SHOP
  • පලා පෙත්තෙකුගේ ප්‍රේමය-Pala Peththekuge Premaya
    20 % OFF
    Sold out!

    පලා පෙත්තෙකුගේ ප්‍රේමය-Pala Peththekuge Premaya

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.
  • ප්‍රේමාරම්මණ-Premarammana
    20 % OFF

    ප්‍රේමාරම්මණ-Premarammana

    Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

    ප්‍රේමය යැයි කියූ සැනින් බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන්නේ තරුණයකු සහ තරුණියක අතර හටගන්නා ආදර බැඳීමකි. එහෙන් බුදු දහමේ හිරන්තරයෙන් කියවෙන මාතෘ – දාරක ප්‍රේමය, පීතෘ – දාරක ප්‍රේමය, සහෝදර ප්‍රේමය, කිතු දහමෙහි සඳහන් වන අසල්වැසියා කෙරෙහි පවතින ප්‍රේමය ආදී ප්‍රේමයේ උප – ප්‍රවර්ගයන් ගණනාවක් තිබේ.

    ප්‍රේමය ඔක්සිජන් වැනි ය. එය සැම තැනම පවතී. නමුත් පවතින බව කිසිවකුට නොපෙනේ. නොපෙනෙන නමුත් එය ඇති බව සියල්ලෝම දනිති. සෑම මිනිසකුම ජීවත්වන්නේ ඔක්සිජන් පවතින තැනක පමණි. එය නොමැති නම් කිසිවෙකුට එතනින් එහා තවදුරටත් ජීවත්වන්නට නොහැක. ප්‍රේමය ද එසේම ය.

    මේ සමාජය නීති පද්ධතියකින් පමණක් නොව සංස්කෘතික සදාචාර රීති සමුදායකින් ද බැඳී තිබේ. එහෙත්, ප්‍රේමණීය හදවතකට සීමා මායිම් පැනවිය හැක්කේ කාටද?

  • කාලාවකාශයේ සිරකරුවා-Kalawakashaye Sirakaruwa
    10 % OFF

    කාලාවකාශයේ සිරකරුවා-Kalawakashaye Sirakaruwa

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    කාලාවකාශයේ සිරකරුවා – හිස මදක් ඔසවා බැලූ විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේ වලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුණාත් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම ගිලී නොපෙනී ගියේය.
    සංචාරක නියෝජිතයෝ – කෙසේ වෙතත් මා ඔහුව දුටු බව හඳුනාගත් සැණින් තඩි හිනාවකින් කට පුරවාගත් මේ චීනා, හීනයේ සිටියදී පවා මා පුදුමයට පත් කරන්නට හේ තු වූ පරිදි හොඳ සිංහලෙන් කතා කළේය.

    “කරුණාකරලා ඔය කණ්ණාඩියෙන් ඉස්සරහ ඉන්න වෙලාවක මාව මතක් කරනවද?”

    ගෞරවය – අද මම ඔබව රැගෙන යන්නේ ඒ මාවත් දෙක අතරින්ම විහිදුනු අපූරු මානයක් ඔස්සේයි. ඒ ගමන ඇරඹෙන්නේ බොහෝ දෙනකුට අසන්නට අමතක වූ, බොහෝ දෙනකුගේ සිතට කිසිදාක නොනැඟුණු ප්‍රශ්නයක් ඔස්සේයි.

    “පිටසක්වළ ජීවීන් යනු, අන් කවරකුවත් නොව කාලයාත්‍රිකයන්ම නම්?”

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගැනීමෙන් පසුව විද්‍යා සන්නිවේදකයෙකු ලෙස විදුසර පුවත්පතට සම්බන්ධ වූ දමිත 2010 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිිරිනමනු ලබන දිවයිනේ හොඳම විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය ගැනීමට සමත් විය. පරිපාලන සේවා විභාගය සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරී පත්ව කලක් සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ දමිත පසුව ඉන් ඉවත්ව යෝගාවචරයෙකු ලෙස අධ්‍යාත්මික ගවේෂණයක නිරත විය. ඉන් අනතුරුව නැවතත් විදුසරට සම්බන්ධ වී කරන ලද විද්‍යා සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඔහුට 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පිරිනමන වසරේ හොඳම සෞඛ්‍ය විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය හිමි විිය. ‘විස්මිත සිහ දකින්නා ‘ නමින් පළවු ඔහුගේ කුළුඳුල් විද්‍යා ප්‍රබන්ධ කෘතිය 2008 වසරේ හොඳම ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ කෘතිය සඳහා වූ රාජය සම්මානය හිමි කරගන්නා ලදි. ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිලිබඳ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන දමිත දැනට බෞද්ධ අ්‍යයනය පිළිබඳ තම ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටියි.

  • විස්මිත සිහින දකින්නා-Wismitha Sihina Dakinna
    10 % OFF

    විස්මිත සිහින දකින්නා-Wismitha Sihina Dakinna

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    ඓන්ද්‍රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහිනොනැවති රළ නඝන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත්‍යමය විද්‍යා ගවේෂණය. සිහිනය- හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල අත් වැරැද්දක්.ලංකාවේ ඒ කිලෙ ඇත්තටම් එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා.අදටත් ක්‍රියාත්මක වෙනවා.ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා.නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙමෙයි.වෙනත් තාක්ෂණයකින්.ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය වසර දහස් ගණණකට කලින් නිර්මාණය කළේ සහ ඔවුන්ට ඉගැන්නුවේ අපිම වීම. අදිසි අවිය-තරප්පු පෙළින් බැස ආ ජූල්ස් වර්න් විස්මයට පත් දෑසින් ,තමා ඉදිරියේ සිටින තරුණයාගේ ඇධුම් පැළධුම් හා හැඩරුව දෙස දෙස බලාගෙන නිමේෂයක කල්පනාවක නිමග්නව සිටියේය.එහෙත් එහි වූයේ ටොම් බලාපොරොත්තු වූ විශ්මය නොවේ.ඔහු ඊට හේතුව සොයන්නට මත්තෙන් ඒ මහා ප්‍රබන්ධ කරුවාගේ මුවින් පිට වූ වචන දෙක කාලයාත්‍රිකයාව විස්මයෙන් අලවන්නට සමත්විය.” ඔබ අනාගතයෙන්ද………?”

  • අවුරුදු පහළොවකට පස්සෙ-Awurudu Pahalowakata Passe
    15 % OFF
    Sold out!

    අවුරුදු පහළොවකට පස්සෙ-Awurudu Pahalowakata Passe

    Original price was: රු750.00.Current price is: රු637.00.

    ”දවස් පහක් තිස්සෙ අපි උත්සාහ කළා… ඒත් වැඩක් වුණේ නෑ.. දැන් එයාගෙ මොළේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මොළය මිය ගිහින්.. ඒ නිසා තව දුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක තේරුමක් නෑ… ඒක දැන් අයින් කරන්න ඕනැ… මොකද ඔයගොල්ලො කියන්නෙ”

    ඔහු ඉතා සන්සුන්ව පැවසුවේ ය.

    ” අනේ එපා ඩොක්ටර්…තව එක දවසක් බලමු.. හෙට උදේ අන්තිම බෝධි පූජාව.. එතකොට වරු හත සම්පූර්ණයි… මට විශ්වාසයි එයා සනීප වෙනවා.. අනේ මැෂින් එක ගලවන්න නම් එපා… වඳින්නම් ඩොක්ටර් තව එක දවසක් ඉවසන්න…”

    කළු ගැහැනිය මහ හඬින් කෑ ගසා කීවා ය.

    “ඔයා ලෙඩාගෙ කව්ද?..”

    වෛද්‍යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවේ ය. ඒ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ ඇය ඉකිගසා හඬන්නට වූවා ය. එවිටම සුදු ගැහැනිය ඉදිරියට ආවා ය.

    “මමයි ඩොක්ටර් එයාගෙ වයිෆ්…මට ඩොක්ටර් කියන දේ තේරෙනවා.. කමක් නෑ.. මෙෂින් එක ගලවන්න…

  • ත්‍රිමාණ 2-Thrimana 2
    20 % OFF

    ත්‍රිමාණ 2-Thrimana 2

    Original price was: රු2,200.00.Current price is: රු1,760.00.

    “පළවෙනි පඩිය උඩ හිටගෙන ඉන්න අපි දෙන්නා, පඩි කීපයක් අතෑරල ඊළඟ පඩියට අඩිය නොතියා, අපි දෙන්නම මේ පඩි පෙළ පඩියෙන් පඩිය හිමින් නගිමු. ජීවිතේ විඳින්න පුළුවන් කිසිම අවස්ථාවක් මග ඇර ගන්නෙ නැතුව අපි මේ ගමන යමු. මට ඕන ඔයාට ගෑනු ළමයෙක් විදින්න ඕන හැම සතුටක්ම හැම හැඟීමක්ම එකක්වත් මග ඇරෙන්න නැති වෙන්න ඔයාට දෙන්න. දවසක මට සතුටු වෙන්න ඕන මේ ලෝකෙ හැම සතුටක්ම හැම හැඟීමක් ම හොදම විදියට විඳපු, මේ ලෝකෙ සතුටින්ම ඉන්න ශක්තිමත්ම වයිෆ් ඉන්නෙ මට කියලා…”

    -දේවේන්ද්‍ර දිසානායක –

    “ඉතින් සරල මනුස්සයෙක්ට වඩා සංකීර්ණ පරිණත යක්ෂයෙක් එක්ක මුලු ජීවිත කාලෙම ගත කරන්න මම තීරණය කරල ඉවරයි දේව්…”

    – යාරා –

  • ත්‍රිමාණ 1-Thrimana 1
    20 % OFF

    ත්‍රිමාණ 1-Thrimana 1

    Original price was: රු2,200.00.Current price is: රු1,760.00.

    “පිරිමි කැමති නිහඬ ගෑනුන්ටලුනේ.. ඒත් දන්නව ද… ගෑනු කෑ ගහන්නෙ, අඬා වැටෙන්නෙ, රණ්ඩු කරන්නෙ, සල්ලි, දේපල, යාන වාහන වගේ දේවල් වෙනුවෙන් නෙවෙයි… අර මං කලින් කිව්ව වගේ ආදරේ වගේ පුංචි පුංචි දේවල් වෙනුවෙනුයි. අඬල දොඩලා, රණ්ඩු වෙලා, ආයාචනා කරලා, කෑ ගහලා ඒ හැමදේකට පස්සෙ ගෑනියෙක් නිහඬ වුණොත්… ඒ සදාකාලෙටමයි දේවේන්… එහෙම වුණු ගෑනියෙක් ආයෙත් හැරෙන්නෙ නෑ. සක්කරයා ආවත් එහෙම ගැනියෙක්ව ආයෙ හරවන්නත් බෑ… අන්න ඒ ටික හොඳට මතක තියා ගන්න…”

  • මල් උයන්-Mal Uyan
    20 % OFF

    මල් උයන්-Mal Uyan

    Original price was: රු1,400.00.Current price is: රු1,120.00.

    ජීවිතයේ සමහර දේවල් සරලව අත් විඳිය යුතු අතර කිසි විටෙකත් පැහැදිලි නොකළ යුතුය. ප්‍රේමය යනු එවැනි දෙයකි.

    ඉතින්…

    බලා සිටීම දුෂ්කරම දෙය බව මම අත්දැකිමෙන් ඉගෙනගෙන ඇත්තෙමි. එනමුත් ඔබ නොඑන බව දැන දැනත්… ඔබ මා අසල නැති බව දැන දැනත්… එවැනි මොහොතවල් වලදී පවා ඔබ මා සමඟ සිටින බවත්, අප ප්‍රේමයෙන් වෙලි ඇති බවත්, හදවතට දැනවීමට අවශ්‍යයි. එය ප්‍රේමය නම් සරලව මගේ වේදනාවෙන් හඬන වැලපෙන හදවතට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම නොදනිමි. ලතැවි ලතැවී සිටම දැන් දැන් හැගීම් කල් ඉකුත් වීමට ආසන්න වී තිබෙයි.

  • පතොක් මල් පෙති-Pathok Mal Pethi
    20 % OFF

    පතොක් මල් පෙති-Pathok Mal Pethi

    Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

    මං ඔයාට විතරයි මෙච්චර කාලෙකට ආදරේ කලේ… මෙච්චර කාලයක් පැතුවෙ ඔයාගේ සතුට විතරයි… එක තත්පරයක්වත් මං වෙන කෙනෙක් ගැන හිතුවේ නෑ. ඔයාගේ කම්මුල් දෙපැත්තේම වල ගැහෙන මැජික් හිනාවක් තියෙන කෙල්ල මං නෙමේද බිනර? මේ ගිය සතියෙත් කිව්වේ අර ප්‍රෝග්‍රෑම් එකට ඇවිත්… මගේ පපුව පැලෙන්න ආවා එහෙම කියද්දි ඔයා දන්නවද… මං විඳවපු තරමක්. අන්න ඉන්නවා ශාක්‍ය සචිනි දෙන්නම. ඒ දෙන්නා දන්නවා මං කොච්චර ඇඬුවද විඳෙව්ද කියලා බිනර. මට බයයි… ඒත් ඔයාට යන්න දෙන්නත් බෑ… ඔයාව දැක්කම මට ආයේ ඔයා නැතුව බෑ කියලා විතරක් මං දැනගෙන හිටියා… බිනර මං පුදුම තරම් වාවගෙන හිටියේ මෙච්චර කාලයක් ඔයා නැතුව. මට ඔයාට යන්න දෙන්න බෑ දෙයියනේ…

  • තාවතින්සා-Thawathinsa
    20 % OFF

    තාවතින්සා-Thawathinsa

    Original price was: රු2,200.00.Current price is: රු1,760.00.

    පුනර්භවය, නැතහොත් නැවත ඉපදීම ඔබ විශ්වාස කරනවාදැයි මම නොදනිමි. නමුත් මම එය විශ්වාස කරමි. මියෙන්න මොහොතකට පෙර දුන් එකම එක පොරොන්දුවක් නිසා ජීවිත කාලයක් මම ඔබ එනතෙක් බලාසිටිය නිසාවෙන්…

    අවුරුදු ගානක් පුරා ඔබ ඉපදෙන්න බලන් සිටි නිසාවෙන්…

    ආත්මගානක් පුරා අපි, අපි වෙනුවෙන්ම ඉපදී ජීවත්ව… මිය ගිය නිසාවෙන්…

    මම එය තද බල ලෙස විශ්වාස කරමි….

    – මහී –

  • ලියතඹර-Liyathabara
    20 % OFF

    ලියතඹර-Liyathabara

    Original price was: රු1,300.00.Current price is: රු1,040.00.

    ලියතඹර ඉන්දියාවේ හිමාල වනයේ තිබෙනවා යයි පැවසෙන භාවනානුයෝගී තවුසන්ගේ සිල් බිඳින්නට තරම් කාන්තා රූපයකට සමාන රුවෙන් යුත් ලියතඹරා මල් වැනි වූ, රජ කුමරුන්ගේ, සෙන්පතියන්ගේ, මහා කාව්‍යකාරයන්ගේ සිල් බිඳින විවිධ ගති ගුණාංගයන්ගෙන් යුතු ස්ත්‍රී චරිත තුනක් පිළිබඳව කියවෙන අපූර්ව කතා තුනකින් සැදුම් ලත් නවකතාවකි.

    ඉන්දු කාශ්මීර දේශසීමාවේ යුද්ධය ඇවිලෙමින් පැවති සමයක ඈත දුෂ්කර කරම්පූර් ගම්මානයේ ඉපිද, හර්යානා ප්‍රාන්තයේ හමුදා නිලධාරියකුගේ බිරිඳ බවට පත්වන දීපචන්දාට කුමක් සිදුවේවි ද..?

    ස්වර්ණද්වීප නම් සුන්දර රාජධානියේ සියම් දේශයේ බිසවකගේ සහ ස්වර්ණද්වීප බිසවගේ පුත් කුමරුන් දෙදෙනාගේ බල අරගලයට මැදිවන ලෝකුරුගමේ රන්කරුවකුගේ දියණියක් වන උපස්සනාගේ අනාගතය කෙසේ විසඳේද..?

    තමාට වඩා වයසින් දෙගුණයක් වැඩි රාජකීය කාව්‍යක්කාරයාගේ කවි කෙරේ කාව්‍යමය ප්‍රේමයකින් බැඳෙන පද්මපාණී සිටු කුමරියට කුමක් සිදුවේද..?

    මේ සියලු කතා රචනා කරන ඉන්දිරා බඹරැන්ද නම් ලේඛිකාව යනු කවුරුන්ද? ලියතඹර’ තුළින් ඔබට මේ සියලු ගැටලුවලට විසඳුම් ලබාගත හැකිය.

  • රන් මසු උයන-Ran Masu Uyana
    10 % OFF

    රන් මසු උයන-Ran Masu Uyana

    Original price was: රු999.00.Current price is: රු899.00.

    විශාල පවුල් බරක් උසුළාගෙන සිටින සමරජීව ඉපැරණි සංස්කෘතික උරුමයක් ඇති උප නගරයක වෙසෙන්නෙකි. සීලවතී නම් වන ඔහුගේ බිරිඳ නොයෙක් උපා මංවලින් පවුල් බර සැහැල්ලු කරගැනීමට වැර වෑයම් කරන්නියකි. ඔවුන්ගේ දරු පස් දෙනා මතු පිටින් රන්මසුන් සේ වෛවර්ණයෙන් දිලිසෙමින් පාවෙන චරිත ඇත්තෝ වෙති. සිතින් මනසින් නොපෑහුණු සමරජීව දෙමාල්ලෝ දූ පුතුන්ගේ බෝල් පැතුම් සපුරා ලීමට ගොස් දෙවුරු බර දරා සිටිය නොහැකිව ඇද වැටෙති. සමරජීවගේ වැඩිමහල් පුතා පිට රටට මෙහෙ කොට ධන සම්පත් නෙළාගත්තත් ඔහු සියරට පැමිණෙන්නේ සාරධර්ම හා මිනිස්කම් හළාගෙනය. රන් මසු උයන අද්‍යතන සමාජයේ රන් මසු ගංවතුරට හසුව ගසාගෙන ගිය පවුලක ඉරණම සියුම් විශ්ලේෂණයකට ලක් කරන්නකි.

  • සිරි යහන-Siri Yahana
    10 % OFF

    සිරි යහන-Siri Yahana

    Original price was: රු800.00.Current price is: රු720.00.

    රන් හුයෙන් දෑඟිලි බැඳ, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිඳ – එක පතැ බොජුන් වළඳා – එකමැ සිරි යහන වැද – උනුන්ගේ අධ්‍යාත්මයන් වටහාගන්ට නැතක් වෙහෙස දරති; දිය පිට තැනූ නිවෙසක් දිය රළ හා වංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප්‍රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිඳ වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන යන්ට අරගල කරති. එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත් වෙත්ද? විවාහය හා පවුල් සංස්ථාව අළලා කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප අමතා නගන පැනය එයයි. එහිදී සුමනදාස හා රේණු යන පති පතිනීන්ගේ චරිත ප්‍රබල ලෙස ගොඩනගන කතුවරයා දැලකින් සුළං බදන්ට ඔවුන් දරන වෑයම සානුකම්පික වූද උපේක්ෂාශීලී වූද ඇසකින් අවලෝකනය කරති.

    මහාචාර්ය සුනිල් ආරියරත්ත

  • කිරි කිරි බොලේ – Kiri Kiri Bole
    20 % OFF

    කිරි කිරි බොලේ – Kiri Kiri Bole

    Original price was: රු1,000.00.Current price is: රු800.00.

    2021 වසරේ හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ “මැට්ටි” කෘතිය රචනා කළ සම්මානනීය ලේඛිකා මනෝහරි ජයලත් මහත්මියගේ නවතම යොවුන් නවකතාව

    “කිරි කිරි බොලේ”

    එළිවෙච්චි වෙලේ ඉඳන් අර ළමයාව පතුරු ගහනවා. ඔය ළමයා ඉතුරු වෙයිද විභාගේ වෙනකල්..? කනත් හිරි වැටෙනවා. අහන් ඉඳලා අප්පිරියයි…

    අපේ ගෙදර අපි ඔහොම කෑගහන්නෑ නේ. මේ ළමයටත් රවනවා ගොරෝනවා…”

    තාත්තා මොකුත් කිව්වේ නෑ.

    “අර කෝටුවක් තියාගෙන මේසෙට ගහනවා… පුටුවට ගහනවා…! එක විකාරයයි. ළමයට ඊයේ හොඳටම ගැහුවා. ලකුණු අඩු වුණොත් නෑයො හිනාවෙයි කියන්නේ…?

    අනේ අපිට මොන රුදාවද ඕවට හිනා වෙන්ඩ… හිනා නෙමෙයි මාලායි මමයි අඬනවා ඕවට…

    අම්මාත් පුදුම ගෑණියෙක් තමා. එහෙම තමයිලු ළමයි හදන්න ඕන. අපේ ළමයාටත් ගහලා බැනලා උගන්නන්නලු… බුරුල වැඩිලු… බෝලී සෙල්ලමේමලු. ඔය ගමේ කොල්ලෝ වනචරයොලු…

    බෝලි! කාලා ඉවරනම් යනවා මෙතනින්…!” අම්මා ඒ ටික කිව්වේ මං ඉන්න බව දැක්කේ මේ දැන් වගේ.

    මං කාලා ඉවර නෑ. ඒ නිසා මං එතනම හිටියා.

    කවුද වනචර කොල්ලෝ…?
    මං යන්නෑ වනචර කොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න…
    මං දන්නෙත් නෑ වනචර කොල්ලෝ…

  • අටවක පුත්තු-Atawaka Puththu
    10 % OFF

    අටවක පුත්තු-Atawaka Puththu

    Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
  • කඩදොර-Kadadora
    10 % OFF

    කඩදොර-Kadadora

    Original price was: රු980.00.Current price is: රු880.00.

    මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි.

    තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.

    කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදි වූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;

    ඔවුන් හා බැඳුණු පරම්පරා ගණනක අතීත උරුම, ඔවුන්ගේ ජීවිතවල සාතිශය වැදගත් මතක, ඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ ඔවුන්ගේ අසල් වැසියන් හා ආදරණීය පරිසරය ඔවුන්ගේ අභිමානවත් ප්‍රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!

    කඩදොර ඒ සියල්ලේ කතාවයි.

  • ප්‍රාණ-ජීවිතය යළි සොයාගැනීම - Prana-Jeewithaya Yali Soyaganeema
    10 % OFF

    ප්‍රාණ-ජීවිතය යළි සොයාගැනීම – Prana-Jeewithaya Yali Soyaganeema

    Original price was: රු1,000.00.Current price is: රු900.00.

    ජීවිතය යළි සොයාගැනීම “තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම නැවතී සිටින තවත් අය හමුවෙනවා. එතකොට ඔවුන් අතර වෙන ම ‘සංඛ්‍යාතයක’ සම්බන්ධතා ගොඩනැගෙනවා. ඔවුන්ට අර තරගයට දුවන මිනිසුන් විහිළුවක් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැවතී සිටින අය ගේ ‘සංඛ්‍යාතය’ තරගයට දුවන අය ගේ සංඛ්‍යාතයට ගෝචර වන්නේ නැහැ. කඳු තරණය කරන්නන්ට කඳු තරණය කරන්නන් හමුවෙනවා. කිමිදුම්කරුවන්ට තවත් කිමිදුම්කරුවන් හමුවෙනවා. අහිකුණ්ඨිකයන්ට තමන් වැනි ම තවත් අහිකුණ්ඨිකයන් හමුවෙනවා. ඔවුන් හැමෝට ම තම තමන්ට අනන්‍ය සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත අනුව එක ම රිද්මයකට අනුනාද වන අය එකට ගමන් කරනවා. ඔවුන් හොඳ ගමන් සගයන් වෙනවා. මෙහෙම සමාන සංඛ්‍යාතයකුන් යුතු දෙදෙනෙකු හමුවුණාම ඔවුන් අමුතුවෙන් දැන හඳුනාගන්නට කාලය වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ ම අමුතුවෙන් එකිනෙකා ගේ කතාව පහදා දිය යුතු වන්නේ නැහැ. හරි සංඛ්‍යාතයට සුසර කළාම රේඩියෝවේ සංගීතය ඇහෙන්න පටන් ගන්නවා වගේ ඒ සම්බන්ධතාව ක්ෂණිකව ම ගොඩනැගී ඉදිරියට ගලා යනවා.”

  • ප්‍රාණ-අලුත් සමාජය - Prana-Aluth Samajaya
    10 % OFF

    ප්‍රාණ-අලුත් සමාජය – Prana-Aluth Samajaya

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

    අලුත් සමාජය

    “අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින් ම උත්සාහ කරන්නේ මේ අභ්‍යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ්‍යන්තරික දුප්පත්කම එහෙම ම තියෙනවා.

    අපට දැනෙන මේ අභ්‍යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මන් කරනවා. ඒ නිසා ම තමන් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හඟවමින් නිතර ම ලෝකයාට ‘පණිවුඩ’ දෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා.

    අවසානයේ සිද්ධ වෙන්නේ අප දන්නේ ම නැතුව ඒ පණිවිඩ දීම කියන උගුලේ පැටලෙන එක..

    ඒ නිසා මේක ලිහනවා නම් ලිහාගන්න ඕනෙ පටලැවුණු නූල් බෝලයක් ලිහන විදියට ම තමයි.. මුලින් ම අප ඇතුළේ තියෙන අභ්‍යන්තරික දුප්පත්කම තේරුම් ගන්න ඕනෙ. එය තේරුම් ගත්තම ඒකත් එක්ක ගනුදෙනු කිරීම පහසු වෙනවා. එතකොට ඒ අභ්‍යන්තරික දුප්පත්කම වටේ වෙළෙඳපොළ, ඇඩ්වටයිසිං සහ මාධ්‍ය විසින් නිර්මාණය කරන මායාව විනිවිද දකින්න පුළුවන් වෙනවා. “

  • ආකාස සූත්‍රය-Akasa Suthraya
    10 % OFF

    ආකාස සූත්‍රය-Akasa Suthraya

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    අධිවේගයෙන් මිනිස් සම්බන්ධතා හදාගන්න, ඒ වේගයෙන් ම සම්බන්ධතා කඩාගන්න, සියලු දෙනා ම හැල්මේ දුව යන ලෝකයේ මං තවම හෙමින් ආදරය කරනවා.
    රෑ වෙනවද, එළි වෙනවද නොදැන, ගහක් කොලක් මලක් නොදැක, ඉවරයක් නැති විෂම චක්‍රයක හිරවෙලා ඉන්න මිනිසුන් අතර මං වැස්ස, සුළඟ, සොබාදහම, හිමිදිරිය, රෑ අඳුර වින්දනය කරනවා. මේ හැම දේකින් ම මට සතුටක් ලැබෙනවා.
    ………………………………………………….
    අඬන්න ඕන වෙලාවට අඬන්න .
    හිනාවෙන්න ඕන වෙලාවට හිනාවෙන්න .
    බනින්න ඕන වෙලාවට බනින්න.
    ආදරේ කරන වෙලාවට ආදරේ කරන්න .
    ඒත් මේ ඔක්කොම චිත්‍රපටයක් විතරයි කියලා දැනගෙන ජීවත් වෙන්න..
    ……………………………………………………

    මිනිසෙකුට ප්‍රශ්න නැති දවසක් අවශ්‍ය නම් කළ යුතු මූලික ම දෙය පුළුවන් තරම් ප්‍රශ්න අතහැරීමයි.
    ජීවිතයේ අත නොහැර බැරි ප්‍රශ්න කියා දෙයක් හමුවෙනවා නම් හමුවෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක් පමණයි. ඉතිරි සියල්ල ම අපේ ම වුවමනාවට, ස්වේච්ඡාවෙන්, කිසියම් අරමුණකට සාපේක්ෂව අල්ලා ගත් ප්‍රශ්න ටිකක් පමණයි.

    …………………………………………………..

    විශාල නුග ගහක් සෙවණ දෙනවා වගේ ඒ මනුස්සයා ආදරය කරනවා. කැමති කෙනෙකුට කැමති කාලයක් ඒ සෙවණ ලබන්න පුළුවන්. කිසිම සටනක්, තරගයක්, අයිති කරගැනීමක්, යටත් කරගැනීමක්, නතර කරගැනීමක් නැහැ.
    එතැන ඉතුරු වන්නේ අහසයි, ආදරයයි විතරයි..”

  • අමාවක 2-Amawaka 2 (18+)
    10 % OFF
    Sold out!

    අමාවක 2-Amawaka 2 (18+)

    Original price was: රු2,900.00.Current price is: රු2,610.00.
  • අමාවක 1-Amawaka 1(18+)
    10 % OFF
    Sold out!

    අමාවක 1-Amawaka 1(18+)

    Original price was: රු2,700.00.Current price is: රු2,430.00.
  • එතෙර-Ethera
    10 % OFF

    එතෙර-Ethera

    Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
  • ලොක්කි-Lokki
    10 % OFF

    ලොක්කි-Lokki

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    “අනේ ඇත්තට! උඹ කොයිතරං නම් අපූරු අක්කා කෙනෙක් ද ලොක්කියේ, දස මාසයක් කුසේ හොවාගෙන හිටපු අම්මටත් නැති ලීලයක් නොවැ උඹ මේ අහිංසක කොලු පැටියාට තියෙන්නේ. සුදා ගින්දර ඇවිලුණා ම, නිදිමත වුණා ම ගිරිය කඩාගෙන කෑ ගහගහ අඬන මේ නොදරුවා නලවන්න පුළුවන් සාස්තරේ පිහිටලා තියෙන්නේ උඹට ව්තරයි නොවැ. අම්මා දාලා ගියත් උඹ වගේ අක්කා කෙනෙක් ලබන්න තරම් මේ කොලු පැටියා පිං කරලා නියෙනවා. සමහරවිට මේ සංසාර ගමනේ කවරදාක හරි උඹ මේ කොලු පැටියා උඹේ කුසින් ම බිහිකරනු මව් වෙලා ඉන්ටැනි ලොක්කියේ. උඹයි මේ කොලු පැටියයි ඉදිකට්ටයි, නූල් බෝලෙයි වගේ ආත්මයක් ආත්මයක් ගානේ ළඟින් ඉන්ටැනි. මේ නාකි අපි වල පල්ලට ගිය දාට මේ කොලු පැටියයි, කෙල්ලෝ දෙන්නවයි උඹ උඹේ නේත්තරා දෙක වගේ පරිස්සමට බලා කියා ගන්නවා කියලා මං දන්නවා රන්තරනේ…”

  • ජැෆ්නාදරය-Jafnadaraya
    10 % OFF

    ජැෆ්නාදරය-Jafnadaraya

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    ඇයි මම මගේ මංගල දින රාත්‍රියේ කාටත් නොකියා තානායමෙන් පැන ආවේ…? ඇයි මට මගේ නිත්‍යානුකූල සැමියා සමග මංගල රාත්‍රිය ගත කරන්නට නොහැකි උනේ…? මම මගේ නීත්‍යානුකූල සැමියා අත හැර ඇයි මම මගේ පෙම්වතා වන රමේෂ් සොයා මේ රාත්‍රියේ පැන යන්නේ…ඉ

    ඒ ගියත් ඔහු මාව ආදරයෙන් පිළිගනීද…? වෙනකකුගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස අද දින නෑ හිතමිතුරන් ඉදිරියේ දිවුරුම් දුන් මාව, ඔහු පිළි නොගතතොත් මට මේ යන ගමනෙන් පසු මොනවා වේවිද?

    අම්මා තාත්තා ඇතුළු අපේ හත් මුතු පරපුරේම මූනේ දැළි ගෑ මට ඔවුන්ගෙන් කවදා සමාවක් ලැබේවිද? හෙට දිනය වන විට මධුසමය සඳහා ගිය ඔවුන්ගේ ආදරණීය දියණිය, ඇයගේ සැමියා අත හැර තානායමෙන් පැනගිය කතාව ආරංචි වු විගස, ඔවුන් ජීවත කාලයටම මාව අපේ පරම්පරාවෙන් දුරස් කරන බවත් මට සාප කරන බවත් මට ඉර හඳ සේම පැහැදිලිය.

    මගේ නීත්‍යානුකූල සැමියා අතහැර මගේ මංගල රාත්‍රිය ඔහු සමඟ ගත නොකර, මගේ ආදරණීය පෙම්වතා සොයා යන මේ ගමනේ තේරුමක් තිබේද? මම මේ යන ගමනේ ඔහු මාව පිළිනොගත හොත්… මගේ අනාගතය… මගේ ජිවීතය… මම යන මේ ගමනත් සමගම විනාශ වී යනවා නොවේද…? අහෝ… මට උන විපත්තියක්… නෑ… නෑ… මම මටම කරගත් විපත්තියක්… .අනේ දෙවියනේ… උත්තරයක් නැති ප්‍රශ්න ගොඩක මම හිරවි ඇති හැටි… මම මගේ දෙමව්පියන්ට, සැමියාට හා ඔහුගේ පරම්පරාවට කල මේ අසාධාරණයට, නවනින්දාවට කවදා මට සමාවක් ලැබේවිද…? අනේ දෙවියනේ… මම ඔවුන්ට මේ කල අපරාධයට මට සමාව දෙනු මැන…!

  • කන්දක් සේමා-Kandak Sema
    10 % OFF

    කන්දක් සේමා-Kandak Sema

    Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

    නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙවෙයි. තමුන්ගෙ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා. නූපා, නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නෙ කවුරු හරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි. සුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය – නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා. පෙකණි වැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා. මේ සැරිසරන්නිය සොයා යමු.

  • ආයුබෝවන් නිහැඬියාව - Ayubowan Nihadiyawa
    10 % OFF

    ආයුබෝවන් නිහැඬියාව – Ayubowan Nihadiyawa

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    “ආයුබෝවන් නිහැඬියාව” ( දිගු කෙටි කතා සංග්‍රහය ) හය වසකට පසුව දෙවන මුද්‍රණය මියුසස් වෙතින්. 01. රම්‍ය ආදරය 02. සාම මාවතේ බැල්ල 03. සෝඩා එපා..! 04. ආයුබෝවන් නිහැඬියාව 05. භීම සමයේ උදෑසනක්

  • කස්තුරි සුවඳ-Kasthuri Suwada(18+) |
    9 % OFF

    කස්තුරි සුවඳ-Kasthuri Suwada(18+) |

    Original price was: රු3,500.00.Current price is: රු3,200.00.

    කස්තුරි සුවඳ…
    Romance, LGBTQIA+, New Adult
    *මෙම පොත LGBTQ 18+ සමරිසි ආදරයක් ගැන ලියවුනු කෘතියකි.

     

    පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්.

    “මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ”

    – රුෂිර මාණික්‍ය දේවප්‍රිය –

  • අසහාරා - Asahaaraa
    15 % OFF
    Sold out!

    අසහාරා – Asahaaraa

    Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

    හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැඳවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂවරයා, ඔහුට නව මෙහෙයුමක් බාර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමකි.

    එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමඟ, ඔහු කිසියම් ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසුපස හඹා යන රංග ප්‍රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇති වේ. තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම, දැඩි අභියෝග හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.

    න්‍යෂ්ටික සහ රසායනික ත්‍රස්තවාදය මානව වර්ගයාට එරෙහිව යොදා ගැනීමට පිඹුරුපත් සකස් කරන කුරිරු, අශුද්ධ ආගමික කල්ලියක් හා බැඳුණු, ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කළ එක් බිහිසුණු අතීත සිදුවීමක පසු ක්‍රියාදාමයක් පිටුපස හඹායන හිටපු යුධ විරුවා සහ ඔහුගේ සගයන් පිරිස, බිහිසුණු ත්‍රස්තයන්ගේ මිලේච්ඡ අරමුණු ව්‍යර්ථ කර දැමීමට සමත් වනු ඇත්ද?

    නැතහොත් අවසානයේදී අධර්මය ජය ගනීද?

  • චැරියට් පාත් (Ravan Leo #02) - Chariot Path
    15 % OFF

    චැරියට් පාත් (Ravan Leo #02) – Chariot Path

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    “ගැහැනියකගේ ඇඟිලිවල නිය අතරට පිරිමියෙකුගේ සම් කැබැලි යන්න පුළුවන් හේතු ගැන මොකද හිතන්නේ?” රාවණ් විමසුවේ තම සයනය මත සිටින ඇයගේ දෑස් අභ්‍යන්තරයටම කිමිදෙමිනි.
    තමාට ඇසුණු වදන් වටහාගත නොහැකිවාක් මෙන් ඇය ඔහු දෙස බලා සිටියේ අයාගත් මුවින් යුතුවය.
    “සම් කැබැලි නිය අතරට එන තරමටම පිරිමියෙකුගේ ඇඟත් සූරන්න තරම් ක්ලේරාට තියෙන්න පුළුවන් හේතු දෙකයි නේද?” ඔහු තමා දෙස බලා සිටින යුවතිය දෙසට මඳහසක් පාමින් කීවේය.
    “එක. ඇය බේරෙන්න මිනිහත් එක්ක පොර බදලා තියෙන්න පුළුවන්. නැත්නම්…”
    ඔහු පවසන්නට ගිය දෙය නවතා කවුළුව අසලට ගොස් හන්තාන කඳුයාය දෙස බලමින් සිනාසෙන්නට විය. අහස කළු කරගෙන මහ වැස්සක් ඇද හැලෙන්නට ආසන්නව ඇතැයි ඔහුට සිතිණි. හැර තිබූ කවුළුවෙන් ඇදී ආ සිහින් සුළං රැල්ලක් හමායමින් තිබිණි.
    “නැත්නම්..?” ඔහු අදහස් කළ දෙය නොවැටහුණු ඇය ප්‍රතිරාවය කළාය. “නැත්නම්…”

    ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වූ මාධ්‍යවේදිනියකගේ අබිරහස් ඝාතනයක්…
    ඇයගේ ඝාතකයා හඹා යන පරීක්ෂණ කණ්ඩායම් ත්‍රිත්වයක්…
    විශේෂ විමර්ශන බුද්ධි ඒකකයක් නියෝජනය කරමින් එයට මැදිවන ‛රාවණ් ලියෝ’ගේ රහස් පරීක්ෂණ මෙහෙයුම… චැරියට් පාත්

  • ලිට්ල් ඩාලින්ස් - Little Darlings
    15 % OFF

    ලිට්ල් ඩාලින්ස් – Little Darlings

    Original price was: රු1,700.00.Current price is: රු1,445.00.

    ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.

    ජොආනා හාර්පර්… සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් ‘අම්මා’ යැයි ඇසීමටය.

    මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.

    මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.

  • මරුවා සමඟ වාසේ - Maruwa samanga Wase
    15 % OFF

    මරුවා සමඟ වාසේ – Maruwa samanga Wase

    Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

    ලෙයින් වැකි සිතුවමින් යුතු අඳුරු කාමරය තුළ ග්‍රේස් වාඩිගෙන සිටියේ, කළ යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිවය. සියල්ල අනපේක්ෂිත සිදුවීම් වල එකතුවකැයි ඇයට සිතිණ. පිපාසයත්, කුසගින්නත්, බිඳවැටුණු බලාපොරොත්තුත් හේතුකොටගෙන හටගත් දැඩි පශ්චාත්තාපයෙන් මැඩුණු සිතින්, ඇය ජැක් කෙරෙන් පලා යාමත්, ඔහුගේ මරණයත් සැලසුම් කිරීම ආරම්භ කළාය.
    සැබැවින්ම ඔහුව මරා දැමිය යුතුය. බිහිසුණු මරණයකින් තොරව මරා දැමීම ද නොකළ යුතුය.
    මරා දැමීම මතු නොව, තම සොයුරියද ගලවාගනිමින් පලා යාමද සැලසුම් කළ යුතුය.
    ඇගේ සැලසුම කුමක් විය හැකිද?

  • හිතේ කෙටූ ටැටූ - Hithe Ketu Tattoo
    15 % OFF
    Sold out!

    හිතේ කෙටූ ටැටූ – Hithe Ketu Tattoo

    Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

    ‘හිතේ කෙටූ ටැටූ’ කාව්‍ය සංග්‍රහය නූතන සිංහල කවිය සහ එහි සමාජ මාධ්‍ය ආගමනය පිළිබඳව හදාරන්නෙකුට මඟහැර යා නොහැකි කෘතියක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.