රාමායනය-Ramayanaya
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.හින්දු සංස්කෘත සාහිත්‍යයට අයත් මහා කාව්‍යයන් අතරින් පැරණිතම මහා කාව්‍යය රාමායනය යි. මෙය රචනා කොට ඇත්තේ වාල්මිකී නම් පඬිවරයෙකි
Showing 161–192 of 506 resultsSorted by latest

හින්දු සංස්කෘත සාහිත්‍යයට අයත් මහා කාව්‍යයන් අතරින් පැරණිතම මහා කාව්‍යය රාමායනය යි. මෙය රචනා කොට ඇත්තේ වාල්මිකී නම් පඬිවරයෙකි

සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත. අඩසියවසක් පුරා පාඨක අවධානය මැනවින් ග්‍රහණය කරගත් මේ නවකතාව විවිධ විභාග සඳහා නිර්දේශ වී ඇති අතර සිනමා සිත්තමට ද නැගුණු අපූරු ගද්‍ය කාව්‍යයකි. 1959 වර්ෂයේ පළ වූ විශිෂ්ටතම නිර්මාණයට හිමිවන දොන් පේද්‍රිස් ත්‍යාගය ද දිනාගන්නා ලදී.

වර්තමාන ලෝකයෙන් අතීතයට සිය සාහිත්‍ය ලෝකය ඔස්සේ ගමන කරන කතුවරිය 1910 තරම් ඈත කාලයේ කතාවක් මේ කෘතිය තුළින් නිර්මාණය කොට තිබේ. අප ජීවත්වන කලබලකාරී වටපිටාවෙන් මිදී ඒ සුන්දර අතීතය තුළ මොහොතක් කාලය ගෙවන්නට මේ නවකතාව අපූරු දොරටුවක් විවර කරවයි.

ප්‍රවීණ ලේඛිකාවක වන තුෂාරි අබේසේකර විසින් ලියන ලද නවකතාවකි. ටෙලි නාට්‍යයක් ලෙසින් ද එළිදුටු නිර්මාණයකි. විවිධාකර හේතු නිසා කොළඹ නගරයේ පහත් යැයි සම්මත සමාජ ස්ථරයන් හි ස්ථානගතවන, කොළඹ නගරය පුරා ලාබෙට විකිණෙන ඇපල් මෙන්, සමාජය විසින්ම අඩු තක්සේරුවක් ලබා දෙන කාන්තාවන්ගේ ජීවිතවල අපට නොපෙනෙන පැත්ත පිළිබඳ කතා කරයි

අන්තර්ජාලය, නවීන තාක්ෂණය සමඟ මුසු කරගනිමින් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලෙස මෙම කෘතිය රචනා කර ඇත. විද්‍යාත්මක සංකල්ප හා දාර්ශණික මතවාද එකතුවෙන් නිර්මාණාත්මක විද්‍යා ප්‍රබන්ධයක් ලෙස මෙය පාඨකයා අතට පත්

රොබින් හුඞ් යනු ඉංග්‍රීසි ජාතිකයන්ගේ ජනකතාවල සඳහන් වන වීරයෙක් මෙන්ම කැරළිකරුවෙකි. ඔහු දුනු ශිල්පයට සහ කඩු ශිල්පයට අති දක්ෂයෙකි. ධනවතුන්ගෙන් සොරාගන්නා ධනය දුප්පතුන් අතර බෙදාදීම නිසා ඔහු සාමාන්‍ය ජනතාව අතර වීරයකු බවට පත් විය. මධ්‍යතන යුගවලදී ජනප්‍රියත්වයට පත්වන්නට පටන් ගැනුණු රොබින් හුඞ් චරිතය විවිධ සාහිත්‍ය නිර්මාණ ඔස්සේ කාලයත් සමඟ වර්ධණය විය. රොබින් හුඞ් යනු හුදෙක් කල්පිත චරිතයක් බව ඇතැමෙක් පවසන අතර මෙවැනි පුද්ගලයකු ජීවත් වූ බවට ඇතැමෙක් සඳහන් කරති. මේ අපූරු චරිතය වටා ගෙතුණු රොබින් හුඞ් කෘතිය සිංහල බසට සම්පාදනය කරන්නේ ඬේවිඞ් කරුණාරත්නයන් විසිනි.

මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්‍රීසි ජාතියාගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි .

වන්නියේ ජන ජීවිතය මුර්තිමත් කරමින් සිංහල සාහිත්‍ය ක්ෂේත්රයේ අපූර්ව විප්ලවයක් කළ නවගත්තේගමයන්ගේ ‘සාපේක්ෂණි’ පාඨකයන්ගේ වින්දන ශක්තිය ප්‍රබෝධවත් කරන නිර්මාණයක, නවතම මුද්‍රණයයි.

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘The Girl in Room 105’ නමැති නවතම කෘතිය දිලීප ජයකොඩි විසින් ‘105’ නමින් දැන් සිංහල පාඨකයන්ට තිළිණ කර තිබේ.
තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රෙමණීය කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රෙමය, සංත්රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.

මානසික සහ අධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක සිට නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කරගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි.
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:
* කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජයගැනීම
*මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
*ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම
*සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
*සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.
ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.
කිසි දිනක ඉටු කර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනිම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.
පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.

ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළුෑ කඳුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළී පැවතිණ. ඔවුන් දැන් කොහේ ඇද්දැයි මට නිතරම සිහි විය. ඔවුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි. සැඳෑ හිරුරැස් අප ඉදිරියේ වු තැනිතලාවේද එහි තිබුණු හුදෙකලා බට පඳුරේද සියඹලා ගස් මතද රන් පැහැයක් තැවරීය. මම රාජලක්ෂ්මීට හොරෙන් ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් මත වූ සිනාව ඒ වන විටත් මැකී ගොස් තිබුණේ නැත. හිරුගේ විසිරුණු ස්වර්ණ ප්‍රභාවෙන් ඇගේ සුපුරුදු සිනාමුසු මුහුණ දකිද්දී එය කිසියම් අපූර්ව බවක් පළ කළේය.

විභූති භූෂණ බන්ද්‍යොපාධ්‍යාය භාරතීය සාහිත්‍යාම්ඹරය ප්‍රභාමත් කළ ප්‍රතිභා සම්පන්න මහා ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ භාරත දේශයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ “අපරාජිතෝ” නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක්ෂ්මී සිංහආරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ .
ඈ විසින්ම පරිවර්තනය කරන ලද (මේ ශ්‍රේෂ්ඨ ලේඛකයාගේම) මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු “අපූ” නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත. සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ්‍ය ආත්ම විශ්වාසය පිළිබඳ ගැඹුරු අරුතක් කු ගන්වන මේ නවකතාව සත්‍යජිත් රායිගේ සිනමා කාව්‍යයක් බවටද පත් විය.

සොලමන් රජුගේ දෙවොල
පරිවර්තනය
මානෙල් කරුණාතිලක
“ඊජීප්තුව යනු සොලමන්ගේ දෙවොලේ හදවතයි. කාර්නැක් කියවිය යුතු ඕනෑම කෙනෙක් ජෙරුසෙලම කියවා ගනීවි. යාවේහ් දෙවොල කියවිය හැකි ඕනෑම කෙනෙක්, ජීවිතයේ නවාතැනේ අබිරහස් හා විද්‍යාව දැනගනීවි.”
මාස්ටර් හිරාම්
“තනිකමක් දැනෙන විට මා හිරු උදාවට පෙර මෙහි පැමිණ ඔබේ විශිෂ්ට ඉදිකිරීම දෙස බලා සිටිනවා. දෙවියන් මට අසම සම නිර්මාණ ශිල්පියෙකුගේ සහාය ලබා දුන්නා. එය, මිතුරකුගේ සහය වැනියි. ඔබ, මා සොයා යන ඒ ඥානය ලබා දෙන පණිවුඩකරුද හිරාම්?”
සොලමන් රජු
“දඩයක්කරුවාට එකම ගොදුර දෙවරක් වරදින්නේ නැහැ.සොලමන් ඔබව මරා දමාවි මගේ කුමරුනි.”
කාලෙබ්
“මා සෙවනැල්ලටත් වඩා නිහඬව ඉන්නම්. හිරු රශ්මියට වඩා විනිවිද පෙනෙන්නම්. ශරත් ඍතුවේ සුළඟට වඩා සුවඳවත් වෙන්නම්, මගේ රජුනි.”
පාරාවෝ දියණිය, නග්සාරා.
“මේ කෝප්පයට දෙව්ලොවෙන් හෝ මහපොළොවෙන් නොලැබුණු වතුර දමා මට දෙන්න රජතුමනි.”
ෂෙබා රැජින, බැල්කිස්

