ධනවත් පියා, දිළිඳු පියා-Danawath Piya Dilidu Piya
Original price was: රු920.00.රු828.00Current price is: රු828.00.පරිවර්තනය ප්‍රදීප් කුමාර බාලසූරිය
Showing 1–20 of 24 resultsSorted by latest
පරිවර්තනය ප්‍රදීප් කුමාර බාලසූරිය
පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික මානසික හා අන් සියළු අංශවල ද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තාවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි. මෙහි ප්‍රතිඵල වෙන්නේ පවුල් සබඳතා බිඳ වැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන් සහ කම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවරයා මේ පොත ලියා ඇත.
ආරියරත්න චන්ද්‍රවංශ
ආරියරත්න චන්ද්‍රවංශ
ආරියරත්න චන්ද්‍රවංශ
1982 වසරේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්‍ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.
Nick Vujicic
අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.Nick Vujicic
නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්‍රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්‍රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි.
Nick Vujicic
රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.
සුරංගි ද අල්විස්
වයිද්‍ය සන්තදෙව මුරුතැන්ගෙ
ලොව විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතාවක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය.පුද්ගල මනෝභාවයන්, ලෞකික ආශාව, පවුල, විවාහය, සමාජ තත්ත්වය, ඊර්ෂ්‍යාව යන තේමාවන් නවකතාව තුළින් මනාව විමර්ශනය කර ඇත.
ජීවිතේ සතුටින් ඉන්න අපි හැමෝම ආසයි..ඒත් ඒකට ඕන ආරම්භක බලය..නැත්නම් ගාමක බලය අපට නැති එක තමයි අපේ පරාජයන්ට ලොකුවටම හේතු වෙන්නෙ…ඉතිං ඔයාලා එදිනෙදා ජීවිතේ සතුටෙන් ඉන්න කැමති නම්, මේ මොහොත ලස්සනට ගත කරන්න කැමති නම්..තමන්ගෙ අරමුණුවලට යන්න කැමති නම් කියවන්නම ඕන පොත් දෙකක්…Happy Living..බොහොම සරලව එදිනෙදා සිදුවීම් ඇසුරෙන් ලියැවුණු කතා 100ක් එකතු වුන අපූරූ පොත් දෙකක් Happy Living…
Happy Living 2, Happy Living පළමු පොතේ ම දිගුවක් විදියට කියවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුත් ම පොතක් විදියට කියවන්නත් පුළුවන්.
සතුටු කතන්දර / සිද්ධි / අත්දැකීම් – 50ක් බැගින් අඩංගු නිසා කොහොම කියෙව්වත් Happy Living 1 සහ Happy Living 2 සතුට දනවන පොත් ද්විත්වයක් වේවි. ❤…
ජීවිතේ සතුටින් ඉන්න අපි හැමෝම ආසයි..ඒත් ඒකට ඕන ආරම්භක බලය..නැත්නම් ගාමක බලය අපට නැති එක තමයි අපේ පරාජයන්ට ලොකුවටම හේතු වෙන්නෙ…ඉතිං ඔයාලා එදිනෙදා ජීවිතේ සතුටෙන් ඉන්න කැමති නම්, මේ මොහොත ලස්සනට ගත කරන්න කැමති නම්..තමන්ගෙ අරමුණුවලට යන්න කැමති නම් කියවන්නම ඕන පොත් දෙකක්…Happy Living..බොහොම සරලව එදිනෙදා සිදුවීම් ඇසුරෙන් ලියැවුණු කතා 100ක් එකතු වුන අපූරූ පොත් දෙකක් Happy Living…
Happy Living 2, Happy Living පළමු පොතේ ම දිගුවක් විදියට කියවන්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුත් ම පොතක් විදියට කියවන්නත් පුළුවන්.
සතුටු කතන්දර / සිද්ධි / අත්දැකීම් – 50ක් බැගින් අඩංගු නිසා කොහොම කියෙව්වත් Happy Living 1 සහ Happy Living 2 සතුට දනවන පොත් ද්විත්වයක් වේවි. …
ලොව සාර්ථකත්වයට පත්වූවන් ගෙවන අසාමාන්‍ය ජීවිතය ඔබත් හිමිකර ගැනීමට නම් ඔබ විසින් ජීවිතයට නව නිර්වචනයක් ලබාදිය යුත්තේ එය අනුන්ගේ පාලනයෙන් තොර තමාගේම කොන්දේසි මත ගෙවන්නක් බවට පත්කර ගැනීමෙනි.
