SHOP
  • රෙයින් ඩ්‍රොප් ඔෆ් ද පෙයින් (පද්‍ය)-Rain Drop of the Pain-Poems
    10 % OFF

    රෙයින් ඩ්‍රොප් ඔෆ් ද පෙයින් (පද්‍ය)-Rain Drop of the Pain-Poems

    Original price was: රු850.00.Current price is: රු765.00.

    මට මගේ කවි සිත නිරුවත් කිරීමට අවශ්‍ය විය ! _______________________________ රේන්ඩ්‍රොප්ස් ඔන් ද පේයින් 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 – වේදනාව මත වැහි බිදු 𝐓𝐡𝐚𝐭 𝐦𝐨𝐫𝐞 𝐢 𝐭𝐫𝐲 𝐭𝐨 𝐟𝐨𝐫𝐠𝐞𝐭, 𝐓𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐢 𝐫𝐞𝐦𝐞𝐦𝐛𝐞𝐫 📖️ 💙🖤 සතුට ලියලුනු, දුක වැපිරවුනු සහ කලකිරීම් මෙන්ම පසුතැවීම් කම්මුල් පහර ගසන සෑම විටෙකදීම 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 හි හිස් පිටු මා අතින් පින්තාරු විය… __________________________ බිදී ඇති හිත්, තැලී ඇති හිත්, යන්තමින් අමුනාගෙන යලි අටවාගෙන ඇති හිත්, දුර්භික්ෂයෙකින් පසු නැවතත් යලි පන ගසමින් ඇති හිත්, තටු විහිදුනු හිත්, පියෑඹූ හිත්, හිරිමල් තරුණ හිත්, ආදරණීය ස්පර්ශ තටු අකුලාගෙන ඇති වියපත් හිත් සහ ප්‍රේමණීයම ශුංගාර තවමත් යාන්තමින් හෝ මුලු ගැන්වී ඇති මහලු හිත්, පැමිණ Raindrops පිංතාරුව මත සැතපෙන්න… 💙🖤🩶 ✍️ Shashendry Rajapaksha 📖️ #raindrops_on_the_pain

  • ද සීක්‍රට්-The Secret
    20 % OFF

    ද සීක්‍රට්-The Secret

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

    “තනි උන ගෑණියෙක් කියන්නේ තමුසෙලා වගෙ මානසික අසහනකාරයින්ගෙ අතේ නැටවෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. ගෑණු කියන්නේ රෝස මල් කියලා කියන පිරිමින්ටම අමතක වෙනවා රෝස මලෙත් කටු තියනවා කියලා. කටු මග ඇරලා පරිස්සමට මල නෙලාගන්න හැමෝටම බෑ. තමුසෙලා වගෙ උන්ට කොහොමත් බෑ. මල තලන්න එන තමුන් වගෙ උන්ට වෙන්නේ මේ වගෙ කටු ඇනගන්න විතරයි. එකක් මතක තියාගන්නවා නෙහාන් තනි උනත් සිංහ ධේනුවගෙ රැස් බහින්නේ නෑ. සිංහයෝ කවදාවත් සුනඛයෝ එක්ක නිදි වැදුනේ නෑ….”

  • ද ලයිෆ් සෙන්ටෙන්ස් – The Life Sentence
    20 % OFF

    ද ලයිෆ් සෙන්ටෙන්ස් – The Life Sentence

    Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

    ඉස්සර මට නමක් තිබුණා.
    ඒ කාලෙ මගේ නම ඇම්බර් රයන්…
    ඒත් දැන් මට තියෙන්නෙ නමක් නෙවෙයි.
    අංකයක්.
    A6868RX…
    ඔව්. මං හිරකාරියක්…
    මං ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට නියමවුණ හිරකාරියක්…
    මං මේ හිර දඩුවම් විදින්නෙ මම කරපු අපරාධයකට නෙවෙයි…
    ඒක වෙන කවුරුවත් කරපු අපරාධයකුත් නෙවෙයි. මාව ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වුණේ කවදාවත්ම සිද්ධ වුණේ නැති අපරාධයකට…
    මං නිර්දෝෂියි කියලා ඔප්පු කරන්න මගේ හොදම යෙහෙළිය හෙදර්ට..
    මං වෙනුවෙන් ඒ අපායට… ඒ අන්ධකාරයට ආපහු යන්න සිද්ධ වුණා….

    – – – – – – – – – – – – – – – – – – – – – – – — – – – – – – –

    පොත් සාප්පුවකදි ඔයාගෙ මුළු ජීවිතේම වෙනස් වෙයි කියලා ඔයා හිතන්නෙ නෑ නේද?
    පොත් කියන්නෙ මේ ලෝකෙ තියෙන හොදම දේවල් වලින් එකක්නෙ. ඉතින් සමහරවිට, පොත් කියවන එකෙන් නම් ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්.

