Showing 321–352 of 514 resultsSorted by latest



මුදලට ඇඟ විකිණූ ගණිකාවක ගේ එක ම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් සහ බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකත්වයන්ට සහ පරාජයන්ට මුහුණ දුන්නේ ද යන්න ගැන වත්, ඇය විඳී මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැන වත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතූහා වූ වාර ගණන ගැන වත්, කිසිවෙකු හෝ සොයා නො බැලී ය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවී ය. ඇය හැඬු තරම දන්නේ ඒ කඳුළු හෙළූ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරා ගත් මහ පොළොවත් පමණි.
අද ඔබට සිනාසෙන මිනිසුන්, දිනෙක ඔබ වෙනුවෙන් ප්‍රියසාද පවා පවත්වනු ඇත. ඔබ ඔවුන් ගේ මිතුරන් බවත්, නෑදෑයින් බවත් බොහෝ ආඩම්බරයෙන් කෑ ගසමින් කියවනු ඇත. ඔබ ඊයේ දිනයේ කෙතරම් කඩා වැටුණා වුවත් කමක් නැත; අද අලුත් දවසක් බව පමණක් සිහි කරගන්න.
අන් අය ඔබෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ නො ව, ඔබට ඔවුන් වෙනුවෙන් සිදු කළ හැකි දේ පිළිබඳ පමණක් ඔබේ අවධානය යොමු කරන්න. ඔබ ව නිර්මාණය කරමින් හිඳින්නේ ඔබ මැ මිසක, ඒ අන් කිසිදු අයෙකු නො විය යුතූ ය. එවිට ඔබගේ ජීවිතය ඉතා වේගයෙන් යහපත් ලෙස වෙනස් වන්නට පටන් ගන්නා බැව් ඔබට මැ වැටැහී යනු ඇත.
ලස්සන ම මල් බොහොමයක් පිපෙන්නේ, දරාගත නො හැකි තරම් වූ මහා වැසි මැද බව සිහි කරගන්න. මේ, ඔබේ ජීවිතයට මහා වැසි ඇද හැලෙනා කාලය විය හැකි ය. ඉදින්, මහා වැසි වලට ආදර කරමින් ටික කලක් සතුටින් ඉවසන්න ; ජයග්‍රහණයේ මල් පිපෙනු ඇත

********************************
මාගරට්
“බැහැපිය ගහෙන් ” “ඇයි..?
තොගෙ හතර හන්දි කඩන්න ”
“බෑ”
චිං චිං නෝනාත් ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.
මම ගහ කපනවා”
“මං මැරෙනවා ගහෙන් පැනලා”
” ආහ් මැරියංකෝ මැරුණත් ගහනවා තොට” ” මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ ? ”
” කොස් නොකා ඉන්නවා ” ” ඇයි මං මොකක් ද කළේ?”
“ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ..?” “මං නැග්ගෙ නිකම් ”
“තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව ” ” ගැහුවොත් මං කියනවා.”
“මොකක්ද ? ”
“අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්න ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා
*****************************

වරවණ්ණනී “ගෑණු අපි ඉවසන්නම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනේ කරන්නේ. තුන් මහක් ගිය තැන කණ් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රෑක තොටක, මහ මඟක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියාම මාස් වේදනාව. එතන ඉඳන් ඉතිං හැමදාම මොකක් හරි දුකක් , කසාද බැන්දොත් බැඳපු මිනිහාට වාල් කම් කරගෙන ඉන්න ඕනි. කන්න බොන්න ටිකේ ඉඳලා අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. බැඳපු දාම උපන් ගේ දාලා රෙදි කඩමාළු ටිකත් අරගෙන කාගේ හරි තැනකට අහිකුණ්ඨකයෝ වගේ යන්න ඕනි. එතැන ගිහින් එතැන නැන්දම්මලා , නෑනලාගේ රැස්පොට් බලන්න ඕනි. ඊට පස්සේ වදපන්කෝ දරුවෝ. උන්ට තියෙන්න හති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප්‍රශ්න නැතත් ප්‍රශ්න. අපේ ඕන එපාකමක් කවමදාවත් අපිට කොරගන්න ලැබෙන්නෙ නෑ. එදා ඉඳන් මිනිහාට විතරක් නෙමෙයි ළමයින්ටත් ඕනෑ විදියටයි අපිට ඉන්න වෙන්නේ. අන්තිමට ඉතිං කවදාහරි තවත් ලේලියෙක්ගෙන් වෙනස් කම් විඳ විඳ මැරෙන්කම්ම ජීවත් වෙන්නයි වෙන්නේ.” ******************************** මාගරට් “බැහැපිය ගහෙන් ” “ඇයි..? තොගෙ හතර හන්දි කඩන්න ” “බෑ” චිං චිං නෝනාත් ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි. මම ගහ කපනවා” “මං මැරෙනවා ගහෙන් පැනලා” ” ආහ් මැරියංකෝ මැරුණත් ගහනවා තොට” ” මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ ? ” ” කොස් නොකා ඉන්නවා ” ” ඇයි මං මොකක් ද කළේ?” “ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ..?” “මං නැග්ගෙ නිකම් ” “තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව ” ” ගැහුවොත් මං කියනවා.” “මොකක්ද ? ” “අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්න ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා *****************************

