SHOP
  • තරු මගට පිවිසුනෙමි යූරි ගගාරින්-Tharu Magata Piwisunemi
    10 % OFF

    තරු මගට පිවිසුනෙමි යූරි ගගාරින්-Tharu Magata Piwisunemi

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    1961 අප්‍රේල් 12 දින ඔහු ඉතිහාස පිටු අතරට සිය නම එක් කළේය. ඒ ලොව ප්‍රථම අභ්‍යාවකාශගාමියා බවට පත්වෙමිනි. ඒ සමඟම ඔහු ලොව පුරා සෑම පරම්පරාවකම හද දිනූ චරිතයක් බවට පත් වූවේය. ‘තරු මගට පිවිසුණෙමි’ ඔහුගේ ස්ව‍යං ලිඛිත චරිතාපදානයයි. එය එක් පුද්ගලයකුගේ අධිෂ්ඨානය, කැපවීම හා අරමුණු සහගත බව පිළිබඳ කතාවකි. එසේම එය සමස්ථ මානව වර්ගයාගේම ජයග්‍රහණයන් පිළිබඳව ද විචිත්‍ර කතාවකි.

  • අටවක පුත්තු-Atawaka Puththu
    10 % OFF

    අටවක පුත්තු-Atawaka Puththu

    Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
  • කඩදොර-Kadadora
    10 % OFF

    කඩදොර-Kadadora

    Original price was: රු980.00.Current price is: රු880.00.

    මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි.

    තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.

    කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදි වූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;

    ඔවුන් හා බැඳුණු පරම්පරා ගණනක අතීත උරුම, ඔවුන්ගේ ජීවිතවල සාතිශය වැදගත් මතක, ඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ ඔවුන්ගේ අසල් වැසියන් හා ආදරණීය පරිසරය ඔවුන්ගේ අභිමානවත් ප්‍රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!

    කඩදොර ඒ සියල්ලේ කතාවයි.

  • කළු - ඉසුරු හිදැල්ල ආරච්චි
    15 % OFF
    Sold out!

    කළු – ඉසුරු හිදැල්ල ආරච්චි

    Original price was: රු1,250.00.Current price is: රු1,062.00.

    ‘පුංචි නෝනා’ යනුවෙන් නිරන්තරයෙන් රැව් පිළිරැව් දෙන හඬට අවනත වූ කලෙක මෙන් මම තවත් වරක් හිස ඔසවා ඔහු දෙස බැලීමට තීරණය කළෙමි. යන්තමින් හිස ඔසවනවාත් සමඟ ම මා දකිනා දර්ශනය පිළිබඳව මට විශ්වාසයක් නොවූ තැන මම තවත් හොඳින් ම දැක ගැනීම සඳහා දෑස් ඒ වෙත නාභිගත කළෙමි. ඒත් සමඟ ම දුටු දසුන මාගේ මුළු සිරුර ම සලිත කරවමින්, රෝමෝද්ගමනය කිරීමට සමත්ව තිබුණි. මාගේ මුව දහඩියෙන් තෙමී යද්දී, කෙළ සිඳී යමින් මුළු සිරුර ම ගිනියම් සළුවක එතුණාක් වැනි හැඟීමක් දැනෙන්නට විය.

  • ඇහැළ මලට දම් පාටක්-Ehela Malata Dam Patak
    10 % OFF
    Sold out!

    ඇහැළ මලට දම් පාටක්-Ehela Malata Dam Patak

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    “පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”

    පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක

    දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.

    පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.

    “The tree of Paramee…!”

    “මම පාරමී?”

    “ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා

    ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”

    “ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”

    මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”

    “කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු

    ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”

    “ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.

    අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”

    “ඇයි ඒ?”

    “දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!

  • ගිරිජා-Girija
    10 % OFF

    ගිරිජා-Girija

    Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
  • කියනු වස් පවතිමි-Kiyanu Was Pawathimi
    10 % OFF

    කියනු වස් පවතිමි-Kiyanu Was Pawathimi

    Original price was: රු1,100.00.Current price is: රු990.00.

