SHOP
  • කොන්ෆික්ටියුරා - Confictiura
    15 % OFF

    කොන්ෆික්ටියුරා – Confictiura

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    ලෝකයේ අනාගතය වෙනස් කරවිය හැකි නැනෝ පරිමාණයේ උපාංගයක් නිර්මාණය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක්…

    “අපි හැමෝම හැබෑ ජීවිතයේ චිත්‍රපට නරඹනවා… පරිගණක ක්‍රීඩාවල නිරතවෙනවා… බැරිවෙලාවත් ඔබට පුළුවන් නම් ඒ චිත්‍රපටියෙ, එහෙමත් නැත්තම් ක්‍රීඩාවේ හැබෑවටම සැරිසරන්න?” මහාචාර්යතුමා සභාව සිසාරා බැල්මක් හෙළුවා.

    සියවසේ විශිෂ්ටතම සොයාගැනීම ඇස්පනාපිටම අත්හදාබැලීමේ දුර්ලභ අවස්ථාව ලබන තරුණ පිරිසක්..

    “ඒ කිව්වෙ රයන්…” මම අමාරුවෙන් වචන හොයාගත්ත. “අපි දැන් කොන්ෆික්ටියුරා එකක් ටෙස්ට් කරන්න යන්නෙ? එහෙමද?”

    රයන් ජයග්‍රාහී විදියට ඔළුව වැනුවා-

    “ඔයාල ඉතිහාසගත වෙන්න යන්නෙ!”

    මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම සොයාගැනීමක කොටස්කරුවන් වෙමින්, මායා ලෝකයන් සහ කල්පිත අධිරාජ්‍යයන් ඔස්සේ අතීතයේ සිට අනාගත ලෝකයට ත්‍රාසජනක ගමනක යෙදෙන ඔවුන්ගේ ඉරණම කෙසේ වේවි ද?

    “ඒ කියන්නෙ ඔයා මේ මාළිගාවෙ හිරකාරියක්?”

    “මං හිතුවෙ ඔයා ඒක දන්නව කියල…”

    “මං දන්නව ඔයා ෂෙහෙරසාඩ් කියල ප්‍රින්සස් කෙනෙක් කියන එක. ඒ ඇරෙන්න…”

    “මෝඩයෝ!” කවී පුටුවෙන් නැගිට්ටා- “ෂෙහෙරසාඩ් කියන්නෙ කවුද කියල ඔයා දන්නෙ නැද්ද!? ඔයා විහිලු කරනව නෙවෙයි නේද!!??”

    “මට ඒ නම නම් අහල පුරුදුයි…”

    “දෙයියනේ මේ කොල්ලො කියන ජාතිය! මෙලෝ සිහියක් නෑනෙ මුන්ට…” එයා නොයිවසිල්ලෙන් කිව්ව.

    අපි ඉන්නෙ ජීවිතයත් මරණයත් අතර සටනක කියලවත් කාටවත් ගාණක් තිබුණෙ නෑ. මොකද කිව්වොත් කොන්ෆික්ටියුරා එක වැඩකරන විදියට අපි ඒ වෙද්දිත් වහවැටිලයි හිටියෙ. චිත්‍රපටිවල, පොත්වල තියෙන කතාවල හැබෑවටම මේ වගේ ජීවත්වෙන්න තියෙන එක මොනතරම් අපූරුද?

    ඒත් ඇත්තටම ඒක එහෙමද?

  • අතුරුදහන් යුවතියෝ - Athurudahan Yuwathiyo
    15 % OFF
    Sold out!

    අතුරුදහන් යුවතියෝ – Athurudahan Yuwathiyo

    Original price was: රු1,750.00.Current price is: රු1,487.00.

    නිකොලට් ෆැරල්, සිය කලණ මිතුරිය කොරින්ගේ අතුරුදන් වීමත් පසු තුරු කැරොලිනාවේ පිහිටි සිය උපන් බිම වූ කුලිරිජ් නගරය හැරගොස් වසර දහයක් ගෙවී ගොසිනි. රෝගාතුරව සිටින සිය පියාගෙන් හදිසියේගි පැමිණෙන කෙටි ලිපියක් ඈ සසල කරවන්නට සමත් වෙයි.

    “අර කෙල්ල! මං අර කෙල්ලව දැක්කා..!”