    ඒත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්නෙ.

    මං මේ කියන්නෙ, ඔයා පොත් සාප්පුවක, ඔයාගෙ ප්‍රියතම කතුවරුන්ගෙන් කෙනෙකුගෙ කතාවකට ඇහුම්කන් දිදී ඉන්න වෙලාවෙදි,

    ඔයාගෙ එහාපැත්තෙ ඉදගෙන හිටපු ආගන්තුකයෙක් ඔයාගෙ ජීවිතේට බෝම්බයක් ගහයි කියලා කවුද හිතන්නෙ? ඒ බෝම්බෙන් ඔයාගෙ ආරක්ෂිත පුංචි ලෝකෙ කෑලි කෑලි වලට කැඩිලා යයි කියලා කවුද හිතන්නෙ?

    එහෙම කෙනෙක් ඔයාගෙ අත්බෑග් එක හොරකම් කරයි කියලාවත් ඔයා හිතන්නෙ නෑ නේද?

    ඒත්, මං දැන් ඕනවට වැඩිය ඉස්සරහට පනිනව වගේ. ඉතින් අපි මුල ඉදන්ම කතාව පටන් ගනිමුකො.

    මගේ නම හෙදර් හැරිස්. මං බටහිර ලන්ඩනයෙ, චිස්වික් වල තියෙන හරිම ලස්සන සාප්පුවක, පොත් වෙළදාම් කරන කෙනෙක්.

    ඒත් අද බදාදා දවසක්නෙ. අද මගේ නිවාඩු දවස් වලින් එකක්. ඉතින් මං උමං දුම්රියෙ නැගලා, තේම්ස් ගග පහුකරගෙන, හැතැම්ම කීපයක් දුරින් තියෙන රිච්මන්ඩ් වලට ආවා.

    අවුරුදු ගාණක ඉදන්, මං අපරාධ සම්බන්ධ නවකතා ලියන ලිඩියා කෝර්නිෂ්ගෙ රසිකාවියක්නෙ. ඉතින් “Words on the Street“ සාප්පුවෙදි එයාගෙ කතාවක් පැවැත්වෙන බවත්, එතනදි එයා පොත් වල සමරු සටහන් තියන බවත් මට දැනගන්න ලැබුණා.

    ඒක හයිස්ට්‍රීට් වල තියෙන විශාල පොත් සාප්පුවක්. මට ඒක මගඇරෙන්න දෙන්න පුළුවන්කමක් නැති බව මං දැනගෙන හිටියා.

    මට නිවාඩු තියෙන දවසකට මෙහෙම දෙයක් තිබුණොත් මං අනිවාර්යෙන්ම ඒකට යනවාමයි.

    “ඒක නම් ඕනවට වැඩි බැදීමක්“ කියලා මගේ යාළුවො ඇස් කරකවලා, මට නෑහෙන ගාණට කතාවෙන බව මං දන්නව.

  • මකර රජ දහන – Makara Raja Dahana
    20 % OFF

    මකර රජ දහන – Makara Raja Dahana

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

    මෝගන් පවුලේ සාමාජිකයින් මෙවර ගිම්හාන නිවාඩුව ගත කරන්නේ වනගත පෙදෙසක ඉඳිවූ කඳවුරක ය.ඒකාකාරි කඳවුරු ජිවිතයෙන් හෙම්බත්ව සිටින 15 හැවිරිදි කැතී මෝගන් හට අමුතු හැඩයේ බෝට්ටුවක් දක්නට ලැබෙයි. බෝට්ටුවට ගොඩවෙන ඇය නොසිතූ ආකාරයෙන් සමාන්තර ලෝකයක් කරා කාල තරණය කරයි. කාලතරණ බෝට්ටුව නිර්මාණය කළ මෙක් ද ඇය සමඟ සිටියි. ඔවුන් මුලින්ම ගමන් කරන්නේ මායාබන්ධකයින් ගේ ලෝකයටයි. එහිදී ඔවුන් ට වහල් කඳවුරක දඬුවම් විඳින අනුකම්පා විරහිත මායාබන්ධිකාව වන ආශ්කා හමුවෙයි. ඉනික්බිති කැතී, මෝගන් සහ ආශ්කා
    ආපසු කාලතරණය කොට මෙක් ගේ ලෝකය වන මකර රජදහන කරා පැමිණෙති.

    මකර රජදහන පාලනය කරන්නේ දස හැවිරිදි මකර අධිරාජයා වන සන් විසිනි.

    ආශ්කා මකර රජදහන සිය පාලනයට නතු කරගනියිද ? සන් ගේ පාලනයට අභියෝග කරන ම්ලේච්ඡ කැරැළිකාර ෂාරක් මකර රජදහන යටත් කරගනියි ද ?

    මේ සියලු අභියෝගයන් පරාජය කිරීමට කැතී මෝගන් ට සහ මෙක් ට හැකිවෙයි ද ?

