේම ය.

    මේ සමාජය නීති පද්ධතියකින් පමණක් නොව සංස්කෘතික සදාචාර රීති සමුදායකින් ද බැඳී තිබේ. එහෙත්, ප්‍රේමණීය හදවතකට සීමා මායිම් පැනවිය හැක්කේ කාටද?

  • 20 % OFF

    නීලෝත්පලා-Neelothpala

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    “ඕක නෙල්ලි ගෙඩියක් වගේ ඇඹුල් රහ පැණි රහ වගේ හැම රහක්ම දැනෙන්න පටන්ගන්න වයස..

    ඇස් කියන්නෙ සූත්තරයක්. ගස්සල බලන බැල්මක් කියන්නෙ පිරිමියෙක් කොනිත්තන්නෙ නැතුව පපුවට ඇල ඉරක් අඳිනව වගේ වැඩක්. රෙද්දෙ ලිහෙන ගැට දන්න පිරිමි එක්කලා ගැටපද නොලිය හිටහන්.

    දත්ථිදාන අතු රිකිලි, මල් හිනා බෝ කරන්න බෝධියේ පූජාසනේ අතුරන්න බලන් ඉන්න බෝධිසත්ව පිරිමි නම් ජීවිතේට ඒවි. යාවි.. ඇහැට කණාමැදිරි එලි වක්කරන ගෑනු රූපයක් ගාව පිරිමි නේක කතන්දර කියවාවී..

    ලිහාගන්න ඕන සේරම ගින්දර එක රැයින් ලිහාගන්න ගෑනු රූපයක් නොවී සංසාරෙම මතක හිටින රූපයක් වෙන්න නම් තමන් ගැනම විස්වාසෙන් ජීවත් වෙයන්.”

  • 10 % OFF

    අරුණෝදයේ හැන්දෑව-Arunodaye Hendewa

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    ..අනෙක් අතට ප්‍රේමයෙන් පරාජය වී දුක් විඳින පිරිමින්, හා ගැහැනුන් දැන් සොයාගැනීමට අපහසු ය. ආදරයේ සඳළුතලයේ පෙම් කෙළිමින් සිට, ඒවා එපා වූ විට එයින් බැස දිව එන මොහොතේ ම නැවත බදාගෙන ආදරය කිරීමට, සිප වැලඳගැනීමට, දැක පැහැදුණු දින දෙක තුනකින් ම හෝටල් කාමරයකට ගොස් කාම සුඛල්ලිකානුයෝගයේ ගිලීමට එකඟ වන ගැහැනුන් හා මිනිසුන් ජංගම දුරකතන ඔස්සේ පෙළගැසෙමින් එති. ඩිජිටල් මේඝදූතයන් අහුරු පිටින් ඇති බැවින් දුක් සුසුම් හෙලන කාලිදාසලා දැන් නැත. – මධුර

    මා කුඩා හෝටලයක විසිතුරු මාළුන් නළියන මාළු ටැංකියක් ඉදිරියේ ඇති සුව පහසු අසුනක වාඩි වී දිනක් ඔහු එනතුරු බලා සිටියේ මා සිතූ ආදර ලෝකයේ කිරණ කවදා හෝ උදා වේ යැයි මහත් අභිරුචියෙනි. ඒ වන විට මධුර මගේ ලෝකයේ සිටියේ උඩ එමින්, යට යමින් හැංගිමුත්තම් කරමිනි. හැම විට ම නීති පනවන, උපහැරණි දෙසන, ගැහැනු බඹසර ගැන මහ ඉහළින් හිතන මධුර වැනි මෝඩයන්ට මා වහ වැටුණේ ඇයිදැයි සිතුණු කාලයකි එය.. – සේමානි

  • 10 % OFF

    කාලාවකාශයේ සිරකරුවා-Kalawakashaye Sirakaruwa

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    කාලාවකාශයේ සිරකරුවා – හිස මදක් ඔසවා බැලූ විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේ වලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුණාත් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම ගිලී නොපෙනී ගියේය.
    සංචාරක නියෝජිතයෝ – කෙසේ වෙතත් මා ඔහුව දුටු බව හඳුනාගත් සැණින් තඩි හිනාවකින් කට පුරවාගත් මේ චීනා, හීනයේ සිටියදී පවා මා පුදුමයට පත් කරන්නට හේ තු වූ පරිදි හොඳ සිංහලෙන් කතා කළේය.