    සැබැවින්ම සිදුවන්නට ඇත්තේ කුමක්ද?

    නිකොලට්ගේ පියාගේ රෝගී තත්වය උත්සන්න වීද? නැතිනම් සැබැවින්ම ඔහු දැක ඇත්තේ කොරින්ද?

    ඔහු සැබැවින්ම දැක ඇත්තේ කොරින් නම් වසර දහයකට පෙර කොරින්ට සිදුවන්නට ඇත්තේ කුමක්ද?

    නොවිසඳුණු අබිරහස පිළිබඳ සොයා යාමටත්,

    රෝගාතුරව සිටින සිය පියා පිළිබඳ සොයා බැලීමටත් නිකොලට් යළි සිය ගම්බිම් බලා පැමිණෙයි.

    නමුත් දශකයකට පසු නගරය තුළ සිදුවන තවත් අතුරුදන්වීමක් නගරවාසීන් සියල්ලන්ම යළිත් සැකකරුවන් බවට පත්කරයි!

  • සිංහ සෙයියාව - Sinha Seiyawa
    15 % OFF

    සිංහ සෙයියාව – Sinha Seiyawa

    Original price was: රු1,250.00.Current price is: රු1,062.50.

    සිංහයා ස්ව ජාතික සංකේතය වශයෙන් සැලකූ ජාතියක ඉරණම සැමදා එක සේ එකවන් ව පැවැතියේ නැත. වරෙක ප්‍රතාපවත් ව ද, වරෙක ලොම් හැලුණු මහලු වෙසකින් ද ඒ අභීත සිංහයාට දිවි ගෙවන්නට සිදු වූයේ ය. සිංහ සෙයියාව යනු සිංහයාගේ විවිධ ඉරියව් නම් මේ පරිණාමය ද සිංහයාට නන්විධ ස්වරූප ලබාදෙන්නට හේතුවූයේ ම ය.

  • රන් නාරි කුඤ්ජරය - Ran Nari Kugnjaraya
    15 % OFF

    රන් නාරි කුඤ්ජරය – Ran Nari Kugnjaraya

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

    සිඳ බිඳ දැමූ ප්‍රථම ප්‍රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත්‍රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප්‍රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතුවේ ද?

    එතෙක් නොවටිනා දෑට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව්‍යාපාරික ප්‍රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ.

    හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක්‍ෂාව සහ අපේක්‍ෂා භංගත්වය තුළ දෝලනය වන හෙලේනාට, සියල්ල අතරේ නොනැසී රැකෙන්නට ධෛර්යය පමණක් නොසෑහෙයි. තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී. ‘රන් නාරි කුඤ්ජරය’, ගැහැනියකගේ බලයේ කතාවයි.

  • මරකත ඵලකය (#02) - Marakatha Phalakaya
    15 % OFF

    මරකත ඵලකය (#02) – Marakatha Phalakaya

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    සිටුතුමාගේ භීෂණයෙන් වසර දෙකකට පසුව ෂෙරින්ෆර්ඩ් නගරයට නැවතත් මරණයේ සෙවණැල්ල වැටෙයි. කෲර දාම ඝාතකයෙක් නගරය තුළ නිදැල්ලේ සැරිසරයි.

    යක්ෂයින්ගේත් යක්ෂයා නගරයට පැමිණ ඇත!

    ඝාතකයා ඉතිරි කර යන ඇල්කෙමි සලකුණු වල අර්ථය කුමක්ද? වසර දහස් ගණනක් පැරැණි ගුප්ත ලේඛනයක් මේ අබිරහස විසඳීමට උදව් වන්නේ කෙසේද?

    සිටුතුමා පවා බිය වූ මේ අපරාධකාරයා කවරෙක්ද?

    අමරණීයත්වයේ රහස මොහු සතුද?

    යථාර්ථය ප්‍රශ්න කරවන, අධිස්වභාවික, දරුණු අපරාධයක් රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් ඉදිරියේ ඇත. ඔහු තම අසහාය බුද්ධිය භාවිත කරමින් නැවත දරුණු අපරාධකරුවෙක්ව හඹා යා යුතුය.