  • දින පොතේ ඝාතකයා – Dina Pothe Gathakaya
    20 % OFF

    දින පොතේ ඝාතකයා – Dina Pothe Gathakaya

    Original price was: රු2,050.00.Current price is: රු1,640.00.

    මේරිට නත්තල් තෑග්ගක් ලැබී තිබිණ.

    ලැබුණේ කාගෙන්දැයි සදහනක් නැති ඒ තෑග්ග දිනපොතකි. දිනපොතක් ලැබීම ඒ හැටි විශේෂ දෙයකැයි මේරි සිතුවේ නැත. ඇයට එසේ සිතන්නට ලැබුණේ දිනපොත විවර කරන තෙක්… එය හිස් දිනපොතක් නොවන බව දකින තෙක් පමණකි.

    ජනවාරි 01- ඔක්ෆර්ඩ්, ලීසාව මරන්න

    පෙබරවාරි 01 – බර්මින්ග්හැම්, ජේන්ව මරන්න

    මාර්තු 01 – කාඩිෆ්, ඩේවිඩ්ව මරන්න…

    අප්‍රේල් 01 – චෙල්ටන්හැම්, මේරිව මරන්න.

    ඇයට එය කාගේ හෝ විහිළුවක් යැයි සිතා බැහැර කරන්නට තිබිණ. එහෙත් ඒ වන විටත් ජනවාරි පළමුවෙනිදා පසුවී තිබිණ. ඔක්ස්ෆර්ඩ් නගරයේ උන් ලීසා නැමති යුවතියව මරා දමා තිබිණ.

    ඉතින්, අප්‍රේල් පලවෙනිදා එළඹෙන්නේ මේරිගේ වාරයයි…

  • බල්ලන්ට බටර්-Ballanta Butter
    10 % OFF

    බල්ලන්ට බටර්-Ballanta Butter

    Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

    ප්‍රවීණ ලේඛිකාවක වන ප්‍රියංකා අමරතුංග විසින් රචනා කොට ඇති ‘බල්ලන්ට බටර්’ නවකතාව සුන්දරව ජීවිතය ගත කරන වර්තමාන සමාජයේ එක් පවුලක් වටා ගෙතී තිබේ. මේ පවුලේ රෝගී තත්ත්වයේ පසුවන මවක් ද සිටින අතර වර්තමාන පුහු ආටෝපවලින් පිරි සමාජය තුළ වැඩිහිටියන්ට සැලකීම පිළිබඳ දක්වන්නා වූ ඛේදනීය ආකල්පය මේ නවකතාව තුළින් නිරූපණය කරන්නට කතුවරිය උත්සාහ දරා තිබේ.

  • දේව අසිපත - Dewa Asipatha
    15 % OFF
    Sold out!

    දේව අසිපත – Dewa Asipatha

    Original price was: රු1,750.00.Current price is: රු1,487.50.

    විශ්‍රාමික විශේෂ බළකා සෙබළුන් වන ජොනතන් පේන් සහ ඩේවිඩ් ජෝන්ස්ට පෙරළා කැඳවීමක් ! වරෙක ඔවුන් යටතේ සේවය කළ සහෝදර සෙබළෙකු හා ඔහු මෙහෙය වූ භට කණ්ඩායම සාහසික ලෙස ඝාතනය කර ඇත. තම රාජකාරිය දේවත්වයෙහි ලා සැලකූ ඔවුන්ගේ සහෝදර සෙබළා සහ ඔහුගේ කණ්ඩායමට සිදුවූයේ කුමක්ද ?

    දකුණු කොරියාවේ ජේජු දිවයිනේ රහසිගත ගුහාවක් තුළ සිදු කෙරෙන සංහාරයක් සියැසින් දකින කොලුගැටයෙක්!එයින් දින කිහිපයකින් අනතුරුව ඔහුගේ මුළු ගම්මානයම අතුරුදන් වන්නේ ඇයි ?

    සෞදි අරාබියේ ශුද්ධ වූ නගරය මධ්‍යයෙහි ඇති උමගක කාන්තා පුරාවිද්‍යාඥවරියකගේ මූලිකත්වයෙන් දියත් වෙන රහසිගත භූගත කැණීමක්! උමගෙහි යම් තැනක තැන්පත් කර ඇතැයි ඔවුන් අපේක්ෂා කරන ඉස්ලාම් දහමේ අති සුවිශේෂ කෞතුක වස්තුව කුමක්ද?

    ඔවුන්ට එය සොයාගත හැකි වේද?

    තම සහෝදර සෙබළාට සිදු වූ දේ සොයා යන ගමනේදී මුළු ලොවම ගිනි ජාලාවක දවා පිලිස්සීමට ඉඩ ඇති ඇඟ කිලිපොළා යන ත්‍රස්තවාදී සැලසුමක් නිරාවරණය කරගන්නා පේන්ටන්, ජෝන්ස්ටත් ඉස්ලාමික දහමේ කේන්ද්‍රස්ථානය ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට හැකිවේද?