    “කරුණාකරලා ඔය කණ්ණාඩියෙන් ඉස්සරහ ඉන්න වෙලාවක මාව මතක් කරනවද?”

    ගෞරවය – අද මම ඔබව රැගෙන යන්නේ ඒ මාවත් දෙක අතරින්ම විහිදුනු අපූරු මානයක් ඔස්සේයි. ඒ ගමන ඇරඹෙන්නේ බොහෝ දෙනකුට අසන්නට අමතක වූ, බොහෝ දෙනකුගේ සිතට කිසිදාක නොනැඟුණු ප්‍රශ්නයක් ඔස්සේයි.

    “පිටසක්වළ ජීවීන් යනු, අන් කවරකුවත් නොව කාලයාත්‍රිකයන්ම නම්?”

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගැනීමෙන් පසුව විද්‍යා සන්නිවේදකයෙකු ලෙස විදුසර පුවත්පතට සම්බන්ධ වූ දමිත 2010 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිිරිනමනු ලබන දිවයිනේ හොඳම විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය ගැනීමට සමත් විය. පරිපාලන සේවා විභාගය සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරී පත්ව කලක් සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ දමිත පසුව ඉන් ඉවත්ව යෝගාවචරයෙකු ලෙස අධ්‍යාත්මික ගවේෂණයක නිරත විය. ඉන් අනතුරුව නැවතත් විදුසරට සම්බන්ධ වී කරන ලද විද්‍යා සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඔහුට 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පිරිනමන වසරේ හොඳම සෞඛ්‍ය විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය හිමි විිය. ‘විස්මිත සිහ දකින්නා ‘ නමින් පළවු ඔහුගේ කුළුඳුල් විද්‍යා ප්‍රබන්ධ කෘතිය 2008 වසරේ හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ කෘතිය සඳහා වූ රාජය සම්මානය හිමි කරගන්නා ලදි. ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිලිබඳ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන දමිත දැනට බෞද්ධ අ්‍යයනය පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියි.

  • 10 % OFF

    විස්මිත සිහින දකින්නා-Wismitha Sihina Dakinna

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    ඓන්ද්‍රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහිනොනැවති රළ නඝන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත්‍යමය විද්‍යා ගවේෂණය. සිහිනය- හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල අත් වැරැද්දක්.ලංකාවේ ඒ කිලෙ ඇත්තටම් එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා.අදටත් ක්‍රියාත්මක වෙනවා.ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා.නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙමෙයි.වෙනත් තාක්ෂණයකින්.ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය වසර දහස් ගණණකට කලින් නිර්මාණය කළේ සහ ඔවුන්ට ඉගැන්නුවේ අපිම වීම. අදිසි අවිය-තරප්පු පෙළින් බැස ආ ජූල්ස් වර්න් විස්මයට පත් දෑසින් ,තමා ඉදිරියේ සිටින තරුණයාගේ ඇධුම් පැළධුම් හා හැඩරුව දෙස දෙස බලාගෙන නිමේෂයක කල්පනාවක නිමග්නව සිටියේය.එහෙත් එහි වූයේ ටොම් බලාපොරොත්තු වූ විශ්මය නොවේ.ඔහු ඊට හේතුව සොයන්නට මත්තෙන් ඒ මහා ප්‍රබන්ධ කරුවාගේ මුවින් පිට වූ වචන දෙක කාලයාත්‍රිකයාව විස්මයෙන් අලවන්නට සමත්විය.” ඔබ අනාගතයෙන්ද………?”

  • 15 % OFF

    අවුරුදු පහළොවකට පස්සෙ-Awurudu Pahalowakata Passe

    Original price was: රු750.00.Current price is: රු637.00.

    ”දවස් පහක් තිස්සෙ අපි උත්සාහ කළා… ඒත් වැඩක් වුණේ නෑ.. දැන් එයාගෙ මොළේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මොළය මිය ගිහින්.. ඒ නිසා තව දුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක තේරුමක් නෑ… ඒක දැන් අයින් කරන්න ඕනැ… මොකද ඔයගොල්ලො කියන්නෙ”

    ඔහු ඉතා සන්සුන්ව පැවසුවේ ය.

