SHOP
  • මරණයේ නගරය-Maranaye Nagaraya
    15 % OFF

    මරණයේ නගරය-Maranaye Nagaraya

    Original price was: රු2,500.00.Current price is: රු2,125.00.
  • ඒක පුදුම ආදරයක්-Eeka Puduma Aadarayak
    15 % OFF

    ඒක පුදුම ආදරයක්-Eeka Puduma Aadarayak

    Original price was: රු500.00.Current price is: රු425.00.
  • රෝසබල් කේතය - Rosabal Kethaya
    15 % OFF

    රෝසබල් කේතය – Rosabal Kethaya

    Original price was: රු2,150.00.Current price is: රු1,830.00.

    කාශ්මීරයේ රෝසබල්හි හිමෙන් වැසීගිය සොහොන් ගෙයක තැන්පත් කර තිබී ඉපැරැණි සිරුරක් සොයාගැනෙයි. මුළු ඉතිහාසයම වෙනස් කළ හැකි අබිරහස් ලේඛනයක් හෙළිදරව් වීම වළක්වන්නට ලොව අස්සක් මුල්ලක් නෑර වෙහෙසෙන රහස් සංවිධානයක් ඒ ගැන උනන්දු වෙයි. අමෙරිකානු ජාතික අනාගතවාචක සිහින දකින ඔහුත්, යෝග ශාස්ත්‍රයේ අගපැමිණි ඇයත්, අනුකම්පාවිරහිත ජපන් ජාතික දාමරික සුන්දරියත් අතර ඇත්තේ කවර නම් සම්බන්ධයක්ද?
    අශ්වින් සංගී, රෝසබල් ලයින් මවන්නේ ආගමික මිථ්‍යා කතා, පුරාණ විශ්වාස, නූතනයේ ආගමික අන්තවාදය හා ත්‍රස්තවාදය විස්මිත කුතුහලයකින් එකට මුහුකරමිනි. ජෙරුසෙලම, ලන්ඩනය හා ඉන්දියාව පමණක් නොව, මුළු ලොවපුරා බොහෝ බිම් පීරා ඇදෙන මේ ඓතිහාසික ත්‍රාසජනක නවකතාව අන්තයේදී ඔබෙන් අසන්නේ එක් පැනයකි. (සැබැවින්ම ජේසුතුමන් ඉන්දියාවේ වැඩසිටියේද?)
    අශ්වින් අභියෝග කරන්නේ ඔබේම දැනුමටය.

  • මැප් ඔෆ් බෝන්ස් (සිග්මා ෆෝස්, #2) - Map of Bones (Sigma Force, #2)
    15 % OFF

    මැප් ඔෆ් බෝන්ස් (සිග්මා ෆෝස්, #2) – Map of Bones (Sigma Force, #2)

    Original price was: රු2,300.00.Current price is: රු1,955.00.

    ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලුත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි.

    වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියස්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරී පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් – ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.

  • පොළොව රඳන තැන 02 - Polowa Randana Thena 02
    15 % OFF

    පොළොව රඳන තැන 02 – Polowa Randana Thena 02

    Original price was: රු2,900.00.Current price is: රු2,465.00.

    එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.

  • පොළොව රඳන තැන 01-Polowa Radana Thena 01
    15 % OFF

    පොළොව රඳන තැන 01-Polowa Radana Thena 01

    Original price was: රු2,800.00.Current price is: රු2,380.00.

    එය වනාහී 12 ශත වර්ෂයේ Kingsbridge නගරයේ දේවස්ථානයක් ඉදිකිරීමේ කතාවයි. එසේ වුවද The Pillars of the Earth යනු හුදෙක්ම නවකතාවක් පමණක් නොවේ. එය ඓතිහාසික දිග හැරුමකි . මධ්‍යතන යුගයේ දේශපාලන බල අරගලයක සංකීර්ණ පැති කඩකි. විෂම මානුෂික හැඟීම් , මිනිස් සම්බන්දතා ගැන ගැඹුරින් ලියවුණු ගද්‍ය කාව්‍යයකි. දෑතේ රඳවා ගන්නට අපහසු තරම් විශාල වුවද , එය පාඨකයාගේ මනස දැනුමින් , නේක රසයෙන් , ආදරයෙන් පුරවන විශිෂ්ඨ නිර්මාණයකි. ලේඛකයෙකුගේ සීමා නොපෙනෙන පරිකල්පන ශක්තිය , චරිත , සිද්ධි ගොඩ නැගීමේ අද්විතීය හැකියාව ලොවට කියා දුන් සාහිත්‍ය නිධානයකි. මියෙන්නට පෙර කියවිය යුතු පොත් අතර The Pillars of the Earth ඉහළින්ම ඇත්තේ ඒ නිසාය.