Showing 97–128 of 514 resultsSorted by latest




ස්වර්ගීය දෙවිවරු කිසිදු කලෙක මනුෂ්‍ය කටයුතුවලට මැදිහත් නොවිය යුතුමය. එහෙත් ෂිඑ ලියාන් නම්, බොහෝ ජිවිත ගණනක් අවදානමට ලක්ව ඇති මොහොතක නෛතිකයන්ට යටත්ව නිහඬව සිටින්නෙකු නොවේ.
හේ ස්වර්ගයට පයින් ගසා, එහි රෙගුලාසි අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැරකොට, සිය මව් රාජ්‍යය විනාශකාරී දුර්භික්ෂයකින් හා සිවිල් යුද්ධයකින් ගලවාගනු වස් මනුලොවට පැමිණේ.
එහෙත් කුරිරු යථාර්ථයේ එක් මාත්‍රාවකින්, ස්වර්ගයට ප්‍රිය වූත්, මනුලොවෙහි අටදහස් දෙවොල් ඇත්තා වූත් මේ ස්වර්ණමය යුද දෙවියා එක් සත්‍යයක් උගනී. එනම්, කැණිමඬල බිඳුණු රාජ්‍යයක් ගලවාගැනුමට එක් පුද්ගලයෙකුට – හේ කෙතරම් බලසම්පන්න දෙවියෙකු වුවත් – දැරිය හැකි ආයාසයන් සියල්ලෙහි ප්‍රතිඵලය ඉතා ක්ෂුද්‍ර වූ බවය.
පරාජය අබිමුව, තමාගේම ජනතාව විසින් පිටුපානු ලැබ ප්‍රතික්ෂේප වනවිට, ෂිළු ලියාන් සමීපයෙහි රැඳෙනුයේ වෙළුම්පටිවලින් මුහුණ සඟවාගත්, ස්ථිරසාර පක්ෂපාතීත්වයකින් හදවත පුරවාගත් එක් ළාබාල සෙබළෙකු පමණි.
ඉදින් මේ වියවුල් සහගත අතීතයේ, අචින්ත්‍ය වූ විනාශයන්ගේ භස්මාවශේෂ අතුරින්, නොබිඳෙන, නොසැලෙන බැඳීමක පළමු අංකුර දලු ලා නැගිය හැකිද?

ඔවුහු ශතවර්ෂ ගණනාවකට මත්තෙන් තම තමන් දායාද කොටගත් ගතිසිරිත්, නැඹුරුතාවන් සංසාරගතව රැගෙන ගියහ. කිකලෙකත් භවයෙන් පිළිසන් නොවූ ආලෝකයත්, අන්ධකාරයත් රියසක පරිද්දෙන් ඔවුන් පසුපස හඹා ආවේ එබැවින්ම විය යුතූය.
දේවලෝචන, වචනයේ පරිසමාප්තයෙන්ම ලෝවැසි හිතසුව පිණිස, පරාර්ථසාධනයෙහි කැපවූවෙකි. අතීතයත් වර්තමානයත් එකිනෙකට සහසම්බන්ධ කරමින්, හේ ආලෝකයෙන් අන්ධකාරය බිඳ හෙළනු වස් වෙහෙස වූවේය, දහදිය කඳුළු වගුළේය. එහෙත් ජයපාල, ආත්මාර්ථය පමණක්ම සිය පරමාර්ථය කොටගත්තේ, නිහඬ නිසසල සාමකාමී ගම්පියස සහමුලින්ම කණපිට පෙරළූ අකුණු සරයක් බවට පත්විය. පිය-පුතූ අරගලය පැන නැඟුණේද එවිටය.
පියා, පුත්‍රයාට යටත් විය යුතුද?
පුත්‍රයා, පියාගේ අභිමතාර්ථය ඉදිරීපිට අඩදැණිව ඉවසිය යුතුද?
මේ අන්ධකාරයට නතූ වූ පියෙකුගේද, තම පියා අන්ධකාරයෙන් මුදා ආලෝකය කරා රැගෙන ඒමේ අරගලයක සංසාරගතව යෙදුණු පුත්‍රයෙකුගේද අනුවේදනීය කතාවයි!

“අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළට යන්න එපා!” ඩග්ලස් ගැරීක් එයාගෙ ඇඟිලි තුඩුවලින් දොර අල්ලද්දි අඳුරු හෙවණැල්ලකින් මූණ වැහිලා තිබුණා. “මගේ වයිෆ්… එයා හුඟක් අසනීපයෙන් ඉන්නෙ…” ඩග්ලස් ගැරික් එයාලගෙ සුන්දර පෙන්ට් හවුස් එකේ හැමතැනම මට පෙන්නාගෙන යන අතරේ, මේ ගෙදර වැහුණු දොරවල්වලට එපිටින් ඉන්න ඒ ගැනු කෙනා ගැන මගේ හිතට භයානක හැඟීමක් දැනෙනවා. ඒත් මට මේ රස්සාව නැතිවෙන විදිහේ අවදානමක් ගන්න බෑ… එහෙම වුණොත්… මගේ අඳුරු රහසුත් හෙළිවෙන්න ඉඩ තියෙනවා!”
මගේ අතීතය ගැන හාරාඅවුස්සලා ප්‍රශ්න කරන්නෙ නැති සේවායෝජකයෙක්ව හොයාගන්න එක අමාරු වැඩක්. කොහොමහරි මගේ වාසනාචක්‍රයට පින් සිද්දවෙන්න, ඩග්ලස් ගැරීක් මට එයාගෙ සුඛෝපභෝගී මහල් නිවාසයේ පිරිසිදු කිරීමේ රස්සාවක් දුන්නා. ඒක එක්තරා විදිහක ප්රාතිහාර්යයක්. ඉතින් මට ඕන දේ කරගන්න ලැබෙනකල් මට හෙමින්සීරුවේ මේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්.
ඇත්තටම ඒක සර්වසම්පූර්ණ රස්සාවක්. ඒත් මට තාමත් අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළෙ ඉන්න ගැරිකේ මහත්මියව මුණගැහිලා නෑ. හැබැයි එයා අඬන සද්දේ නම් මට හොඳටම ඇහුණා. ඒ එක්කම, රෙදි හෝදන්න දානකොට එයාගෙ නිදනගවොමේ කරේ තැවරිලා තිබුණ ලේ පැල්ලමත් මට අහුවුණා. ඉතින් එක දවසක් මම ඒ කාමරේ දොරට තට්ටු කළා. කොමරේ දොර යාන්තමින් ඇරුණට පස්සේ, ඒක ඇතුළෙ මම දැකපු දේත් එක්ක තමයි හැමදේම කණපිට පෙරළුණේ.
ඒ වෙලාවෙ මම පොරොන්දුවක් දුන්නා. ඇත්තටම කිව්වොත් මේ දේ මම මීට කලිනුත් කරලා තියෙනවා. මගේ රහස් හැමෝගෙන්ම හංගගෙන ඉන්න අතරෙම, මට ගැරික් මහත්මියව ආරක්ෂා කරන්න බැරිකමක් නෑ.
ඒ වෙනුවෙන් මම කොයිතරම් දුර යයිද කියන එකයි මෙතැන තියෙන සරලම ප්රශ්නය.