“ගෑණු අපි ඉවසන්නම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනේ කරන්නේ. තුන් මහක් ගිය තැන කණ් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රෑක තොටක, මහ මඟක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියාම මාස් වේදනාව. එතන ඉඳන් ඉතිං හැමදාම මොකක් හරි දුකක් , කසාද බැන්දොත් බැඳපු මිනිහාට වාල් කම් කරගෙන ඉන්න ඕනි. කන්න බොන්න ටිකේ ඉඳලා අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. බැඳපු දාම උපන් ගේ දාලා රෙදි කඩමාළු ටිකත් අරගෙන කාගේ හරි තැනකට අහිකුණ්ඨකයෝ වගේ යන්න ඕනි. එතැන ගිහින් එතැන නැන්දම්මලා , නෑනලාගේ රැස්පොට් බලන්න ඕනි.
ඊට පස්සේ වදපන්කෝ දරුවෝ. උන්ට තියෙන්න හති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප්‍රශ්න නැතත් ප්‍රශ්න. අපේ ඕන එපාකමක් කවමදාවත් අපිට කොරගන්න ලැබෙන්නෙ නෑ. එදා ඉඳන් මිනිහාට විතරක් නෙමෙයි ළමයින්ටත් ඕනෑ විදියටයි අපිට ඉන්න වෙන්නේ. අන්තිමට ඉතිං කවදාහරි තවත් ලේලියෙක්ගෙන් වෙනස් කම් විඳ විඳ මැරෙන්කම්ම ජීවත් වෙන්නයි වෙන්නේ.”

මගේ බැල්ම දොර මත රැදී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ මා ඇතුළු වු දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැගුණ දොර එයයි. දොරේ හැඩලය සෙමින් කරකැවෙනු පෙණිනි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැක විය. එය සෙමෙන් විවෘත වන්නට පටන් ගත්තේය.

“රහස්! මම සෑමතැනම රහස් සොයමින් සිටියෙමි.”
ඛේදවාචකයක් හේතුවෙන් කුඩා ෆ්‍රෙඩරීකා හාපර්ස් ග්‍රීන් නමැති මනරම්, ශාන්ත කුඩා ගම්මානයේ පදිංචියට පැමිණියාය. එහිදී, ඕ සුන්දර සෝෆී ලොකු අම්මා, කරුණාවන්ත රේචල් ග්‍රේ, මුරණ්ඩු ටැමරිස්ක් සෙන්ට් ඕබින්, ටැමරිස්ක්ගේ ගුප්ත අයියා ක්රිස්පින් සහ පෙර ක්රිස්පින්ගේ ආයාවරුන් සේ සේවය කළ ලූසි ලේන් සහ ඇගේ පිස්සු නංගි ෆ්ලෝරා වැනි හාපර්ස් ග්‍රීන් වැසියන්ගේ ජීවිතවලට සියුම් ලෙසින් ආකර්ෂණය වූවාය.
එසේ වූවද, ෆ්‍රෙඩරීකා දැරියකගේ සිට කාන්තාවක් බවට උස් මහත් වෙන අතර ඇගේ ශාන්ත වටපිටාව විමෝහනය, ගර්හාව, සිය දිවි නසා ගැනීම සහ මිනීමැරුම හමුවේ විනාශ විය. ක්රිස්පින් කෙරෙහි හදෙහි ජනිත වෙන දැඩි ආශාව ඉදිරිපිට දුබල වෙන ඇය අතීත සහ වත්මන් රහස්වල අවතාරයක් සිය බියජනක සෙවණැල්ලෙන් ඇගේ හදවත අඳුරු කරන, අමුතු ලොවක තවත් ගැඹුරට ගමන් කළාය.
ඇය දන්නා සියල්ලන්ටම බලපාමින් මෙහි සිදු වූයේ කවර අචින්ත්‍ය ඛේදවාචකයක්ද? මක් නිසාද යත්, අවසානයේ, ප්‍රේමයට සහ සත්‍යයට ජය ගත හැකි වූයේ මුනිවතෙහි කුමන්ත්‍රණය බිඳ දැමූ පසු පමණකි.

