ත්‍රිත්ව-Thrithwa
Original price was: රු1,400.00.රු1,120.00Current price is: රු1,120.00.කතෘ-Muthumudhalige Nishshanka-මුතුමුදලිගේ නිශ්ශංක මිල රුපියල් -700.00
Showing 1–20 of 59 resultsSorted by latest
කතෘ-Muthumudhalige Nishshanka-මුතුමුදලිගේ නිශ්ශංක මිල රුපියල් -700.00
පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් කතා මාලාව
“තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහ ඒ තිළින් ඇතිවන්නා වූ මත ගැටුම් තේමා කරගත් ත්‍රාසය,කුතුහලය සහ ආදරය එකට මුසු වූ ශෘංගාරාත්මක කතා ත්‍රිත්වයකි.”මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්තවන අතර පොත් තුනෙහි චරිතද එකිනෙකට වෙනස් වූ චරිතයන්ගෙන් යුක්තයි..
මේ එහි තවත් කතාවක් වන බේබි නවකතාවයි..
Author අභය හේවාවසම් – Abhaya Hewawasam
Author කෝශලී සිරිචන්ද්‍ර
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.මංජුල සේනාරත්න – Manjula Senaratne
ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.
“මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..!” එය අපේ තීරණයයි.”
මංජුල සේනාරත්න – Manjula Senaratne
“මම යනවා.” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
කෙයාන්ගෝම් කදුකර මාධ්‍යයේ ඉලේන් බක්ස්ටන්ගේ සිරුර පිළිස්සී යයි. ප‍්‍රකට නීතිඥවරියගේ අනන්‍යතාව හදුනා ගැනීමට ඉතිරි වී පවතින්නේ ඇගේ දත් කොටස් හා රෙදි කැබැල්ලක් පමණි.
මේ අතර ස්කොට්ලන්තයේ , එඩින්බ්‍රෝ නගරයේ විශාල ගෘහයක බිම් මහලේ පිහිටි සැගවුණු කාමරයක් තුළින් ඉලේන් බක්ස්ටන්ගේ විලාපය අදුර විනිවිද යයි.
රහස් පරීක්ෂක ඉන්ස්පෙක්ටර් කැලනැක් තම අලූත් රාජකාරී ස්ථානයට පා තබත්ම ඉලේන් බක්ස්ටන් නැමති නීතිඥවරිය අතුරුදහන්ව ඇති බව අසන්නට ලැබේ. එය මිනීමැරුමක් බවට සැක කෙරේ. ඉන්ටර්පෝල්හි රාජකාරියට සමු දී ස්කොට්ලන්තයට පැමිණි කැලනැක් තමා අසමර්ථයකු නොවන බව ඔප්පු කළ යුතුව තිබිණ. ඉලේන්ගේ මිනීමරුවා ඉතා දක්ෂ ලෙස සාක්ෂි වසන් කොට ඇති බව පසුව අනාවරණය වේ.
ඉන් නොබෝ වේලාවකින් ම අසන්නට ලැබෙන්නේ තවත් කාන්තාවක පැහැර ගනු ලැබ ඇති බවට වූ පුවතයි. ඔරලෝසු කටුවත් සමග දැඩි සටනක නිරත වීමට කැලනැක් හට සිදු වේ. එහෙත් ඔහු බලාපොරොත්තු වූවාට වඩා එම කාන්තාවන්ගේ ඉරණම භයංකර වී තිබිණ.
ඔර්හාන් පමුක්පරිවර්තනය – නිලූක කදුරුගමුව1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරදී, සිය ජීවිතයත්, අධිරාජ්‍යයත් වර්ණනා කරනු පිණිස ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්‍ර ශිල්පීන්ට රහසින් නියම කරයි. ඒ මාහැඟි ග්‍රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් හට පැවරෙයි. එහෙත්, ඒ චිත්‍ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියකු මරා දැමුණු විට, මිනීමරුවා සොයාගැනීම පිණිසත්, ග්‍රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයකුගේ සහය පතන්නට ග්‍රන්ථ ව්‍යාපෘතිය භාර ප්‍රධාන ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියාට සිදුවෙයි. මරා දැමුණු චිත්‍ර ශිල්පියා ගොදුරක් වූයේ වෘත්තීයමය එදිරිවාදිකමකද, ආදරය නිසා උපන් ඊර්ෂ්‍යා පරවශබවෙහිද, එසේත් නැතහොත් ආගමික උමතුවේද? අබිරහස් මිනීමැරුමක සුලමුල සොයන ත්‍රාසය මුසු අපූර්ව නිර්මාණයක් වන මෙම නවකථාව, ආදරය, සිතුවම් කලාව කෙරෙහි මිනිසුන් තුළ ඇති අසීමිත කැපවීම මෙන්ම පෙරදිග සහ අපරදිග අතර ඇති සදාතනික ගැටුම විවරණය කරන මනරම් ආඛ්‍යානයකි.