    මෙවර අනතුරේ ඇත්තේ නගරය නොව මුළු මහත් ලෝකයයි. නමුත් ඒ අනතුර ලෝකයා නොදන්නා රහසකි. ක්‍රිස් ටයිලර් සතුවද රහසක් ඇත. මේ ඔහුගේ දිවියේ දරුණුතම සටනයි.

  • මරකත පිළිලය - Marakatha Pililaya
    15 % OFF

    මරකත පිළිලය – Marakatha Pililaya

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැඟිට ආ දරුණු අපරාධකරුවෙක්…

    පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සීමා විරහිත පුද්ගලයෙක් බිහි කරන රසායනයක්…

    නගරවාසීන්ගේ ජීවිත බිලි ගන්නා දිනුමක් නොපෙනෙන මාරාන්තික සෙල්ලමක්…

    රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර්ගේ තර්කන බුද්ධියට මේ ප්‍රහේලිකාව විසඳිය හැකි වනු ඇත්ද..?

    ඔහු නගරයේ මෙන්ම තම ආදරණීයයන්ගේ නාමයෙන්, අධිස්වාභාවික ලෙස පෙනෙන සිද්ධීන් දාමය පිටුපස ඇති සත්‍යය සොයා යා යුතුය.

  • මැග්පයි මර්ඩර්ස් - Magpie Murders
    15 % OFF

    මැග්පයි මර්ඩර්ස් – Magpie Murders

    Original price was: රු2,450.00.Current price is: රු2,080.00.

    ඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බ්‍රවුන් වැනි රහස්පරීක්ෂණ කතා ලෝලියෙක්ද?

    ඔව්?

    විශ්වාස කරන්න මිත්‍රයා… එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත!

    එංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ, ජනකාන්ත රහස්පරීක්ෂක කතා රචක ඇලන් කොන්වේ, අබිරහස් අයුරින් ඛේදනීය ලෙස මියයයි. ඔහුගේ මරණය ගැනත්, ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්, පැටලුණු ගැටලු පමණක් බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගතකරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ, මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද?

    ඇලන් කොන්වේගේ කෘතියක,

    ඔහු ලියූ වැකි පෙළක,

    ළමා කවියක,

    ඔහු ගොඩනැඟූ චරිත සමූහයක,

    ඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද?

    පොතක් තුළින් පොතක් තුළට දීර්ඝ සංචාරයක නියැළී, අබිරහස විසඳීම ඔබට බාරයි.

    විශ්වාස කරන්න…

    ඇතැම්විට සුප්‍රකට රහස්පරීක්ෂක ඇටිකස් පන්ඩ් අබිබවා, ඇවොන් ගම්මානයේ ඛේදවාචකය නිරාකරණය කරගැනීමට ඔබට හැකිවනු ඇත!

  • ජයතිස්ස සහ රොස්ලින්-Jayathissa Saha Rosalin
    10 % OFF
    Sold out!

    ජයතිස්ස සහ රොස්ලින්-Jayathissa Saha Rosalin

    Original price was: රු700.00.Current price is: රු630.00.

    ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.

  • රාමායනය-Ramayanaya
    10 % OFF

    රාමායනය-Ramayanaya

    Original price was: රු750.00.Current price is: රු675.00.

    හින්දු සංස්කෘත සාහිත්‍යයට අයත් මහා කාව්‍යයන් අතරින් පැරණිතම මහා කාව්‍යය රාමායනය යි. මෙය රචනා කොට ඇත්තේ වාල්මිකී නම් පඬිවරයෙකි

  • අක්කර පහ-Akkara Paha
    10 % OFF

    අක්කර පහ-Akkara Paha

    Original price was: රු900.00.Current price is: රු810.00.

    සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත. අඩසියවසක් පුරා පාඨක අවධානය මැනවින් ග්‍රහණය කරගත් මේ නවකතාව විවිධ විභාග සඳහා නිර්දේශ වී ඇති අතර සිනමා සිත්තමට ද නැගුණු අපූරු ගද්‍ය කාව්‍යයකි. 1959 වර්ෂයේ පළ වූ විශිෂ්ටතම නිර්මාණයට හිමිවන දොන් පේද්‍රිස් ත්‍යාගය ද දිනාගන්නා ලදී.

  • දහස්පෙති-Dahas Pethi
    10 % OFF
    Sold out!

