SHOP
  • කස්තුරි සුවඳ-Kasthuri Suwada(18+) |
    9 % OFF
    Sold out!

    කස්තුරි සුවඳ-Kasthuri Suwada(18+) |

    Original price was: රු3,500.00.Current price is: රු3,200.00.

    කස්තුරි සුවඳ…
    Romance, LGBTQIA+, New Adult
    *මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.

     

    පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.

    “මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”

    – රුෂිර මාණික්‍ය දේවප්‍රිය –

     

    කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…

    “ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”

    – සුවහස් මනරු හැඩපත්විල –

    Romance, LGBTQIA+, New Adult

  • 11.11
    10 % OFF
    Sold out!

    11.11

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

    ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.

    සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්.

    මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවධානය දෙන්න කියලා. සිහිනයක් සැබැවීමේ ඔයාගෙ ‘අවස්ථාව’ හරියට උරඟා බලන්න කියලා සමහරවිට ඒ ව්‍යායාමයේදී කඳු හෙල්ලෙන්න පුළුවන්. ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමි වෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කරන්න, ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා. බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.

  • බිස්නස් පිස්සුව – Business Pissuwa
    10 % OFF
    Sold out!

    බිස්නස් පිස්සුව – Business Pissuwa

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    විරහ ගීත වලට සවන්දෙන පිරිසක් අතර ඔබ Eminem ගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට, කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට, වෙනස් විධියට හිතන, ගුහා වින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු “මිනිස්සුම තමයි. මට කියන්න අවශ්‍ය මෙච්චරයි. ඉස්කෝලේ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට CV එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම නොකර ජීවිතය දිගේ අමතර සැතපුමක් ගමන් කරන්න හිතනවා නම්, අවදානමක් අරගෙන පොඩියට හරි තමන්ගෙම දෙයක් ගොඩනඟාගන්න අදහස් කරනවා නම් මුලින්ම ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු නොවී ඉන්න. සමාජය දකින කෝණය අපට වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. ලෝකය ඔබව පිළිගන්න දවසක් එනවා. ලෝකය ඔබ කරන දේ ගැන විශ්වාස කරන මොහොතක් උදාවෙනවා. එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව’ එක්ක වැඩ කරන්න එතැනට එනකන් ඔබේ බිස්නස් පිස්සුව’ එක්ක ආවේගශීලීව වැඩ කරන්න!

    ” මොකද පිස්සුව කියන්නේ ගැටලුවකට නෙමෙයි. පිස්සුව කියන්නේ විසඳුමකට. ඔබව ගුහාවෙන් පිටතට විසි කරලා අහසෙ තරු දෙසට මෙහෙයවන විසඳුමකට.

  • බිම්මල්-Bimmal
    10 % OFF

    බිම්මල්-Bimmal

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
  • මුතු මණ්ඩපම්-MUTHU MANDAPAM
    10 % OFF

    මුතු මණ්ඩපම්-MUTHU MANDAPAM

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
  • පළිඟු හිස්කබල - Paligu Hiskabala
    15 % OFF

    පළිඟු හිස්කබල – Paligu Hiskabala

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    ඒ 1957 වර්ෂය විය.

    එනම් සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති සමයයි. රුසියානු හමුදාවේ අති විශේෂ ස්පෙට්නාස් බළකායට අයත් භට කණ්ඩායමක් සුප්‍රකට පුරාවිද්‍යාඥ ඉන්ඩියානා ජෝන්ස්ගේ කැණීම් අඩවියට කඩා පැන, ඔහුව බලහත්කාරයෙන් පැහැර ගනී. කිසිඳු බිය සැකයකින් තොරව අමෙරිකානු භූමිය ආක්‍රමණය කරන ඔවුහු අමෙරිකානු රජයේ ඉතා රහසිගත ගබඩාවක් කොල්ලකෑම සඳහා ඉන්ඩියානාට බල කරති.

