SHOP
  • මහ රෑ-Maha Re
    10 % OFF

    මහ රෑ-Maha Re

    Original price was: රු750.00.Current price is: රු675.00.

    විදුලි පහන දල්වා සින්ක් එක ලඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමන් ඔහු තිගැස්සුණේය. දකණු අතේ ඇඟලිවල ලේ පැල්ලමක් විය.

    ”මේ මොන මඟුලක්ද ?” යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගෑවු‌ණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප්‍රෙහෙලිකාවක් විය.

    වතුර බීම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණී.

    හිස තබාගෙන සිටි ‌කොට්ටයේත් ලේ ගෑවි ඇති බවයි.

    මේ කිසි දෙයක් නොදැන අචිනි තද නින්දක ගැලී සිටියේ ඔළුවේ ඉඳන් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණී. නාරද ඇඳෙ පැත්තකින් වාඩි විය. කොච්චර කල්පනා කළත් තුවාලය වෙච්චි විදියක් ගැන ඔහුට මතක් කර ගන්නට හැකි වූයේ නැත.

    ඔළුවේ ඉඳන් පොරවගන්න එපා යයි නාරද අනන්තවත් අචිනිට කියා තිබේ. හුසම ගන්න අමාරු නිසාය. නාරද අත දිගුකර අචිනිගේ පෙරවනය පහත් කළේය.

    අචිනි හිටියේ උඩුබැලි අතටය.

    ඇගේ දෑස් විවර වී තිබිණි.