    දහස්පෙති-Dahas Pethi

    Original price was: රු800.00.Current price is: රු720.00.

    වර්තමාන ලෝකයෙන් අතීතයට සිය සාහිත්‍ය ලෝකය ඔස්සේ ගමන කරන කතුවරිය 1910 තරම් ඈත කාලයේ කතාවක් මේ කෘතිය තුළින් නිර්මාණය කොට තිබේ. අප ජීවත්වන කලබලකාරී වටපිටාවෙන් මිදී ඒ සුන්දර අතීතය තුළ මොහොතක් කාලය ගෙවන්නට මේ නවකතාව අපූරු දොරටුවක් විවර කරවයි.

  • ලාබයි ඇපල්-Labai Apple
    10 % OFF

    ලාබයි ඇපල්-Labai Apple

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    ප්‍රවීණ ලේඛිකාවක වන තුෂාරි අබේසේකර විසින් ලියන ලද නවකතාවකි. ටෙලි නාට්‍යයක් ලෙසින් ද එළිදුටු නිර්මාණයකි. විවිධාකර හේතු නිසා කොළඹ නගරයේ පහත් යැයි සම්මත සමාජ ස්ථරයන් හි ස්ථානගතවන, කොළඹ නගරය පුරා ලාබෙට විකිණෙන ඇපල් මෙන්, සමාජය විසින්ම අඩු තක්සේරුවක් ලබා දෙන කාන්තාවන්ගේ ජීවිතවල අපට නොපෙනෙන පැත්ත පිළිබඳ කතා කරයි

  • ඕරා-Ora
    10 % OFF

    ඕරා-Ora

    Original price was: රු850.00.Current price is: රු765.00.

    අන්තර්ජාලය, නවීන තාක්ෂණය සමඟ මුසු කරගනිමින් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලෙස මෙම කෘතිය රචනා කර ඇත. විද්‍යාත්මක සංකල්ප හා දාර්ශණික මතවාද එකතුවෙන් නිර්මාණාත්මක විද්‍යා ප්‍රබන්ධයක් ලෙස මෙය පාඨකයා අතට පත්

  • රොබින් හුඩ්-Robin Hood
    10 % OFF

    රොබින් හුඩ්-Robin Hood

    Original price was: රු490.00.Current price is: රු441.00.

    රොබින් හුඞ් යනු ඉංග්‍රීසි ජාතිකයන්ගේ ජනකතාවල සඳහන් වන වීරයෙක් මෙන්ම කැරළිකරුවෙකි. ඔහු දුනු ශිල්පයට සහ කඩු ශිල්පයට අති දක්ෂයෙකි. ධනවතුන්ගෙන් සොරාගන්නා ධනය දුප්පතුන් අතර බෙදාදීම නිසා ඔහු සාමාන්‍ය ජනතාව අතර වීරයකු බවට පත් විය. මධ්‍යතන යුගවලදී ජනප්‍රියත්වයට පත්වන්නට පටන් ගැනුණු රොබින් හුඞ් චරිතය විවිධ සාහිත්‍ය නිර්මාණ ඔස්සේ කාලයත් සමඟ වර්ධණය විය. රොබින් හුඞ් යනු හුදෙක් කල්පිත චරිතයක් බව ඇතැමෙක් පවසන අතර මෙවැනි පුද්ගලයකු ජීවත් වූ බවට ඇතැමෙක් සඳහන් කරති. මේ අපූරු චරිතය වටා ගෙතුණු රොබින් හුඞ් කෘතිය සිංහල බසට සම්පාදනය කරන්නේ ඬේවිඞ් කරුණාරත්නයන් විසිනි.

  • එදා හෙළදිව-Eda Heladiwa
    10 % OFF

    එදා හෙළදිව-Eda Heladiwa

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්‍රීසි ජාතියාගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්‍රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි .

  • සාපේක්ෂණි-Sapekshani
    15 % OFF

    සාපේක්ෂණි-Sapekshani

    Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

    වන්නියේ ජන ජීවිතය මුර්තිමත් කරමින් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ අපූර්ව විප්ලවයක් කළ නවගත්තේගමයන්ගේ ‘සාපේක්ෂණි’ පාඨකයන්ගේ වින්දන ශක්තිය ප්‍රබෝධවත් කරන නිර්මාණයක, නවතම මුද්‍රණයයි.