    ඉතා රූමත් මෙන්ම අති භයානක වූ ද, කර්නල්වරියක විසින් අණ දෙන එම රතු හමුදා බලඇණියට ඇත්තේ එකම එක අරමුණකි. එනම් ඉතා වටිනා මෙන්ම ඉතා බලසම්පන්න වන කෞතුක වස්තුවක් පැහැර ගැනීමය. අනුකම්පා විරහිත සතුරන් පිරිසක් වන ඔවුන්, ඉන්ඩිව රැගෙන යන්නේ අඳුරු ඇමේසන් වනාන්තරය තුළ ඉතා අසීරු ගලවාගැනීමේ මෙහෙයුමක් කරාය. වහා කිපෙනසුලු යොවුන් වියේ පසුවන තරුණයෙකු සිය සහායකයා කරගන්නා හෙතෙම කෲර රුසියානුවන් සමග සටනට පිවිසෙන්නේ ලොව ඇති කිසිඳු විශ්මයකට තරඟ කළ නොහැකි අන්දමේ ත්‍යාගයක් වෙනුවෙනි.

  • පෙට් සෙමෙට්රි - Pet Sematary
    15 % OFF
    Sold out!

    පෙට් සෙමෙට්රි – Pet Sematary

    Original price was: රු2,450.00.Current price is: රු2,082.50.

    පෙට් සෙමෙට්‍රි( Pet Sematary) නව කතාව වනාහී, අමෙරිකානු මහා ගත් කතුවර ස්ටීවන් කිංගේ උසස්ම ගනයේ නවකතාවන්ගෙන් එකක් වශයෙන් අද දිනයේදී සලකනු ලැබෙයි. එහෙත් දැනගන්නට තිබෙන අන්දමට, මෙම කෘතිය පළ කිරීමට පවා අදහසක් කිසිසේත්ම කතුවරයා තුළ තිබී නැත.

    මෙතුවක් කලට කිංග් ලියා තිබෙන වෘතාන්ත සියල්ලක්ම පාහේ අඳුරු එමෙන්ම අතිභයංකාර ශානරයේ නවකතා වුවද ඒ අතරේ අද දිනය වනවිට පෙට් සෙමෙට්‍රි යනු වඩාත්ම සිත කළඹවාලන හා හදවත පීඩාවට පත්කරන වෘතාන්තය බව පිළිගන්නවාට කිසිදු විවාදයක් නොමැත. ඔහුගේ බහුතර නිර්මාණයන්ගෙන් ගම්‍ය වූ අද්භූත බව හා පියවි ඇසට නොපෙනෙන යම්කිසි බලවේගයන් පිළිබඳව මෙම කෘතියෙහිද අඩංගු වූවද මෙහි ඔහු සාකච්ඡාකරන අධ්‍යාත්මික සත්‍ය අනෙක් කෘති අහිබවා සිටියි.

    මෙහි ප්‍රධාන චරිතය වන දොස්තර ලුයිස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව අධිකව බලපෑම් එල්ලකරන්නේ හා දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ සැබෑවටම දුෂ්ඨ දෙයකිනි. එනම් අහිමීවීමේ දැඩි දුක හා වේදනාව මගිනි.තමන් අතිශයින්ම ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගෙන් වියෝ වූ බව දැනගත් විට ඇතිවන අතිමහත් වූ කනගාටුවෙනි. එම අපා දුකේ කිමිදී, මැරී මැරී ජීවත් වෙමින් සිටියදී, සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සලකා බලන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද…….?

    පෙට් සෙමෙට්‍රි කියවා ඔබට නිරාකරණය කරගත හැකි වන්නේ,මෙයයි.!

  • ඉතිං මට සමාවෙන්න-Ithin Mata Samawenna
    10 % OFF

    ඉතිං මට සමාවෙන්න-Ithin Mata Samawenna

    Original price was: රු1,000.00.Current price is: රු900.00.
  • ෆුට් ලවර්-Foot Lover
    30 % OFF

    ෆුට් ලවර්-Foot Lover

    Original price was: රු700.00.Current price is: රු490.00.
  • 13 කණුව-13 Kanuwa
    10 % OFF
    Sold out!

    13 කණුව-13 Kanuwa

    Original price was: රු700.00.Current price is: රු630.00.

    පාළු මාවතක සිදුවන අද්භූත සිදුවීම් මාලාවක්,

    රැයෙහි මාර්ගයේ ගමන්කරන තරුණිය සහ කුඩා දරුවා කවුද?

