SHOP
  • ඇමසොනියා – AMAZONIA
    15 % OFF

    ඇමසොනියා – AMAZONIA

    Original price was: රු1,980.00.Current price is: රු1,680.00.

    ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩිගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුනකදු නොමැතිව අතුරුදහන් වේ.  වසර ගණනාවකට පසු එකී කණ්ඩායමේ  විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැලලීන් ද අංග ජේදනයෙන් ද බියෙන් ද පිඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අභිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කිහිපයක් තුලදී මරණයට පත්වේ.

    නේතන් රෑන්ඩි ගේ කණ්ඩායම , මෙකී ගුප්ත අබිරහස් සැගවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදහන් වූ ඔහුගේ පියා පිළිබද තොරතුරක් සෙවීම සඳහාය.  එහෙත් එහිදී ඔවුන්ට , නොසිතු විරූ අනතුරුවලට සහ සතුන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින් රුධිර ගංගාවක් මතින් , අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනා වුත් ඇග ලොමු දෑහැ ගැන්වෙනසුළු වුත් යමක් සොයා ගැනීමට ඔව්හු සමත් වෙයි.

    ඇමසන් වනයේ අඳුරු ලෝකය තුල මානව ශිෂ්ඨාචාරයෙන් වෙන්ව හුදකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක්ද?මිනිසාට කිසිවිටක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකිවේද?

    පරිවර්තනය මංජුල දිසානයක