SHOP
  • Red White Royal Blue-රෙඩ් වයිට් රෝයල් බ්ලූ
    15 % OFF

    Red White Royal Blue-රෙඩ් වයිට් රෝයල් බ්ලූ

    Original price was: රු1,980.00.Current price is: රු1,683.00.

    ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.

    හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.

    එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‘අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද?

    දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ අමෙරිකානු ජනපතිනියටත්, රජකමේ ගෞරවය රැක ගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද? අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද? ඉතිහාසය තුළ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?

  • ගිරිජා-Girija
    10 % OFF

    ගිරිජා-Girija

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
  • ගයිගර් දුටු ලංකාව-Geiger Dutu Lankawa
    30 % OFF

    ගයිගර් දුටු ලංකාව-Geiger Dutu Lankawa

    Original price was: රු2,000.00.Current price is: රු1,400.00.

    සංචාරකයෙකුගේ මනෝභාව වටහාගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාදුනන ශිෂ්ඨාචාරයක් සංචරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුදන්තක පී. විජේතුංග එවැනි දුර්ලභ සංචාරකයෙකි.

    සංස්කෘතිය සොයා යා හැකි එකම පහුරක් වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඩිතුමා ප්‍රාචීන භාෂා ගවේෂණය කරමින්, අපේ ඉතිහාසය ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගි නිරීක්ෂකයෙක් විය. සුදන්තක පී විජේතුංග භාෂාව වාහනයක් කොට ගනිමින්, යටගිය ලෝකය ගවේෂණය කරයි. හේ ජර්මන්, ඉතාලි, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂාවන්හි මනා නිපුණත්වයක් දක්වයි. කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය සුදන්තකගේ ජර්මන් භාෂා අධ්‍යනයයේ මූලික පාසලයි. වර්තමාන ජර්මනියේ සංචාරය කරමින්, ගයිගර් පඩිතුමාගේ ස්වකීයන් හරහා එතුමන්ගේ උපභෝග, පරිභෝග තොරතුරු රැසක් ශාස්ත්‍රීයව ගවේෂණය කල සුදන්තකට, මුල් ජර්මන් බසින්ම එතුමාගේ ලංකා දේශාටන වාර්තාව සිංහලයට පරිවර්තන කිරීමේ හැකියාව උදාවිය. දැනට ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන සුදන්තක ලාංකිය සංචාරක සාහිත්‍යයට නිපුන නිර්මාණ රැසක් ගෙන ඒමට සැදී පැහැදී සිටී.

  • අනියම් බිරින්දෑවරු-Aniyam Birindawaru
    10 % OFF
    Sold out!

    අනියම් බිරින්දෑවරු-Aniyam Birindawaru

    Original price was: රු1,680.00.Current price is: රු1,512.00.

    මගේ බිරිඳ මිය ගියත් ඈ තවමත් මා තුළ ජිවත්වෙමින් සිටිනවා.

    ඔහු මෙසේ පවසද්දි මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජිවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී.

    ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඩූ කදුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජිවත් විය නොහැකිවේයැයි සිතමිනි.

    ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.

  • ප්‍රේමසුත්‍ර – Premasutra
    15 % OFF

    ප්‍රේමසුත්‍ර – Premasutra

    Original price was: රු1,400.00.Current price is: රු1,190.00.

    ‘‘මාස්ටර්…. ගෑනු හරියට හුළග වගේ…. නොකියම එනවා… නොකියම යනවා… ආවා වගේ නෙවෙයි… යනකොට යන්නෙ හැඩිකරලා… අවුල් කරලා… හැඩි වුණාට පස්සෙ එකලස් කරගන්න හරි අමාරුයි. ගෑනු කියන්නෙම කෙළවරක් නැති සබ්ජෙට් එකක් මාස්ටර්… කොච්චර කතා කළත් ඉවරයක් නෑ… ඇතුවත් බෑ. නැතුවත් බෑ…. උන් එක්ක ජීවත්වෙනවා කියන එක ලේසි නෑ තමයි.. එත් ගෑනියෙකුට කිට්ටු වෙනකොට, ගෑනියෙකුට යටත් වෙනකොට, උන්ට ඇහුංකං දෙනකොට, උන් එක්ක රණ්ඩුවෙනකොට එතන මොකක්දෝ තේරුම් ගන්න බැරි දෙයක් තියනවා… ඒක අපිට පිරිමියෙක් එක්ක කරන්න බැරි ගනු දෙනුවක්…’’

  • නිදුක්ඛා – Nidukkha
    20 % OFF

    නිදුක්ඛා – Nidukkha

    Original price was: රු1,590.00.Current price is: රු1,270.00.
  • 1932 (Under the Shades of Himalayas) - 1932
    15 % OFF

    1932 (Under the Shades of Himalayas) – 1932

    Original price was: රු1,850.00.Current price is: රු1,572.50.