    ඔවුන් හමුවට එන තරුණයෙක්!

    සියල්ලටම හේතුව 13 කණුවද?

  • කුලාන් ඔෂිරෝ සහ සේද-Kulan Oshiro Saha Seda
    10 % OFF

    කුලාන් ඔෂිරෝ සහ සේද-Kulan Oshiro Saha Seda

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

    හිරුටො, මගෙ හුරතල් පූස් කොල්ලො… ඔයා දවසක මේ හැම දේම යෙනූට කියාවි. ඔව්…! ඒ කතා මල් බෙරි ගස් එක්ක දැවටිලා සේද නූල්වල එතේවි.

    අකෝයා මුතු ඇටය දිහා ඔය දුඹුරු ඇස්වලින් උඹත් බලා ඉඳීවි. හිම කන්දරාවක බර දරාගෙන ඉන්න පුළුවන් ගශෝ ශුකුරි ක්‍රමයෙ වහලක් වගේ යෙනූ ශක්තිමත්.

    ඔව්!.. මේ මහ පොළොව එක්ක ඈ කතා කරනව උඹට ඇහේවි. හරුටො, ඇත්තට ම මගෙ පූස් මහත්තයො… දවසක උඹ හුඟක් දේ කතා කරාවි…

  • කොන්ත්‍රාත්තුව-Konthraththuwa
    30 % OFF

    කොන්ත්‍රාත්තුව-Konthraththuwa

    Original price was: රු1,300.00.Current price is: රු910.00.

    “තාත්තගෙ වකුගඩු ඔපරේෂන් එකට ඉස්සෙල්ලා, තාත්තට වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් හොයා ගන්න ඕනේ නේද..?”

    “ඔව් මිස්… මිස්ට කියන්න අපේ තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් හොයා ගන්න අපට හරි අමාරු උනා, ඒ නිසා අපි සිංහල පත්තරේක දැන්වීමක් දැම්මා, තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් අවශ්‍යයි, දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙන්න කියලා…”

    “ඉතිං කවුරුත් කෝල් කලේ නැද්ද..?

    “මිස්ට කියන්න අපටත් පුදුමයි… විසිතුන් දෙනෙක් අපට කතා කලා… ඒ කතා කරපු මිනිස්සු ඔක්කොම සල්ලි වලට වකුගඩුවක් දෙන්න කතා කලේ…”

    “සල්ලි වලට..?

    “ඔව්… ඒ ගැන එක එක්කෙනා, එක එක ප්‍රශ්න කිව්වා ඒගොල්ලෝ වකුගඩුවක් දෙන්නට හේතුව…”

    “ඒ කිව්වේ…?

    “එක පිරිමි කෙනෙක් කතා කරලා කිව්වා, එයාගෙ දුවට මොකක්ද යුනිවර්සිටි එකක් කෝස් එකක් කරන්න ලක්ශ හයක් ඕනේලු, ඒ නිසා එයාග් වකුගඩුවක් විකුනලා හරි ළමයට උගන්නන්න හදන්නේ කියලා. තව එක්කෙනෙක් කිව්වා, එයා හම්බ කරන් කන ත්‍රීවීල් එකේ වාරික ටික ගෙවා ගන්න බැරි නිසා වකුගඩුවක් සල්ලිවලට විකුනලා ඒක ගෙවාගන්න හදන්නෙ කියලා. තව කෙනෙක් කිව්වා, දරුවෙක්ගේ ඔපරේෂන් එකකට සල්ලි නැතුව වකුගඩුවක් විකුනලා ඒ සල්ලි වලින් ළමයගෙ ඔපරේෂන් එක කරන්න හදන්නෙ කියලා… තව හාමුදුරු නමක් කතා කරලා කිව්වා, දඹදිව වැදගෙන එන්න යන්න සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ, ඒ නිසා වකුගඩුවක් දෙන්න හදන්නෙ කියලා…”

  • මල්බා ටහාන් ගේ ගණිතඥයා-Malba Tahan Ge
    10 % OFF
    Sold out!