  • 105
    20 % OFF
    Sold out!

    105

    Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

    ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
    තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.

  • යටිසිත 2-Yati Sitha 2
    20 % OFF
    Sold out!

    යටිසිත 2-Yati Sitha 2

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

    මානසික සහ අධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක සිට නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කරගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි.

    මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:

    * කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජයගැනීම

    *මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර

    *ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම

    *සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම

    *සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම

  • යටිසිත-Yati Sitha
    20 % OFF
    Sold out!

    යටිසිත-Yati Sitha

    Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

    ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.

    ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.

    කිසි දිනක ඉටු කර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනිම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.

    පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.

  • ශ්‍රීකාන්ත හා රාජලක්ෂ්මි-Shreekantha Ha Rajalakshmee
    20 % OFF

    ශ්‍රීකාන්ත හා රාජලක්ෂ්මි-Shreekantha Ha Rajalakshmee

    Original price was: රු1,050.00.Current price is: රු840.00.

    ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළුෑ කඳුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළී පැවතිණ. ඔවුන් දැන් කොහේ ඇද්දැයි මට නිතරම සිහි විය. ඔවුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි. සැඳෑ හිරුරැස් අප ඉදිරියේ වු තැනිතලාවේද එහි තිබුණු හුදෙකලා බට පඳුරේද සියඹලා ගස් මතද රන් පැහැයක් තැවරීය. මම රාජලක්ෂ්මීට හොරෙන් ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් මත වූ සිනාව ඒ වන විටත් මැකී ගොස් තිබුණේ නැත. හිරුගේ විසිරුණු ස්වර්ණ ප්‍රභාවෙන් ඇගේ සුපුරුදු සිනාමුසු මුහුණ දකිද්දී එය කිසියම් අපූර්ව බවක් පළ කළේය.

  • අපරාජිත ජීවිතයක්-Aparajitha Jeevithayak
    20 % OFF

    අපරාජිත ජීවිතයක්-Aparajitha Jeevithayak

    Original price was: රු680.00.Current price is: රු544.00.

    විභූති භූෂණ බන්ද්‍යොපාධ්‍යාය භාරතීය සාහිත්‍යාම්ඹරය ප්‍රභාමත් කළ ප්‍රතිභා සම්පන්න මහා ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ භාරත දේශයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ “අපරාජිතෝ” නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්‍ෂ්මී සිංහආරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ .

    ඈ විසින්ම පරිවර්තනය කරන ලද (මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේම) මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු “අපූ” නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත. සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය පිළිබඳ ගැඹුරු අරුතක් කු ගන්වන මේ නවකතාව සත්‍යජිත් රායිගේ සිනමා කාව්‍යයක් බවටද පත් විය.

  • සොලමන් රජුගේ දෙවොල-Solaman Rajuge Dewola
    20 % OFF
    Sold out!

    සොලමන් රජුගේ දෙවොල-Solaman Rajuge Dewola

    Original price was: රු2,180.00.Current price is: රු1,740.00.

    සොලමන් රජුගේ දෙවොල

    පරිවර්තනය

    මානෙල් කරුණාතිලක

    “ඊජීප්තුව යනු සොලමන්ගේ දෙවොලේ හදවතයි. කාර්නැක් කියවිය යුතු ඕනෑම කෙනෙක් ජෙරුසෙලම කියවා ගනීවි. යාවේහ් දෙවොල කියවිය හැකි ඕනෑම කෙනෙක්, ජීවිතයේ නවාතැනේ අබිරහස් හා විද්‍යාව දැනගනීවි.”

    මාස්ටර් හිරාම්

    “තනිකමක් දැනෙන විට මා හිරු උදාවට පෙර මෙහි පැමිණ ඔබේ විශිෂ්ට ඉදිකිරීම දෙස බලා සිටිනවා. දෙවියන් මට අසම සම නිර්මාණ ශිල්පියෙකුගේ සහාය ලබා දුන්නා. එය, මිතුරකුගේ සහය වැනියි. ඔබ, මා සොයා යන ඒ ඥානය ලබා දෙන පණිවුඩකරුද හිරාම්?”