ඇලෙක්ස් ක්ලෙයාමොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්‍රයාය. කඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැගී එන තරුවකි.
හෙන්රි… සැබැවින්ම හැම අතින්ම කුමාරයකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණියන්ගේ සිහින කුමාරයාය.
එකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා ‘අසම්මත’ යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති. ඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද?
දෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ අමෙරිකානු ජනපතිනියටත්, රජකමේ ගෞරවය රැක ගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණිය වූ එංගලන්ත මහ රැජනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද? අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද? ඉතිහාසය තුළ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?


සංචාරකයෙකුගේ මනෝභාව වටහාගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාදුනන ශිෂ්ඨාචාරයක් සංචරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුදන්තක පී. විජේතුංග එවැනි දුර්ලභ සංචාරකයෙකි.
සංස්කෘතිය සොයා යා හැකි එකම පහුරක් වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඩිතුමා ප්‍රාචීන භාෂා ගවේෂණය කරමින්, අපේ ඉතිහාසය ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගි නිරීක්ෂකයෙක් විය. සුදන්තක පී විජේතුංග භාෂාව වාහනයක් කොට ගනිමින්, යටගිය ලෝකය ගවේෂණය කරයි. හේ ජර්මන්, ඉතාලි, හින්දි සහ ඉංග්‍රීසි යන භාෂාවන්හි මනා නිපුණත්වයක් දක්වයි. කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය සුදන්තකගේ ජර්මන් භාෂා අධ්‍යනයයේ මූලික පාසලයි. වර්තමාන ජර්මනියේ සංචාරය කරමින්, ගයිගර් පඩිතුමාගේ ස්වකීයන් හරහා එතුමන්ගේ උපභෝග, පරිභෝග තොරතුරු රැසක් ශාස්ත්‍රීයව ගවේෂණය කල සුදන්තකට, මුල් ජර්මන් බසින්ම එතුමාගේ ලංකා දේශාටන වාර්තාව සිංහලයට පරිවර්තන කිරීමේ හැකියාව උදාවිය. දැනට ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන සුදන්තක ලාංකිය සංචාරක සාහිත්‍යයට නිපුන නිර්මාණ රැසක් ගෙන ඒමට සැදී පැහැදී සිටී.

මගේ බිරිඳ මිය ගියත් ඈ තවමත් මා තුළ ජිවත්වෙමින් සිටිනවා.
ඔහු මෙසේ පවසද්දි මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත්, මා ඇසුරු කර මියගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී. නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජිවත්වෙමින් සිටී. ඒ අතර මගේ අම්මා, තාත්තා මෙන්ම අක්කාද සිටී.
ඔහුගේ කතාබහ ඇසීමෙන් පසු මා අවදි වූයේ ඇඩූ කදුළිනි. අනතුරුව මම සභාපතිතුමාගේ දෑතින් අල්ලාගත්තේ ඔහු මියගිය පසුවත් මට ඔහු නැතිව ජිවත් විය නොහැකිවේයැයි සිතමිනි.
ඇත්ත වශයෙන්ම මේ වනවිට ඔහු මියගොස් ය. එහෙත් ඔහු මගේ මතකය පොහොසත් කරයි. එහෙත් අපේ ජීවිත මුහුදු රැල්ලක් තරම්වත් ස්ථාවර නැතැයි මට සිතේ.