    මල්බා ටහාන් ගේ ගණිතඥයා-Malba Tahan Ge

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    මම මෙසේ ගණන් කිරීම කොතරම් ප්‍රගුණ කළාදැයි කිව හොත්, සමහර විටෙක මුළු බැටළු රංචුවම නිවැරදිව ගණන් කිරීමට මට එක බැල්මක් ප්‍රමාණවත් විය. අනතුරුව, මම පුහුණු වීම සඳහා අහසේ පියාඹන කුරුල්ලන් රංචු ගණන් ගැනීම සිදු කෙළෙමි. මේ ආකාරයෙන් මම ක්‍රමයෙන් මේ කලාවේ ඉහළටම ගියෙමි.

    කුහුඹුවන් සහ වෙනත් කෘමීන් ගණන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මාස කිහිපයකට පසු, සම්පූර්ණ මී මැසි ගණාවාසයක් ගණන් කිරීමේ විස්මයජනක කාර්යය මම සිදු කෙළෙමි. කෙසේ වෙතත්, මවිසින් පසුව ලබා ගත් හැකියාවන් හා සැසඳීමේදී මෙය සැලකිල්ලට ගත යුත්තක් නොවේ. මාගේ ත්‍යාගශීලී ස්වාමියා, ඈත ක්ෂේම භූමි දෙකක් නොහොත් තුනක් සහ මහා ඉඳි වතුවල අයිතිකරුවෙක් වූයේ, ගණිතයට මගේ ඇති ශූරබව දැන, ඔහුගේ පලතුරු වෙළඳාමේ ගණන් පරීක්ෂාව මට භාර කළේය. මම ඒ සමූහ වශයෙන් වෙන් කොට, එම කාර්යය ඉටු කරමින්, ඉඳි ගස් යට වසර දහයක් පමණ කල් ගත කෙළෙමි. මා විසින් ඔහුට ළගා කරදුන් මහත් ලාභය නිසා සන්තුෂ්ටියට පත් මගේ ගුණවත් ස්වාමියා, මට සිව් මසක විවේකයක් ලබා දුන්නේය. ඉතින් මම දැන් මගේ පවුලේ අය බැලීමට සහ ඒ ප්‍රසිද්ධ නගරයේ අලංකාර දේවස්ථාන සහ මහා මාලිගා නැරඹීම උදෙසා බැග්ඩෑඩය වෙත යමින් සිටිමි.

  • අලි කුලප්පුව-Ali Kulappuwa
    10 % OFF

    අලි කුලප්පුව-Ali Kulappuwa

    Original price was: රු800.00.Current price is: රු720.00.

    වර්ෂ 1846 දී ජේම්ස් එමර්සන් ටෙනන්ට් ලංකාවට එන්නේ මෙරට පස් වන යටත්විජිත ලේකම්වරයා වශයෙනි. ලංකාවේ අලි ඇතුන් ඇතුළු වනසතුන්ට මහත් කැමැත්තක් දැක්වූ ඔහු මෙරට බොහෝ පෙදෙස්වල සංචාරය කරමින් අත්දැකීම් ලබා ගත්තේය. අලි ගාල් නරඹමින් ඒ සතුන්ගේ උතුම් ගුණධර්ම දැකබලා ගත්තේය. අනුවණ නීති නිසා අලිඇතුන් විනාශවීම ගැන කනගාටුවට පත් විය.

    අප රටේ අලිඇතුන්ගේ පුදුම ගතිගුණ, අලි අල්ලන හා හීලෑ කරන ආකාරය, අලි දඩයම, උන් රට පැටවීම ආදී කරුණු විස්තර කරමින් ටෙනන්ට් ලියූ The Wild Elephant and the method of capturing and taming in it Ceylon පොත පළවූයේ 1859 දීය. ඔබ අලි කුලප්පුව නමින් කියවන්නේ එම රසවත් පොතේ සිංහල පරිවර්තනයයි.

  • සාතන්ගේ අසරුවා-Sathange Asaruwa
    30 % OFF

    සාතන්ගේ අසරුවා-Sathange Asaruwa

    Original price was: රු1,700.00.Current price is: රු1,190.00.

    එංගලන්තයේ ගම්බද මැඳුරකට යාබද ව තම මව සමඟ වාසය කළ තමාට විප්ලවයෙන් ගිනි ගත් ප්‍රංශයේ ජීවිතය ගෙවන්නට සිදුවනු ඇතැයි මිනෙලා සිහිනයෙන් හෝ සිතුවේ නැත.

