සෙවණැල්ල සේ-Sewanella Se
Original price was: රු900.00.රු720.00Current price is: රු720.00.බස්නාහිර අහස ඉර ගිල ගන්නා අයුරු මම බලා සිටියෙමි. පේන තෙක් මානයේ රැලි නංවමින් වෙරළත සිපගන්නා මහා සාගරයයි. සාගරය වෙරළට පෙම් කරනු ඇතැයි මට සිතෙයි. කෙතරම් බාධක තිබියදීත් එකට රැඳී සිටින්නට බැරි බව දැන දැනත් සාගරයේ රැලි සොයා එන්නේ වෙරළමයි. මට මාගේ තරුණ කාලය සිහි වෙයි. මම මේ ආදරය පසුපස දිව ආවේ ද මෙලෙසිනි. විටෙක මම ඉකිබිඳ හැඬුවෙමි. විටෙක මම මිරිඟුවක් පසු පස දුවන්නාක් මෙන් දිව්වෙමි. ඉන් මම විඩාපත් වුණෙමි. වේදනා වින්දෙමි. නමුත් ඒ වේදනාවට මම ආදරය කළෙමි.