    සොලමන් රජු

    “දඩයක්කරුවාට එකම ගොදුර දෙවරක් වරදින්නේ නැහැ.සොලමන් ඔබව මරා දමාවි මගේ කුමරුනි.”

    කාලෙබ්

    “මා සෙවනැල්ලටත් වඩා නිහඬව ඉන්නම්. හිරු රශ්මියට වඩා විනිවිද පෙනෙන්නම්. ශරත් ඍතුවේ සුළඟට වඩා සුවඳවත් වෙන්නම්, මගේ රජුනි.”

    පාරාවෝ දියණිය, නග්සාරා.

    “මේ කෝප්පයට දෙව්ලොවෙන් හෝ මහපොළොවෙන් නොලැබුණු වතුර දමා මට දෙන්න රජතුමනි.”

    ෂෙබා රැජින, බැල්කිස්

  • මම මලීකා-Mama Maleeka
    20 % OFF

    මම මලීකා-Mama Maleeka

    Original price was: රු900.00.Current price is: රු720.00.

    “මට මගේ නම කියලා කතා කරන්න! මම කැත නැහැ. මං මෝඩ නැහැ. මම මලීකා මැඩිසන් … ඔව් මං කළුයි තමයි. හොඳටම කළුයි.. ඉතින්, ඒක නිසා ඔයා මට කැමති නැත්නම්, ඒකට මට කරන්න දෙයක් නෑ… මොකද, මේ තමයි මගෙ හමේ පාට!” මම හයියෙන් කෑගහනවා.

    “චාර්ලීස් ජෝන්ස්, ඔයා තමන් ගැන මොන විදිහට හිතාගෙන හිටියත්, ඔයා මට වඩා දහ ගුණයක් නරකයි. මම නම් කවදාවත් ම තව කෙනෙකුට බල කරන්නෙ නෑ, පන්ති කාමරයක් ගිනි තියන්න කියලා… මං කවදාවත් මට වඩා දුර්වල ළමයින්ට වද දෙන්නෙ නෑ, ඒ වගේම, තව කෙනෙකුගෙ හිත තුවාල කරන්න පුළුවන් විදිහේ පහත්, දුෂ්ඨ වචන කියන්නෙත් නෑ.”

  • තේ තවම උණුසුම්-The Thawama Unusum
    20 % OFF

    තේ තවම උණුසුම්-The Thawama Unusum

    Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

    “සති පූජාව තියාල ගෑනු පණ පිටින් පුච්චල දාන එක තිරිසන් වැඩක් නෙවිද? එක මිනිහෙකුට එක ගෑනියෙක් හිටියාම මදිද? කණවැන්දුමී තව මිනිහෙක් එක්ක යන් නැතුව මැරෙනකං හිඟාකන්ට ඕනෑද? හඃ මට දැනුයි තේරුණේ ඔහේගෙ රටට තියෙන ආදරේ.”

    – සෙල්වී –

    “මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්ට බෑ කියාල. අපේ ජීවිත වලින් බාගයක් තවම භාරතයෙ. අපේ ලේ එහෙ වැළලුවා අපි. ඒකයි අපට ඒ රට අතාරින්ට ඒ තරම් අපාසු.”

    – වේලු –

    “මේ අහපං කෙල්ලෙ. උඹට පෙරේසං කොරන්ට තියෙන්නේ ඔය කිතුල් හකුරු බෑ දෙකයි, තුන්හුලස් මී වද කෑල්ලයි ඉතරා. ඔය මීවද ඔලට වලස්සු මැරීගන එනවා. උනුන් කා ගන්නවා. මරා ගන්නවා. මී වදේ සුප්පන්ට. මී පැණි ලෝන්ට. හැබැයි උඹට පුළුහනි උන්ගෙන් එව්වා බේරගන්ට”

    – කොවේහාමි –

    “මාත්තයා මේක වීලු නෙමේ. මේක එත්ත. මාත්තයා මංගෙන් වෙඩ ගත්තා මංට ගෙව්වෙ නේ. මං ගෙ කුලීය දෙන්ඩ මාත්තයා. පීය ගන්ඩ ෂල්ලි දෙන්ඩ. පීය ගන්ඩ ෂල්ලි දෙන්ඩ.