    සාතන්ගේ අසරුවා සමඟ හුදකලාවන ඇයගේ ඉරණම කෙසේ විසඳෙනු ඇති ද?

  • රිබෙයිරෝ දුටු ලංකාව-Ribeiro Dutu Lankawa
    30 % OFF

    රිබෙයිරෝ දුටු ලංකාව-Ribeiro Dutu Lankawa

    Original price was: රු1,980.00.Current price is: රු1,386.00.

    දාසය වන ශත වර්ෂයේ දී පුර්තුගීසි ජාතික ජෝවෝ රිබෙයිරෝ ශ්‍රී ලංකාවට පැමිණෙන විට, ඔහුගේ වයස අවුරුදු 19 ක් විය. හේ පුර්තුගීසි හමුදාවට බැඳී, අවුරුදු 18ක් මෙරට රජවරුන් සමඟ සටන් කළේ ය. ඒ අත්දැකීම් ද, එකල මෙරට සමාජ, ආර්ථික, සංස්කෘතික හා දේශපාලන පසුබිම ද විස්තර කරමින් හෙතෙම, සිය මහලු විය ලිස්බනයේ ගත කරමින් සිටිය දී මේ ග්‍රන්ථය ලියුවේය.

    වර්ෂ 1909 දී පී. ඊ. පීරිස් දැරණියගල විද්වතා, මුලින්ම පුර්තුගීසි භාෂාවෙන් ලියැවුණු මේ ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේ ය.

  • ඔයයි මමයි තව දෙන්නයි-Oyai Mamai Thawa Dennai
    10 % OFF
    Sold out!

    ඔයයි මමයි තව දෙන්නයි-Oyai Mamai Thawa Dennai

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

    මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැනගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා. වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩ නගන්න ඕනේ.

    මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ”මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීම් අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණා වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්.

  • මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ-Masa Nimakala Hadawathak
    10 % OFF

    මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ-Masa Nimakala Hadawathak

    Original price was: රු750.00.Current price is: රු675.00.

    දැන්වීමයි !

    ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක්

    ස්නේහයේ කටු ඇඹී ලේ ගැලු සිදුරු වුණු හදවතක්

    අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න

    වසා නිමකළ හදවතක් විකිණීමට තිබේ

    මගදි හමු වු වෙදැදුරෙක් මෙය පිළිකර කර තිබේ..

  • නීල වර්ණ-Neela Warna
    20 % OFF

    නීල වර්ණ-Neela Warna

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

    මමයි මගේ නංගි, අනූජායි දෙන්නම

    ආදරය කරලා තිබුණෙ එකම කෙනෙකුට…

    ඒ අපේ ගෙදර නවතින්න ආපු කුලී නිවැසියාට…
    එයාගෙයි මගෙයි ආදරේ අසම්මතයි.
    එයාගෙයි, අනූජාගෙයි ආදරේ සම්මතයි.
    ඒත් සම්මතයි කියන ආදරයකුයි,
    අසම්මත ආදරයකුයි අතර වෙනස මොකක්ද?
    ඒ ආදරේ අහිමි වුණාම දැනෙන වේදනාවෙ
    වෙනසක් තියෙනවද?
    කවුරුහරි මට ඒක කියාදෙන්න.
    —-මං තනායි—