    සිදත් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පස්වසක් ඉක්මවගොස් ඇති සමය…

    බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්…

    ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්…

    යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප්‍රාණසම සගයා වූ සේනක සමඟින් ලංකාවට පැමිණෙයි.

    ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අලංකාර උත්තර භාරතීය හිමාචල් ප්‍රදේශ් කඳුකරයටයි.

    බිහිසුණු මායාකර්මයන්, සාම්ප්‍රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද?

    ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාපකර්මයක විපාකයෙන් ඇලන්- සඳමාලී යුවළට ගැලවීමක් ලැබේවිද?

    සියවසකට පෙර අඳුරු රාත්‍රියක සීතල හපුතලේ පාළු කඳු අතර සිය අවසන් හුස්ම හෙළූ ඇලන් ස්ටුවට් තරුණයාගේ මරණය පසුපස සැඟවුණු අබිරහස කුමක්ද?

    ඔහුගේ මරණයට හේතුව හුදෙක්ම පෙම්හබයක් පමණක්ද?

    ඔහුගේ සැබෑ ඝාතකයා කවරෙක්ද?

  • දහතුන - Dahathuna
    15 % OFF

    දහතුන – Dahathuna

    Original price was: රු1,950.00.Current price is: රු1,657.50.

    ඔවුහු හොලිවුඩයේ බලවත්ම නළු-නිළි යුවලක් වූහ.
    දැන් ඔවුන්ගෙන් එක් අයෙක් මියගොසිනි.
    හොලිවුඩ් නළු රොබට් සොලමන්ට තමාගේ රූමත් බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇත.
    මෙය සියවසේ නඩු විභාගයයි.
    සියලුම සාක්ෂි යොමුවන්නේ රොබට් සොලමන් වරදකරු වන ලෙසය.
    නමුත් නඩු විභාගය ඇරඹෙන විටම විත්තියේ නීතිඥ එඩී ෆ්ලින්ගේ මනස තුළ මැවෙන, නොගැළපෙන සිදුවීම් මාලාවක් තුළින් ඝාතකයා පිළිබඳ සැකයන් මතුවෙමින් තිබේ.
    අධිකරණ ශාලාව තුළ එක් නළුවෙක්ට වඩා සිටී නම්?

  • මගේ කුලුඳුල් පෙම්වතිය-Mage Kuludul Pemwathiya
    15 % OFF

    මගේ කුලුඳුල් පෙම්වතිය-Mage Kuludul Pemwathiya

    Original price was: රු1,500.00.Current price is: රු1,275.00.

    දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන

    – උපුල් ශාන්ත සන්නස්ගල

  • අකාල අහස-Akala Ahasa
    15 % OFF
    Sold out!

    අකාල අහස-Akala Ahasa

    Original price was: රු1,450.00.Current price is: රු1,232.50.
  • ඇඩොල්ෆ් හිට්ලර් (පුරාවෘත්තය සහ දේශපාලනය) - ADOLF HITLER
    10 % OFF

    ඇඩොල්ෆ් හිට්ලර් (පුරාවෘත්තය සහ දේශපාලනය) – ADOLF HITLER

    Original price was: රු650.00.Current price is: රු585.00.
  • කොළොම්පුර රාජධානිය-Kolompura Rajadaniya
    10 % OFF

    කොළොම්පුර රාජධානිය-Kolompura Rajadaniya

    Original price was: රු12,500.00.Current price is: රු11,250.00.