    ” අනේ එපා ඩොක්ටර්…තව එක දවසක් බලමු.. හෙට උදේ අන්තිම බෝධි පූජාව.. එතකොට වරු හත සම්පූර්ණයි… මට විශ්වාසයි එයා සනීප වෙනවා.. අනේ මැෂින් එක ගලවන්න නම් එපා… වඳින්නම් ඩොක්ටර් තව එක දවසක් ඉවසන්න…”

    කළු ගැහැනිය මහ හඬින් කෑ ගසා කීවා ය.

    “ඔයා ලෙඩාගෙ කව්ද?..”

    වෛද්‍යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවේ ය. ඒ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ ඇය ඉකිගසා හඬන්නට වූවා ය. එවිටම සුදු ගැහැනිය ඉදිරියට ආවා ය.

    “මමයි ඩොක්ටර් එයාගෙ වයිෆ්…මට ඩොක්ටර් කියන දේ තේරෙනවා.. කමක් නෑ.. මෙෂින් එක ගලවන්න…

  • 20 % OFF

    ත්‍රිමාණ 2-Thrimana 2

    Original price was: රු2,200.00.Current price is: රු1,760.00.

    “පළවෙනි පඩිය උඩ හිටගෙන ඉන්න අපි දෙන්නා, පඩි කීපයක් අතෑරල ඊළඟ පඩියට අඩිය නොතියා, අපි දෙන්නම මේ පඩි පෙළ පඩියෙන් පඩිය හිමින් නගිමු. ජීවිතේ විඳින්න පුළුවන් කිසිම අවස්ථාවක් මග ඇර ගන්නෙ නැතුව අපි මේ ගමන යමු. මට ඕන ඔයාට ගෑනු ළමයෙක් විදින්න ඕන හැම සතුටක්ම හැම හැඟීමක්ම එකක්වත් මග ඇරෙන්න නැති වෙන්න ඔයාට දෙන්න. දවසක මට සතුටු වෙන්න ඕන මේ ලෝකෙ හැම සතුටක්ම හැම හැඟීමක් ම හොදම විදියට විඳපු, මේ ලෝකෙ සතුටින්ම ඉන්න ශක්තිමත්ම වයිෆ් ඉන්නෙ මට කියලා…”

    -දේවේන්ද්‍ර දිසානායක –

    “ඉතින් සරල මනුස්සයෙක්ට වඩා සංකීර්ණ පරිණත යක්ෂයෙක් එක්ක මුලු ජීවිත කාලෙම ගත කරන්න මම තීරණය කරල ඉවරයි දේව්…”

    – යාරා –

  • 20 % OFF

    ත්‍රිමාණ 1-Thrimana 1

    Original price was: රු2,200.00.Current price is: රු1,760.00.

    “පිරිමි කැමති නිහඬ ගෑනුන්ටලුනේ.. ඒත් දන්නව ද… ගෑනු කෑ ගහන්නෙ, අඬා වැටෙන්නෙ, රණ්ඩු කරන්නෙ, සල්ලි, දේපල, යාන වාහන වගේ දේවල් වෙනුවෙන් නෙවෙයි… අර මං කලින් කිව්ව වගේ ආදරේ වගේ පුංචි පුංචි දේවල් වෙනුවෙනුයි. අඬල දොඩලා, රණ්ඩු වෙලා, ආයාචනා කරලා, කෑ ගහලා ඒ හැමදේකට පස්සෙ ගෑනියෙක් නිහඬ වුණොත්… ඒ සදාකාලෙටමයි දේවේන්… එහෙම වුණු ගෑනියෙක් ආයෙත් හැරෙන්නෙ නෑ. සක්කරයා ආවත් එහෙම ගැනියෙක්ව ආයෙ හරවන්නත් බෑ… අන්න ඒ ටික හොඳට මතක තියා ගන්න…”

  • 20 % OFF

    වැහි බිංදු-Wehi Bindu

    Original price was: රු2,150.00.Current price is: රු1,720.00.

    “මොන දඬුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර…” ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ ආදරණීය රෝමාන්තික බවය.

    “ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්… මං දන්නේ නෑ… තව දරුවන්ගෙන්, තව චිත්‍රවලින්, තව සංගීතෙන්, ඩන්හිල් වලින්, වයින් වලින්, කවි වලින්, ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින් , බැඳීම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන… මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ. ඒක ඔයාගේ දඬුවම… මාව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ… ඒ නිසා මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්…”

    මම රහසින් මුමුණමින් කීවෙමි.