සරසවියේදී මුණ ගැසුණු හොදම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට වෙර වීරියෙන් සාර්ථක කර ගත් අපේම ජීවිතද, අපේම කියා දරුවන්ද, පැහැදිළි අනාගතයක්ද විය. එහෙත් එදා රෑ.. අපේ මිතුරු සාදය පැවති දා රෑ.. ඉරුණු ඇදුමින්ද, අවුල්වුණු හිසකෙසින්ද යුතුව, මගේ හොදම මිතුරිය මා වෙතට ආවාය. ඇය ආවේ අපේ ජීවිත සහමුලින්ම විනාශ කර දමන ආරංචියද රැගෙනය. “එයා මාව දූෂණය කළා.!” මගේ හොදම මිතුරිය කියන්නීය. “මං එහෙම කළේ නෑ.!” මගේ සැමියා කියයි. ඉතින් විශ්වාස කරන්නේ කාවද.? මගේ සැමියා, මගේ දරුවන්ගේ පියා මිනීමරු ස්ත්‍රී දූෂකයෙකුද.? නැතිනම් මගේ හොදම මිතුරිය බොරු කාරියක්ද.? ඔවුන්ගේ රාග ගින්නෙන් අපේ ජීවිත ඇවිලී යනු ඇතිද.? රාග ගිනි
හැනා ඇගේ තාත්තා විසින් කළ අපරාධයක අවමානය දරාගෙන, දාසය වසරක් තිස්සේ සමාජයෙන් මුලුගැන්වී දිවි ගෙව්වාය. ඒ හුදෙකලා දිවියෙන් හෙම්බත් වූ ඇයට ජිවිතය අලුතින් අරඹන්නට වුවමනා විය. නව දිවිය අරඹන්නට, පොලිස් රහස් පරික්ෂකාවක වී ආපසු උපන් ගමට එන ඇය වටා, ඇගේ අතීත දිවියේ අදුරු සෙවණැලි සැරිසරන්නට වෙයි. ඒ අභියෝගය මැද, හැනාට පැවරෙන්නේ තවත් අබිරහසක සුළ මුළ සොයා ගන්නටය.
හුදෙකලා හුණුගල් තැන්නක් මැද,
යෞවනයෙකුගේ මළ සිරුරක්…!
ලේ තැවරුණු පිහියක්…!
ලෙයින් පෙගුණු දම් පැහැති මලක්…!
හද රිදවන රහසක්…!
හැනාට ඒ අබිරහස විසදා ගන්නට හැකි වේද…?
මුල් කෘතිය : The Night Singer
කතෘ : Johanna Mo
පරිවර්තන කෘතිය : ද නයිට් සිංගර්
පරිවර්තනය : නිම්මි මුදිතා හෙරත්
පිටු ප්‍රමාණය : 463
මිල : 1980/
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අභිරහසකට පදනම දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.
ස්කොට්ලන්තයේ දුර ඈත, හුදෙකලා පෙදෙසක වූ මනරම් වන පියසක් මැද නිවාඩු නිකේතනයක අලුත් අවුරුදු සැඳෑවක් අතීත මතක අලුත් කරමින්, ජීවිතයේ අලුත් සැමරුම් සමරන්නට එක්වුණු මිතුරු කැලක්…
ඔවුන්ගේ නිදහස අහුරමින්, නිවාඩු නිකේතනයට පැමිණි තවත් අමුත්තන් යුවළක්…
ඔවුන් සියල්ලන්ම පිළිගෙන මඟපෙන්වන, නිවාඩු නිකේතනය භාරව හිඳින නිහඬ ගැහැනියක් සහ ගුප්ත මිනිසෙක්…
ඔවුන්ගේ ජීවිත වල එක් එක් යුගයන්හි දෛවය විසින් ඔවුනොවුන්වම ඈඳා නිර්මාණය කරන ලද අඳුරුතම ඝට්ටනයන් ඒ දෙදින තුළදී හෙළිවනු ඇත. ඔවුන් තවදුරටත් ඔවුන්ම නොවනු ඇත. කාලයා විසින් වළදමන ලද රහස්, ඒ නව අවුරුදු සැඳෑවේදී යළි මතු වී ඔවුන්ගේ ජීවිත සදහටම වෙනස්කරනු ඇත.
ඔවුන්ගෙන් අයෙක් මිනීමරුවෙකි.
තවත් අයෙක් ඒ දඩයම් බිමෙන් කිසිදා පිටනොවනු ඇත.
ඒ හැන්දෑවේ, දඩබිම් පියසේ සාදයට ඔබටත් ඇරයුම් !
අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප්‍රිය සාදයකි; මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගත වූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැගී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ, නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප්‍රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත උදාවනු ඇතැයි සිතූ දිනයේම මරණයක් කන වැකෙයි. සියල්ලන් හටම රකින්නට රහසක් තිබේ. සියල්ලන් හටම මිනීමැරුමක් කරන්නට හේතුවක් තිබේ.
එහෙත් සැබෑම මිනීමරුවා කවුරුන්ද?
ප්‍රීතිමත් මංගල සාද රාත්‍රියක් ලෙස ගෙවී යාමට තිබූ මුත්, පැරැණි තුවාල ඔඩුදුවා, මිනිස් සිත්සතන් තුළ යක්ෂයා අවදි වූ රාත්‍රියක ජීවිතය අහිමිවන්නේ කාගේ විය හැකිද? පණැතිව, දූපතෙන් පිටව යෑමට වාසනාව අහිමිවන අමුත්තා කවුද?