    මේ ත්‍රස්තවාදීන් කවුරුන්ද?

  • රොක් පේපර් සිසර්ස් - Rock Paper Scissors
    15 % OFF

    රොක් පේපර් සිසර්ස් – Rock Paper Scissors

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    විවාහක යුවළක් වූ ඇඩම් සහ ඇමීලියා, නිවාඩුවක් ගත කරන්නට තෝරා ගන්නේ තෝරාගන්නේ ස්කොට්ලන්ත කඳුකරයයි.ඔවුන්ගේ ගමනාන්තය වූයේ හුදකලා නිම්නයක පිහිටි, පාළුවට ගිය, දූවිල්ලෙන් වැසුණු, කලකට ඉහතදී දෙව් මැදුරක්ව තිබුණු නිවෙසකි.
    එකී නිවස ඔවුන්ගේ සැලසුමට අපූරුවට ගැළපෙන නමුත්, මෙම ප්‍රේමණීය සංචාරය අනපේක්ෂිතව වෙළාගන්නා ගුප්ත අන්ධකාරයක් නිසා ඇඩම්ටත්, ඇමීලියාටත් රහස්වලින් පිරුණු මේ පාලු නිවසේදී අද්භූත අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වෙයි.
    එම අද්භූත සිදුවීම් නිසා ඔවුහු එකිනෙකා විශ්වාස කරන්නට පවා මැළි වෙති. මේ දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත්‍ය නොවේ. යුවළක් අතරේ ඇති අහිංසක රහස් මෙන් නොව, ඇඩම් සහ ඇමීලියා අතර ඇත්තේ අතිශය බිහිසුණු රහසකි.
    මෙකී නිවසේ රහසිගතව සරන අද්භූත ගැහැණියක සමඟ ඇඩම් මේ ගත කරන්නට යන්නේ සිය ජීවිතයේ කිසිදු දිනක අමතක නොවන අන්දමේ විවාහ සංවත්සරයකි.

  • මරකත නිම්නය - Marakatha Nimnaya
    15 % OFF

    මරකත නිම්නය – Marakatha Nimnaya

    Original price was: රු1,850.00.Current price is: රු1,572.50.

    රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වා ගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැරගෙන යන ලදුව ඇත. ක්‍රිස්ගේ සමීපතමයන් වන රේචල්,ඩේවිඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය.නමුදු, ඒ හෝඩුවා යොමු වන්නේ රිවර් හිල් කඳුකරය වෙතයි.යක්ෂයන්ගේත් යක්ෂයාගේ වාසභවන ඇත්තේ මේ කඳුකරයේද ?

    සත්‍ය සොයාගෙන ක්‍රිස්ගේ දිවි ගලවා ගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට, සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුනට ඇවැසිය. සිසිරය ළඟ ළඟම පැමිණේ.කඳුකරය කටුකය. වනාන්තරය ගුප්තය. අධිස්වාභාවික බලවේග මේ ගමනේදී ඔවුන් වටා දැවටේ. නමුත් එහි ලැගුම්ගත් සැබෑ භීෂණය ඔවුන් සැමගේ පරිකල්පන සීමාවන් අතික්‍රමණය කිරීමට සමත් වේ. මිත්‍යාව සහ යථාර්ථය අතර සීමාව බොඳ වූ ගමනක අවසානයේ අතීතය සහ වර්තමානය හමුවේ මේ මරකත පරීක්‍ෂණයේ අවසානයයි.

  • නවරෝන් මෙහෙයුම - Navaron Meheyuma
    15 % OFF

    නවරෝන් මෙහෙයුම – Navaron Meheyuma

    Original price was: රු1,700.00.Current price is: රු1,445.00.

    නවරෝන් වූ කලි, ජර්මානු හා ඉතාලියානු මිශ්‍ර බලඇණියකින් සන්නද්ධව මෙහෙයවනු ලබන බලකොටුවකි. එහි වන කුරිරු හා විනාශකාරී තුවක්කු නිහඬ කරවනු වස් කපිතාන් මැලරි යටතේ පෙළ ගැසෙන බ්‍රිතාන්‍ය බට පිරිසක් සටන් වදිති. මරණයේ ක්‍රෑරතර ග්‍රහණයෙන් ගැලවීම ඉක්බිති, කපිතාන් කීත් මැලරි යටතේ පෙළ ගැසෙන කුඩා කණ්ඩායමට, විනාශකාරී නවරෝන් ප්‍රපාතය තරණය කරමින්, බලකොටුවෙහි වන යෝද අයෝමය තුවක්කු විනාශ කිරීමට හැකි වනු ඇතිද ? වික්‍රමකාමී කතා කියවීම රුචි කරන්නා වූ පාඨකයින් දහස් ගණනකගේ සිත් ඇද බැඳ තබා ගත් කුතුහලය, ත්‍රාසය සපිරි ලොමුදැහැ ගන්වනසුලු කතා පුවතකි!