‘‘මාස්ටර්…. ගෑනු හරියට හුළග වගේ…. නොකියම එනවා… නොකියම යනවා… ආවා වගේ නෙවෙයි… යනකොට යන්නෙ හැඩිකරලා… අවුල් කරලා… හැඩි වුණාට පස්සෙ එකලස් කරගන්න හරි අමාරුයි. ගෑනු කියන්නෙම කෙළවරක් නැති සබ්ජෙට් එකක් මාස්ටර්… කොච්චර කතා කළත් ඉවරයක් නෑ… ඇතුවත් බෑ. නැතුවත් බෑ…. උන් එක්ක ජීවත්වෙනවා කියන එක ලේසි නෑ තමයි.. එත් ගෑනියෙකුට කිට්ටු වෙනකොට, ගෑනියෙකුට යටත් වෙනකොට, උන්ට ඇහුංකං දෙනකොට, උන් එක්ක රණ්ඩුවෙනකොට එතන මොකක්දෝ තේරුම් ගන්න බැරි දෙයක් තියනවා… ඒක අපිට පිරිමියෙක් එක්ක කරන්න බැරි ගනු දෙනුවක්…’’


සිදත් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පස්වසක් ඉක්මවගොස් ඇති සමය…
බ්ලැක්වුඩ් බංගලාවේ සැරිසරන අද්භූත සුදු තරුණියකගේ ආත්මයක්…
ඇය විසින් රුධිරයෙන් තබන ලද සටහනක්…
යුරෝපයට වී දුක්ඛිත ජීවිතයක් ගතකරමින් සිටින සිදත්, එම තරුණිය පිළිබඳ සෙවීමට සිය ප්‍රාණසම සගයා වූ සේනක සමඟින් ලංකාවට පැමිණෙයි.
ඇගේ ආත්මය එතැනින් ඔවුන්ව කැඳවන්නේ නිරන්තර මිහිදුමෙන් පිරුණු අලංකාර උත්තර භාරතීය හිමාචල් ප්‍රදේශ් කඳුකරයටයි.
බිහිසුණු මායාකර්මයන්, සාම්ප්‍රදායික ඉන්දියානු ගැමි විශ්වාසයන් සහ වෛරයෙන් දැවෙන බිහිසුණු ආත්මයන් සමඟින් ගැටෙන සිදත් සහ සේනක අවසානයේ සොයාගන්නේ කිනම් අබිරහසක්ද?
ආත්ම ගණනාවක් පුරාවට පසුපසින් හඹා එන පාපකර්මයක විපාකයෙන් ඇලන්- සඳමාලී යුවළට ගැලවීමක් ලැබේවිද?
සියවසකට පෙර අඳුරු රාත්‍රියක සීතල හපුතලේ පාළු කඳු අතර සිය අවසන් හුස්ම හෙළූ ඇලන් ස්ටුවට් තරුණයාගේ මරණය පසුපස සැඟවුණු අබිරහස කුමක්ද?
ඔහුගේ මරණයට හේතුව හුදෙක්ම පෙම්හබයක් පමණක්ද?
ඔහුගේ සැබෑ ඝාතකයා කවරෙක්ද?

ඔවුහු හොලිවුඩයේ බලවත්ම නළු-නිළි යුවලක් වූහ.
දැන් ඔවුන්ගෙන් එක් අයෙක් මියගොසිනි.
හොලිවුඩ් නළු රොබට් සොලමන්ට තමාගේ රූමත් බිරිඳ අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වී ඇත.
මෙය සියවසේ නඩු විභාගයයි.
සියලුම සාක්ෂි යොමුවන්නේ රොබට් සොලමන් වරදකරු වන ලෙසය.
නමුත් නඩු විභාගය ඇරඹෙන විටම විත්තියේ නීතිඥ එඩී ෆ්ලින්ගේ මනස තුළ මැවෙන, නොගැළපෙන සිදුවීම් මාලාවක් තුළින් ඝාතකයා පිළිබඳ සැකයන් මතුවෙමින් තිබේ.
අධිකරණ ශාලාව තුළ එක් නළුවෙක්ට වඩා සිටී නම්?

දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන
– උපුල් ශාන්ත සන්නස්ගල



කොළඹ නගරයේ ඉතිහාසය අතිශය රසවත්ය. මිහිරි සිහිනයක් තරමටම සුන්දරය.
සිත් කම්පා කරවන බිහිසුණු සිදුවීම් වලින් ද අනූනය.
වර්තමාන කොළඹ නගරයේ කලබලකාරී වීදි ඔස්සේ සැරිසරන කිසිවෙකුට මෙම නගරය සිසිල් සෙවණින් සහ සීතල දිය දහරාවන්ගෙන් සුසැදි අතිශය මනස්කාන්ත පුරවරයක්ව තිබූ බවට සලකුණක් පවා සොයා ගත නොහැකිය. එමෙන්ම මිනිසුන් සිය දහස් ගණනක් මරණය කරා කැඳවා ගෙන ගිය අඳුරු අතීතයක් ද එහි සැඟව ඇති බව වර්තමාන පරපුර නොදැන සිටීම ද අරුමයක් නොවේ.
කොළොම්පුර රාජධානිය කෘතියෙන් ඔබ කැඳවා ගෙන යන්නේ ඒ අපූරු යටගියාව වෙතය.
දශක තුනකට ආසන්න කාලයක් පුරා දහස් සංඛ්‍යාත දෙස් විදෙස් ලිපි ලේඛන, පොත් පත් සහ මෙතෙක් සිංහල බසට පරිවර්තනය නොවූ පැරණි මූලාශ්රයන් පරිශීලනය කිරීමෙන් මෙන්ම මෙරට සිටි සුප්‍රකට සහ විරල ගණයේ යුග පුරුෂයන් සමග කතුවරයා පෞද්ගලිකව කළ සංවාදයන්හි ශාස්ත්‍රීය ඵලයක් ලෙස බිහිවන මෙම කෘතියෙන් කොළඹ නගරයේ ඉතිහාසයේ සැඟවුණු යටගියාව විචිත්‍රවත් ලෙසින් අනාවරණය කෙරෙන්නේය.
කොළඹ නගරයේ ඉතිහාසය හරහා කොළඹ කේන්ද්‍ර කරගනිමින් මුළු මහත් දිවයිනේම සමාජ සංස්කෘතිය සහ භෞතික පරිසරයත්, රටේ දේශපාලන දිශානතියත් එමෙන්ම මෙරට ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප හා ජීවන රටාවන් පරිවර්තනයකට ලක් වූ ආකාරයත් කොළොම්පුර රාජධානිය කෘතිය ඔස්සේ දිග හැරෙන්නේ දුලබ ඡායාරූප සහ වර්ණවත් සිතියම් ද රැසක් සමගිනි.


ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

ඉංගී්රසි ජාතික සාහිත්‍යධරයින් අතරින් අද්විතීය ස්ථානයක් ගන්නා චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඔලිවර් ට්විස්ට නමැති නවකතාව ලෝක සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් ලෙස සැලකේ. එයින් දහනව වන සියවසේ එංගලන්තයේ පැවති සමාජ වටපිටාව, ගම්බද හා නගරබද ජීවිතය ශුභ සාධක කටයුතු හා සමාජ විරෝධී කි්රයාවන් මෙන් ම මානව හිතවාදී ශ්‍රේෂ්ඨ චරිතාංගයන් ද මැනවින් චිත්රණය වෙයි.



වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය.
අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි.
පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සත්, රූත්ගේ සහාය පතන්නේ. ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල ලෙසි ඩාවීනි නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු හැරී නෙල්සත්ව සමච්චලයට ලක් කෙරමින් අරුම පුදුම ලිපි පෙලක් ලැබී ඇත.
අනතුරුව, නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.
ඒ එකම ඝාතකයාද?
නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?