පෘථිවියේ ලස්සනම ගැහැනියට හා
කොබෙයිගනේ මහ වලව්වේ
හිතුවක්කාර මායාකරුවාට දාව ඉපදුනු
දියණිය නිර්මාණා නම් විය…
ඇය උපතින්ම දෑතේ මිට මොලවා ගත්
මන්ත්‍ර බලයකින් උපන්
මුරණ්ඩු මන්ත්‍රකාරියක විය…
පෘථිවියටත් ඊට ඔබ්බෙන් වූ චක්‍රාවාටත්…
අතීතයත් අනාගතයත් බුදු දහමත්
එක මිටකට ගනිමින්
මේ කතාංගය දිග ඇරේ…
ප්‍රේමයේ අධි මාත්රාවන්ගෙන්
සේම විරහවේ සංවේගයන්ගෙන් පිරී ගිය
මෙහි වසර දස ලක්ශයක වෛරය හා
වසර දස ලක්ශයක ප්‍රේමය
සුමටව පිරි මදිනු ලබයි…
මේ ඇගේ කතාවයි
ද්වාරිගේත් ඉන්ද්‍රගෙත් සුරතල් දියණිය වූ
නිර්මාණා මීගස්තැන්නගේ කතාවයි…

නොපෙනෙන මානයක බැඳුනු.. අහ්ලාද ජනක ප්‍රේමයක රූපයක් හැඟීමක් නොමැතිව, කටහඬකට පමණක් බැඳුනු ප්‍රේමයක පැටලී.. තමන්වම තේරුම්ගන්නට නොහැකි වූ ඇය, සිය පරම්පරාවේ විනාශය රැගෙන ඉපදුන වගත්, සිය දෙමව්පියන් පිළිබඳ හාන්කවීසියකවත් නොදන්නා ඇය… කඳුකරයක අතරමං වූ කටහඬක් පමණක් ඇති යක්ශයෙකුට පෙම් බැඳි ද්වාරි නම් යුවතියක්.. නිහඬ රාක්ෂයෙක් බඳු පරම්පරාවේ හිතුවක්කාරයා ඉන්ද්‍ර නම් වූ අතීශය කඩවසම් තරුණයෙක්.. මේ ලෝකේ දුටු ලස්සනම ගැහැනිය යැයි පවසමින් ද්වාරි වටා ප්‍රේමයෙන් එතෙන මෙලොව සුන්දරම කටහඬ හිමි ස්වර නම් යක්ෂ ආත්මයක්… වටා ගෙතෙන, තුන්කොන් ප්‍රේමය.. ද්වාරි ස්වර නම් වේ…

ගෙවී යමින් තිබුණේ ගොම්මන් අඳුර පරිසරයට ඉව අල්ලන්නට සූදානම් වෙමින් උන් හෝරාව වුව ද හතර අතින් වට වී තිබූ අතුපතර විහිදි තුරුලතා නිසා රිදී කඳුර අවට පමණට වඩා අන්ධකාරයක් රජයන්නට වූවේ ය. එක් පසෙකින් තැන්නගල වලව් වත්තේ දිගු මායිමත් අනික් පසින් ජලයෙන් පෝෂණය වූ රිදී කඳුරත් අතර තිබූ නවීකරණයට බඳුන් නොවූ එම අඳුරු අඩි පාරේ ගොම්මනේ ගමන් ගත්තේ හිත හයිය එහෙමත් එකෙකු පමණි.
ඕකෙ හොල්මන් තියෙනවා.
හවසට කඳුර දිගේ මොකදෝ මන්දා දෙයක් පාවෙනවා.”
සමහර දවස් වලට හීන් හඬින් ගෑණියෙකුත් කෙඳිරි ගානවා ඇහෙනවා. ඒ රිදී කඳුරට යාබද ඉසව්ව ගැන ඉස්සර සිටි ගම්මුන් කී ගුප්ත කතා ය. නමුත් ගෙවුණු නුදුරු අතීතය ඇතුළත කිසිවෙකු හොල්මනක් ඇහින් දුටු බව කීවේ නැත. කිසිවෙකුට ගැහැණියකගේ කෙඳිරිල්ල ඇසී තිබුණේ ද නැත. මේ නිසා මෙම ගුප්ත ඉසව්ව ගැන පෙර තරම් බියක් ගම්මුන් අතර දැන් නොවිණි.
තත්ත්වය එසේ වුව ද ගොම්මන් අඳුර මැද තනිපංගලමේ රිදී කඳුර අසලින් ඇවිද යන පිරිස අදටත් අල්ප ය.