  • සිතුවමක රැඳි රහසක්-Sithuwamaka Rendi Rahasak
    15 % OFF

    සිතුවමක රැඳි රහසක්-Sithuwamaka Rendi Rahasak

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    පුනරුත්ථාපන කඳවුරෙන් පිටවන මැලෝරි ක්වින්ට, ටෙඩ් සහ කැරලයින් මැක්ස්වෙල් දෙපළගේ දරුවා – පස් හැවිරිදි ටෙඩී රැකබලා ගැනීමේ රැකියාව පැවරේ.

    මැලෝරිට නවතින්නට තමාගේම කියා තැනක් ලැබිණ. ඈ ප්‍රාර්ථනා කළ ස්ථාවරත්වයද ඇයට ලැබිණ. ඉදින් ඈ ඉක්මනින්ම තම රැකියාවට ඇලුම් කරන්නට වූවාය.

    එමෙන්ම ඈ, ටෙඩී – කිසිසේත්ම සිය කටු සටහන් පොත හා පැන්සල නොමැතිව දැකිය නොහැකි, ආදරණීය, ලජ්ජාශීලී පිරිමි ළමයා – සමඟ අව්‍යාජ බැඳීමක් ගොඩ නඟා ගත්තාය. ඔහුගේ සිතුවම් වයසට ගැළපෙන පරිදි සාමාන්‍ය තත්වයේ පැවතිණි. එහෙත් ඒ ඔහු එක් චිත්‍රයක් අඳින තෙක් පමණි; වනාන්තරයක සිටින පුද්ගලයෙක් කාන්තාවකගේ අප්‍රාණික සිරුර ඇදගෙන යන ආකාරය අඳින තෙක් පමණි!

    ඉන්පසු ටෙඩී විසින් අඳිනු ලබන චිත්‍ර වඩ වඩාත් නරක අතර හැරෙන්නට විය. ඔහුගේ කෝටු මිනිසුන් ක්ෂණිකවම, පස් හැවිරිදි දරුවෙකුගේ හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවමාන රූප සටහන් බවට පරිණාමය විය. මෙය අත්භූත බලවේගයක් විසින් නැවත දිගහරිනු ලබන, දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු මිනීමැරුමක් දැයි මැලෝරි කල්පනා කරන්නට වූවාය.

    මේ සිතුවම්වල රැඳි බියකරු රහස කුමක්ද ?

  • ගෙලාන්-Gelan
    30 % OFF

    ගෙලාන්-Gelan

    Original price was: රු1,950.00.Current price is: රු1,365.00.

    මිනිසුන් තමන් දකින සහ විඳින දෙයට ජීවිතය යැයි පවසති. තමන්ගේ ඇසට නොගැටුණු සහ නොදැනුණු දෑ වැරදි යැයි උපකල්පනය කරති. ‘ජීවිතය යනු’ කියන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් මට මෙතෙක් හමු වී නොමැත. කිසිදිනක හමු වන්නේද නැත. එහෙත්, හෙටත් මා ජීවිතය සොයමි. නො‛දිනන බව දැන දැනම වුවද මා ජීවිතය පසුපස පන්නමි. මෙය ද එවන් වූ එක සංවේදන නැවතුමකි.

  • සයිකෝ-Psycho
    20 % OFF

    සයිකෝ-Psycho

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.
  • අල්ලපු ගෙදර-Allapu Gedara
    20 % OFF

    අල්ලපු ගෙදර-Allapu Gedara

    Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
  • බිසෝ උරුමය-Biso Urumaya
    10 % OFF
    Sold out!

    බිසෝ උරුමය-Biso Urumaya

    Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

    වජ‍්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ‍්‍රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත‍්‍රික කුමන්ත‍්‍රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
    ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
    මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
    බිසෝ උරුමය- වජ‍්‍රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත‍්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත‍්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි.

  • අසු පිට නැගි යක්ෂයා-Asu Pita Negi Yakshaya
    15 % OFF

    අසු පිට නැගි යක්ෂයා-Asu Pita Negi Yakshaya

    Original price was: රු1,750.00.Current price is: රු1,487.00.