    – සුරේෂ් –

  • යක්ෂයාගේ හාදුව-Yakshayage Haduwa
    20 % OFF

    යක්ෂයාගේ හාදුව-Yakshayage Haduwa

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

    ස්කයි ස්ටැන්ඩිෂ් ලස්සන, ධනවත්, විනෝදකාමී නමුත් පිරිමින්ට ද්වේශ කරන තරුණියකි. ඇය සිතුවේ තමන්ට ජීවිතයේ අවශ්‍ය සියලුම දේ ඩොලර් වලට ලබාගත හැකි අතර ඩොලර්වලින් කළ නොහැකි දෙයක් නැති බවය. උවදුරු සම්බන්ධව කරන ලද සියලු අනතුරු හැඟවීම් ඉවතලන ඇය බලකර සිටියේ ඒකාධිපතියෙකු විසින් පාලනය කරනු ලැබූ, පසුබෑමට ලක්ව තිබූ, නමුත් අතිශයින්ම ලස්සන මරිපෝසා නම් කුඩා දකුණු ඇමෙරිකන් රාජ්‍යය තනිවම ගවේශනය කිරීමටය.

    පළමු දිනයේ අසුපිට සංචාරයේ යෙදුනු ස්කයිට දැක ගැනීමට හැකි වූයේ ගසක එල්ලෙමින් තිබූ මියගිය මිනිසකුගේ සිරුරකි. එදින ඇය ආපසු හරවා එවා තිබුණේ දුෂ්ඨ හා බලවත් දාමරිකයකු වූ එල් ඩියාබ්ලෝ නමැති මිනිසෙකි. කුතුහලයට පත් ඇය දෙවැනි දිනයේ උත්සාහ කළේ මේ මිනිසා ගැන තවදුරටත් සොයා දැනගැනීමටය. නමුත් පැහැර ගැනීමකට ලක්වන ඇය රැගෙන යන්නේ ඔහුගේ කඳුකර කඳවුර වෙතය. ස්කයි ඔහු යටතේ කෙලෙස පීඩාවට පත්වන්නේද, නුසුදුසු ධෛර්යවන්තකම නිසා අලුත් අනතුරු වලට මුහුණ දීමට සිදුවන්නේ කෙසේද, රටේ සිදුවන විප්ලවයකට ඇය මැදිහත් වන්නේ කෙසේද සහ අවසානයේ ඇය සතුට සොයාගන්නේ කෙසේද? මේ සිදුවීම් මාලාව මූලිකාංගවූ මෙය අතිශය විස්මය ජනක ප්‍රේම වෘතාන්තයකි.

  • ජිමී සහ පොලියානා-Jimee Saha Poliyana
    15 % OFF

    ජිමී සහ පොලියානා-Jimee Saha Poliyana

    Original price was: රු760.00.Current price is: රු646.00.

    පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය.යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහර ය. කත්‍යානා අමරසිංහ පොලියානා අපට හදුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසිසේ සුරකිමිනි. ඇගේ පරිවර්තන කාර්යයයොවුන් පාඨකයාට පමණක් නොව වයසින් මුහුකුරා ගිය පාඨකයෙකුට වුව හෘදයාංගමය.

  • සතුට බෙදන පොලියානා-Sathuta Bedana Poliyana
    15 % OFF

    සතුට බෙදන පොලියානා-Sathuta Bedana Poliyana

    Original price was: රු850.00.Current price is: රු722.50.

    පොලියානාගේ ජීවන වෘතාන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් පාඨකයන් අතට පත් වේ. තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතිවිලි පහළ වන අන්දම හා ඒවා හැසිරෙන ආකාරය – තමා අවට පරිසරය ජීවිතයට බලපෑම් කරන අන්දම – කදිමට මෙහි නිරූපිතය.
    හොඳ සාහිත්‍ය කෘතියකින් ජීවිත අරුත් රසයෙන් යුත් වින්දනයක් පාඨකයාට උරුම වේ. එය පාඨකයාගේ ජීවන අත්දැකීම් පුළුල් කිරීමටද හේතු වේ. යොවුන් පාඨකයන්ට අර්ථ සම්පන්න සාහිත්‍ය කෘතියක් ලෙස පොලියානා කතා මාලාව හැඳින්විය හැකිය. මෙහි අවසන් භාගය ජිමී සහ පොලියානා ලෙසින් පළ වී තිබේ.