“මට මගේ නම කියලා කතා කරන්න! මම කැත නැහැ. මං මෝඩ නැහැ. මම මලීකා මැඩිසන් … ඔව් මං කළුයි තමයි. හොඳටම කළුයි.. ඉතින්, ඒක නිසා ඔයා මට කැමති නැත්නම්, ඒකට මට කරන්න දෙයක් නෑ… මොකද, මේ තමයි මගෙ හමේ පාට!” මම හයියෙන් කෑගහනවා.
“චාර්ලීස් ජෝන්ස්, ඔයා තමන් ගැන මොන විදිහට හිතාගෙන හිටියත්, ඔයා මට වඩා දහ ගුණයක් නරකයි. මම නම් කවදාවත් ම තව කෙනෙකුට බල කරන්නෙ නෑ, පන්ති කාමරයක් ගිනි තියන්න කියලා… මං කවදාවත් මට වඩා දුර්වල ළමයින්ට වද දෙන්නෙ නෑ, ඒ වගේම, තව කෙනෙකුගෙ හිත තුවාල කරන්න පුළුවන් විදිහේ පහත්, දුෂ්ඨ වචන කියන්නෙත් නෑ.”

“සති පූජාව තියාල ගෑනු පණ පිටින් පුච්චල දාන එක තිරිසන් වැඩක් නෙවිද? එක මිනිහෙකුට එක ගෑනියෙක් හිටියාම මදිද? කණවැන්දුමී තව මිනිහෙක් එක්ක යන් නැතුව මැරෙනකං හිඟාකන්ට ඕනෑද? හඃ මට දැනුයි තේරුණේ ඔහේගෙ රටට තියෙන ආදරේ.”
– සෙල්වී –
“මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්ට බෑ කියාල. අපේ ජීවිත වලින් බාගයක් තවම භාරතයෙ. අපේ ලේ එහෙ වැළලුවා අපි. ඒකයි අපට ඒ රට අතාරින්ට ඒ තරම් අපාසු.”
– වේලු –
“මේ අහපං කෙල්ලෙ. උඹට පෙරේසං කොරන්ට තියෙන්නේ ඔය කිතුල් හකුරු බෑ දෙකයි, තුන්හුලස් මී වද කෑල්ලයි ඉතරා. ඔය මීවද ඔලට වලස්සු මැරීගන එනවා. උනුන් කා ගන්නවා. මරා ගන්නවා. මී වදේ සුප්පන්ට. මී පැණි ලෝන්ට. හැබැයි උඹට පුළුහනි උන්ගෙන් එව්වා බේරගන්ට”
– කොවේහාමි –
“මාත්තයා මේක වීලු නෙමේ. මේක එත්ත. මාත්තයා මංගෙන් වෙඩ ගත්තා මංට ගෙව්වෙ නේ. මං ගෙ කුලීය දෙන්ඩ මාත්තයා. පීය ගන්ඩ ෂල්ලි දෙන්ඩ. පීය ගන්ඩ ෂල්ලි දෙන්ඩ.
– සුරේෂ් –