**********
“මොකද්ද වුණේ බණ්ඩෝ… මොකද මේ බෙරිහන් දෙන්නේ…”
කලබලයෙන්ම බණ්ඩා අසළට ඇවිද ගිය වජිර තුෂ්නිම්භූතව අසද්දී, බණ්ඩා කුමක්දෝ පැවසුවද ඒ කිසිවක් පිටතට ඇසුණේ නැත.
“ගොළුද යකෝ ඒ ගමන උඹ. කතාකරපන්… මොකද්ද වුනේ?”
මේනකාද සිටියේ තැතිගැන්මකිනි.
“භා…භා…වනා මැණි…කේ භානා… භා..වනා මැණිකේ…”
“භාවනා…? භාවනාට මොකද?”
වජිරගේ හදවතේ ගින්නක් නැගුනේ භාවනාගේ නම ඇසුණු සැනිනි.
“අපේ ආග්‍ර… අ…පේ ආග්‍ර…”
“ආග්‍ර?”
මේනකා දෑස් විසල් කරගෙන ඇසුවේ කිසිවක් සිතාගත නොහැකිවය.
“ආ..ග්‍ර… භාවනා මැණි…කෙව මරලා…”
බණ්ඩාට පවසන්නට ලැබුණේ එපමණකි. ඔහු කපා හෙළුෑ ගසක් මෙන් පොළව මතට ඇද වැටෙද්දී වජිරගේ පමණක් නොව මේනකාගේ හදවත් ගැහීමද මොහොතකට නතර විය. ඒ සියල්ලන්ටම වඩා ඔවුන් තිදෙනාටම පිටුපසට වී වලව්වේ ද්වාරය අසළ සිටගෙන සිටි ආග්යට දැනුණේ මුළු ලොවම තත්පර කිහිපයකට නතර වූ සෙයක්ය.
බණ්ඩාව මේනකාට බාර දුන් වජිර, වම්පස පපුව අල්ලාගෙනම දුව ගියේ ඇත්ගාල වෙතටය. ඒ වන විටත් අනෙක් ඇත් ගොව්වන් දෙදෙනා සේම වලව්වේ වත්තපිටියේ වැඩකරන සියලුම දෙනා වටවී යමක් දෙස බලා සිටිනා අයුරු ඈත තියාම වජිර දුටුවේය. ඔහු එදෙසට පියවර තැබුවේ සිතාමතා නොවේ. සිහිනයකින් මෙනි.
“ලොකු හාමු…”
වටවී සිටි සියලු දෙනා දෙපසකට වී වජිරට භාවනා අසළට පැමිණිමට ඉඩ ලබා දුන්හ. භාවනාව දුටු වජිරට දැනුණේ මුළු සිරුරම පණ නැතිවී යන්නාක් මෙනි. භාවනාගේ සිරුර පොඩි පට්ටම් වී තිබුණි. මුහුණ සීරී පමණක් තිබුණද පපු පෙදෙස තැලී තිබුණේ බිහිසුණු ලෙසය. ඇයගේ සිරුරෙන් ගලා ගිය රුධිර දහරාව ඈ වටාම ගලා ගොස් නතරව තිබූ තැන වූයේ ඇත් පාදයකි. ඒ ඇත් පාදයද ලෙයින් නැහැවී ඇති අයුරු දුටු වජිරගේ නෙතු ටිකෙන් ටික ඉහළට එසවෙන්නට වූවේය.
හොඬවැලද හකුළාගෙන තත්පරයකට හෝ දෑස් එහෙ මෙහේ යා නොදී භාවනා දෙසම බලා සිටියේ වෙන කිසිවෙක් නොව භාවනා මුළු හදවතින්ම ආදරය කළ… අවසානයේ ඇයව මරු තුරුළට යැවූ ඔහු… ආග්‍ර ය