  • පෝල්ගේ ලෝකය – Paul’s World
    20 % OFF

    පෝල්ගේ ලෝකය – Paul’s World

    Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

    “රියානා” ආගන්තුක ලෝකයක සිට තවත් ආගන්තුක ලෝකයකට අදිසියේ පැමිණි ඇය මුහුණ දෙන්නේ කුමනාකාර අත්දැකීම් සමුදායකටද ?
    මහා බලසම්පන්න මායාබන්ධකයින් ගේ බලයට යටපත්ව බියෙන් සහ කම්පනයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ලෝකය රියානාගේ නිජබිමය. මායාබන්ධකයින් ගේ ලෝකයට අදිසියේ පැමිණි පෝල් ව බේරාගැනීමේ උත්සාහයේදී රියානාට ද සිදුවන්නේ නොසිතූ ලෙසින් පෝල් ගේ ලෝකයට පැමිණෙන්නටයි. තාක්ෂණික දියුණුවෙන් ඔප් නැංවුණු නවීන ලෝකයට පැමිණි රියානාට දියුණු පරිසරයට අනුගත වීමට හැකිවෙයිද?
    මායාබන්ධකයින් යටත් කොට රියානාගේ ලෝකය අත්පත් කර ගැනීමට වෙරදරන ආශ්කාගේ බිහිසුණු සැලැස්ම පරාජය කිරීමට රියානාට සහ පෝල් ට හැකිවෙයිද?
    රියානාට නැවතත් සිය උපන් දේශය කරා යාමට හැකිවෙයිද?

  • රියානාගේ ලෝකය – Riana’s World
    20 % OFF

    රියානාගේ ලෝකය – Riana’s World

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

    සිඩ්නි උසස් පාසැලේ අධ්‍යාපනය ලබන පෝල් රෙනෝල්ඩ්ස් අදිසි සිදුවීමක ප්‍රතිඵලයක් ලෙසින් විවර වූ මායා දොරටුවකින් සමාන්තර ලෝකයක් කරා පිවිසීමෙන් කථා මාලාව ආරම්භ වෙයි. අදිසි දොරටුවෙන් ඇතුළු වූ පෝල් පිවිසෙන්නේ කාර්මික විප්ලවය ඇස නොගැටුණු ඉතා ප්‍රාථමික මට්ටමේ දිවි පෙවතක් ගෙවන වැසියන් පිරිසක් ජීවත්වෙන සමාන්තර ලෝකයකටයි. මේ ලෝකයේ වෙසෙන සුළු පිරිසක් අත පමණක් යම්කිසි මට්ටමක දියුණු තාක්ෂණික භාවිතාවක් තිබේ. ඒ සුළු පිරිස ‘මායා බන්ධකයින්’ ලෙසින් හඳුන්වනු ලබයි. මායා බන්ධකයින් තමන් සතුව ඇති තාක්ෂණ උපයෝගි කරගෙන බහුතර වැසියන් පාලනය කරනු ලබයි. සාමාන්‍ය වැසියන් ට නව දැනුම ගවේශනය කිරීම හෝ අත්හදා බැලීම සපුරා තහනම් ය. ඒ තහනමට එරෙහිව කටයුතු කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් හිමිවෙන අතර ඔවුන් දුෂ්කර මුඩුබිම් කරා පිටුවහල් කිරීමද මායා බන්ධකයින් විසින් සිදුකරනු ලබති.

    සමාන්තර ලෝකයේදී පෝල් ට එරට ස්වදේශික යුවතියක වූ රියානා ව හමුවෙයි. මායා බන්ධකයින් ගේ තාඩන පීඩන හමුවේ පෝල් සහ රියානා ගැලවී සිටින්නට දරන උත්සාහය මෙහිදිදැකගත හැකිය. ඒ සඳහා පෝල් තමා සතුව ඇති විද්‍යා සහ තාක්ෂණික ඥාණය නොමදව උපකාර කර ගනියි. ඒ අතර අතුරුදහන් වූ සිය මිතුරා වූ පෝල් නැවත ගෙන්වා ගැනීමට ඔහුගේ උසස් පාසැලේ මිතුරන් නොකඩවාම උත්සාහ කරති.

    ළමා කාලය රසවත් කල අතිශය ජනප්‍රිය රුපවාහිනි කතා මාලාවක සිංහල පරිවර්තනය ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් මහතාගේ පරිවර්තනයක් ලෙසින්.

  • පෘථිවි-Pruthivi
    15 % OFF

    පෘථිවි-Pruthivi

    Original price was: රු1,500.00.Current price is: රු1,275.00.

    ඔවුහු තමා යක්ෂයා ලෙස හංවඩු ගැසුවෝය.

    ද්‍රෝහියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය.

    ‘අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු

    යක්ෂයෙකු වීමට බලපායිද…’

    හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන්

    ඈත් වන්නා වූ ස්වර්ගය දෙස අවසන් වරටත්

    බැලු‍වේය.