ස්කයි ස්ටැන්ඩිෂ් ලස්සන, ධනවත්, විනෝදකාමී නමුත් පිරිමින්ට ද්වේශ කරන තරුණියකි. ඇය සිතුවේ තමන්ට ජීවිතයේ අවශ්‍ය සියලුම දේ ඩොලර් වලට ලබාගත හැකි අතර ඩොලර්වලින් කළ නොහැකි දෙයක් නැති බවය. උවදුරු සම්බන්ධව කරන ලද සියලු අනතුරු හැඟවීම් ඉවතලන ඇය බලකර සිටියේ ඒකාධිපතියෙකු විසින් පාලනය කරනු ලැබූ, පසුබෑමට ලක්ව තිබූ, නමුත් අතිශයින්ම ලස්සන මරිපෝසා නම් කුඩා දකුණු ඇමෙරිකන් රාජ්‍යය තනිවම ගවේශනය කිරීමටය.
පළමු දිනයේ අසුපිට සංචාරයේ යෙදුනු ස්කයිට දැක ගැනීමට හැකි වූයේ ගසක එල්ලෙමින් තිබූ මියගිය මිනිසකුගේ සිරුරකි. එදින ඇය ආපසු හරවා එවා තිබුණේ දුෂ්ඨ හා බලවත් දාමරිකයකු වූ එල් ඩියාබ්ලෝ නමැති මිනිසෙකි. කුතුහලයට පත් ඇය දෙවැනි දිනයේ උත්සාහ කළේ මේ මිනිසා ගැන තවදුරටත් සොයා දැනගැනීමටය. නමුත් පැහැර ගැනීමකට ලක්වන ඇය රැගෙන යන්නේ ඔහුගේ කඳුකර කඳවුර වෙතය. ස්කයි ඔහු යටතේ කෙලෙස පීඩාවට පත්වන්නේද, නුසුදුසු ධෛර්යවන්තකම නිසා අලුත් අනතුරු වලට මුහුණ දීමට සිදුවන්නේ කෙසේද, රටේ සිදුවන විප්ලවයකට ඇය මැදිහත් වන්නේ කෙසේද සහ අවසානයේ ඇය සතුට සොයාගන්නේ කෙසේද? මේ සිදුවීම් මාලාව මූලිකාංගවූ මෙය අතිශය විස්මය ජනක ප්‍රේම වෘතාන්තයකි.

පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය.යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහර ය. කත්‍යානා අමරසිංහ පොලියානා අපට හදුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසිසේ සුරකිමිනි. ඇගේ පරිවර්තන කාර්යයයොවුන් පාඨකයාට පමණක් නොව වයසින් මුහුකුරා ගිය පාඨකයෙකුට වුව හෘදයාංගමය.

පොලියානාගේ ජීවන වෘතාන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් පාඨකයන් අතට පත් වේ. තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතිවිලි පහළ වන අන්දම හා ඒවා හැසිරෙන ආකාරය – තමා අවට පරිසරය ජීවිතයට බලපෑම් කරන අන්දම – කදිමට මෙහි නිරූපිතය.
හොඳ සාහිත්‍ය කෘතියකින් ජීවිත අරුත් රසයෙන් යුත් වින්දනයක් පාඨකයාට උරුම වේ. එය පාඨකයාගේ ජීවන අත්දැකීම් පුළුල් කිරීමටද හේතු වේ. යොවුන් පාඨකයන්ට අර්ථ සම්පන්න සාහිත්‍ය කෘතියක් ලෙස පොලියානා කතා මාලාව හැඳින්විය හැකිය. මෙහි අවසන් භාගය ජිමී සහ පොලියානා ලෙසින් පළ වී තිබේ.

යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරිණු ජීවන අපේක්ෂා සම්බන්ධ හැගීම්වලින් මඬනා ලද බව සත්‍යයකි.එහෙත් කුඩා වියේදි ලබන්නා වු විවිධාකර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක්වේ ….. යොවුන් පාඨකයන් අතර තාරුණයයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයාංගම ලෙස ජනප්‍රිය වේ.ඒ චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව – ඉමිහිරි සතුට – මෙන්ම ආත්මවිශ්වාසය ද අත්කර දෙයි. පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයාංගම හා රසවත් කතාවකි.

සුප්‍රසිද්ධ කතුවරියකගේ සැබෑ ජීවිත කතාව
ලිට්ල් හවුස් කතා මාලාවට අනුප්‍රාණය දුන්
සැබෑ චරිත පිළබඳ ලියැවුණු
මනස්කාන්ත විවරණයක්

Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House on the Prairie රූපවාහිනී නාට්‍ය මාලාවට පාදක වුණු Little House පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි. මෙය, කොටස් හතරකින් ලියැවුණු එම කතා මාලාවේ පළමුවැන්නයි.
19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප්‍රීතිමත්, සුන්දර සැනසිලිදායක ජීවිතය පිළිබඳ කතාව යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන්ට ද එක සේ රස විඳිය හැකිය.