අසිහියෙන් වාගේ තමා නැවතත් කඩදාසිය මත අඩක් සුදු සහ අඬක් කළු හදවතක් චිත්‍රයට නඟා තිබේ. පුපුරන්නට තරම් රිදුම්දෙන හිස දෝතින් අල්ලාගත් ගඟුල් දෑස වසාගත්තේය. හැමදාමත් වාගේ අගක් මුලක් හිතාගත නොහැකි සිදුවීම් දාමයක් ඔහුගේ මනසේ මැවිණ. ගල්තලාවක් මත දෑත දෙපය බැඳ දමා උන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් තරුණයෙකි. මල් ගවුමක් හැඳ දිගුකොණ්ඩය බිම විසුරුවාගෙන ඉන්නා අනෙක් රුව තරුණියකි. ඒ අසල කතාබහේ යෙදෙමින් හිටගෙන ඉන්නා පිරිමි රූප කීපයකි. “උඹල වැඩේ තිතට කරන්ඩෝන. මේ වැඩේනම් වරද්දගන්න එපා. අපේ පරම්පරාවටම එල්ලුම් ගස් යන්න වෙනවා….’ ඉන් එක් පිරිමියෙක් අනෙක් උන්ට උපදෙස් දුන්නේය. ඒත් සමඟම ඒ සිදුවීම මැකී ගොස් තවත් සිදුවීමක් මතුව ආවේය. ඒ ගැහැණු රුවකි. ක්‍රමයෙන් විශාලව ගිය එකී රුව ගඟුල් දෙසට දෝත විහිදුවමින් විලාප දෙන්නට පටන් ගත්තේය. “මට වෙච්ච අසාධාරණේට මට පලිගන්න ඕනේ..මට යුක්තිය ඕනේ.” හඬමින්, ගඟුල්ගේ ගෙල මිරිකන්නට උත්සාහ කරමින්, අර රූපය කෑගෑවේය. ගඟුල් දෙනෙත් ඇරියේ බියෙන් වෙව්ලමිනි. වරින්වර තමාට පෙනෙන මේ සිදුවීම් මොනවාද?. මේ කිසිවක් තමාගේ ජීවිතයට සම්බන්ධ ඒවා නොවන බව ඔහුට විශ්වාසය. මේ අද්භූත සිදුවීම් සියල්ල ආරම්භ වූයේ ඒ අවාසනාවන්ත රිය අනතුරෙන් පසුව බව ඔහුට මතකය.

අදුරු ගුහාකුහරය තුළින් මම තවතවත් ඉදිරියට ඇදීයමින් උන්නෙමි. සිදුවූ දෙය දරා ගන්නට මට ශක්තියක් නොවිණ. වටකර තිබූ ගනකළුවර තුනීවෙමින් පොළව මන සිදුවන දෙය මට පෙනෙන්නට පටන්ගත්තේය.
මගේ අම්මා කටුමැටි කුස්සියේ දොරකඩ දෙදණ මත මුහුණ හොවා ඉකිබිඳිමින් උන්නාය. ඇය අසළ ඇගේ දෙමාපියන් ඇයව අස්වසන්නට උත්සාහ දරමින් උන්නෝය.
සියල්ලන්ට වඩා වේදනාවක් වූයේ මා සතුය. මන්ද සියල්ල අහිමිවූයේ මටය. මේ අවාසනාවන්ත දෙය සිදු නොවී මා රැතගන්නට මගේ අම්මා උපරිම උත්සාහයක් දැරුවාය.
“අම්මේ… අනේ අඬන්න එපා…”
“තවත් ඉවසිය නොහැකි තැන මම අම්මාට ළංව කීවෙමි. ඇය වටේ පාවෙමින් ඇයව සනසන්නට උත්සාහ කළෙමි. එහෙත් ඇයට මා පෙනුණේවත්, මගේ හඬ ඇහුනේවත් නැත. සිදුවූයේ මේ ආත්මයේ යළි කිසිදාක නිවරදි කළ නොහැකි වරදක් බව මට වැටහුණේ දැන්ය. එහෙත් මේ වරද සසරේ කෙසේ හෝ නිවරදි කරගන්නා බළාපොරොත්තුව මට තිබිණි. ඒත් ඒ කෙසේද?.