    යක්ෂ සිටුවරයා, උත්කර්ෂවත් කළු අසකු අරා සිටී ඇගේ නව සේවා යෝජකයා දුටු මුල් දිනයේ, මිනෙල්ලා මැඩොක්ස් රහසින් ඔහු නම් කළේ එලෙසිනි.
    ඔහුගේ අහංකාර හැසිරීමට ද්වේශ කළ නමුත්, ඒ අඳුරු කඩවසම් පෙනුම විසින් ඔහු ඈ ආකර්ෂණය කර ගෙන තිබිණි.
    ඔහුගේ හිතුවක්කාර දියණියගේ සහායිකාව වී ප‍්‍රංශයට පැමිණෙන ලෙස ඔහු කළ ආරාධනාව ඈ පිළිගත්තාය.
    නමුත් පැරණි මහා බලකොටුවක් වන්, ඔහුගේ ප‍්‍රංශ නිවහන වූ සිල්වේන් මන්දිරය කෙරෙහි වූ ඔහුගේ බල පරාක‍්‍රමය ඈ බිය ගැන්වීය.
    සියුමැලි, බෙලහීන සිටුවරිය, ඇගේ කාමර පන්තියෙන් පිටතටවත් නොපැමිණෙන්නේ ඈ ඔහුට එතරම්ම බිය වූ නිසාද?
    ඔහුගේ අවජාතක පුත‍්‍රයා ඉට්යෙන්, මිනෙල්ලා මැඩොක්ස්, ඔහුගේ පරම සැතිරිය ලෙස සැලකුවේ කුමක් හෙයින්ද?
    ගොවි පවුලකට දාව උපන් නමුත් මන්දිරයේ හැදී වැඩුණු ලියෝන් සඟවා ගෙන සිටි රහස කුමක්ද?
    එ් සියල්ලටම වඩා ඈ බිය ගැන්වූයේ යක්ෂයා සම්බන්ධයෙන් වූ ප‍්‍රදේශ වාසීන්ගේ කසු කුසු ගෑම්ය.

  • Ohuge Mathaka Handa Rende-ඔහුගේ මතක හද රැඳේ
    15 % OFF

    Ohuge Mathaka Handa Rende-ඔහුගේ මතක හද රැඳේ

    Original price was: රු1,950.00.Current price is: රු1,657.50.

    “මිනිස්සු සතුටින්ම ඉන්න වෙලාවල මැරෙන්නෙ නෑනේ.”

    ඒ ඉරණම් සහගත දිනයේ එක්තරා ඉසිඹුවකදී, මේ ගෙවී යමින් තිබෙන්නේ තම ජීවිතයේ ප්‍රීතිමත්ම හෝරාවන් යැයි කෙනා රෝවන් සිතා සිටියාය. නමුත් සියල්ල වෙනස් වීමට එවන් ප්‍රීතිමත් රාත්‍රීන් පවා ප්‍රමාණවත් බව ඇයට පසක් කරමින්, එකී රාත්‍රියේදී ජීවිත ගණනාවක ඉරණම තීරණය වූවේ, කිසිවෙකුත් නොසිතූ ලෙසිනි.

    ඒ රාත්‍රියෙන් පසු, කෙනා රෝවන් හට සිය නිදහස අහිමි වූවේය. පෙම්වතාද, එකම දරුවාද අහිමි වූවේය.

    නමුත් එදින අහිමිවීම් සිදුවූවේ ඇයට පමණක් නොවේ.

    එම ඉරණම් දිනයෙන් වසර පහකට පසු, කෙනා යළිත්වරක් ඒ නගරයට පිවිසෙන්නේ, සිත්පිත් නැති මිනීමරු ගැහැනියක ලෙසිනි.

    ඇය පා තබන්නේ, වසර පහක් තිස්සේ තමන්ට වෛර කරන්නා වූ, වේදනාවෙන් මිරිකුණු මිනිසුන්ගෙන් පිරි නගරයටය.

    ඔහුගේ මතකයන්ගෙන් පිරීගිය නගරයටය.

  • මැප් ඔෆ් බෝන්ස් (සිග්මා ෆෝස්, #2) - Map of Bones (Sigma Force, #2)
    15 % OFF

    මැප් ඔෆ් බෝන්ස් (සිග්මා ෆෝස්, #2) – Map of Bones (Sigma Force, #2)

    Original price was: රු2,300.00.Current price is: රු1,955.00.

    ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලුත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි.

    වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියස්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරී පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් – ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.

  • ගිරය-සිංහල-Giraya Sinhala

    ගිරය-සිංහල-Giraya Sinhala

    රු1,450.00
  • තුඹසක විලාපය-Thumbasaka Vilapaya
    15 % OFF

    තුඹසක විලාපය-Thumbasaka Vilapaya

    Original price was: රු1,400.00.Current price is: රු1,190.00.

    තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප්‍රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල්‍යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙමි.

    තුඹසක විලාපය නවකතාව මගේ අතීත සිතූවිලි පරම්පරාව වර්තමානය මත ඔසවා තබන සාක්ෂි සටහනයි.

  • නේත්‍රා-Nethra
    15 % OFF

    නේත්‍රා-Nethra

    Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

    සිංහල භාෂාවේ සියලු ඉසව්වලින්,

    සියලු අවධීන්ගෙන් වචන තම

    මෙහෙයට කැඳවන කතුවරයා

    එමගින් සිංහල භාෂාවේ කාල

    අවකාශ මානයන් දිග් විජය කරයි.