    කොළඹ නගරයේ ඉතිහාසය අතිශය රසවත්ය. මිහිරි සිහිනයක් තරමටම සුන්දරය.
    සිත් කම්පා කරවන බිහිසුණු සිදුවීම් වලින් ද අනූනය.
    වර්තමාන කොළඹ නගරයේ කලබලකාරී වීදි ඔස්සේ සැරිසරන කිසිවෙකුට මෙම නගරය සිසිල් සෙවණින් සහ සීතල දිය දහරාවන්ගෙන් සුසැදි අතිශය මනස්කාන්ත පුරවරයක්ව තිබූ බවට සලකුණක් පවා සොයා ගත නොහැකිය. එමෙන්ම මිනිසුන් සිය දහස් ගණනක් මරණය කරා කැඳවා ගෙන ගිය අඳුරු අතීතයක් ද එහි සැඟව ඇති බව වර්තමාන පරපුර නොදැන සිටීම ද අරුමයක් නොවේ.
    කොළොම්පුර රාජධානිය කෘතියෙන් ඔබ කැඳවා ගෙන යන්නේ ඒ අපූරු යටගියාව වෙතය.
    දශක තුනකට ආසන්න කාලයක් පුරා දහස් සංඛ්‍යාත දෙස් විදෙස් ලිපි ලේඛන, පොත් පත් සහ මෙතෙක් සිංහල බසට පරිවර්තනය නොවූ පැරණි මූලාශ්‍රයන් පරිශීලනය කිරීමෙන් මෙන්ම මෙරට සිටි සුප්‍රකට සහ විරල ගණයේ යුග පුරුෂයන් සමග කතුවරයා පෞද්ගලිකව කළ සංවාදයන්හි ශාස්ත්‍රීය ඵලයක් ලෙස බිහිවන මෙම කෘතියෙන් කොළඹ නගරයේ ඉතිහාසයේ සැඟවුණු යටගියාව විචිත්‍රවත් ලෙසින් අනාවරණය කෙරෙන්නේය.
    කොළඹ නගරයේ ඉතිහාසය හරහා කොළඹ කේන්ද්‍ර කරගනිමින් මුළු මහත් දිවයිනේම සමාජ සංස්කෘතිය සහ භෞතික පරිසරයත්, රටේ දේශපාලන දිශානතියත් එමෙන්ම මෙරට ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප හා ජීවන රටාවන් පරිවර්තනයකට ලක් වූ ආකාරයත් කොළොම්පුර රාජධානිය කෘතිය ඔස්සේ දිග හැරෙන්නේ දුලබ ඡායාරූප සහ වර්ණවත් සිතියම් ද රැසක් සමගිනි.

  • අම්මපයි මං කඩුව දුන්නා-Ammapai Mama Kaduwa Dunna
    10 % OFF

    අම්මපයි මං කඩුව දුන්නා-Ammapai Mama Kaduwa Dunna

    Original price was: රු550.00.Current price is: රු495.00.
  • කොළපාට ඇස් - Kola Pata As
    15 % OFF

    කොළපාට ඇස් – Kola Pata As

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

  • ඔලිවර් ට්විස්ට්-Oliwar Twist
    30 % OFF

    ඔලිවර් ට්විස්ට්-Oliwar Twist

    Original price was: රු1,800.00.Current price is: රු1,260.00.

    ඉංගී‍්‍රසි ජාතික සාහිත්‍යධරයින් අතරින් අද්විතීය ස්ථානයක් ගන්නා චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඔලිවර් ට්විස්ට නමැති නවකතාව ලෝක සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් ලෙස සැලකේ. එයින් දහනව වන සියවසේ එංගලන්තයේ පැවති සමාජ වටපිටාව, ගම්බද හා නගරබද ජීවිතය ශුභ සාධක කටයුතු හා සමාජ විරෝධී කි‍්‍රයාවන් මෙන් ම මානව හිතවාදී ශ්‍රේෂ්ඨ චරිතාංගයන් ද මැනවින් චිත‍්‍රණය වෙයි.

  • එයාර්පෝට්-Airport
    20 % OFF

    එයාර්පෝට්-Airport

    Original price was: රු1,200.00.Current price is: රු960.00.
  • ඇතීනාගේ සළකුණ-Atheenage Salakuna
    30 % OFF
    Sold out!