අසාමාන්‍ය ලෙස මුව විවර කළ නාගයා කිසිවක් වමෑරුවේය. දෑස් නිලංකාරව යන තරමේ නීල වර්ණ දීප්තියකින් යුත් වූ එය නාග මාණික්‍යය බව ජෛත්රී වටහා ගත්තාය. මනු ලොවින් දෙව් ලොවටත්, දෙව් ලොවින් බඹ ලොවටත් ඒ දීප්තිය විහිද යන්නට ඇතැයි ද, පොළව පළාගෙන නා ලෝකයටත් ඒ දීප්තිය විහිද යන්න ඇතැයි ද සියල්ලෝම සිතූහ.
කිසිඳු කලබලයක් නොමැති නාගයා කිරි භාජනයට මුව තබා බිඳෙන් බිඳ පානය කරමින් උන්නේය. නාගයා ක්ෂීර රසයට වහ වැටෙන තත්පරය තෙක් ඉවසා උන් බ්රින්දාරාම් වහා ක්‍රියාත්මක වූයේය.
කළුවන් රෙදි කඩකින් නාග මාණික්‍යය වැසී යද්දී හාත්පස ඒකාලෝක කළ ආලෝකය සැණෙකින් අතුරුදන් විය. ඇස්පිය සලන ක්ෂණයකටත් වඩා අඩු කාලයක් තුළදී ගත වූ ඊළඟ තත්පරය තුළ බ්රින්දාරාම් නාග මාණික්‍යය තමා සතු කර ගත්තේය.
සිදු වූ කිසිවක් වටහා ගත නොහැකි අසරණ සත්වයා වහා වටපිට බැලුවේය. ආලෝකය අතුරුදන් ව ඇත. ආලෝකය විහිද වූ සිය ප්‍රාණය හා සමාන, හදවත හා සමාන, හුස්ම හා සමාන මාණික්‍යය ද අතුරුදන් ව ඇත.

වවුල් බැද්දේ මහ දිවුල ළඟ ගල් තලාව මත දල්වන ලද විලක්කු කීපයක් ගජරාමෙට ඇවිළෙමින් තිබිණ. ඒවායේ එළියෙන් බබළන අංග සම්පූර්ණ මල් තටුවකි. අඩුවකට තිවුණේ කුකුලෙක් විතරය. කුකුල් බිල්ලේ අඩුව පුරවන්න සූදානම් කළ මිනිස් බිල්ලක් එතන තිබිණ. ගල් පොත්ත මත්තේ දිගා කළ ගැහැනු දරුවෙකුගේ අතපය ගැට ගසා තිබිණ. මේ සියල්ලට ඉහළින් හිටගෙන දහඩියෙන් තෙමීගිය නිරුවත් උඩු කයින්ද, ඉනට ඇඳි සුදු සරමින්ද යුත් මැදිවියේ පිරිමියෙක්ය. හේ ආවේශයෙන් වාගේ ඉන දවටා ගත් බෙරයකට තළමින්, යාතිකා කියා මොරදෙන්නේය. ඔහුගේ ගෝලයායි සිතිය හැකි තවත් එකෙක් දුම්මල ගහමින්, විලක්කු නොනිවා තබා ගනිමින් ආවතේව කරයි.
‘ඕ ඔඩ්ඩි රීරි මහසෝන් වරං.. ඒස්වා නමාය..
ඕ ගල ගුගුරුවා හෙණ වගුරා වඩින් නමාය..
යකදුරා බෙරයට දෙවෙනි නොවේ. ගොරෝසු කටහඬින් පළාතම දෙදෙරවා යන සද්දෙකින් මන්ත්‍ර ජප කරන්නේය. බෙර හඬට, ඒ ගිගිරුමට එකතුව හදවතට දැනෙන භීතිය උත්සන්න කරවමින් අවට පරිසරයේ ද යමක් සිදුවෙමින් පැවතිණ. වැහි වලාවක ලකුණක් නොවූ අහසේ කොහේදෝ තැනකින් අකුණක් කෙටුවේය. තැන නිශ්චිත නැතත් අකුණු පහරේ දීප්තිමත් එළියෙන් සැඟව සිද්ධිය බලා උන් තිදෙනාගේ ඇස් ගිනිකන වැටිණ.