    “ඉඳු ඒක බර වැඩියි හොඳටම ඉඳු… ඒ දඬුවම ලොකු එකක්…”

  • 20 % OFF

    බෙලාගේ ඩයරිය-Belage Diariya

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
  • 20 % OFF

    මල් උයන්-Mal Uyan

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

    ජීවිතයේ සමහර දේවල් සරලව අත් විඳිය යුතු අතර කිසි විටෙකත් පැහැදිලි නොකළ යුතුය. ප්‍රේමය යනු එවැනි දෙයකි.

    ඉතින්…

    බලා සිටීම දුෂ්කරම දෙය බව මම අත්දැකිමෙන් ඉගෙනගෙන ඇත්තෙමි. එනමුත් ඔබ නොඑන බව දැන දැනත්… ඔබ මා අසල නැති බව දැන දැනත්… එවැනි මොහොතවල් වලදී පවා ඔබ මා සමඟ සිටින බවත්, අප ප්‍රේමයෙන් වෙලි ඇති බවත්, හදවතට දැනවීමට අවශ්‍යයි. එය ප්‍රේමය නම් සරලව මගේ වේදනාවෙන් හඬන වැලපෙන හදවතට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම නොදනිමි. ලතැවි ලතැවී සිටම දැන් දැන් හැගීම් කල් ඉකුත් වීමට ආසන්න වී තිබෙයි.

  • 20 % OFF

    පතොක් මල් පෙති-Pathok Mal Pethi

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    මං ඔයාට විතරයි මෙච්චර කාලෙකට ආදරේ කලේ… මෙච්චර කාලයක් පැතුවෙ ඔයාගේ සතුට විතරයි… එක තත්පරයක්වත් මං වෙන කෙනෙක් ගැන හිතුවේ නෑ. ඔයාගේ කම්මුල් දෙපැත්තේම වල ගැහෙන මැජික් හිනාවක් තියෙන කෙල්ල මං නෙමේද බිනර? මේ ගිය සතියෙත් කිව්වේ අර ප්‍රෝග්‍රෑම් එකට ඇවිත්… මගේ පපුව පැලෙන්න ආවා එහෙම කියද්දි ඔයා දන්නවද… මං විඳවපු තරමක්. අන්න ඉන්නවා ශාක්‍ය සචිනි දෙන්නම. ඒ දෙන්නා දන්නවා මං කොච්චර ඇඬුවද විඳෙව්ද කියලා බිනර. මට බයයි… ඒත් ඔයාට යන්න දෙන්නත් බෑ… ඔයාව දැක්කම මට ආයේ ඔයා නැතුව බෑ කියලා විතරක් මං දැනගෙන හිටියා… බිනර මං පුදුම තරම් වාවගෙන හිටියේ මෙච්චර කාලයක් ඔයා නැතුව. මට ඔයාට යන්න දෙන්න බෑ දෙයියනේ…

  • 20 % OFF

    තාවතින්සා-Thawathinsa

    Original price was: රු2,200.00.Current price is: රු1,760.00.

    පුනර්භවය, නැතහොත් නැවත ඉපදීම ඔබ විශ්වාස කරනවාදැයි මම නොදනිමි. නමුත් මම එය විශ්වාස කරමි. මියෙන්න මොහොතකට පෙර දුන් එකම එක පොරොන්දුවක් නිසා ජීවිත කාලයක් මම ඔබ එනතෙක් බලාසිටිය නිසාවෙන්…

    අවුරුදු ගානක් පුරා ඔබ ඉපදෙන්න බලන් සිටි නිසාවෙන්…

    ආත්මගානක් පුරා අපි, අපි වෙනුවෙන්ම ඉපදී ජීවත්ව… මිය ගිය නිසාවෙන්…

    මම එය තද බල ලෙස විශ්වාස කරමි….