‘මේඩ්න්ස්’ වූ කලී අපව, අප ලෙසින් නිර්මාණය කරන්නා වූත්, අපව මරා දමන්නා වූත්, ප්‍රේමයේත් – වියෝ දුකෙහිත් කතාන්තරයයි.
කේම්බ්‍රිජ්හි පිහිටි සෙන්ට් ක්‍රිස්ටෝපර් විද්‍යාලය යනු බොහෝ දෙනෙකුට වැසුණු ලෝකයකි.
වියෝ දුකෙහි ගිලී, තම රෝගීන් කණ්ඩායම හා ඔට්ටු වෙමින් හිඳින මනෝචිකිත්සක මරියානා ඇන්ඩ්‍රෝස් හට සිය සැමියා මුණගැසෙන්නේත්, ඇයගේ ඥාති දියණියක වූ සෝයී හට තම හොඳම යෙහෙළියගේ මරණයේ කම්පනයට මුහුණ දීමට සිදුවන්නේත් එහිදීය.
ස්වකීය ස්මරණයන්ගෙන් සහ අබිරහස් සිදුවීම් දාමයකින් ප්‍රකම්පිතව හිඳින මරියානා හට, තමන්ගේ සාමාජිකයකුගේ මරණයෙන් දැඩි කැලඹීමකට පත්ව සිටින රහස් සමාජයක් පිළිබඳ තතු කන වැකේ.
ඒ වූ කලී, අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පිරිසකගේ එකතුවකින් සැදි ‘මේඩ්න්ස්’ නම් රහස් සමාජයකි. අබිරහස් හැසිරීමකින් යුත් මහාචාර්ය එඩ්වඩ් ෆොස්කාගේ අඳුරු බලපෑමට ඔවුහු නතු වී හිඳිති.
මිනීමැරුම් මෙන්ම ඝාතනයට ලක් වූවන් පිළිබඳ අන් කිසිවකුටත් වඩා හොඳින් දන්නේ ඔහුය. මිනීමරුවා සොයා යන මරියානාගේ ප්‍රධාන සැකකරුවා වන්නේද ඔහුය.
සියල්ල හෙළිදරව් වන්නේ එකී සැකය හඹා යාමේදීය.
කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුණු මට පුරාවිද්‍යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද ආශ්චර්යයක් විය. ඉතින් පුරාවිද්‍යාවේ අසිරිමත් දේශය වූ ඊජිප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක් සැබෑවීමක් බදුය. එහෙත් ඒ සැබෑවූ සිහිනය මහා භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ නැත. අලුත් පාරාවෝ සොහොන්කොතක් ගවේෂණය කරන්නට ගිය අපේ කණ්ඩායමේ එකින් එකා මිය යන්නට පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැගවී ඇතැයි කියන “රජවරුන්ගේ ශාපය” නිසාමද.? නැතිනම් ඊටත් වඩා රුදුරු, අදුරු බලවේගයක් නිසාද..?
මජර දේශපාලනය හා අවිනීත මාධ්‍ය සංස්කෘතිය තුළ දෝලනය වෙමින් ඒ සියලු තැන්වල නිල අල්ලා බලය සියතට ගන්නා උත්පලා නම් මානවිකාව සකල විධ සමාජ බලවේගයන් තමන් ඉදිරියේ දණ ගස්වා ඉතා උපක්‍රමශිලීව සිය ඉලක්කය සපුරා ගනිමින් කූඨප්‍රාප්තියට පත්වන්නීය. ශ්‍රී ලංකා දේශපාලනයේ හා මාධ්‍යකරණයේ නිරුවත හෙළිකරන හර්ෂය, ප්‍රමෝදය, ආවේගය, උද්දාමය කුතුහලය හා විමතිය දනවන කාලීන සමාජ හා දේශපාලනමය ත්‍රාසජනක නවකතාවකි…..
ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැුගෙන එන්නේයx එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකියx අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?
වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය.
අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි.
පොලිස් රහස් පරීක්ෂක අංශ ප්‍රධානී හැරී නෙල්සත්, රූත්ගේ සහාය පතන්නේ. ඒ අස්ථි කොටස් මීට දශකයට පෙර අතුරුදන් වූ දැරියකගේ බවට සැක කරමිනි. එකල ලෙසි ඩාවීනි නම් වූ එම දැරියගේ අතුරුදන් වීමෙන් පසු හැරී නෙල්සත්ව සමච්චලයට ලක් කෙරමින් අරුම පුදුම ලිපි පෙලක් ලැබී ඇත.
අනතුරුව, නැවතත් දැරියක අතුරුදන් වන අතර, දශකයකට පෙර සිදු වූ අයුරින්ම ලුසී ගැන සඳහන් ලිපි ආකාරයේම වූ තවත් ලිපියක් ලැබෙයි.
ඒ එකම ඝාතකයාද?
නැත්නම්, ඔහුව අනුගමනය කරන්නෙක්ද?