    පරිවර්තනය මහේෂි වීරකෝන් පිටු 662

  • පියෙද්‍රා ගඟ අසබඩ-Piyedra Ganga Asabada
    10 % OFF
    Sold out!

    පියෙද්‍රා ගඟ අසබඩ-Piyedra Ganga Asabada

    Original price was: රු900.00.Current price is: රු810.00.
  • සියක් වසක හුදකලාව-Siyak Wasaka Hudakalawa
    10 % OFF

    සියක් වසක හුදකලාව-Siyak Wasaka Hudakalawa

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

    දකුණු ඇමරිකානු ඈත වාස භූමියක් ලෙස කල්පිතව ගොඩනංවන මැකොන්ඩෝව ජනාවාස කරගත් බුඑන්ඩියා පවුලේ මෝහනීය ඉතිහාස කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරාණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගොඩනංවයි.
    මායා යථාර්ථවාදී කතා කලාවේ අග්‍ර කෘතිය ලෙසද, ලෝක සාහිත්‍ය ඉතිහාසයේ එතෙක්, මෙතෙක් රචිත සුවිශිෂ්ට කෘති අතුරින් එකක් ලෙසද අවිවාදයෙන් පිළිගැනෙන මෙම කෘතිය, 1982 වසරේදී සාහිත්‍ය පිළිබඳව නොබෙල් ත්‍යාගය මාර්කේස් වෙත ලබා දීමේදී සුවිශේෂව සලකා බැලූ කෘතිය ලෙස පිළිගැනේ.
    “…මේ විස්මයජනක නවකතාවෙන් හරියට කෙනෙකුට සිහිනයෙන් යමක් එළිදරව් වන්නාක් මෙන් ගිනිගෙන දැවෙන සිතිවිලි එළිදරව් වේ…”
    – ගැන්රේ ග්‍රාස්
    “…සමකාලීන ලතින් ඇමරිකානු නවකතාකරුවන් අතුරින් එක් දීප්තිමත් තාරකා මණ්ඩලයකි; ඔහු විශිෂ්ට පරිමාණයේ සම්භාව්‍ය කෘතියක රචකයෙකි; උසස් භාවයෙන් මෙම කෘතිය හෝමර්ගේ ‘ඔඩෙසි’ හා සැසඳිය හැකි කෘතියකි. ගාර්සියා මාර්කේස් සිත් වශීකරන ඉන්ද්‍රජාලිකයෙකි…”
    – ද නිව්යෝර්ක් ටයිම්ස්

    පරිවර්තනය පසන් කොඩිකාර /අබේ දිසානයක

  • රත් වරලැති ලිය-Rath Waralethi Liya
    10 % OFF

    රත් වරලැති ලිය-Rath Waralethi Liya

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    ළිං කණින්නකුගේ ගෝලයකු ලෙස සේවය කිරීම සඳහා එක්තරා ගිම්හාන ඍතුවකදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවිරිදි ජෙම් ඔහුට වඩා වයසින් දෙගුණයකටත් වඩා වැඩිමහල්, රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැඳෙයි. ඒ ප්‍රේමය කරණකොටගෙන හටගත් සිද්ධි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ඡස්ථානයට ළඟා වෙයි.
    පියවරුන් සහ පුතුන් අතර ඇති සදාතනික අරගලය, සත්‍යය, මිථ්‍යා කතා සහ කලාපයේ මහා කාව්‍ය සාහිත්‍යය සමඟ එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශනවාදී මෙන්ම රමණීය ගද්‍ය කාව්‍යයකි.

    පරිවර්තනය නිලුක කදුරුගමුව

    නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී තුර්කි ලේඛක ඔර්හාන් පමුක්ගේ නවකතාවක් සිංහල බසට නැඟෙන පළමුවැනි අවස්ථාව මෙය

  • බ්‍රීඩා-Brida
    10 % OFF
    Sold out!