    – මහී –

  • 20 % OFF

    ලියතඹර-Liyathabara

    Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

    ලියතඹර ඉන්දියාවේ හිමාල වනයේ තිබෙනවා යයි පැවසෙන භාවනානුයෝගී තවුසන්ගේ සිල් බිඳින්නට තරම් කාන්තා රූපයකට සමාන රුවෙන් යුත් ලියතඹරා මල් වැනි වූ, රජ කුමරුන්ගේ, සෙන්පතියන්ගේ, මහා කාව්‍යකාරයන්ගේ සිල් බිඳින විවිධ ගති ගුණාංගයන්ගෙන් යුතු ස්ත්‍රී චරිත තුනක් පිළිබඳව කියවෙන අපූර්ව කතා තුනකින් සැදුම් ලත් නවකතාවකි.

    ඉන්දු කාශ්මීර දේශසීමාවේ යුද්ධය ඇවිලෙමින් පැවති සමයක ඈත දුෂ්කර කරම්පූර් ගම්මානයේ ඉපිද, හර්යානා ප්‍රාන්තයේ හමුදා නිලධාරියකුගේ බිරිඳ බවට පත්වන දීපචන්දාට කුමක් සිදුවේවි ද..?

    ස්වර්ණද්වීප නම් සුන්දර රාජධානියේ සියම් දේශයේ බිසවකගේ සහ ස්වර්ණද්වීප බිසවගේ පුත් කුමරුන් දෙදෙනාගේ බල අරගලයට මැදිවන ලෝකුරුගමේ රන්කරුවකුගේ දියණියක් වන උපස්සනාගේ අනාගතය කෙසේ විසඳේද..?

    තමාට වඩා වයසින් දෙගුණයක් වැඩි රාජකීය කාව්‍යක්කාරයාගේ කවි කෙරේ කාව්‍යමය ප්‍රේමයකින් බැඳෙන පද්මපාණී සිටු කුමරියට කුමක් සිදුවේද..?

    මේ සියලු කතා රචනා කරන ඉන්දිරා බඹරැන්ද නම් ලේඛිකාව යනු කවුරුන්ද? ලියතඹර’ තුළින් ඔබට මේ සියලු ගැටලුවලට විසඳුම් ලබාගත හැකිය.

  • 20 % OFF

    Aussie – අයිශා

    Original price was: රු1,320.00.Current price is: රු1,056.00.

    අවුරුදු ගානක් ආදරේ කරලා මාව කසාද බැඳපු දවසෙවන් මසර් මේ තරම් සතුටු වෙලා නෑ.

    “අපිට වීසා ඇපෘ වුණා අයිශා…වීසා ඇපෘ වුණා.. දැන් ඉතින් අපේ ප්‍රශ්න ඉවරයි.”

    අද දවසම මසර් කාලේ ගත කළේ හතර වටේම ඉන්න නෑදෑයින්ට වීසා වැදුණු විස්තරේ කියන්න. මගෙ හිතේනම් කිසිම සතුටක් තිබුණේ නෑ. දන්න කවුරුවත් නැති බස බස ගගා ඉංග්‍රීසි කතා කරන රටක කොහොම ජීවත් වෙන්නද කියලා මං නිතාගන්න බැරුව හිටියේ

  • 20 % OFF

    තන්දුරි චායි-Thanduri Chai

    Original price was: රු1,450.00.Current price is: රු1,160.00.
  • 10 % OFF

    රන් මසු උයන-Ran Masu Uyana

    Original price was: රු999.00.Current price is: රු899.00.

    විශාල පවුල් බරක් උසුළාගෙන සිටින සමරජීව ඉපැරණි සංස්කෘතික උරුමයක් ඇති උප නගරයක වෙසෙන්නෙකි. සීලවතී නම් වන ඔහුගේ බිරිඳ නොයෙක් උපා මංවලින් පවුල් බර සැහැල්ලු කරගැනීමට වැර වෑයම් කරන්නියකි. ඔවුන්ගේ දරු පස් දෙනා මතු පිටින් රන්මසුන් සේ වෛවර්ණයෙන් දිලිසෙමින් පාවෙන චරිත ඇත්තෝ වෙති. සිතින් මනසින් නොපෑහුණු සමරජීව දෙමාල්ලෝ දූ පුතුන්ගේ බෝල් පැතුම් සපුරා ලීමට ගොස් දෙවුරු බර දරා සිටිය නොහැකිව ඇද වැටෙති. සමරජීවගේ වැඩිමහල් පුතා පිට රටට මෙහෙ කොට ධන සම්පත් නෙළාගත්තත් ඔහු සියරට පැමිණෙන්නේ සාරධර්ම හා මිනිස්කම් හළාගෙනය. රන් මසු උයන අද්‍යතන සමාජයේ රන් මසු ගංවතුරට හසුව ගසාගෙන ගිය පවුලක ඉරණම සියුම් විශ්ලේෂණයකට ලක් කරන්නකි.

