Showing 1–32 of 514 resultsSorted by latest








ජීවිතයේ යම් අවස්ථාවක, තමාගේ ම උසාවියක, තමා ම විනිසුරුවරයා වී, යුක්තිය පසිඳලන්නට සිදුවන අවස්ථාවක් පුද්ගලයෙකුට උදාවීමට හැකි ය.. එනමුදු එසේ ලබා දෙන විනිශ්චය වුව ද සර්ව සාධාරණ නොවීමට හැකි ය.. ලොව ඇති ඉහළම විනිශ්චාධිකරණය කර්මය මිස අනෙකක් නොවේ. නිවැරදි ම විනිශ්චය කර්මය සතු ය..

“අහම්බකාරක නිසා ජීවිතේ නියත සත්‍යයන් කියලා විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්” -දේව්- ” මිනිස්සු සතුටින් ඉන්නකොට මූණෙන් විතරක් නෙවෙයි,වචනවලිනුත් හිනාවෙනවා. මූණෙන් සතුට මවාපාන්න පුළුවන් හැබැයි වචනවලින් සතුට මැවෙන්නේ ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට” -නිතූ- ” අපි හැමෝගෙම ඇතුලෙම ඉන්නවා හැංඟුණ මිනිහෙක්. ඒ හැංඟුණ මිනිහා සදාකාලික රහසක් වෙනවද නැද්ද කියලා තීරණේ කරන්නේ අපිටත් වඩා අපේ ළඟින් ඉන්න මිනිස්සු. හැංඟිලා ඉන්න මිනිහා හංඟලාම තියනවද අඩුමගානේ එකම එක පිටස්තරයෙක්ට හරි එළිකරනවද කියලා තීරණේ කරන්නේ අපි ළඟින් ඉන්න මිනිස්සුන්ගේ හැසිරීම මත” -සුලක්ෂණ – ” සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි. සමහර දේවල් ලැබුනට පස්සේ අපිට තේරෙනවා කොහොම හරි ලබාගන්න හදපු ගොඩක් දේවල් ඇත්තටම අපිට ඕනා දේවල් නෙවේ කියලා” -මදාරා-

“ඔබ මේ අහන්නේ සේද සලකුණ ගැන ගැටලුව පළකරන එක ගැන නම්, අපි මේ කතාව මෙතැනින්ම නතර කරලා දාමු වොට්සන්.”
“නමුත් ඒ ආන්දෝලනාත්මක සිදුවීම කවදා හෝ දවසක සමාජය දැනගත යුතුයි නේද?”
“දවසක් එයි මිත්‍රයා. නමුත් අද නොවෙයි. හැමදාමත් මරණයේ සෙවණැල්ලට එරෙහිව සටන් කරන්න අපට බැහැ. මාත් ඔබත් මේ පොළොවට පස් වී ගිය දවසක, ලෝකයාට ‘ෂර්ලොක් හෝම්ස්’ කියන්නේ කතා පොත්වල ජීවත්වන වීරයෙක් පමණක් වේවි. අනාගත ලේඛකයන් මගේ චරිතය යොදාගෙන තව තවත් වික්‍රමයන් ගොතාවි. ඔබේ පාඨකයන්, හෝම්ස්ගේ තියුණු බව මොටවී ඇතැයි චෝදනා කරන දවසක් ඒවි. ඉතින් වොට්සන්, අන්න එදාට… ලෝකය සලිත කරවන, සැබෑ ෂර්ලොක් හෝම්ස් වික්‍රමයක් ඔවුන්ට කියවන්න ඉතිරි කරන්න. ඔබේ අර ට්‍රන්ක පෙට්ටියේ, අතිශය දුෂ්කර උත්සාහයකින් මිස සොයාගත නොහැකි වන සේ මේ පරීක්ෂණ වාර්තාව සඟවා තබන්න. ඔව්, ඔබේ නිර්මාණශීලිත්වයත් එයට එක්කළාට කාරි නැහැ. ශතවර්ෂයක් ඉවසන්න!”
“නමුත් තව අවුරුදු සීයකට පස්සේ සමාජයට මේ වගේ පැරැණි කතාවක් ගැළපෙයිද?”
“තේරුම්ගන්න මිත්‍රයා, අප අත්විඳි ඒ කුරිරු ම්ලේච්ඡත්වය පිළිගන්න මේ සමාජය තවම ලැහැස්ති නැහැ. නමුත් තව අවුරුදු සියයකින් මිනිසුන් මීට වඩා දූෂිත, මීට වඩා බියකරු අපරාධ සහ අපවාද දරාගැනීමට හුරු වී සිටීවි. බාගවිට අප මුහුණදුන් ඒ නින්දිත සිදුවීම, දැනටත් වඩා හොඳින් අනාගත ලෝකයට ගැළපෙන්න පුළුවනි. ඒ බියකරු අනාගතය එළැඹෙනතුරු මේ සත්‍යය සැඟවී තිබෙනවාට මම කැමති ඒ නිසයි!”





















