SHOP
  • ඒ අපූරු මග - විශිෂ්ට නායකයින්ගේ පිළිවෙත් 08-A Apuru Maga
    10 % OFF

    ඒ අපූරු මග – විශිෂ්ට නායකයින්ගේ පිළිවෙත් 08-A Apuru Maga

    Original price was: රු800.00.Current price is: රු720.00.
  • ජීවිතයට පාඩම් සියයක්-Jeevithayata Padam 100k
    10 % OFF
    Sold out!

    ජීවිතයට පාඩම් සියයක්-Jeevithayata Padam 100k

    Original price was: රු650.00.Current price is: රු585.00.

    ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය, බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය. එහෙත්, ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නේ නම් අවසානයේ දී සම්පුර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි. – රොබින් ෂර්මා –

  • ආකාස සූත්‍රය-Akasa Suthraya
    10 % OFF

    ආකාස සූත්‍රය-Akasa Suthraya

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    අධිවේගයෙන් මිනිස් සම්බන්ධතා හදාගන්න, ඒ වේගයෙන් ම සම්බන්ධතා කඩාගන්න, සියලු දෙනා ම හැල්මේ දුව යන ලෝකයේ මං තවම හෙමින් ආදරය කරනවා.
    රෑ වෙනවද, එළි වෙනවද නොදැන, ගහක් කොලක් මලක් නොදැක, ඉවරයක් නැති විෂම චක්‍රයක හිරවෙලා ඉන්න මිනිසුන් අතර මං වැස්ස, සුළඟ, සොබාදහම, හිමිදිරිය, රෑ අඳුර වින්දනය කරනවා. මේ හැම දේකින් ම මට සතුටක් ලැබෙනවා.
    ………………………………………………….
    අඬන්න ඕන වෙලාවට අඬන්න .
    හිනාවෙන්න ඕන වෙලාවට හිනාවෙන්න .
    බනින්න ඕන වෙලාවට බනින්න.
    ආදරේ කරන වෙලාවට ආදරේ කරන්න .
    ඒත් මේ ඔක්කොම චිත්‍රපටයක් විතරයි කියලා දැනගෙන ජීවත් වෙන්න..
    ……………………………………………………

    මිනිසෙකුට ප්‍රශ්න නැති දවසක් අවශ්‍ය නම් කළ යුතු මූලික ම දෙය පුළුවන් තරම් ප්‍රශ්න අතහැරීමයි.
    ජීවිතයේ අත නොහැර බැරි ප්‍රශ්න කියා දෙයක් හමුවෙනවා නම් හමුවෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක් පමණයි. ඉතිරි සියල්ල ම අපේ ම වුවමනාවට, ස්වේච්ඡාවෙන්, කිසියම් අරමුණකට සාපේක්ෂව අල්ලා ගත් ප්‍රශ්න ටිකක් පමණයි.

    …………………………………………………..

    විශාල නුග ගහක් සෙවණ දෙනවා වගේ ඒ මනුස්සයා ආදරය කරනවා. කැමති කෙනෙකුට කැමති කාලයක් ඒ සෙවණ ලබන්න පුළුවන්. කිසිම සටනක්, තරගයක්, අයිති කරගැනීමක්, යටත් කරගැනීමක්, නතර කරගැනීමක් නැහැ.
    එතැන ඉතුරු වන්නේ අහසයි, ආදරයයි විතරයි..”

  • යටිසිත 2-Yati Sitha 2
    20 % OFF
    Sold out!

    යටිසිත 2-Yati Sitha 2

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

    මානසික සහ අධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක සිට නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කරගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි.

    මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:

    * කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජයගැනීම

    *මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර

    *ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම

    *සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම

    *සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම

  • යටිසිත-Yati Sitha
    20 % OFF
    Sold out!

    යටිසිත-Yati Sitha

    Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

    ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.

    ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.

    කිසි දිනක ඉටු කර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනිම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.

    පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.

  • 11.11
    10 % OFF
    Sold out!

    11.11

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

    ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.

    සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්.

    මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවධානය දෙන්න කියලා. සිහිනයක් සැබැවීමේ ඔයාගෙ ‘අවස්ථාව’ හරියට උරඟා බලන්න කියලා සමහරවිට ඒ ව්‍යායාමයේදී කඳු හෙල්ලෙන්න පුළුවන්. ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමි වෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කරන්න, ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා. බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.

  • බිස්නස් පිස්සුව – Business Pissuwa
    10 % OFF
    Sold out!