    ‘ද්‍රෝහි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා

    හටය. දිනෙක එය සංසිඳෙනු ඇත. ස්වර්ගය

    බිඳ වැටෙනු ඇත!’

    තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ

    කරගත්තේය.

    ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ

    ඇස් මානයෙන් ගිලිහිණි.

  • කළු - ඉසුරු හිදැල්ල ආරච්චි
    15 % OFF
    Sold out!

    කළු – ඉසුරු හිදැල්ල ආරච්චි

    Original price was: රු1,250.00.Current price is: රු1,062.00.

    ‘පුංචි නෝනා’ යනුවෙන් නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන හඬට අවනත වූ කලෙක මෙන් මම තවත් වරක් හිස ඔසවා ඔහු දෙස බැලීමට තීරණය කළෙමි. යන්තමින් හිස ඔසවනවාත් සමඟ ම මා දකිනා දර්ශනය පිළිබඳව මට විශ්වාසයක් නොවූ තැන මම තවත් හොඳින් ම දැක ගැනීම සඳහා දෑස් ඒ වෙත නාභිගත කළෙමි. ඒත් සමඟ ම දුටු දසුන මාගේ මුළු සිරුර ම සලිත කරවමින්, රෝමෝද්ගමනය කිරීමට සමත්ව තිබුණි. මාගේ මුව දහඩියෙන් තෙමී යද්දී, කෙළ සිඳී යමින් මුළු සිරුර ම ගිනියම් සළුවක එතුණාක් වැනි හැඟීමක් දැනෙන්නට විය.

  • ශෘංගාර දනව්වේ උමා ශාක්‍යා-Srungara Danawwe Uma Shakya
    15 % OFF

    ශෘංගාර දනව්වේ උමා ශාක්‍යා-Srungara Danawwe Uma Shakya

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

    “මම ඔයාට ආදරේ කරනවා. හැබැයි ඒක විශේෂ ආදරයක්. ඒ ආදරේ ඇතුළෙ ඔයා මගෙමයි කියල හැඟීමක් මට දැනෙන්නෙ නැහැ. ඔයා වෙන ගෑනු ළමයෙක් ගැන කියන වෙලාවක මගෙ හිතට පුංචිම පුංචි දුකක් දැනෙනව තමයි. ඒක හරියට අල්පෙනිත්තකින් අනිනවා වගේ පුංචිම පුංචි වේදනාවක්. ඒත් ඒ වේදනාව තියෙන්නෙ තත්පර ගාණයි. ඉන් පස්සෙ මම සාමාන්‍ය වෙනවා. සාමාන්‍ය වෙලා ආපහු ඔයාට ආදරේ කරනවා. ඔයත් මට ආදරේ කරනවද නැද්ද කියන එක දැනගන්න මට අවශ්‍යතාවයක් එන්නෙ නැහැ.”
    ඇය කීවාය.

    “ඒක පුදුමයි… ඒත් මටත් දැනෙන දෙයක් තියෙනවා. මමත් ඔයාට ආදරෙයි. ඔයා කිව්ව දේම මටත් දැනෙන වෙලාවල් තියෙනවා. ඒත් ඔයා තරම්ම මට පාලනයක් නැහැ. ඔයා වෙන කෙනෙක් ගැන කියනකොට දැනෙන වේදනාව තත්පර ගණනකට වඩා මගෙ හිතේ තියෙනවා. මම හිතන්නෙ…
    ඔයාට වඩා මම දුර්වලයි…”

    “ඔයා දුර්වලයි නෙවෙයි,
    ඔයා ආදරණීයයි…”

  • ආකිමිඩිස් සිය දිවි නසා ගනී-Akimidis Siyadivi Hanikaragani
    10 % OFF

    ආකිමිඩිස් සිය දිවි නසා ගනී-Akimidis Siyadivi Hanikaragani

    Original price was: රු750.00.Current price is: රු675.00.

    එකපාරම

    මහ හයියෙන්

    වහින්න ගත්තා

     

    කරදරයි නම් තමයි

     

    ඒත් මං

    වහලෙ තෙමෙන තැන්

    දැනගත්තා

  • සෝඩා ඕන නෑ-Soda One Ne
    30 % OFF

    සෝඩා ඕන නෑ-Soda One Ne

    Original price was: රු400.00.Current price is: රු280.00.