    ඉංග්‍රීසි අරුමැසිවාදී කවීන්ගේ බස,

    භාරතීය අලංකාරවාදීන්ගේ,

    ධ්වනිවාදීන්ගේ යෙදුම්,

    පද සංඝටන සිහි ගැන්වීමට සමත්

    අපූර්ව භාෂා විලාසයක්

    නේත්‍රා තුළ දැකිය හැකි ය

    කේ. කේ. සමන් කුමාර

  • චිත්‍රාල්-Chithral
    15 % OFF
    Sold out!

    චිත්‍රාල්-Chithral

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.
    හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා
    
    ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.
    
    
    

    ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්

    හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.

     

    ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ

    හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව

    ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.

  • කාල රේඛාව-Kala Rekawa
    10 % OFF

    කාල රේඛාව-Kala Rekawa

    Original price was: රු750.00.Current price is: රු675.00.

    පෙම්වත; පෙම්පත් එවා සුළගේ ගිය පසු ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන දෑත මුහුණේ ඔබාගෙන

    පැරැණි දළ සේයා ඊට මතක, මතක් කරමින් ගස්ස ගස්සා පටු උරහිස් හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?

    පිළිතුරක් දෙන්න හොවෙහෙසන ඔබ පවා ආහනියෙන් පුරවන්න

    ‘ඒ පෙමපත් මා ලියුවේ නොවේ’ කියන්නට නොපැකිළෙහ ඔබ පවා තිගැස්වන්ත

    හඬන්නද මම?

    ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී…

  • velvet ප්‍රේමය-Velvet Premaya
    10 % OFF

    velvet ප්‍රේමය-Velvet Premaya

    Original price was: රු850.00.Current price is: රු765.00.
    තාම ඔබ ගැන ලියනවා
    නොකියවන බව දන්නවා
    දන්නවද ආදරේ නීතිය
    දැණුනු තරමට රිදෙනවා !
  • At least we met- (අඩුම තරමේ අපි හමුවුණා..)
    10 % OFF

    At least we met- (අඩුම තරමේ අපි හමුවුණා..)

    Original price was: රු750.00.Current price is: රු675.00.

    උහුලන්න බැරි තරම්

    ප්‍රේමයෙන් පිරුණත්,

    අහසකින් පවා තාරුකා අතහැරේ…

  • දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍) - Disparue
    14 % OFF

    දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍) – Disparue

    Original price was: රු1,750.00.Current price is: රු1,500.00.

    2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.

    තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?

    දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස‍’ කෙසේ විසඳනු ඇත්ද?

  • මන්දෝදරී -නිල් කට්රොල් Mandodari-Nil Katrol
    15 % OFF

    මන්දෝදරී -නිල් කට්රොල් Mandodari-Nil Katrol

    Original price was: රු3,300.00.Current price is: රු2,800.00.
  • භූතාවේශය - Bhuthaweshaya
    15 % OFF

    භූතාවේශය – Bhuthaweshaya

    Original price was: රු1,750.00.Current price is: රු1,487.50.

    මුලින්ම එයා හිටියෙ මගේ අල්මාරිය ඇතුළෙ… මගේ අම්මයි තාත්තයි රෑට මාව නිදිකරවලා, කාමරේ ලයිට් නිවලා, දොර වහගෙන යන්න ගියාට පස්සෙ… අල්මාරියෙ දොර ඇරෙනවා. එයා අල්මාරියෙන් එළියට එනවා. හැමදාම එළියට ඇවිත් එයා ඇහුවෙ එකම දෙයයි.

    ‘මට ඔයාගෙ හදවත ඇතුළට යන්න දෙනවද?’
    එතකොට මං?

    මගේ හදවත එයාට දුන්නට පස්සෙ මං කොහේටද යන්නෙ? ඉතින් මං ‘බෑ’ කිව්වා.

    එයාට පුනරුත්පත්තියක් ලබාගන්න මගේ ආත්මය එයාට දෙනකල්ම, එයා මහා භයංකාර විදිහට මාව ලුහුබඳින්න පටන්ගත්තා.

    හැමදේම පටන්ගත්තේ එහෙමයි!

  • මන්දෝදරී -Mandodari
    15 % OFF

    මන්දෝදරී -Mandodari

    Original price was: රු1,650.00.Current price is: රු1,400.00.

    ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත්

    ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය.

    ‘ගෑනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නෑ..’

    ඇය එසේ කීවේ ඔහු ඇස් පියා

    ඒ වේදනාව විඳින අතරය.

    ඉන්පසුව

    යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා

    මෙසේද කීවාය.

    ‘ඒ පළිගන්න මිනිස්සුන්ගෙ පපුව උඩම තමා

    ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!’

