රන් මසු උයන-Ran Masu Uyana
Original price was: රු999.00.රු899.00Current price is: රු899.00.විශාල පවුල් බරක් උසුළාගෙන සිටින සමරජීව ඉපැරණි සංස්කෘතික උරුමයක් ඇති උප නගරයක වෙසෙන්නෙකි. සීලවතී නම් වන ඔහුගේ බිරිඳ නොයෙක් උපා මංවලින් පවුල් බර සැහැල්ලු කරගැනීමට වැර වෑයම් කරන්නියකි. ඔවුන්ගේ දරු පස් දෙනා මතු පිටින් රන්මසුන් සේ වෛවර්ණයෙන් දිලිසෙමින් පාවෙන චරිත ඇත්තෝ වෙති. සිතින් මනසින් නොපෑහුණු සමරජීව දෙමාල්ලෝ දූ පුතුන්ගේ බෝල් පැතුම් සපුරා ලීමට ගොස් දෙවුරු බර දරා සිටිය නොහැකිව ඇද වැටෙති. සමරජීවගේ වැඩිමහල් පුතා පිට රටට මෙහෙ කොට ධන සම්පත් නෙළාගත්තත් ඔහු සියරට පැමිණෙන්නේ සාරධර්ම හා මිනිස්කම් හළාගෙනය. රන් මසු උයන අද්‍යතන සමාජයේ රන් මසු ගංවතුරට හසුව ගසාගෙන ගිය පවුලක ඉරණම සියුම් විශ්ලේෂණයකට ලක් කරන්නකි.