බොහෝ කවි ලියවුණේ ඔබටයBoho Kawi Liyawune Obataya

by Rangani Geethika fernando

Category
Poems
Publisher
Rasakatha.lk

About this book

කවි ලියැවුණේ ම

මට ඔබව තදින් බදා වැලඳ

සිපගන්න ම සිතුන දිනවල ය.

“මේ දැන් දකින්න ඕනමයි” කියන…

දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.

නුඹ ළඟම දැවටීම

ඔය ඇස් අසල ගැවසීම

හීනයක දවටා

හිත එතුළ ගිලී සැනසෙනා විට දී ය

කවි තප්පරක් ස්වයංවාරණ තිබ්බත්

හුස්මක් පාසා ම ඵ් සියලු දේ රැක්කත්,

හුඟක් කවි ලියවුණේ ම

නුඹව ම ඇවැසියි කියා හිත

මුරණ්ඩු ම වුණ දවසට ය.

Details

Language
Sinhala