    බ්‍රීඩා-Brida

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    මේ බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කථාවයි.
    ඇයගේ සොයා යෑමේ කථාවයි
    ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද? රෑ ඇගේ භීතීන් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවත් මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි.
    ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත් ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී.
    සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත් බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය.
    මේ ප්‍රේමය අනුරාගය අබිරහස සහ ආධ්‍යාත්මය පිළිබඳ හද කලඹන කථාවයි

    Author Paulo Coeiho , මහේෂි වීරකෝන් – Maheshi Weerakoon
    Publisher විදර්ශන ප්‍රකාශන – Widarshana Prakashana

    ISBN 9786245087594

  • සමුගනිමි ගුල්සාරි-Samuganimu Gulsary
    10 % OFF

    සමුගනිමි ගුල්සාරි-Samuganimu Gulsary

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    සෝවියට් පාලන කාලය තුළ බිහිවූ අග්‍රගණ්‍යම නවකතාකරුවන් අතළොස්සෙන් අයෙකි චිංගීස් අයිත්මාතොව්. ‘සමුගනිමු ගුල්සාරි’ නම් මෙම නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකේ.
    මිනිසකු හා අශ්වයකු අතර ඇතිවන අපූර්ව සබඳතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලීම් කෙෂොකෝව් නම් දගෙස්ථාන් ලේඛකයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංවේගේ ‘මහල්ලා සහ මුහුද’ නවකතාව හා සමවන කෘතියක් ලෙසයි.
    ‘ජමිලා’, ‘දුයිෂෙන්’ හා ‘සමුගනිමු ගුල්සාරි’ යන කතා ත්‍රිත්වය ඇතුළත් ඕකැි දF එයැ පදමබඒසබි ්බා ිඑැචචැි නම් කෘතිය 1963 දී ඔහු වෙත ලෙනින් සාහිත්‍ය ත්‍යාගය උරුම කර දුන්නේය. මීට අමතරව 1966 දී ඔහු යළිත් ‘සමුගනිමු ගුල්සාරි’ කෘතිය උදෙසා සෝවියට් රාජ්‍ය ත්‍යාගයෙන්ද පිදුම් ලැබීය.

    චින්ගීස් අයිත්මාතව්

  • බත්තලංගුණ්ඩුව-Baththalngunduwa
    10 % OFF
    Sold out!

    බත්තලංගුණ්ඩුව-Baththalngunduwa

    Original price was: රු980.00.Current price is: රු882.00.

    ලේඛකයකුගේ ප්‍රථම නවකතාවක් මංජුල වෙඩිවර්ධනගේ ‘බත්තලංගුණ්ඩුව’ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි. කවර බසකින් වුව එවැනි ප්‍රථම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලභ දෙයකි. කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍ය ජීවිතය ඇරඹූ වෙඩිවර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මාධ්‍ය දෙකේම වූ ශිල්පීය අංගද රැගෙනය යන කාරණය සඟවන්නේ නැත. ඔහු ඒ අංග, නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණීය ශෛලියක් නිපදවීම සඳහා භාවිතා කරයි.

  • කුරුලු හදවත-Kurulu Hadawatha
    10 % OFF

    කුරුලු හදවත-Kurulu Hadawatha

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    ලියනගේ අමරකීර්ති

  • අහම්බකාරක-Ahambakaraka
    10 % OFF
    Sold out!

    අහම්බකාරක-Ahambakaraka

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    ලියනගේ අමරකීර්ති

  • මිනිත්තු එකොළහේ කතන්දරේ-Miniththu Ekolahe kathandhare
    10 % OFF
    Sold out!

    මිනිත්තු එකොළහේ කතන්දරේ-Miniththu Ekolahe kathandhare

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

    Author Paulo Coeiho , රුවිනි තල්පාවිල – Ruwini Thalpawila Publisher විදර්ශන ප්‍රකාශන – Widarshana Prakashana ISBN 9789551559366

  • සන්තියාගෝ නම් සැරිසරන්නා-Santhiyago Nam Serisaranna
    10 % OFF
    Sold out!

    සන්තියාගෝ නම් සැරිසරන්නා-Santhiyago Nam Serisaranna

    Original price was: රු980.00.Current price is: රු882.00.

    Author චූලානන්ද සමරනායක – Chulananda Samaranayaka , පාවුලෝ කොයියෝ – Paulo Coelho
    Publisher විදර්ශන ප්‍රකාශන – Widarshana Prakashana

    ISBN 955803365X