  • 10 % OFF

    සිරි යහන-Siri Yahana

    Original price was: රු800.00.Current price is: රු720.00.

    රන් හුයෙන් දෑඟිලි බැඳ, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිඳ – එක පතැ බොජුන් වළඳා – එකමැ සිරි යහන වැද – උනුන්ගේ අධ්‍යාත්මයන් වටහාගන්ට නැතක් වෙහෙස දරති; දිය පිට තැනූ නිවෙසක් දිය රළ හා වංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප්‍රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිඳ වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන යන්ට අරගල කරති. එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත් වෙත්ද? විවාහය හා පවුල් සංස්ථාව අළලා කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප අමතා නගන පැනය එයයි. එහිදී සුමනදාස හා රේණු යන පති පතිනීන්ගේ චරිත ප්‍රබල ලෙස ගොඩනගන කතුවරයා දැලකින් සුළං බදන්ට ඔවුන් දරන වෑයම සානුකම්පික වූද උපේක්ෂාශීලී වූද ඇසකින් අවලෝකනය කරති.

    මහාචාර්ය සුනිල් ආරියරත්ත

  • 10 % OFF

    පාලම යට-Palama Yata

    Original price was: රු990.00.Current price is: රු891.00.

    කුලසේන ෆොන්සේකාගේ පාලම යට තවත් සිංහල නවකතාවක් ලෙස හැඳින්වීම යුක්ති යුක්ත නොවේ යැයි මට හැඟුණි. මක්නිසාද කියතොත් එය මෙතෙක් කියවන්නට ලැබුණු ඒකාකාර ස්වරූපයක් දරන ගමකතා මෙන් නොව, අමුතු පරිසරයකින් මතුවන අපූරු චරිත හඳුන්වාදෙන අනන්‍ය සාධාරණ ආස්වාදයක් දෙන කෘතියක් බැවිනි. මෙතෙක් දවස් සිංහල භාෂාව නොසැලිකිලි ලෙස පරිහරණය කොට ඇති නවකතා කියවීමෙන් හෙම්බත් වූ පාඨකයාට මෙහි යොදා ඇති ව්‍යංජනා ශක්තියෙන් හා නිවැරදි යෙදුමෙන් ඔප් නැගුණු බස් වහර සැනසුම ගෙන දෙන්නක් බව කිව යුතුය. කතා කලාව හැසිරවීමෙහි ලා කතුවරයා දක්වන දුර්ලභ කෞෂල්‍යය පාඨකයාගේ විශේෂ අවධානයට ලක් කරනු කැමැත්තෙමි.

    මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

  • 20 % OFF

    කිරි කිරි බොලේ – Kiri Kiri Bole

    Original price was: රු1,000.00.Current price is: රු800.00.

    2021 වසරේ හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ “මැට්ටි” කෘතිය රචනා කළ සම්මානනීය ලේඛිකා මනෝහරි ජයලත් මහත්මියගේ නවතම යොවුන් නවකතාව

    “කිරි කිරි බොලේ”

    එළිවෙච්චි වෙලේ ඉඳන් අර ළමයාව පතුරු ගහනවා. ඔය ළමයා ඉතුරු වෙයිද විභාගේ වෙනකල්..? කනත් හිරි වැටෙනවා. අහන් ඉඳලා අප්පිරියයි…

    අපේ ගෙදර අපි ඔහොම කෑගහන්නෑ නේ. මේ ළමයටත් රවනවා ගොරෝනවා…”

    තාත්තා මොකුත් කිව්වේ නෑ.

    “අර කෝටුවක් තියාගෙන මේසෙට ගහනවා… පුටුවට ගහනවා…! එක විකාරයයි. ළමයට ඊයේ හොඳටම ගැහුවා. ලකුණු අඩු වුණොත් නෑයො හිනාවෙයි කියන්නේ…?

