Showing all 20 resultsSorted by latest
පෘථිවියේ ලස්සනම ගැහැනියට හා
කොබෙයිගනේ මහ වලව්වේ
හිතුවක්කාර මායාකරුවාට දාව ඉපදුනු
දියණිය නිර්මාණා නම් විය…
ඇය උපතින්ම දෑතේ මිට මොලවා ගත්
මන්ත්‍ර බලයකින් උපන්
මුරණ්ඩු මන්ත්‍රකාරියක විය…
පෘථිවියටත් ඊට ඔබ්බෙන් වූ චක්‍රාවාටත්…
අතීතයත් අනාගතයත් බුදු දහමත්
එක මිටකට ගනිමින්
මේ කතාංගය දිග ඇරේ…
ප්‍රේමයේ අධි මාත්‍රාවන්ගෙන්
සේම විරහවේ සංවේගයන්ගෙන් පිරී ගිය
මෙහි වසර දස ලක්ශයක වෛරය හා
වසර දස ලක්ශයක ප්‍රේමය
සුමටව පිරි මදිනු ලබයි…
මේ ඇගේ කතාවයි
ද්වාරිගේත් ඉන්ද්‍රගෙත් සුරතල් දියණිය වූ
නිර්මාණා මීගස්තැන්නගේ කතාවයි…
නොපෙනෙන මානයක බැඳුනු.. අහ්ලාද ජනක ප්‍රේමයක රූපයක් හැඟීමක් නොමැතිව, කටහඬකට පමණක් බැඳුනු ප්‍රේමයක පැටලී.. තමන්වම තේරුම්ගන්නට නොහැකි වූ ඇය, සිය පරම්පරාවේ විනාශය රැගෙන ඉපදුන වගත්, සිය දෙමව්පියන් පිළිබඳ හාන්කවීසියකවත් නොදන්නා ඇය… කඳුකරයක අතරමං වූ කටහඬක් පමණක් ඇති යක්ශයෙකුට පෙම් බැඳි ද්වාරි නම් යුවතියක්.. නිහඬ රාක්ෂයෙක් බඳු පරම්පරාවේ හිතුවක්කාරයා ඉන්ද්‍ර නම් වූ අතීශය කඩවසම් තරුණයෙක්.. මේ ලෝකේ දුටු ලස්සනම ගැහැනිය යැයි පවසමින් ද්වාරි වටා ප්‍රේමයෙන් එතෙන මෙලොව සුන්දරම කටහඬ හිමි ස්වර නම් යක්ෂ ආත්මයක්… වටා ගෙතෙන, තුන්කොන් ප්‍රේමය.. ද්වාරි ස්වර නම් වේ…
**********
“මොකද්ද වුණේ බණ්ඩෝ… මොකද මේ බෙරිහන් දෙන්නේ…”
කලබලයෙන්ම බණ්ඩා අසළට ඇවිද ගිය වජිර තුෂ්නිම්භූතව අසද්දී, බණ්ඩා කුමක්දෝ පැවසුවද ඒ කිසිවක් පිටතට ඇසුණේ නැත.
“ගොළුද යකෝ ඒ ගමන උඹ. කතාකරපන්… මොකද්ද වුනේ?”
මේනකාද සිටියේ තැතිගැන්මකිනි.
“භා…භා…වනා මැණි…කේ භානා… භා..වනා මැණිකේ…”
“භාවනා…? භාවනාට මොකද?”
වජිරගේ හදවතේ ගින්නක් නැගුනේ භාවනාගේ නම ඇසුණු සැනිනි.
“අපේ ආග්‍ර… අ…පේ ආග්‍ර…”
“ආග්‍ර?”
මේනකා දෑස් විසල් කරගෙන ඇසුවේ කිසිවක් සිතාගත නොහැකිවය.
“ආ..ග්‍ර… භාවනා මැණි…කෙව මරලා…”
බණ්ඩාට පවසන්නට ලැබුණේ එපමණකි. ඔහු කපා හෙළුෑ ගසක් මෙන් පොළව මතට ඇද වැටෙද්දී වජිරගේ පමණක් නොව මේනකාගේ හදවත් ගැහීමද මොහොතකට නතර විය. ඒ සියල්ලන්ටම වඩා ඔවුන් තිදෙනාටම පිටුපසට වී වලව්වේ ද්වාරය අසළ සිටගෙන සිටි ආග්‍යට දැනුණේ මුළු ලොවම තත්පර කිහිපයකට නතර වූ සෙයක්ය.
