20000 ක සවාරියක්-20000 Ka Sawariyak
Original price was: රු1,000.00.රු700.00Current price is: රු700.00.මෙම කෘතිය සුවිශේෂි ග්රන්ථයකි. එසේ වන්නේ තරුණයන් තිදෙනෙකු යුරෝපය, ආසියාව හා අප්රිකාව හරහා ගොඩබිමෙන් සංචාරය කිරීම පිළිබද විස්තර සහිත ග්රන්ථයක්, මීට පෙර ලාංකීය පාඨකයන්ට කියවන්නට අවස්ථාව ලැබී නැති හෙයිනි. ඊටත් වඩා මොවුන් සංචාරය කරන්නේ කුඩා සැලුන් රථයකිනි. මේ නිසා තරුණයන් තිදෙනාට අභිමුඛ වන අභියෝගතා එමටයි. ඉන් පසු නො බසින මොවුන් සැතපුම් 20000ක් දුරගෙවා ඉන්දු අප්රිකානු ගවේෂණ චාරිකාව සම්පූර්ණ කරති. මේ තිදෙනාගේ ගමන් විස්තරය පමණක් නොව, ජායාරූප පවා ආකර්ශණීය හැගීමක් අප සිත් තුළ ජනිත කරයි. මේ සංචාරය සිදු කර ඇත්තේ 1960 දී වූවත්, එහි ජීවගුණය තවමත් වියැකී නොමැත්තේ යැයි පාඨකයාට දැනෙනු ඇත. මුල් කෘතිය හා කතෘ :20000 Miles/ Christopher Fenwick පරිවර්තන කෘතිය : 20000 ක සවාරියක් පරිවර්තක : මනෝ ප්රනාන්දු