    අනේ අපිට මොන රුදාවද ඕවට හිනා වෙන්ඩ… හිනා නෙමෙයි මාලායි මමයි අඬනවා ඕවට…

    අම්මාත් පුදුම ගෑණියෙක් තමා. එහෙම තමයිලු ළමයි හදන්න ඕන. අපේ ළමයාටත් ගහලා බැනලා උගන්නන්නලු… බුරුල වැඩිලු… බෝලී සෙල්ලමේමලු. ඔය ගමේ කොල්ලෝ වනචරයොලු…

    බෝලි! කාලා ඉවරනම් යනවා මෙතනින්…!” අම්මා ඒ ටික කිව්වේ මං ඉන්න බව දැක්කේ මේ දැන් වගේ.

    මං කාලා ඉවර නෑ. ඒ නිසා මං එතනම හිටියා.

    කවුද වනචර කොල්ලෝ…?
    මං යන්නෑ වනචර කොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න…
    මං දන්නෙත් නෑ වනචර කොල්ලෝ…

  • 10 % OFF

    අටවක පුත්තු-Atawaka Puththu

    Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
  • 10 % OFF

    කඩදොර-Kadadora

    Original price was: රු980.00.Current price is: රු880.00.

    මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි.

    තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.

    කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදි වූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;

    ඔවුන් හා බැඳුණු පරම්පරා ගණනක අතීත උරුම, ඔවුන්ගේ ජීවිතවල සාතිශය වැදගත් මතක, ඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ ඔවුන්ගේ අසල් වැසියන් හා ආදරණීය පරිසරය ඔවුන්ගේ අභිමානවත් ප්‍රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!

    කඩදොර ඒ සියල්ලේ කතාවයි.

  • 10 % OFF

    අමාවක 2-Amawaka 2 (18+)

    Original price was: රු2,900.00.Current price is: රු2,610.00.
  • 10 % OFF

    අමාවක 1-Amawaka 1(18+)

    Original price was: රු2,700.00.Current price is: රු2,430.00.
  • 30 % OFF

    විසි දෙවැනි පැය-Wisi Deweni Peya

    Original price was: රු1,500.00.Current price is: රු1,050.00.

    කාලයෙන්ම උපන්, කාලයෙන්ම සැගැවුණ එක්තරා අඳුරු රහසක්…

    අද්භූතත්වය ලොව පතුරන විසි දෙවැනි කණිසම වසඟයට ගත් බිහිසුණු විද්‍යුත් සෝපානයක්…

    ලොව පතල, නම් දැරූ අපූර්ව මිනිසෙක් සහ ගැහැනියක්…

    විද්‍යාවෙන් ලොව කිරුළු පලඳවන්නට උත්සාහ කරන මහලු විද්‍යාඥයෙක්…

    කිසිවෙකුත් නොදන්නා බිහිසුණු සංවිධානයක් සහ කඩතුරාවෙන් වැහුණු පරිණත මිනිස් මුහුණක්…

    ලොවක් බියෙන් සලිත කළ මෙරින් රෙසිඩන්ට් නිවාස සංකීර්ණයේ විසි දෙවැනි කණිසමට ක්‍රියාත්මක වන අද්භූත විදුලි සෝපානය මිනිසුන් ගිලගන්නේ කුමක් නිසාද…?

    ඒ පිටුපස ක්‍රියාත්මක වන අදිසි හස්තය කාගේද…ඉ

    නොසිතූ ලෙස ඔහුට සහ ඇයට මුහුණ පාන්නට වන භයානක ඉරණමෙන් පලා යන්නට ඔවුනට හැකියාව ලැබේද…?

    එසේම විසි දෙවැනි පැයේ ක්‍රියාත්මක වන මරණීය විදුලි සෝපානයෙන් ගැලවෙන්නට සහ එහි අබිරහස විසඳන්නට ඔවුන් යුවළට හැකි වේවිද…?