බණ්ඩාව මේනකාට බාර දුන් වජිර, වම්පස පපුව අල්ලාගෙනම දුව ගියේ ඇත්ගාල වෙතටය. ඒ වන විටත් අනෙක් ඇත් ගොව්වන් දෙදෙනා සේම වලව්වේ වත්තපිටියේ වැඩකරන සියලුම දෙනා වටවී යමක් දෙස බලා සිටිනා අයුරු ඈත තියාම වජිර දුටුවේය. ඔහු එදෙසට පියවර තැබුවේ සිතාමතා නොවේ. සිහිනයකින් මෙනි.
“ලොකු හාමු…”
වටවී සිටි සියලු දෙනා දෙපසකට වී වජිරට භාවනා අසළට පැමිණිමට ඉඩ ලබා දුන්හ. භාවනාව දුටු වජිරට දැනුණේ මුළු සිරුරම පණ නැතිවී යන්නාක් මෙනි. භාවනාගේ සිරුර පොඩි පට්ටම් වී තිබුණි. මුහුණ සීරී පමණක් තිබුණද පපු පෙදෙස තැලී තිබුණේ බිහිසුණු ලෙසය. ඇයගේ සිරුරෙන් ගලා ගිය රුධිර දහරාව ඈ වටාම ගලා ගොස් නතරව තිබූ තැන වූයේ ඇත් පාදයකි. ඒ ඇත් පාදයද ලෙයින් නැහැවී ඇති අයුරු දුටු වජිරගේ නෙතු ටිකෙන් ටික ඉහළට එසවෙන්නට වූවේය.
හොඬවැලද හකුළාගෙන තත්පරයකට හෝ දෑස් එහෙ මෙහේ යා නොදී භාවනා දෙසම බලා සිටියේ වෙන කිසිවෙක් නොව භාවනා මුළු හදවතින්ම ආදරය කළ… අවසානයේ ඇයව මරු තුරුළට යැවූ ඔහු… ආග්‍ර ය
“පළවෙනි පඩිය උඩ හිටගෙන ඉන්න අපි දෙන්නා, පඩි කීපයක් අතෑරල ඊළඟ පඩියට අඩිය නොතියා, අපි දෙන්නම මේ පඩි පෙළ පඩියෙන් පඩිය හිමින් නගිමු. ජීවිතේ විඳින්න පුළුවන් කිසිම අවස්ථාවක් මග ඇර ගන්නෙ නැතුව අපි මේ ගමන යමු. මට ඕන ඔයාට ගෑනු ළමයෙක් විදින්න ඕන හැම සතුටක්ම හැම හැඟීමක්ම එකක්වත් මග ඇරෙන්න නැති වෙන්න ඔයාට දෙන්න. දවසක මට සතුටු වෙන්න ඕන මේ ලෝකෙ හැම සතුටක්ම හැම හැඟීමක් ම හොදම විදියට විඳපු, මේ ලෝකෙ සතුටින්ම ඉන්න ශක්තිමත්ම වයිෆ් ඉන්නෙ මට කියලා…”
-දේවේන්ද්‍ර දිසානායක –
“ඉතින් සරල මනුස්සයෙක්ට වඩා සංකීර්ණ පරිණත යක්ෂයෙක් එක්ක මුලු ජීවිත කාලෙම ගත කරන්න මම තීරණය කරල ඉවරයි දේව්…”
– යාරා –
“පිරිමි කැමති නිහඬ ගෑනුන්ටලුනේ.. ඒත් දන්නව ද… ගෑනු කෑ ගහන්නෙ, අඬා වැටෙන්නෙ, රණ්ඩු කරන්නෙ, සල්ලි, දේපල, යාන වාහන වගේ දේවල් වෙනුවෙන් නෙවෙයි… අර මං කලින් කිව්ව වගේ ආදරේ වගේ පුංචි පුංචි දේවල් වෙනුවෙනුයි. අඬල දොඩලා, රණ්ඩු වෙලා, ආයාචනා කරලා, කෑ ගහලා ඒ හැමදේකට පස්සෙ ගෑනියෙක් නිහඬ වුණොත්… ඒ සදාකාලෙටමයි දේවේන්… එහෙම වුණු ගෑනියෙක් ආයෙත් හැරෙන්නෙ නෑ. සක්කරයා ආවත් එහෙම ගැනියෙක්ව ආයෙ හරවන්නත් බෑ… අන්න ඒ ටික හොඳට මතක තියා ගන්න…”
“මොන දඬුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර…” ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ ආදරණීය රෝමාන්තික බවය.
“ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්… මං දන්නේ නෑ… තව දරුවන්ගෙන්, තව චිත්‍රවලින්, තව සංගීතෙන්, ඩන්හිල් වලින්, වයින් වලින්, කවි වලින්, ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින් , බැඳීම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන… මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ. ඒක ඔයාගේ දඬුවම… මාව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ… ඒ නිසා මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්…”
මම රහසින් මුමුණමින් කීවෙමි.
“ඉඳු ඒක බර වැඩියි හොඳටම ඉඳු… ඒ දඬුවම ලොකු එකක්…”
ජීවිතයේ සමහර දේවල් සරලව අත් විඳිය යුතු අතර කිසි විටෙකත් පැහැදිලි නොකළ යුතුය. ප්‍රේමය යනු එවැනි දෙයකි.
ඉතින්…
බලා සිටීම දුෂ්කරම දෙය බව මම අත්දැකිමෙන් ඉගෙනගෙන ඇත්තෙමි. එනමුත් ඔබ නොඑන බව දැන දැනත්… ඔබ මා අසල නැති බව දැන දැනත්… එවැනි මොහොතවල් වලදී පවා ඔබ මා සමඟ සිටින බවත්, අප ප්‍රේමයෙන් වෙලි ඇති බවත්, හදවතට දැනවීමට අවශ්‍යයි. එය ප්‍රේමය නම් සරලව මගේ වේදනාවෙන් හඬන වැලපෙන හදවතට පැහැදිලි කරන්නේ කෙසේදැයි මම නොදනිමි. ලතැවි ලතැවී සිටම දැන් දැන් හැගීම් කල් ඉකුත් වීමට ආසන්න වී තිබෙයි.
මං ඔයාට විතරයි මෙච්චර කාලෙකට ආදරේ කලේ… මෙච්චර කාලයක් පැතුවෙ ඔයාගේ සතුට විතරයි… එක තත්පරයක්වත් මං වෙන කෙනෙක් ගැන හිතුවේ නෑ. ඔයාගේ කම්මුල් දෙපැත්තේම වල ගැහෙන මැජික් හිනාවක් තියෙන කෙල්ල මං නෙමේද බිනර? මේ ගිය සතියෙත් කිව්වේ අර ප්‍රෝග්‍රෑම් එකට ඇවිත්… මගේ පපුව පැලෙන්න ආවා එහෙම කියද්දි ඔයා දන්නවද… මං විඳවපු තරමක්. අන්න ඉන්නවා ශාක්‍ය සචිනි දෙන්නම. ඒ දෙන්නා දන්නවා මං කොච්චර ඇඬුවද විඳෙව්ද කියලා බිනර. මට බයයි… ඒත් ඔයාට යන්න දෙන්නත් බෑ… ඔයාව දැක්කම මට ආයේ ඔයා නැතුව බෑ කියලා විතරක් මං දැනගෙන හිටියා… බිනර මං පුදුම තරම් වාවගෙන හිටියේ මෙච්චර කාලයක් ඔයා නැතුව. මට ඔයාට යන්න දෙන්න බෑ දෙයියනේ…
පුනර්භවය, නැතහොත් නැවත ඉපදීම ඔබ විශ්වාස කරනවාදැයි මම නොදනිමි. නමුත් මම එය විශ්වාස කරමි. මියෙන්න මොහොතකට පෙර දුන් එකම එක පොරොන්දුවක් නිසා ජීවිත කාලයක් මම ඔබ එනතෙක් බලාසිටිය නිසාවෙන්…
අවුරුදු ගානක් පුරා ඔබ ඉපදෙන්න බලන් සිටි නිසාවෙන්…
ආත්මගානක් පුරා අපි, අපි වෙනුවෙන්ම ඉපදී ජීවත්ව… මිය ගිය නිසාවෙන්…
මම එය තද බල ලෙස විශ්වාස කරමි….