වසර විස්සකට පෙර ලුයීසියානාවේ කුඩා නගරයක සිදු වූ ඝාතන දාමයකි. දශක දෙකකට පසුව ඒ බියකරු සිහිනය පෙරළා පැමිණ තිබේ.
යොවුන් දැරියන් සය දෙනෙකුගේ මරණවල වගකීම් භාරගත් සිය පියා නිසා ඉමහත් කම්කටොලු විඳ දරාගත් ක්ලෝයී ඩේව්ස්, සිය අතීතයේ අඳුරු මතක මතින් නැඟී ජීවිතයේ නවමු පරිච්ඡේදයක් ආරම්භ කළා පමණි. නමුත් එහි සතුට විඳගන්නට ඇයට වරම් ලැබෙන්නේ නැත. නැවතත් යොවුන් දැරියන් එකා දෙන්නා අතුරුදන් වන්නට පටන්ගන්නේ, වැළලී ගිය ළමා කල බිහිසුණු සැමරුම් ගොඩගන්නට ක්ලෝයීට බල කරමිනි.
වසර විස්සකට පෙර සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි යන්න සොයා යන ගමනේදී, ඝාතකයා තමන්ගේම සමීපතමයෙකු වේදැයි යන භයානක පැනයටද පිළිතුරු සොයන්නට ක්ලෝයිට සිදු වේ. පැරණි සැමරුම් සමග එකී අලුත් උවදුරු තමන් පෙළද්දී, ඈ මායාවෙන් සැබෑව වෙන්කරගන්නේ කෙසේද?

“බෝධිසත්ව ගුණ ඇති මිනිස්සු නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලති. එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජීවිත අවුල් නොකරති. සියල්ල දැනගෙන නොදන්නා සේ අනිකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතින තුරු, මඳ නල හා මුසු වී විශ්වයම සුවඳවත් කරයි.”

කස්තුරි සුවඳ…
Romance, LGBTQIA+, New Adult
*මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.
පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.
“මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”
– රුෂිර මාණික්‍ය දේවප්‍රිය –
කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ කියන ඇස් හඬ නගන හැඟීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම සෘතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදාහරිත හැඟීමත්, කොළ වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැඳීම…
“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න…?”
– සුවහස් මනරු හැඩපත්විල –
Romance, LGBTQIA+, New Adult

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.
සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්.
මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවධානය දෙන්න කියලා. සිහිනයක් සැබැවීමේ ඔයාගෙ ‘අවස්ථාව’ හරියට උරඟා බලන්න කියලා සමහරවිට ඒ ව්‍යායාමයේදී කඳු හෙල්ලෙන්න පුළුවන්. ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමි වෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කරන්න, ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා. බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.

විරහ ගීත වලට සවන්දෙන පිරිසක් අතර ඔබ Eminem ගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට, කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට, වෙනස් විධියට හිතන, ගුහා වින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු “මිනිස්සුම තමයි. මට කියන්න අවශ්‍ය මෙච්චරයි. ඉස්කෝලේ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට CV එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම නොකර ජීවිතය දිගේ අමතර සැතපුමක් ගමන් කරන්න හිතනවා නම්, අවදානමක් අරගෙන පොඩියට හරි තමන්ගෙම දෙයක් ගොඩනඟාගන්න අදහස් කරනවා නම් මුලින්ම ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු නොවී ඉන්න. සමාජය දකින කෝණය අපට වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. ලෝකය ඔබව පිළිගන්න දවසක් එනවා. ලෝකය ඔබ කරන දේ ගැන විශ්වාස කරන මොහොතක් උදාවෙනවා. එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව’ එක්ක වැඩ කරන්න එතැනට එනකන් ඔබේ බිස්නස් පිස්සුව’ එක්ක ආවේගශීලීව වැඩ කරන්න!
” මොකද පිස්සුව කියන්නේ ගැටලුවකට නෙමෙයි. පිස්සුව කියන්නේ විසඳුමකට. ඔබව ගුහාවෙන් පිටතට විසි කරලා අහසෙ තරු දෙසට මෙහෙයවන විසඳුමකට.



ඒ 1957 වර්ෂය විය.
එනම් සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති සමයයි. රුසියානු හමුදාවේ අති විශේෂ ස්පෙට්නාස් බළකායට අයත් භට කණ්ඩායමක් සුප්‍රකට පුරාවිද්‍යාඥ ඉන්ඩියානා ජෝන්ස්ගේ කැණීම් අඩවියට කඩා පැන, ඔහුව බලහත්කාරයෙන් පැහැර ගනී. කිසිඳු බිය සැකයකින් තොරව අමෙරිකානු භූමිය ආක්‍රමණය කරන ඔවුහු අමෙරිකානු රජයේ ඉතා රහසිගත ගබඩාවක් කොල්ලකෑම සඳහා ඉන්ඩියානාට බල කරති.
ඉතා රූමත් මෙන්ම අති භයානක වූ ද, කර්නල්වරියක විසින් අණ දෙන එම රතු හමුදා බලඇණියට ඇත්තේ එකම එක අරමුණකි. එනම් ඉතා වටිනා මෙන්ම ඉතා බලසම්පන්න වන කෞතුක වස්තුවක් පැහැර ගැනීමය. අනුකම්පා විරහිත සතුරන් පිරිසක් වන ඔවුන්, ඉන්ඩිව රැගෙන යන්නේ අඳුරු ඇමේසන් වනාන්තරය තුළ ඉතා අසීරු ගලවාගැනීමේ මෙහෙයුමක් කරාය. වහා කිපෙනසුලු යොවුන් වියේ පසුවන තරුණයෙකු සිය සහායකයා කරගන්නා හෙතෙම කෲර රුසියානුවන් සමග සටනට පිවිසෙන්නේ ලොව ඇති කිසිඳු විශ්මයකට තරඟ කළ නොහැකි අන්දමේ ත්‍යාගයක් වෙනුවෙනි.

පෙට් සෙමෙට්රි( Pet Sematary) නව කතාව වනාහී, අමෙරිකානු මහා ගත් කතුවර ස්ටීවන් කිංගේ උසස්ම ගනයේ නවකතාවන්ගෙන් එකක් වශයෙන් අද දිනයේදී සලකනු ලැබෙයි. එහෙත් දැනගන්නට තිබෙන අන්දමට, මෙම කෘතිය පළ කිරීමට පවා අදහසක් කිසිසේත්ම කතුවරයා තුළ තිබී නැත.
මෙතුවක් කලට කිංග් ලියා තිබෙන වෘතාන්ත සියල්ලක්ම පාහේ අඳුරු එමෙන්ම අතිභයංකාර ශානරයේ නවකතා වුවද ඒ අතරේ අද දිනය වනවිට පෙට් සෙමෙට්රි යනු වඩාත්ම සිත කළඹවාලන හා හදවත පීඩාවට පත්කරන වෘතාන්තය බව පිළිගන්නවාට කිසිදු විවාදයක් නොමැත. ඔහුගේ බහුතර නිර්මාණයන්ගෙන් ගම්‍ය වූ අද්භූත බව හා පියවි ඇසට නොපෙනෙන යම්කිසි බලවේගයන් පිළිබඳව මෙම කෘතියෙහිද අඩංගු වූවද මෙහි ඔහු සාකච්ඡාකරන අධ්‍යාත්මික සත්‍ය අනෙක් කෘති අහිබවා සිටියි.
මෙහි ප්‍රධාන චරිතය වන දොස්තර ලුයිස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව අධිකව බලපෑම් එල්ලකරන්නේ හා දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ සැබෑවටම දුෂ්ඨ දෙයකිනි. එනම් අහිමීවීමේ දැඩි දුක හා වේදනාව මගිනි.තමන් අතිශයින්ම ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගෙන් වියෝ වූ බව දැනගත් විට ඇතිවන අතිමහත් වූ කනගාටුවෙනි. එම අපා දුකේ කිමිදී, මැරී මැරී ජීවත් වෙමින් සිටියදී, සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සලකා බලන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද…….?
පෙට් සෙමෙට්රි කියවා ඔබට නිරාකරණය කරගත හැකි වන්නේ,මෙයයි.!