  • 10 % OFF

    එතෙර-Ethera

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
  • 10 % OFF

    ලොක්කි-Lokki

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    “අනේ ඇත්තට! උඹ කොයිතරං නම් අපූරු අක්කා කෙනෙක් ද ලොක්කියේ, දස මාසයක් කුසේ හොවාගෙන හිටපු අම්මටත් නැති ලීලයක් නොවැ උඹ මේ අහිංසක කොලු පැටියාට තියෙන්නේ. සුදා ගින්දර ඇවිලුණා ම, නිදිමත වුණා ම ගිරිය කඩාගෙන කෑ ගහගහ අඬන මේ නොදරුවා නලවන්න පුළුවන් සාස්තරේ පිහිටලා තියෙන්නේ උඹට ව්තරයි නොවැ. අම්මා දාලා ගියත් උඹ වගේ අක්කා කෙනෙක් ලබන්න තරම් මේ කොලු පැටියා පිං කරලා නියෙනවා. සමහරවිට මේ සංසාර ගමනේ කවරදාක හරි උඹ මේ කොලු පැටියා උඹේ කුසින් ම බිහිකරනු මව් වෙලා ඉන්ටැනි ලොක්කියේ. උඹයි මේ කොලු පැටියයි ඉදිකට්ටයි, නූල් බෝලෙයි වගේ ආත්මයක් ආත්මයක් ගානේ ළඟින් ඉන්ටැනි. මේ නාකි අපි වල පල්ලට ගිය දාට මේ කොලු පැටියයි, කෙල්ලෝ දෙන්නවයි උඹ උඹේ නේත්තරා දෙක වගේ පරිස්සමට බලා කියා ගන්නවා කියලා මං දන්නවා රන්තරනේ…”

  • 10 % OFF

    ජැෆ්නාදරය-Jafnadaraya

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    ඇයි මම මගේ මංගල දින රාත්‍රියේ කාටත් නොකියා තානායමෙන් පැන ආවේ…? ඇයි මට මගේ නිත්‍යානුකූල සැමියා සමග මංගල රාත්‍රිය ගත කරන්නට නොහැකි උනේ…? මම මගේ නීත්‍යානුකූල සැමියා අත හැර ඇයි මම මගේ පෙම්වතා වන රමේෂ් සොයා මේ රාත්‍රියේ පැන යන්නේ…ඉ

    ඒ ගියත් ඔහු මාව ආදරයෙන් පිළිගනීද…? වෙනකකුගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස අද දින නෑ හිතමිතුරන් ඉදිරියේ දිවුරුම් දුන් මාව, ඔහු පිළි නොගතතොත් මට මේ යන ගමනෙන් පසු මොනවා වේවිද?

    අම්මා තාත්තා ඇතුළු අපේ හත් මුතු පරපුරේම මූනේ දැළි ගෑ මට ඔවුන්ගෙන් කවදා සමාවක් ලැබේවිද? හෙට දිනය වන විට මධුසමය සඳහා ගිය ඔවුන්ගේ ආදරණීය දියණිය, ඇයගේ සැමියා අත හැර තානායමෙන් පැනගිය කතාව ආරංචි වු විගස, ඔවුන් ජීවත කාලයටම මාව අපේ පරම්පරාවෙන් දුරස් කරන බවත් මට සාප කරන බවත් මට ඉර හඳ සේම පැහැදිලිය.

    මගේ නීත්‍යානුකූල සැමියා අතහැර මගේ මංගල රාත්‍රිය ඔහු සමඟ ගත නොකර, මගේ ආදරණීය පෙම්වතා සොයා යන මේ ගමනේ තේරුමක් තිබේද? මම මේ යන ගමනේ ඔහු මාව පිළිනොගත හොත්… මගේ අනාගතය… මගේ ජිවීතය… මම යන මේ ගමනත් සමගම විනාශ වී යනවා නොවේද…? අහෝ… මට උන විපත්තියක්… නෑ… නෑ… මම මටම කරගත් විපත්තියක්… .අනේ දෙවියනේ… උත්තරයක් නැති ප්‍රශ්න ගොඩක මම හිරවි ඇති හැටි… මම මගේ දෙමව්පියන්ට, සැමියාට හා ඔහුගේ පරම්පරාවට කල මේ අසාධාරණයට, නවනින්දාවට කවදා මට සමාවක් ලැබේවිද…? අනේ දෙවියනේ… මම ඔවුන්ට මේ කල අපරාධයට මට සමාව දෙනු මැන…!

  • 10 % OFF

    කන්දක් සේමා-Kandak Sema

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

    නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙවෙයි. තමුන්ගෙ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා. නූපා, නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නෙ කවුරු හරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි. සුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය – නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා. පෙකණි වැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා. මේ සැරිසරන්නිය සොයා යමු.

× Whatsapp Us