– මහී –
මම බරැති සුසුමක් පිට කලෙමි. අහස අල්ලනන්ට බැරිය. අහසද අනුන්ගේය. ඉතින් සඳ ඉල්ලා කුමට වැලපෙම්ද… මම පන්ති කාමරයට ගොස් ඉඳගත්තද මගේ හදවත තරමක් වේදනාවකින් බරවිය. හදවත මැද්ද ඉදිකටුවකින් කවුදෝ විසින් හාරනවා වැනිය. නමුත් එසේ දැනෙන්නේ ඇයි දැයි මටම නොතේරෙන මොහොතක… පන්තිකාමරයේ දොර ඇරුනි.
එය තිබුනේ මට පිටුපාය… මම හරිබරි ගැහිවැඩි වී පිටුපස බැලුවෙමි.
අනේ දෙවියනේ දුටු දසුනින් මගේ දෙපා පන නැතුව ගියාක් මෙන්ය. මා පසුකර ගියේ සැර විලවුන් සුවදක්ය. දැන් මා කුමක් කරයි මගේ යටිසිත පෙරලා මගෙන්ම ප්‍රශ්න කලේ. බඩ හරහා පපුව තෙක් පැමිනි දැවිල්ලද සමගිනි. මට පැන දුවන්නට තරම් හිතුනි.
පිරිමින්ගේ ප්‍රේමය බොහෝ අරුමැසිය… සනසවන සුළුය…. මනරම්ය.. නමුත් මා හට සෑම විටම නොපිරුණු හිස් කමක් දැනෙයි…. විටෙක පරිපූර්ණත්වයක් දැනෙයි… මට මා තුළම අධික සංකීර්ණතාවයක් දැනෙයි….
යුතුකම් වගකීම් ඉටු කරන්නට, සිරුර බෙදාගන්නට, ආදරය බෙදා ගන්නට, සමාජයට පේන්නට තවත් පිරිමියෙකුත් ආත්මය බෙදාගන්නට තවත් පිරිමියෙකුත් ගැහැණියකට අත්‍යවශ්‍යම යැයි මම අතිශය පුද්ගලිකව විශ්වාස කරමි… ඉතින් එය ඇත්තක්ය. මා සර්වසම්පූර්ණ හිස් තැන් නොමැති ගැහැණියක ලෙස දැනෙන්නේ එබැවිනි…
ජීවිතේ කියන්නේ තනිකරම මන්දාකිනියක්….කලු කුහර පිරිච්ච මහ ගුප්ත තැනක්… සිද්ද වෙන්නෙ මොනවද මොකක්ද වෙන්නේ කියලා පැහැදිලි කරන්න අමාරු දෙයක්…
ජීවිතේ ඇතුලේ මනුස්සයෙක්ට ලැබෙන්නම හොඳ නැති දේ තමා මානසික පීඩනය කියන දේ. මේ පෘථිවිය ඇතුලේ ඉපදුන හැම මනුස්සයටම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕන…
එක එක මනුස්සයා ඒ පීඩනේ දරාගන්න විදිය වෙනස්. සමහරු ඒ පීඩනේ හරිම පහසුවෙන් තමන් තුළට උරා ගන්නවා… සමහරු අඬනවා. සමහරු තරහවක් විදියට පිටකරනවා…සමහරු නිහඬ වෙනවා. සමහරු සියදිවි නසාගන්නවා…
පීඩනේ කියන දේට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන තරමට ඔයා හයිය කෙනෙක් වෙනවා…පුළුවන් තරම් සංසුන්ව ජීවිතේට එන කුණාටු පහුකරන්න ඕන කියලා, ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හරි අන්තිමට ඔයා තේරුම් ගන්නවා….
අග රැජින නර්මදා රංගොඩගේ
බොරළු වලව්ව වත්සලා කරුණාරත්න
නර්මදා රංගොඩගේ