    ඇතීනාගේ සළකුණ-Atheenage Salakuna

    Original price was: රු2,250.00.Current price is: රු1,575.00.
  • සොල්ට්මාෂ් අබිරහස - Saltmash Abirahasa
    15 % OFF

    සොල්ට්මාෂ් අබිරහස – Saltmash Abirahasa

    Original price was: රු1,900.00.Current price is: රු1,615.00.

    වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය.
    අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි.
    පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සත්, රූත්ගේ සහාය පතන්නේ. ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල ලෙසි ඩාවීනි නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු හැරී නෙල්සත්ව සමච්චලයට ලක් කෙරමින් අරුම පුදුම ලිපි පෙලක් ලැබී ඇත.
    අනතුරුව, නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.
    ඒ එකම ඝාතකයාද?
    නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?

  • ඩුඕ-Duo
    10 % OFF
    Sold out!

    ඩුඕ-Duo

    Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
  • සැබෑ මිනිසෙකුගේ කතාවක්-ගොඩගේ-Sebe Minisakuge Kathawak Godage
    16 % OFF

    සැබෑ මිනිසෙකුගේ කතාවක්-ගොඩගේ-Sebe Minisakuge Kathawak Godage

    Original price was: රු950.00.Current price is: රු800.00.
  • ලේන්සුව-Lensuwa
    10 % OFF
    Sold out!

    ලේන්සුව-Lensuwa

    Original price was: රු750.00.Current price is: රු675.00.
  • සංසාර සක්මන්-Sansara Sakman
    30 % OFF

    සංසාර සක්මන්-Sansara Sakman

    Original price was: රු1,200.00.Current price is: රු840.00.

    මේ ගෙවීයන්නේ මගේ දිවියේ තීරණාත්මක සංක්‍රාන්ති සමයයි. වරෙක, දිවියට තදින් පෙම් බැඳි, එහි රසය විඳි මගේ හැඟුමන් එකතැනක නතර වී ඇති හැඩක් මට දැනේ. නින්දත් නොනින්දත් අතර ගෙවී ගිය ඒ රාත්‍රියේ ඒ අමිහිරි මතකයන්, මිහිරි මතකයන් පළවාහරිමින් මතුව ආවේ මට තව තවත් රිදවමිනි. පාන්දරින්ම ඇරඹුණු මහා වරුසාවේ තවමත් අඩුවක් නැත. සුළඟද එසේමය. සුළඟේ සැරට අවට වූ ගස්වැල් කිරි කිරිස් හඬින් ඇඹරෙන හඬ අතරින් වැස්සේ හඬ මට පැහැදිලිවම ඇසෙන්නට විය. ඒ හඬට මම අසීමිතව පෙම් බැන්ඳේ පුංචි සන්දියේ සිටමය. වැස්සේ හඬ හා වැස්සක් පිළිබඳව මගේ ප්‍රථම මතකය සේතං නයිදෙගෙ කරත්තයේ නැඟී රොටවැවේ සිට අඹගහවෙළ හංදියට පැමිණි දා බැව් මම සිතමි. එහෙත්, ඒ මා පෙම් කළ වැස්සම වැටී පිරී ගිය රොට වැව මගේ ජීවිතයට මෙතරම් බලපෑමක් ඇතිකරාවි කියා නම් මම කිසිදාක නොසිතුවෙමි.

  • මිසර අප්සරා-Misara Apsara
    30 % OFF

    මිසර අප්සරා-Misara Apsara

    Original price was: රු1,650.00.Current price is: රු1,155.00.

    වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගීගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තීරණයක් ගත නොහැකිව ලතවෙමින් ය. ඔහුගේ හදවතෙහි කොණක් වේදනාවෙන් ඉරිතැලී ගොසින් තිබුණි.
    “අහගන්න මගේ ආදරණීය දරුවා… ඇගේ පියා වූ වර්ථමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ. ඉතින් ඇගේ සිරුරේත් දුවන්නේ ඔබේ පියාව මරා දැමූ ඒ ද්‍රෝහි රුධිරය. හැගීම්වලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනීම සම්පූර්ණ වේවි දරුවා”
    ඔහු බර සුසුමක් ඇද ගත්තේය. පලිගැනීමේ පාලමෙහි අවසාන කෙළවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කල දයාබර නෙෆ්රූ ය. එහෙත් එය කෙසේ කරම්ද?
    ආදරයද…? පළිගැනීමද…?
    ඔහු මෙම හැගීම් දෙක අතර සිරව ගියේය.