මේ ගෙවීයන්නේ මගේ දිවියේ තීරණාත්මක සංක්‍රාන්ති සමයයි. වරෙක, දිවියට තදින් පෙම් බැඳි, එහි රසය විඳි මගේ හැඟුමන් එකතැනක නතර වී ඇති හැඩක් මට දැනේ. නින්දත් නොනින්දත් අතර ගෙවී ගිය ඒ රාත්‍රියේ ඒ අමිහිරි මතකයන්, මිහිරි මතකයන් පළවාහරිමින් මතුව ආවේ මට තව තවත් රිදවමිනි. පාන්දරින්ම ඇරඹුණු මහා වරුසාවේ තවමත් අඩුවක් නැත. සුළඟද එසේමය. සුළඟේ සැරට අවට වූ ගස්වැල් කිරි කිරිස් හඬින් ඇඹරෙන හඬ අතරින් වැස්සේ හඬ මට පැහැදිලිවම ඇසෙන්නට විය. ඒ හඬට මම අසීමිතව පෙම් බැන්ඳේ පුංචි සන්දියේ සිටමය. වැස්සේ හඬ හා වැස්සක් පිළිබඳව මගේ ප්‍රථම මතකය සේතං නයිදෙගෙ කරත්තයේ නැඟී රොටවැවේ සිට අඹගහවෙළ හංදියට පැමිණි දා බැව් මම සිතමි. එහෙත්, ඒ මා පෙම් කළ වැස්සම වැටී පිරී ගිය රොට වැව මගේ ජීවිතයට මෙතරම් බලපෑමක් ඇතිකරාවි කියා නම් මම කිසිදාක නොසිතුවෙමි.

වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගීගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තීරණයක් ගත නොහැකිව ලතවෙමින් ය. ඔහුගේ හදවතෙහි කොණක් වේදනාවෙන් ඉරිතැලී ගොසින් තිබුණි.
“අහගන්න මගේ ආදරණීය දරුවා… ඇගේ පියා වූ වර්ථමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ. ඉතින් ඇගේ සිරුරේත් දුවන්නේ ඔබේ පියාව මරා දැමූ ඒ ද්‍රෝහි රුධිරය. හැගීම්වලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනීම සම්පූර්ණ වේවි දරුවා”
ඔහු බර සුසුමක් ඇද ගත්තේය. පලිගැනීමේ පාලමෙහි අවසාන කෙළවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කල දයාබර නෙෆ්රූ ය. එහෙත් එය කෙසේ කරම්ද?
ආදරයද…? පළිගැනීමද…?
ඔහු මෙම හැගීම් දෙක අතර සිරව ගියේය.

“ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය.
සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. ‘අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ‘ යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ අච්චුස්සහ වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.
“බය වෙන්න කිසි දෙයක් නැහැ. හැම දෙයක්ම හොදට සිද්ධ වෙනවා.” මහි පිළිතුරු දුන්නෙයි. “ඇයි ඔයා මාව බඳින්නෙ?” ඇය ඇසුවාය.
ඒ ප්‍රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ‘මම ඔයාට ආදරේ හින්දා’ යැයි කීම වුණත්, පිටි මහාපුරුදු පිළිතුරක් සෙව්වෙමි. මෙතෙක් සවන් දුන් ගීතයක වදනක් මතකයට නැඟාගන්නට උත්සාහ කඳුයි. එවැන්නක් හමුනොවුණු තැනු සිතට පැමිණි අදහස් ගොන්නක් මෙසේ වදන්ගත කරන්නට මට හැකි විණ.
“මම ඔයාව බඳින්නේ මගේ ජීවිතේට ඔයාව ඕනෑ හින්දා නෙමෙයි.
ඔයා නැතිව මට ජීවත්වෙන්න බැරි හින්දා. ඒක, ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ කතාවක් නේද? විවාහයයි, මරණ යයි කියන්නෙ එක හා සමාන දෙයක්. හරියට බැලුවොත් මේ දෙකම ජීවිතේට ලැඛෙන්නේ එක වතාවයි. ඒත් සමහර වාසනාවන්තයෝ විවාහයෙන් පස්සෙ කීප වතාවක්ම ඉපදෙනවා. මට හිතෙන්නේ මමත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙයි.” මම කීමි. “මේ ජීවිතේ කෙටියි. ඒත් අපි දෙන්නා එක් වුණාට පස්සෙ අපිට පුළුවන් දිගු ජීවිතයක් ගතකරන්න.“