ඝාතකයා සොයා නොගත් අබිරහස් මිනීමැරුම් දෙකක්…
සන්නාසියකු සේ මිනිස් සමාජයෙන් ඈත්ව වනගතව ජීවත් වන මිනිසෙක්..
සිය පෙම්බරියගේ මරණයට යුක්තිය සොයා වෙහෙස වන තරුණ සැමියෙක්..
එකකට එකක් බැඳී කොස් කන්ද ලැයිම හා රතු බංගලාව අතර යටි පීල්ල ගම්මානයේ විසුරුණු නොවිසිදුනු රහස් රාශියක්..
මේ සියල්ල නිහඬව දකිමින් ඒ සියල්ල විසඳා ගන්නට වෙහෙසෙන තරුණයෙක්..

1961 අප්‍රේල් 12 දින ඔහු ඉතිහාස පිටු අතරට සිය නම එක් කළේය. ඒ ලොව ප්‍රථම අභ්‍යාවකාශගාමියා බවට පත්වෙමිනි. ඒ සමඟම ඔහු ලොව පුරා සෑම පරම්පරාවකම හද දිනූ චරිතයක් බවට පත් වූවේය. ‘තරු මගට පිවිසුණෙමි’ ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානයයි. එය එක් පුද්ගලයකුගේ අධිෂ්ඨානය, කැපවීම හා අරමුණු සහගත බව පිළිබඳ කතාවකි. එසේම එය සමස්ථ මානව වර්ගයාගේම ජයග්රහණයන් පිළිබඳව ද විචිත්‍ර කතාවකි.


ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ඡේද කෙටිය, බරපතළ ලෙස ප්‍රායෝගිකය. සැබැවින්ම උද්යෝගය වඩවනසුලුය. මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය. එහෙත්, ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නේ නම් අවසානයේ දී සම්පුර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය. මම ඔබ ගැන දැඩි උනන්දුවකින් පසුවෙමි. – රොබින් ෂර්මා –

කිසිදු අරමුණකින් තොරව, ජෙරාඩ් සූරියවංශ නිදන කාමරයේ ජනේලයට පෙනෙන, පහළ උද්‍යානයේ ඇති පොකුණ මැද අඹා ඇති කිරිගරුඬ ගැහැනු රුව දෙස බලා සිටින්නට විය.කලුවරේ එම රුව සුදු පැහැයට පෙනෙන්නේ සුදු ඇඳගත් ගැහැනිය ගෙවත්තේ ඉන්නා සේය. රැයේ නිහඬ බව සමඟ පරිසරයට ගුප්ත බවක් එක් වී ඇත.ඒ නිහඬ ගුප්ත බව ජෙරාඩ් සූරියවංශගේ සිතට සෙමින් සෙමින් කෝපයක් එකතු කරලීය.

මට මේවා උහුලන්න බැහැ නෝනෙ… තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව…’ වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නොකළේ ය. කුඩා දවසේදීන් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ. තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතා ගන්න බැරි ය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.

දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය.අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කොතරම් හිරු පායා ඇති දිනක වුවද අඳුරුය.නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වාභාවයක් ගනී.පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩී වි පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි.එසේ බලාසිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය.පෙණය විදහාගෙන එකන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස් වලින් හා මුවින් ගිනිදලු විහිදන මකරුන්, හැඩපලු ගෙති ඇති කෙස් වැටිවලින් හා දික් වු නියපොතු සහ දත් සහිත ගැහැණුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගත කරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිස්වු සිතිනි.