  • ජීවිතයෙන් මාස හයක්-Jeewithayen Masa Haya
    10 % OFF

    ජීවිතයෙන් මාස හයක්-Jeewithayen Masa Haya

    Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

    “ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය.
    සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. ‘අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ‘ යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ අච්චුස්සහ වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.
    “බය වෙන්න කිසි දෙයක් නැහැ. හැම දෙයක්ම හොදට සිද්ධ වෙනවා.” මහි පිළිතුරු දුන්නෙයි. “ඇයි ඔයා මාව බඳින්නෙ?” ඇය ඇසුවාය.
    ඒ ප්‍රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ‘මම ඔයාට ආදරේ හින්දා’ යැයි කීම වුණත්, පිටි මහාපුරුදු පිළිතුරක් සෙව්වෙමි. මෙතෙක් සවන් දුන් ගීතයක වදනක් මතකයට නැඟාගන්නට උත්සාහ කඳුයි. එවැන්නක් හමුනොවුණු තැනු සිතට පැමිණි අදහස් ගොන්නක් මෙසේ වදන්ගත කරන්නට මට හැකි විණ.
    “මම ඔයාව බඳින්නේ මගේ ජීවිතේට ඔයාව ඕනෑ හින්දා නෙමෙයි.
    ඔයා නැතිව මට ජීවත්වෙන්න බැරි හින්දා. ඒක, ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ කතාවක් නේද? විවාහයයි, මරණ යයි කියන්නෙ එක හා සමාන දෙයක්. හරියට බැලුවොත් මේ දෙකම ජීවිතේට ලැඛෙන්නේ එක වතාවයි. ඒත් සමහර වාසනාවන්තයෝ විවාහයෙන් පස්සෙ කීප වතාවක්ම ඉපදෙනවා. මට හිතෙන්නේ මමත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙයි.” මම කීමි. “මේ ජීවිතේ කෙටියි. ඒත් අපි දෙන්නා එක් වුණාට පස්සෙ අපිට පුළුවන් දිගු ජීවිතයක් ගතකරන්න.“

  • බ්ලෙයාර් විච්–BLAIR WITCH
    10 % OFF
    Sold out!

    බ්ලෙයාර් විච්–BLAIR WITCH

    Original price was: රු850.00.Current price is: රු765.00.
  • උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා-Usavi Giya Neruda Nohoth Kamagora Kawiya
    10 % OFF
    Sold out!

    උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා-Usavi Giya Neruda Nohoth Kamagora Kawiya

    Original price was: රු1,480.00.Current price is: රු1,332.00.

    නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය. බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය. ඇසීම දුබල ය. බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත්‍ර අඳී.. ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන් චෝදනා නැඟේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක ඔහු ඒ චිත්‍ර සියල්ලට ගිනි ලා සිවුරු හරී. ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු මත්පැනට ඇබ්බැහි වේ. කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි. කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැඟේ. ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා කථිකාචාර්යවරියක විසින්කි විවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ. තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි. සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට ලක් කළේද? ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික හැසිරීමට රුකුල් දුන්නී ද?

  • මළගිය ඇත්තෝ-Malagiya Eththo

    මළගිය ඇත්තෝ-Malagiya Eththo

    රු490.00
  • මළවුන්ගේ අවුරුදු දා-Malawunge Avurudu Da Sold out!

    මළවුන්ගේ අවුරුදු දා-Malawunge Avurudu Da

    රු850.00
  • නැනී–NaNNy
    20 % OFF

    නැනී–NaNNy

    Original price was: රු1,000.00.Current price is: රු800.00.

    “තාත්තා… ඔයා ගොඩක් ගොඩක් ගොඩක් හයියයි.

    ගොඩාආආආ…ක් ශක්තියයි.

    ගොඩාආආආ…රියක් උසයි.

    ඔයා කොහොමද මෙච්චරක් කල් ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ කොහොමටවත් ඒක අස්සට යන්නෑනේ…?

    මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ… මම දැන් ලොකුයි…”

    ********************************************************

    ඒ උනාට ලොකු මිනිස්සු ගොඩ දෙනෙක් තාම කුඩායි.

    චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්, අතොරක් නැති කතාවෙන්, පුටුවටකට මේසෙකට බඩගෑමෙන් සිඟිත්තෙක් කියන වැදගත් කතා තේරුම් ගන්න ඒ ගොල්ලොන්ට පෑනෙන් ලියූ මේ කතාව රුකුලක් වේවි!

  • සිටුවර පුවත-Situwara Puwatha
    10 % OFF

    සිටුවර පුවත-Situwara Puwatha

    Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

    වරෙක හිරු රැස් මෙන් උණුසුම් වන ස්ත්‍රීහු තවත් වරෙක සඳ රැස් මෙන් මුදු සිසිලෙන් යුක්ත වන්නෝය මේ නවකතාවේ එන සරලා නම් ගැහැනියද ඒ චරිත ලක්ෂණ ද්විත්වයම හිමි කර ගන්නේ කවදා හෝ පති දම් බිඳ ගත් ගැහැනියක ලෙස සමාජයෙන් දෝෂාරෝපණය ලබන්නට ඇගේ සිතේ පවතින අනියත බිය නිසාය. සරලාගේ චරිතයට ප්‍රභාෂ්වරයක් වීමට හැම විටම තැත් කරන පණ්ඩුල වරෙක මුදු මඳ පවනක් වෙමින්ද වරෙක චණ්ඩ වූ කුණාටුවක් වෙමින්ද සරලා තමා වෙත නතු කර ගැනීමට වෑයම් කරන්නේ ස්වකීය ප්‍රියාවිය තමන් වෙතින් නික්ම යෑමට තැත් කරන එක් අනුවේදනීය මොහොතකය. රාග දෝෂ මෝහආදි ක්ලේශ රාශියකින් වෙළි සිටින මිනිසා තමන් අතින් සිදුවන වැරදි ද මනා ගුණ ද අත් දකිමින් ගෙන යන ජීවිතයෙන් බිඳක්මේ නවකතාව තුළින් කතුවරිය අප තුළ සිතුවම් කරන්නීය.

  • ඉර වර වර-Ira Wara Wara
    10 % OFF

    ඉර වර වර-Ira Wara Wara

    Original price was: රු500.00.Current price is: රු450.00.

    ඉර වර වර අගනා නවකතාවකි ඉර වර වර නවකතාවෙහි අන්තර්ගත එක් මුඛ්‍ය තේමාවක් නම් පරිසරාවබෝධයෙහි පරිසර විඥානයෙහි පරිසර භක්තියෙහි වැදගත්කමයි. මානව ශිෂ්ටාචාරයෙහි මුලාවධියෙහි පටන් මිනිසාත් ස්වභාව ධර්මයත් අතර ඉතාම සමීපවුත් පරස්පර පරිපෝෂකවුත් සම්බන්ධයක් පැවතිණ. නවීකරණයෙහි ව්‍යාප්තිය නිසා මෙම සම්බන්ධයට හානි සිදුවී ඇති අයුරු කන්දේපොළ සිතුවම් කරන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුවය. සංකේතාත්මක සංසිද්ධි තුළින් කතුවරයා නවකතාවේ ආභ්‍යාන සංකේථනයට ජීවයක් ලබා දෙයි. ඉර වර වර සාහිත්‍යාභිලාෂීන්ගේ විචාර දර්ශනයට පාත්‍ර විය යුතු කෘතියකි. -මහාචාර්ය විමල් දිසානායක-

  • නිලි වැස්ස-Nili Wessa
    10 % OFF
    Sold out!

    නිලි වැස්ස-Nili Wessa

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    “මගේ දෙවියන් ඉන්නේ මේ නිල් පාට අහසෙ. මේ මහ මූදෙ. මේ හුළං අතරෙ. “කපිතාන් කීවා. මට ඒක හරියට ම තේරුණේ නෑ. තේරුම් ගන්ඩ මං උත්සාහ කළෙත් නෑ. මට දෙවියො බුදුන් තියා කන්ද උඩරටයි, රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබ්බේ. මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇඟ පුරා ඔහුගේ ඇඟිලි තුඩු ගමන් කරනව දැනුණා. දියෙන් පෙඟුණු ඔහුගේ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි, නිල්පාට මූදයි එක් වෙන හැටි බලාගෙන හිටියා.