  • ලුහුබැඳීම - Luhubendima (Isaac Bell, #1)
    15 % OFF

    ලුහුබැඳීම – Luhubendima (Isaac Bell, #1)

    Original price was: රු1,750.00.Current price is: රු1,487.50.

    දෙවසරක් පුරාවට බටහිර අමෙරිකානු ප්‍රාන්ත භීතියෙන් වෙලාගත් අද්භූත අපරාධ දාමයකි. තනි පුද්ගලයෙකු පතල් ආශ්‍රිත නගරවල බැංකු මංකොල්ලකමින්, සියැසින් දුටු සාක්ෂිකරුවන් ඝාතනය කරමින්, කිසිඳු හෝඩුවාවක් ඉතිරි නොකර පලා යයි. ‘උන්මත්තක සොරදෙටුවා’ යන අන්වර්ථ නාමය ලත් මංකොල්ලකරුගේ අපරාධවලට තිත තබනු පිණිස අමෙරිකානු රජය, වැන් ඩෝන් ඒජන්සියේ සහාය පතයි. රට පුරා විසිර ගිය සොරුන් සහ මිනීමරුවන්ගේ දෑතට විලංගු දැමූ අයිසැක් බෙල් නම් කඩවසම් රහස් පරීක්ෂකවරයා, මෙම නඩුවට අතපොවන්නේ මින් පසුවයි. විමර්ශනය භාරගැනීමෙන් අනතුරුව මින්පෙර කිසිදිනක තම දිවියේ අත්නොදුටු ආකාරයේ ම්ලේච්ඡ අපරාධකරුවෙකු පසුපස හඹා යන්නට අයිසැක් බෙල්ට සිදු වේ.

    විද්‍යාව, නිගමනය සහ සහජ බුද්ධිය උපයෝගී කරගනිමින් බෙල් නැවත නැවතත් අපරාධකරුට සමීප වෙයි. තම දිවි පරදුවට තබමින් අමෙරිකා එක්සත් ජනපදය හරහා ත්‍රාසජනක හඹායෑමක් සිදු කරන රහස් පරීක්ෂකයාට උන්මත්තක සොරදෙටුවා ඩැහැගැනීමට හැකියාවක් ලැබේද?

  • ස්පාටන් රන් දඩයම - Spartan Gold (Fargo Adventure, #1)
    15 % OFF

    ස්පාටන් රන් දඩයම – Spartan Gold (Fargo Adventure, #1)

    Original price was: රු1,850.00.Current price is: රු1,572.50.

    චණ්ඩ කුණාටුවක් නිසා මුහුදේ සිට ගොඩබිමට ගසාගෙන ආ, ලෝක යුද සමයට අයත් අබිරහස් සබ්මැරීනයක්!

    වගුරු බිමක් තුළදී එය, අහඹු ලෙස සොයාගන්නා තරුණ නිදන් සොයන්නන් දෙදෙනෙක්!

    වයින් බෝතලයක සඟවා ඇති ගුප්ත ලියැවිල්ලේ සඳහන් අබිරහස් පණිවුඩය කුමක්ද?

    රෙමී සහ සෑම් පසුපස හඹා එන බිලියනපතියාගේ අරමුණ කුමක්ද?

    ජීවිතයත් මරණයත් අතර අරගලයක නියැළෙන අතරම, පැටලුණු ගැටලු නිරාකරණය කරගනිමින්, සියවසකටත් වඩා ඉපැරණි අබිරහසක් නිරාවරණය කරගැනීමට ෆාර්ගෝ යුවළට හැකි වේද?

  • මිතුරු හවුලේ විසිර යෑම - Mithuru Hawule Visira Yema
    15 % OFF
    Sold out!

    මිතුරු හවුලේ විසිර යෑම – Mithuru Hawule Visira Yema

    Original price was: රු2,250.00.Current price is: රු1,912.50.

    මුදුවේ භාරකරු ඉදිරියේ ඇත්තේ දුෂ්කර තෝරාගැනීමකි. මෙතෙක් ඔහු හා ගමන්ගත් මිතුරු හවුලේ සාමාජිකයන් ඊට දක්වන ප්‍රතිචාරය කුමක්ද? රාත්‍රී අඳුර තුළ සැඟවි ඔවුන් ලුහුබැඳ එන්නේ කවුරුන්ද?
    සතුරන් මිතුරන් වන, මිතුරන් සතුරන් වන ඒ අවිනිශ්චිත යුගයේ, නිදහස් මිනිසුන්ගේ අවසන් රාජධානි දෙක නපුරේ කුලුනු දෙකට මැදිව යුද බියෙන් ඇලළී ගිය විට බලාපොරොත්තුවේ සේයාව දරා සිටින්නේ සුදු අසරුවාද, නැතහොත් ෂයර්වාසී කූරු පුංචාද?