    බිස්නස් පිස්සුව – Business Pissuwa

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    විරහ ගීත වලට සවන්දෙන පිරිසක් අතර ඔබ Eminem ගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට, කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට, වෙනස් විධියට හිතන, ගුහා වින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු “මිනිස්සුම තමයි. මට කියන්න අවශ්‍ය මෙච්චරයි. ඉස්කෝලේ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට CV එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම නොකර ජීවිතය දිගේ අමතර සැතපුමක් ගමන් කරන්න හිතනවා නම්, අවදානමක් අරගෙන පොඩියට හරි තමන්ගෙම දෙයක් ගොඩනඟාගන්න අදහස් කරනවා නම් මුලින්ම ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු නොවී ඉන්න. සමාජය දකින කෝණය අපට වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. ලෝකය ඔබව පිළිගන්න දවසක් එනවා. ලෝකය ඔබ කරන දේ ගැන විශ්වාස කරන මොහොතක් උදාවෙනවා. එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව’ එක්ක වැඩ කරන්න එතැනට එනකන් ඔබේ බිස්නස් පිස්සුව’ එක්ක ආවේගශීලීව වැඩ කරන්න!

    ” මොකද පිස්සුව කියන්නේ ගැටලුවකට නෙමෙයි. පිස්සුව කියන්නේ විසඳුමකට. ඔබව ගුහාවෙන් පිටතට විසි කරලා අහසෙ තරු දෙසට මෙහෙයවන විසඳුමකට.

  • දකින්න වෙනස්ව ජීවිතය-Dakinna Wenaswa Jeewithaya

    දකින්න වෙනස්ව ජීවිතය-Dakinna Wenaswa Jeewithaya

    රු1,000.00
  • ඇනා කැරනිනා - Anna Karenina-(Susara)
    20 % OFF

    ඇනා කැරනිනා – Anna Karenina-(Susara)

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

    ලොව විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතාවක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය.පුද්ගල මනෝභාවයන්, ලෞකික ආශාව, පවුල, විවාහය, සමාජ තත්ත්වය, ඊර්ෂ්‍යාව යන තේමාවන් නවකතාව තුළින් මනාව විමර්ශනය කර ඇත.

  • මනෝකාය,මරණය හා සසර ප්‍රගමනය(1)-Manokaya,Maranaya Ha Sasara Pragamanaya
    30 % OFF

    මනෝකාය,මරණය හා සසර ප්‍රගමනය(1)-Manokaya,Maranaya Ha Sasara Pragamanaya

    Original price was: රු1,380.00.Current price is: රු966.00.

    වයිද්‍ය සන්තදෙව මුරුතැන්ගෙ

  • දුවකගේ කඳුළු-Duwakage Kandulu
    10 % OFF

    දුවකගේ කඳුළු-Duwakage Kandulu

    Original price was: රු800.00.Current price is: රු720.00.

    රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.

    සුරංගි ද අල්විස්

  • සීමා නැති ආදරේ-Seema Nethi Adare
    10 % OFF

    සීමා නැති ආදරේ-Seema Nethi Adare

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි.

    Nick Vujicic

  • නැවතුම් නැති ජීවිතේ
    10 % OFF

    නැවතුම් නැති ජීවිතේ

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.Nick Vujicic

  • සීමා නැති ජීවිතේ-Seema Nethi Jevithe
    10 % OFF

    සීමා නැති ජීවිතේ-Seema Nethi Jevithe

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.

    Nick Vujicic

  • ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න-Obe Wirudda Lingikaya Therum Ganna
    15 % OFF

    ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න-Obe Wirudda Lingikaya Therum Ganna

    Original price was: රු1,450.00.Current price is: රු1,232.50.

    ආරියරත්න චන්ද්‍රවංශ

  • පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?-Pirimi Saha Gehenu Metharam Wenas Eyi
    20 % OFF

    පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?-Pirimi Saha Gehenu Metharam Wenas Eyi

    Original price was: රු1,100.00.Current price is: රු880.00.

    ආරියරත්න චන්ද්‍රවංශ

  • අපි කුමට ගැටෙමුද? – Api kumata gatemuda
    15 % OFF

    අපි කුමට ගැටෙමුද? – Api kumata gatemuda

    Original price was: රු1,150.00.Current price is: රු978.00.

    පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික මානසික හා අන් සියළු අංශවල ද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තාවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. මෙහි ප්‍රතිඵල වෙන්නේ පවුල් සබඳතා බිඳ වැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන් සහ කම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත.

    ආරියරත්න චන්ද්‍රවංශ

  • ධනවත් පියා, දිළිඳු පියා-Danawath Piya Dilidu Piya
    20 % OFF

    ධනවත් පියා, දිළිඳු පියා-Danawath Piya Dilidu Piya

    Original price was: රු900.00.Current price is: රු720.00.

    පරිවර්තනය ප්‍රදීප් කුමාර බාලසූරිය