  • පොලියානා-Poliyana
    15 % OFF

    පොලියානා-Poliyana

    Original price was: රු1,250.00.Current price is: රු1,062.50.

    යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරිණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැගීම්වලින් මඬනා ලද බව සත්‍යයකි.එහෙත් කුඩා වියේදි ලබන්නා වු විවිධාකර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක්වේ ….. යොවුන් පාඨකයන් අතර තාරුණයයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයාංගම ලෙස ජනප්‍රිය වේ.ඒ චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව – ඉමිහිරි සතුට – මෙන්ම ආත්මවිශ්වාසය ද අත්කර දෙයි. පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයාංගම හා රසවත් කතාවකි.

  • මහ වන අරණේ පුංචි කතුවරිය-Maha Wana Arane Punchi Kathuwariya
    10 % OFF
    Sold out!

    මහ වන අරණේ පුංචි කතුවරිය-Maha Wana Arane Punchi Kathuwariya

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

    සුප්‍රසිද්ධ කතුවරියකගේ සැබෑ ජීවිත කතාව

    ලිට්ල් හවුස් කතා මාලාවට අනුප්‍රාණය දුන්
    සැබෑ චරිත පිළබඳ ලියැවුණු
    මනස්කාන්ත විවරණයක්

  • වෙරළබඩ නගරයේ කුඩා නිවහන-Weralabada Nagaraye Kuda Niwahana
    20 % OFF
    Sold out!

    වෙරළබඩ නගරයේ කුඩා නිවහන-Weralabada Nagaraye Kuda Niwahana

    Original price was: රු850.00.Current price is: රු680.00.

    Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House on the Prairie රූපවාහිනී නාට්‍ය මාලාවට පාදක වුණු Little House පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි. මෙය, කොටස් හතරකින් ලියැවුණු එම කතා මාලාවේ පළමුවැන්නයි.

    19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප්‍රීතිමත්, සුන්දර සැනසිලිදායක ජීවිතය පිළිබඳ කතාව යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන්ට ද එක සේ රස විඳිය හැකිය.

  • යක්ෂයා නිදැල්ලේ - Yakshayaa Nidelle
    15 % OFF

    යක්ෂයා නිදැල්ලේ – Yakshayaa Nidelle

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    වසර විස්සකට පෙර ලුයීසියානාවේ කුඩා නගරයක සිදු වූ ඝාතන දාමයකි. දශක දෙකකට පසුව ඒ බියකරු සිහිනය පෙරළා පැමිණ තිබේ.

    යොවුන් දැරියන් සය දෙනෙකුගේ මරණවල වගකීම් භාරගත් සිය පියා නිසා ඉමහත් කම්කටොලු විඳ දරාගත් ක්ලෝයී ඩේව්ස්, සිය අතීතයේ අඳුරු මතක මතින් නැඟී ජීවිතයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළා පමණි. නමුත් එහි සතුට විඳගන්නට ඇයට වරම් ලැබෙන්නේ නැත. නැවතත් යොවුන් දැරියන් එකා දෙන්නා අතුරුදන් වන්නට පටන්ගන්නේ, වැළලී ගිය ළමා කල බිහිසුණු සැමරුම් ගොඩගන්නට ක්ලෝයීට බල කරමිනි.

    වසර විස්සකට පෙර සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි යන්න සොයා යන ගමනේදී, ඝාතකයා තමන්ගේම සමීපතමයෙකු වේදැයි යන භයානක පැනයටද පිළිතුරු සොයන්නට ක්ලෝයිට සිදු වේ. පැරණි සැමරුම් සමග එකී අලුත් උවදුරු තමන් පෙළද්දී, ඈ මායාවෙන් සැබෑව වෙන්කරගන්නේ කෙසේද?

  • චන්‍ද්‍රාග්නි-Chandragni
    20 % OFF
    Sold out!

    චන්‍ද්‍රාග්නි-Chandragni

    Original price was: රු1,200.00.Current price is: රු960.00.

    “බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්‍ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජීවිත අවුල් නොකරති. සියල්ල දැනගෙන නොදන්නා සේ අනිකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතින තුරු, මඳ නල හා මුසු වී විශ්වයම සුවඳවත් කරයි.”