    අහුලා ගත්ත හුස්ම රොත්තක
    කොටලා එවමි පපු කැවුත්තම
    ඇල්කොහොල් ගෑවුන
    පෑනෙන් කොනිත්තන
    දුක්බරම ගීයක් වේවා උඹට
    අතීතය අස්සේ
    හොය හොයා කිමිද්දන

  • බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kawi Liyawune Obataya
    10 % OFF

    බොහෝ කවි ලියවුණේ ඔබටය – Boho Kawi Liyawune Obataya

    Original price was: රු750.00.Current price is: රු675.00.

    කවි ලියැවුණේ ම

    මට ඔබව තදින් බදා වැලඳ
    සිපගන්න ම සිතුන දිනවල ය.

    “මේ දැන් දකින්න ඕනමයි” කියන…
    දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.

    නුඹ ළඟම දැවටීම
    ඔය ඇස් අසල ගැවසීම
    හීනයක දවටා
    හිත එතුළ ගිලී සැනසෙනා විට දී ය

    කවි තප්පරක් ස්වයංවාරණ තිබ්බත්
    හුස්මක් පාසා ම ඵ් සියලු දේ රැක්කත්,

    හුඟක් කවි ලියවුණේ ම

    නුඹව ම ඇවැසියි කියා හිත
    මුරණ්ඩු ම වුණ දවසට ය.

  • බයෝ කරපු ඒලෙවල් 3 – Bio Karapu A/L 3
    10 % OFF

    බයෝ කරපු ඒලෙවල් 3 – Bio Karapu A/L 3

    Original price was: රු500.00.Current price is: රු450.00.
  • මැයි මාර ප්‍රසංගය – May Mara Prasangaya
    10 % OFF

    මැයි මාර ප්‍රසංගය – May Mara Prasangaya

    Original price was: රු700.00.Current price is: රු630.00.
  • කැමේලියා – Camellia
    10 % OFF

    කැමේලියා – Camellia

    Original price was: රු975.00.Current price is: රු875.00.

    2024 ස්වර්ණ පුස්තක සම්මනය හිමි වු කෘතිය

  • එකට එක – Ekata Eka – The Happy Family
    20 % OFF

    එකට එක – Ekata Eka – The Happy Family

    Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

    “මොනවද අර ෆේස්බුක් එකේ දාලා තියෙන්නෙ?”
    ඒ එදා උදේම මට ආපු ඇමතුම…

    මං මුහුණුපොතට ගියා…

    දෙයියනේ…
    මගේ නිරුවත් පින්තූරයක්…

    ඒත් එක්කම තව ලින්ක් එකක්.
    ඒ ලින්ක් එක අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක්… අසභ්‍ය වෙබ් අඩවියක මගේ නිරුවත් වීඩියෝවක්!

    ඇත්තමයි,

    මං එහෙම වීඩියෝවකට පෙනී හිටියෙ නෑ…

    ඒත්…
    ඒ මමමයි.

    මං පුංචිම කාලෙදි මාව දාලා ගිහින්, අවුරුදු තිහකට පස්සෙ ආපහු මගේ ගාවට ආව මගේ අම්මත් එක්ක එක පවුලක් විදිහට සතුටින් ඉන්න හිතපු මට ඇයි එහෙම වුණේ?

  • Chéri Chérie – SWEETHEART-Poems (ශෙරි ශෙරි ස්විට්හාට්-පද්‍ය)
    10 % OFF

    Chéri Chérie – SWEETHEART-Poems (ශෙරි ශෙරි ස්විට්හාට්-පද්‍ය)

    Original price was: රු800.00.Current price is: රු720.00.

    මම හිටියෙ නිර්වාණය ලබන්න

    ඔන්න මෙන්න කියලා

    ඒ වගේ සැහැල්ලුවක්

    ඒ වගේ තෘප්තියක්

    ඒ වගේ සතුටක්

    මට මීට කලින් දැනිලා තිබුණෙ නෑ.

    ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට

    මාව දෝරෙ ගලනවා

    මම සැනසෙනවා

    මම පාවෙනවා

    මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා