Showing 225–256 of 519 resultsSorted by latest



2024 ස්වර්ණ පුස්තක සම්මනය හිමි වු කෘතිය

“මොනවද අර ෆේස්බුක් එකේ දාලා තියෙන්නෙ?”
ඒ එදා උදේම මට ආපු ඇමතුම…
මං මුහුණුපොතට ගියා…
දෙයියනේ…
මගේ නිරුවත් පින්තූරයක්…
ඒත් එක්කම තව ලින්ක් එකක්.
ඒ ලින්ක් එක අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක්… අසභ්‍ය වෙබ් අඩවියක මගේ නිරුවත් වීඩියෝවක්!
ඇත්තමයි,
මං එහෙම වීඩියෝවකට පෙනී හිටියෙ නෑ…
ඒත්…
ඒ මමමයි.
මං පුංචිම කාලෙදි මාව දාලා ගිහින්, අවුරුදු තිහකට පස්සෙ ආපහු මගේ ගාවට ආව මගේ අම්මත් එක්ක එක පවුලක් විදිහට සතුටින් ඉන්න හිතපු මට ඇයි එහෙම වුණේ?

මම හිටියෙ නිර්වාණය ලබන්න
ඔන්න මෙන්න කියලා
ඒ වගේ සැහැල්ලුවක්
ඒ වගේ තෘප්තියක්
ඒ වගේ සතුටක්
මට මීට කලින් දැනිලා තිබුණෙ නෑ.
ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට
මාව දෝරෙ ගලනවා
මම සැනසෙනවා
මම පාවෙනවා
මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා

මට මගේ කවි සිත නිරුවත් කිරීමට අවශ්‍ය විය ! _______________________________ රේන්ඩ්‍රොප්ස් ඔන් ද පේයින් 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 – වේදනාව මත වැහි බිදු 𝐓𝐡𝐚𝐭 𝐦𝐨𝐫𝐞 𝐢 𝐭𝐫𝐲 𝐭𝐨 𝐟𝐨𝐫𝐠𝐞𝐭, 𝐓𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐢 𝐫𝐞𝐦𝐞𝐦𝐛𝐞𝐫 📖️ 💙🖤 සතුට ලියලුනු, දුක වැපිරවුනු සහ කලකිරීම් මෙන්ම පසුතැවීම් කම්මුල් පහර ගසන සෑම විටෙකදීම 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 හි හිස් පිටු මා අතින් පින්තාරු විය… __________________________ බිදී ඇති හිත්, තැලී ඇති හිත්, යන්තමින් අමුනාගෙන යලි අටවාගෙන ඇති හිත්, දුර්භික්ෂයෙකින් පසු නැවතත් යලි පන ගසමින් ඇති හිත්, තටු විහිදුනු හිත්, පියෑඹූ හිත්, හිරිමල් තරුණ හිත්, ආදරණීය ස්පර්ශ තටු අකුලාගෙන ඇති වියපත් හිත් සහ ප්‍රේමණීයම ශුංගාර තවමත් යාන්තමින් හෝ මුලු ගැන්වී ඇති මහලු හිත්, පැමිණ Raindrops පිංතාරුව මත සැතපෙන්න… 💙🖤🩶 ✍️ Shashendry Rajapaksha 📖️ #raindrops_on_the_pain

“තනි උන ගෑණියෙක් කියන්නේ තමුසෙලා වගෙ මානසික අසහනකාරයින්ගෙ අතේ නැටවෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. ගෑණු කියන්නේ රෝස මල් කියලා කියන පිරිමින්ටම අමතක වෙනවා රෝස මලෙත් කටු තියනවා කියලා. කටු මග ඇරලා පරිස්සමට මල නෙලාගන්න හැමෝටම බෑ. තමුසෙලා වගෙ උන්ට කොහොමත් බෑ. මල තලන්න එන තමුන් වගෙ උන්ට වෙන්නේ මේ වගෙ කටු ඇනගන්න විතරයි. එකක් මතක තියාගන්නවා නෙහාන් තනි උනත් සිංහ ධේනුවගෙ රැස් බහින්නේ නෑ. සිංහයෝ කවදාවත් සුනඛයෝ එක්ක නිදි වැදුනේ නෑ….”

ඉස්සර මට නමක් තිබුණා.
ඒ කාලෙ මගේ නම ඇම්බර් රයන්…
ඒත් දැන් මට තියෙන්නෙ නමක් නෙවෙයි.
අංකයක්.
A6868RX…
ඔව්. මං හිරකාරියක්…
මං ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට නියමවුණ හිරකාරියක්…
මං මේ හිර දඩුවම් විදින්නෙ මම කරපු අපරාධයකට නෙවෙයි…
ඒක වෙන කවුරුවත් කරපු අපරාධයකුත් නෙවෙයි. මාව ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වුණේ කවදාවත්ම සිද්ධ වුණේ නැති අපරාධයකට…
මං නිර්දෝෂියි කියලා ඔප්පු කරන්න මගේ හොදම යෙහෙළිය හෙදර්ට..
මං වෙනුවෙන් ඒ අපායට… ඒ අන්ධකාරයට ආපහු යන්න සිද්ධ වුණා….
– – – – – – – – – – – – – – – – – – – – – – – — – – – – – – –
පොත් සාප්පුවකදි ඔයාගෙ මුළු ජීවිතේම වෙනස් වෙයි කියලා ඔයා හිතන්නෙ නෑ නේද?
පොත් කියන්නෙ මේ ලෝකෙ තියෙන හොදම දේවල් වලින් එකක්නෙ. ඉතින් සමහරවිට, පොත් කියවන එකෙන් නම් ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්.
ඒත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්නෙ.
මං මේ කියන්නෙ, ඔයා පොත් සාප්පුවක, ඔයාගෙ ප්‍රියතම කතුවරුන්ගෙන් කෙනෙකුගෙ කතාවකට ඇහුම්කන් දිදී ඉන්න වෙලාවෙදි,
ඔයාගෙ එහාපැත්තෙ ඉදගෙන හිටපු ආගන්තුකයෙක් ඔයාගෙ ජීවිතේට බෝම්බයක් ගහයි කියලා කවුද හිතන්නෙ? ඒ බෝම්බෙන් ඔයාගෙ ආරක්ෂිත පුංචි ලෝකෙ කෑලි කෑලි වලට කැඩිලා යයි කියලා කවුද හිතන්නෙ?
එහෙම කෙනෙක් ඔයාගෙ අත්බෑග් එක හොරකම් කරයි කියලාවත් ඔයා හිතන්නෙ නෑ නේද?
ඒත්, මං දැන් ඕනවට වැඩිය ඉස්සරහට පනිනව වගේ. ඉතින් අපි මුල ඉදන්ම කතාව පටන් ගනිමුකො.
මගේ නම හෙදර් හැරිස්. මං බටහිර ලන්ඩනයෙ, චිස්වික් වල තියෙන හරිම ලස්සන සාප්පුවක, පොත් වෙළදාම් කරන කෙනෙක්.
ඒත් අද බදාදා දවසක්නෙ. අද මගේ නිවාඩු දවස් වලින් එකක්. ඉතින් මං උමං දුම්රියෙ නැගලා, තේම්ස් ගග පහුකරගෙන, හැතැම්ම කීපයක් දුරින් තියෙන රිච්මන්ඩ් වලට ආවා.
අවුරුදු ගාණක ඉදන්, මං අපරාධ සම්බන්ධ නවකතා ලියන ලිඩියා කෝර්නිෂ්ගෙ රසිකාවියක්නෙ. ඉතින් “Words on the Street“ සාප්පුවෙදි එයාගෙ කතාවක් පැවැත්වෙන බවත්, එතනදි එයා පොත් වල සමරු සටහන් තියන බවත් මට දැනගන්න ලැබුණා.
ඒක හයිස්ට්‍රීට් වල තියෙන විශාල පොත් සාප්පුවක්. මට ඒක මගඇරෙන්න දෙන්න පුළුවන්කමක් නැති බව මං දැනගෙන හිටියා.
මට නිවාඩු තියෙන දවසකට මෙහෙම දෙයක් තිබුණොත් මං අනිවාර්යෙන්ම ඒකට යනවාමයි.
“ඒක නම් ඕනවට වැඩි බැදීමක්“ කියලා මගේ යාළුවො ඇස් කරකවලා, මට නෑහෙන ගාණට කතාවෙන බව මං දන්නව.

මෝගන් පවුලේ සාමාජිකයින් මෙවර ගිම්හාන නිවාඩුව ගත කරන්නේ වනගත පෙදෙසක ඉඳිවූ කඳවුරක ය.ඒකාකාරි කඳවුරු ජිවිතයෙන් හෙම්බත්ව සිටින 15 හැවිරිදි කැතී මෝගන් හට අමුතු හැඩයේ බෝට්ටුවක් දක්නට ලැබෙයි. බෝට්ටුවට ගොඩවෙන ඇය නොසිතූ ආකාරයෙන් සමාන්තර ලෝකයක් කරා කාල තරණය කරයි. කාලතරණ බෝට්ටුව නිර්මාණය කළ මෙක් ද ඇය සමඟ සිටියි. ඔවුන් මුලින්ම ගමන් කරන්නේ මායාබන්ධකයින් ගේ ලෝකයටයි. එහිදී ඔවුන් ට වහල් කඳවුරක දඬුවම් විඳින අනුකම්පා විරහිත මායාබන්ධිකාව වන ආශ්කා හමුවෙයි. ඉනික්බිති කැතී, මෝගන් සහ ආශ්කා
ආපසු කාලතරණය කොට මෙක් ගේ ලෝකය වන මකර රජදහන කරා පැමිණෙති.
මකර රජදහන පාලනය කරන්නේ දස හැවිරිදි මකර අධිරාජයා වන සන් විසිනි.
ආශ්කා මකර රජදහන සිය පාලනයට නතු කරගනියිද ? සන් ගේ පාලනයට අභියෝග කරන ම්ලේච්ඡ කැරැළිකාර ෂාරක් මකර රජදහන යටත් කරගනියි ද ?
මේ සියලු අභියෝගයන් පරාජය කිරීමට කැතී මෝගන් ට සහ මෙක් ට හැකිවෙයි ද ?

මේරිට නත්තල් තෑග්ගක් ලැබී තිබිණ.
ලැබුණේ කාගෙන්දැයි සදහනක් නැති ඒ තෑග්ග දිනපොතකි. දිනපොතක් ලැබීම ඒ හැටි විශේෂ දෙයකැයි මේරි සිතුවේ නැත. ඇයට එසේ සිතන්නට ලැබුණේ දිනපොත විවර කරන තෙක්… එය හිස් දිනපොතක් නොවන බව දකින තෙක් පමණකි.
ජනවාරි 01- ඔක්ෆර්ඩ්, ලීසාව මරන්න
පෙබරවාරි 01 – බර්මින්ග්හැම්, ජේන්ව මරන්න
මාර්තු 01 – කාඩිෆ්, ඩේවිඩ්ව මරන්න…
අප්‍රේල් 01 – චෙල්ටන්හැම්, මේරිව මරන්න.
ඇයට එය කාගේ හෝ විහිළුවක් යැයි සිතා බැහැර කරන්නට තිබිණ. එහෙත් ඒ වන විටත් ජනවාරි පළමුවෙනිදා පසුවී තිබිණ. ඔක්ස්ෆර්ඩ් නගරයේ උන් ලීසා නැමති යුවතියව මරා දමා තිබිණ.
ඉතින්, අප්‍රේල් පලවෙනිදා එළඹෙන්නේ මේරිගේ වාරයයි…

ප්‍රවීණ ලේඛිකාවක වන ප්‍රියංකා අමරතුංග විසින් රචනා කොට ඇති ‘බල්ලන්ට බටර්’ නවකතාව සුන්දරව ජීවිතය ගත කරන වර්තමාන සමාජයේ එක් පවුලක් වටා ගෙතී තිබේ. මේ පවුලේ රෝගී තත්ත්වයේ පසුවන මවක් ද සිටින අතර වර්තමාන පුහු ආටෝපවලින් පිරි සමාජය තුළ වැඩිහිටියන්ට සැලකීම පිළිබඳ දක්වන්නා වූ ඛේදනීය ආකල්පය මේ නවකතාව තුළින් නිරූපණය කරන්නට කතුවරිය උත්සාහ දරා තිබේ.

විශ්‍රාමික විශේෂ බළකා සෙබළුන් වන ජොනතන් පේන් සහ ඩේවිඩ් ජෝන්ස්ට පෙරළා කැඳවීමක් ! වරෙක ඔවුන් යටතේ සේවය කළ සහෝදර සෙබළෙකු හා ඔහු මෙහෙය වූ භට කණ්ඩායම සාහසික ලෙස ඝාතනය කර ඇත. තම රාජකාරිය දේවත්වයෙහි ලා සැලකූ ඔවුන්ගේ සහෝදර සෙබළා සහ ඔහුගේ කණ්ඩායමට සිදුවූයේ කුමක්ද ?
දකුණු කොරියාවේ ජේජු දිවයිනේ රහසිගත ගුහාවක් තුළ සිදු කෙරෙන සංහාරයක් සියැසින් දකින කොලුගැටයෙක්!එයින් දින කිහිපයකින් අනතුරුව ඔහුගේ මුළු ගම්මානයම අතුරුදන් වන්නේ ඇයි ?
සෞදි අරාබියේ ශුද්ධ වූ නගරය මධ්‍යයෙහි ඇති උමගක කාන්තා පුරාවිද්‍යාඥවරියකගේ මූලිකත්වයෙන් දියත් වෙන රහසිගත භූගත කැණීමක්! උමගෙහි යම් තැනක තැන්පත් කර ඇතැයි ඔවුන් අපේක්ෂා කරන ඉස්ලාම් දහමේ අති සුවිශේෂ කෞතුක වස්තුව කුමක්ද?
ඔවුන්ට එය සොයාගත හැකි වේද?
තම සහෝදර සෙබළාට සිදු වූ දේ සොයා යන ගමනේදී මුළු ලොවම ගිනි ජාලාවක දවා පිලිස්සීමට ඉඩ ඇති ඇඟ කිලිපොළා යන ත්‍රස්තවාදී සැලසුමක් නිරාවරණය කරගන්නා පේන්ටන්, ජෝන්ස්ටත් ඉස්ලාමික දහමේ කේන්ද්‍රස්ථානය ත්රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට හැකිවේද?
මේ ත්රස්තවාදීන් කවුරුන්ද?

විවාහක යුවළක් වූ ඇඩම් සහ ඇමීලියා, නිවාඩුවක් ගත කරන්නට තෝරා ගන්නේ තෝරාගන්නේ ස්කොට්ලන්ත කඳුකරයයි.ඔවුන්ගේ ගමනාන්තය වූයේ හුදකලා නිම්නයක පිහිටි, පාළුවට ගිය, දූවිල්ලෙන් වැසුණු, කලකට ඉහතදී දෙව් මැදුරක්ව තිබුණු නිවෙසකි.
එකී නිවස ඔවුන්ගේ සැලසුමට අපූරුවට ගැළපෙන නමුත්, මෙම ප්‍රේමණීය සංචාරය අනපේක්ෂිතව වෙළාගන්නා ගුප්ත අන්ධකාරයක් නිසා ඇඩම්ටත්, ඇමීලියාටත් රහස්වලින් පිරුණු මේ පාලු නිවසේදී අද්භූත අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදු වෙයි.
එම අද්භූත සිදුවීම් නිසා ඔවුහු එකිනෙකා විශ්වාස කරන්නට පවා මැළි වෙති. මේ දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත්‍ය නොවේ. යුවළක් අතරේ ඇති අහිංසක රහස් මෙන් නොව, ඇඩම් සහ ඇමීලියා අතර ඇත්තේ අතිශය බිහිසුණු රහසකි.
මෙකී නිවසේ රහසිගතව සරන අද්භූත ගැහැණියක සමඟ ඇඩම් මේ ගත කරන්නට යන්නේ සිය ජීවිතයේ කිසිදු දිනක අමතක නොවන අන්දමේ විවාහ සංවත්සරයකි.

රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වා ගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැරගෙන යන ලදුව ඇත. ක්‍රිස්ගේ සමීපතමයන් වන රේචල්,ඩේවිඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය.නමුදු, ඒ හෝඩුවා යොමු වන්නේ රිවර් හිල් කඳුකරය වෙතයි.යක්ෂයන්ගේත් යක්ෂයාගේ වාසභවන ඇත්තේ මේ කඳුකරයේද ?
සත්‍ය සොයාගෙන ක්‍රිස්ගේ දිවි ගලවා ගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට, සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුනට ඇවැසිය. සිසිරය ළඟ ළඟම පැමිණේ.කඳුකරය කටුකය. වනාන්තරය ගුප්තය. අධිස්වාභාවික බලවේග මේ ගමනේදී ඔවුන් වටා දැවටේ. නමුත් එහි ලැගුම්ගත් සැබෑ භීෂණය ඔවුන් සැමගේ පරිකල්පන සීමාවන් අතික්‍රමණය කිරීමට සමත් වේ. මිත්‍යාව සහ යථාර්ථය අතර සීමාව බොඳ වූ ගමනක අවසානයේ අතීතය සහ වර්තමානය හමුවේ මේ මරකත පරීක්ෂණයේ අවසානයයි.

නවරෝන් වූ කලි, ජර්මානු හා ඉතාලියානු මිශ්‍ර බලඇණියකින් සන්නද්ධව මෙහෙයවනු ලබන බලකොටුවකි. එහි වන කුරිරු හා විනාශකාරී තුවක්කු නිහඬ කරවනු වස් කපිතාන් මැලරි යටතේ පෙළ ගැසෙන බ්‍රිතාන්‍ය බට පිරිසක් සටන් වදිති. මරණයේ ක්‍රෑරතර ග්රහණයෙන් ගැලවීම ඉක්බිති, කපිතාන් කීත් මැලරි යටතේ පෙළ ගැසෙන කුඩා කණ්ඩායමට, විනාශකාරී නවරෝන් ප්රපාතය තරණය කරමින්, බලකොටුවෙහි වන යෝද අයෝමය තුවක්කු විනාශ කිරීමට හැකි වනු ඇතිද ? වික්රමකාමී කතා කියවීම රුචි කරන්නා වූ පාඨකයින් දහස් ගණනකගේ සිත් ඇද බැඳ තබා ගත් කුතුහලය, ත්‍රාසය සපිරි ලොමුදැහැ ගන්වනසුලු කතා පුවතකි!

පුනරුත්ථාපන කඳවුරෙන් පිටවන මැලෝරි ක්වින්ට, ටෙඩ් සහ කැරලයින් මැක්ස්වෙල් දෙපළගේ දරුවා – පස් හැවිරිදි ටෙඩී රැකබලා ගැනීමේ රැකියාව පැවරේ.
මැලෝරිට නවතින්නට තමාගේම කියා තැනක් ලැබිණ. ඈ ප්‍රාර්ථනා කළ ස්ථාවරත්වයද ඇයට ලැබිණ. ඉදින් ඈ ඉක්මනින්ම තම රැකියාවට ඇලුම් කරන්නට වූවාය.
එමෙන්ම ඈ, ටෙඩී – කිසිසේත්ම සිය කටු සටහන් පොත හා පැන්සල නොමැතිව දැකිය නොහැකි, ආදරණීය, ලජ්ජාශීලී පිරිමි ළමයා – සමඟ අව්‍යාජ බැඳීමක් ගොඩ නඟා ගත්තාය. ඔහුගේ සිතුවම් වයසට ගැළපෙන පරිදි සාමාන්‍ය තත්වයේ පැවතිණි. එහෙත් ඒ ඔහු එක් චිත්‍රයක් අඳින තෙක් පමණි; වනාන්තරයක සිටින පුද්ගලයෙක් කාන්තාවකගේ අප්‍රාණික සිරුර ඇදගෙන යන ආකාරය අඳින තෙක් පමණි!
ඉන්පසු ටෙඩී විසින් අඳිනු ලබන චිත්‍ර වඩ වඩාත් නරක අතර හැරෙන්නට විය. ඔහුගේ කෝටු මිනිසුන් ක්ෂණිකවම, පස් හැවිරිදි දරුවෙකුගේ හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවමාන රූප සටහන් බවට පරිණාමය විය. මෙය අත්භූත බලවේගයක් විසින් නැවත දිගහරිනු ලබන, දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු මිනීමැරුමක් දැයි මැලෝරි කල්පනා කරන්නට වූවාය.
මේ සිතුවම්වල රැඳි බියකරු රහස කුමක්ද ?

මිනිසුන් තමන් දකින සහ විඳින දෙයට ජීවිතය යැයි පවසති. තමන්ගේ ඇසට නොගැටුණු සහ නොදැනුණු දෑ වැරදි යැයි උපකල්පනය කරති. ‘ජීවිතය යනු’ කියන ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් මට මෙතෙක් හමු වී නොමැත. කිසිදිනක හමු වන්නේද නැත. එහෙත්, හෙටත් මා ජීවිතය සොයමි. නො‛දිනන බව දැන දැනම වුවද මා ජීවිතය පසුපස පන්නමි. මෙය ද එවන් වූ එක සංවේදන නැවතුමකි.



වජ්‍රය නම්වූ සුන්දර ගිරි රාජධානියේ මහරජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නාවූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ්රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහරජු සුරූපී කුමරි වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
බිසෝ උරුමය- වජ්රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත්‍රී- පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි.

යක්ෂ සිටුවරයා, උත්කර්ෂවත් කළු අසකු අරා සිටී ඇගේ නව සේවා යෝජකයා දුටු මුල් දිනයේ, මිනෙල්ලා මැඩොක්ස් රහසින් ඔහු නම් කළේ එලෙසිනි.
ඔහුගේ අහංකාර හැසිරීමට ද්වේශ කළ නමුත්, ඒ අඳුරු කඩවසම් පෙනුම විසින් ඔහු ඈ ආකර්ෂණය කර ගෙන තිබිණි.
ඔහුගේ හිතුවක්කාර දියණියගේ සහායිකාව වී ප්‍රංශයට පැමිණෙන ලෙස ඔහු කළ ආරාධනාව ඈ පිළිගත්තාය.
නමුත් පැරණි මහා බලකොටුවක් වන්, ඔහුගේ ප්‍රංශ නිවහන වූ සිල්වේන් මන්දිරය කෙරෙහි වූ ඔහුගේ බල පරාක්‍රමය ඈ බිය ගැන්වීය.
සියුමැලි, බෙලහීන සිටුවරිය, ඇගේ කාමර පන්තියෙන් පිටතටවත් නොපැමිණෙන්නේ ඈ ඔහුට එතරම්ම බිය වූ නිසාද?
ඔහුගේ අවජාතක පුත්‍රයා ඉට්යෙන්, මිනෙල්ලා මැඩොක්ස්, ඔහුගේ පරම සැතිරිය ලෙස සැලකුවේ කුමක් හෙයින්ද?
ගොවි පවුලකට දාව උපන් නමුත් මන්දිරයේ හැදී වැඩුණු ලියෝන් සඟවා ගෙන සිටි රහස කුමක්ද?
එ් සියල්ලටම වඩා ඈ බිය ගැන්වූයේ යක්ෂයා සම්බන්ධයෙන් වූ ප්‍රදේශ වාසීන්ගේ කසු කුසු ගෑම්ය.

“මිනිස්සු සතුටින්ම ඉන්න වෙලාවල මැරෙන්නෙ නෑනේ.”
ඒ ඉරණම් සහගත දිනයේ එක්තරා ඉසිඹුවකදී, මේ ගෙවී යමින් තිබෙන්නේ තම ජීවිතයේ ප්‍රීතිමත්ම හෝරාවන් යැයි කෙනා රෝවන් සිතා සිටියාය. නමුත් සියල්ල වෙනස් වීමට එවන් ප්‍රීතිමත් රාත්‍රීන් පවා ප්‍රමාණවත් බව ඇයට පසක් කරමින්, එකී රාත්රියේදී ජීවිත ගණනාවක ඉරණම තීරණය වූවේ, කිසිවෙකුත් නොසිතූ ලෙසිනි.
ඒ රාත්‍රියෙන් පසු, කෙනා රෝවන් හට සිය නිදහස අහිමි වූවේය. පෙම්වතාද, එකම දරුවාද අහිමි වූවේය.
නමුත් එදින අහිමිවීම් සිදුවූවේ ඇයට පමණක් නොවේ.
එම ඉරණම් දිනයෙන් වසර පහකට පසු, කෙනා යළිත්වරක් ඒ නගරයට පිවිසෙන්නේ, සිත්පිත් නැති මිනීමරු ගැහැනියක ලෙසිනි.
ඇය පා තබන්නේ, වසර පහක් තිස්සේ තමන්ට වෛර කරන්නා වූ, වේදනාවෙන් මිරිකුණු මිනිසුන්ගෙන් පිරි නගරයටය.
ඔහුගේ මතකයන්ගෙන් පිරීගිය නගරයටය.

ජර්මනියේ දේවස්ථානයක, බැතිමතුන් දහස් ගණනින් සහභාගි වන දේවමෙහෙයක් අතරතුර එහි කඩාවදින, පූජක ඇඳුමින් වෙස් වළාගත් ප්‍රහාරකයන් පිරිසක් අතින් මිනිස් සංහාරයක් හා මහා විනාශයක් සිදුවන්නේ බියකරු සිහිනයකින් පවා අපේක්ෂා කළ නොහැකි අන්දමිනි. එහෙත් මේ මිනීමරුවන් පැමිණ තිබෙන්නේ රත්රන් කොල්ලකනු පිණිස නොවේ; ඔවුන් සොයනුයේ ඊටත් වඩා වැඩි වටිනාකමකින් යුතු යම් දෙයකි. එනම්, අලුත උපන් ජේසු බිලිඳු වන්දනය පිණිස එහි ගිය රජවරුන් තිදෙනාගේ අස්ථිය. එය ලෝකය අලුතින් බිහිකළ හැකි තරමේ බලගතු නිධානයකි.
වතිකානුව මේ මහා නස්පැත්තියේ ගිලීයද්දී, සිග්මා බළකාය ඒ ක්‍රියාන්විතයට එක්වෙයි. ග්‍රේසන් පියස්ගේ නායකත්වය යටතේ විද්‍යාත්මක හා විශේෂ බළකා ශූරයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්, රෝමයේ කැරිබිනේරී පොලිසියේ ලුතිනන් රේචල් වෙරෝනා සමඟ එක්වෙයි. ඉපැරණි ලෝකයේ පුදුම හත පිහිටි ස්ථාන හරහා මේ දරුණු අබිරහස පසුපස කෙරෙන හඹා යෑම අවසන් වන්නේ, එක්තරා බිහිසුණු, අද්භූත හා පැරැණි රහස් නිකායක දොරපත්ත අබිමුවය. එහි සිටිනුයේ, සොරාගත් එකී වටිනා නිධානය සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය වෙනස් කරනු පිණිස බිහිසුණු සැලසුම් නිර්මාණය කරමින් සිටි පිරිසකි. මෙකී භීෂණය විසඳනු වස්, විද්‍යාවත් – ආගමත් මෙසේ එකට එක් වූ අවස්ථාවක් ගැන ඉතිහාසයේ මින් පෙර කිසිදු දවසක අසන්නට ලැබී තිබුණේ නැත.


තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප්‍රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල්‍යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙමි.
තුඹසක විලාපය නවකතාව මගේ අතීත සිතූවිලි පරම්පරාව වර්තමානය මත ඔසවා තබන සාක්ෂි සටහනයි.

සිංහල භාෂාවේ සියලු ඉසව්වලින්,
සියලු අවධීන්ගෙන් වචන තම
මෙහෙයට කැඳවන කතුවරයා
එමගින් සිංහල භාෂාවේ කාල
අවකාශ මානයන් දිග් විජය කරයි.
ඉංග්‍රීසි අරුමැසිවාදී කවීන්ගේ බස,
භාරතීය අලංකාරවාදීන්ගේ,
ධ්වනිවාදීන්ගේ යෙදුම්,
පද සංඝටන සිහි ගැන්වීමට සමත්
අපූර්ව භාෂා විලාසයක්
නේත්‍රා තුළ දැකිය හැකි ය
කේ. කේ. සමන් කුමාර

හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.
ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්
හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.
ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ
හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව
ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.

පෙම්වත; පෙම්පත් එවා සුළගේ ගිය පසු ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන දෑත මුහුණේ ඔබාගෙන
පැරැණි දළ සේයා ඊට මතක, මතක් කරමින් ගස්ස ගස්සා පටු උරහිස් හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?
පිළිතුරක් දෙන්න හොවෙහෙසන ඔබ පවා ආහනියෙන් පුරවන්න
‘ඒ පෙමපත් මා ලියුවේ නොවේ’ කියන්නට නොපැකිළෙහ ඔබ පවා තිගැස්වන්ත
හඬන්නද මම?
ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී…


”
උහුලන්න බැරි තරම්
ප්‍රේමයෙන් පිරුණත්,
අහසකින් පවා තාරුකා අතහැරේ…

2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?
දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස’ කෙසේ විසඳනු ඇත්ද?