එවැනි ‘අසාමාන්‍ය ජීවිතයක්’ ප්‍රාර්ථනා කරන ඔබේ අවධානය වඩාත් යොමුවිය යුත්තේ විෂේන් ලකියානීගේ මෙම The Code of the Extraordinary Mind ග්‍රන්ථය වෙතය. නිකුත් වූ සැනින්ම ලොවපුරා අතිශය ජනප්‍රියත්වයක් මෙම ග්‍රන්ථය හිමිකර ගත්තේ ලොවෙහි ග්‍රන්ථවල අලෙවිය ශ්‍රේණිගත කරන New York Times හා Amazon.com හි දිගු කාලයක්ම අංක එක ස්ථානයෙහි රැඳෙමිනි. එමෙන්ම මෙය New York Times හා Amazon.com No. 1 Book Globally, Nautilus ග්‍රන්ථ සම්මානයෙන් පිදුම් ලද, සිව් වසරක් තරම් කෙටි කළක දී ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වූ හා භාෂා 25කට පරිවර්තනය වූ වර්තමාන ලෝකයේ පළවූ සුවිශේෂී පුද්ගල වර්ධන ග්‍රන්ථය ලෙස සැලකේ. නව ආකෘති හා ජීවත් වීමේ ක්‍රමවේද 10ක් මඟින් අසාමාන්‍ය ජීවිතයක් ඔබට හිමිකර දෙන මෙම ‘අසාමන්‍ය සිතක හැඩරුව’ ග්‍රන්ථය ලෝකය වෙනස් කළ සෙසු මිනිසුන්ගේ මෙන් ඔබත් ඔබ ඇසුරු කරන්නන්ගේ ජීවිතත් අසාමාන්‍යත්වයට පත් කරනු ඇත.
විරහ ගීත වලට සවන්දෙන පිරිසක් අතර ඔබ Eminem ගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට, කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට, වෙනස් විධියට හිතන, ගුහා වින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු “මිනිස්සුම තමයි. මට කියන්න අවශ්‍ය මෙච්චරයි. ඉස්කෝලේ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට CV එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම නොකර ජීවිතය දිගේ අමතර සැතපුමක් ගමන් කරන්න හිතනවා නම්, අවදානමක් අරගෙන පොඩියට හරි තමන්ගෙම දෙයක් ගොඩනඟාගන්න අදහස් කරනවා නම් මුලින්ම ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු නොවී ඉන්න. සමාජය දකින කෝණය අපට වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. ලෝකය ඔබව පිළිගන්න දවසක් එනවා. ලෝකය ඔබ කරන දේ ගැන විශ්වාස කරන මොහොතක් උදාවෙනවා. එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව’ එක්ක වැඩ කරන්න එතැනට එනකන් ඔබේ බිස්නස් පිස්සුව’ එක්ක ආවේගශීලීව වැඩ කරන්න!
” මොකද පිස්සුව කියන්නේ ගැටලුවකට නෙමෙයි. පිස්සුව කියන්නේ විසඳුමකට. ඔබව ගුහාවෙන් පිටතට විසි කරලා අහසෙ තරු දෙසට මෙහෙයවන විසඳුමකට.
ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු අත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ වාටිටු අංක 14 හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා. අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාෂකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවතනවා. අපි ජීවත් වෙන්නේ අපේ සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සූදානම් නම්, සිහිනයක් සැබෑවීමට අවස්ථාවක් තියෙනවා.
සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්.
මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවධානය දෙන්න කියලා. සිහිනයක් සැබැවීමේ ඔයාගෙ ‘අවස්ථාව’ හරියට උරඟා බලන්න කියලා සමහරවිට ඒ ව්‍යායාමයේදී කඳු හෙල්ලෙන්න පුළුවන්. ගංගා උතුරලා යන්න පුළුවන් ජීවිතයේ කොටස් කියලා වැළඳගත්තු දේවල් අහිමි වෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කරන්න, ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා. බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.