සත්‍ය වශයෙන්ම ප්‍රේමණීය මිනිසුන්ට අපගේ ජීවිත කාලය දිගු කල හැක. ඔවුන් සමඟ ගත කරන තත්පරයන් ඉතාමත් ආර්ථාන්විත හා සංවේදනීය ය. අපට ජීවිතය දැනෙන්නට ගන්නේ ඔවුන් සමඟ ගත කරන කාලයට අනුලෝමව ය.අපට ජීවත් වෙනවා යැයි හැගෙන්නේ ද එවිට ය.කාලය රන් වලට සමාන කල හැක්කේ ද එවැනි සුන්දරත්වයෙන් පිරුණු ආත්මයන්ට පමණක්ම ය.

1939 වනවිට, මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග්‍රාමයට නතුවෙමින් තිබුණි. එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයව ධනයෙන් ආඪ්‍ය වූ ඇගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ප්‍රැන්සිස්කෝහි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබී ය. එහිදී ඇගේ නැන්දනියගේ ප්පන් ජාතික උද්‍යාන පාලකගේ පුතකු වූ ඉකිමෙයි සහ අල්මා තර මෘදු ආදරයක් හටගත්ත ද, ඔවුනට එය සදාතනිකව සඟවා තබා ගැනීමට සිදු විය.
දශක ගණනාවක් ගෙවීයත්ම අල්මාගේ දීර්ඝතම සිද්ධිපූර්ණ ජීවිතයේ කෙළවර ළඟාවෙමින් තිබිණි. ඒ ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදයේ දී ලාක් හවුස් නම් වූ සාත්තු නිවාසයක දී, ඇයට සහ ඇයගේ මුණුපුරු සෙත්ට, එහි සේවයේ නියුතු සාත්තු සේවිකාවක වූ ඉරිනා නම් වූ තරුණිය මුණගැසෙයි. ඔවුන් අතර මිතුදමකට ද වැඩිමනත් වූ ලෙන්ගතුකමක් උපත ලබයි. ඒ අනුව සෙත් සහ ඉරිනා, අල්මා සහ ඉකිමෙයි අතර වූ සරාගී ආදරය පිළිබඳ සෙවීමට උනන්දුවකින් මෙහෙය වනු ලැබ, ඒ රහසිගත ආදරය වසර හැත්තෑවක් තරම් වූ දීර්ඝතම කාලයක් පුරා අභිරහසක් ලෙසට පවත්වාගෙන ගිය අන්දම සහ එහි අනභිභවනීය ස්වරූපය පිළිබඳව ද ඔවුන් ගවේශණය කරගනිති.

කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැඳෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගිණ.එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැටවන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ රිචඞ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසු වූ චිලී ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ ලුසියා මරාස් සහ ඒ වන විට ඇමෙරිකාවේ විසූ නීතිවිරෝධී සංක්‍රමණික චිලී ජාතික තරුණ කාන්තාවක වූ එව්ලින් ඔටේගා ඇති කරගත් මිතුදම ය. ඒ සමඟම ජීවිතයේ පසුභාගයේ දිවි ගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර සදාතනික ආදරයක් ගොඩනැගිණ.


Author Mohar Basu
Publisher Harper Collins india
Pages 296
Price Rs.3200
***********************
‘I SAY IT WITH ALL HUMILITY, I AM THE LAST OF THE STARS’
AS A SUPERSTAR WHO LIVES HIS LIFE in the glare of cameras and headlines, much has been written about Shah Rukh Khan—his passion, his craft, his humility and the love he spreads around. But beyond the films, the news and the star persona is a man who has come to mean many different things to his ever-growing legion of fans.
As much a paean to Shah Rukh’s career as a tribute to the actor himself, this book is a dream compendium of intimate stories, fan accounts and never-before-seen photographs of the man who rules the hearts of more than half the world’s people—the star, the icon, the legend, SHAH RUKH KHAN.