SHOP
  • උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා-Usavi Giya Neruda Nohoth Kamagora Kawiya
    10 % OFF
    Sold out!

    උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා-Usavi Giya Neruda Nohoth Kamagora Kawiya

    Original price was: රු1,480.00.Current price is: රු1,332.00.

    නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය. බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය. ඇසීම දුබල ය. බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත්‍ර අඳී.. ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන් චෝදනා නැඟේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක ඔහු ඒ චිත්‍ර සියල්ලට ගිනි ලා සිවුරු හරී. ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු මත්පැනට ඇබ්බැහි වේ. කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි. කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැඟේ. ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා කථිකාචාර්යවරියක විසින්කි විවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ. තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේ දී අංකුර කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි. සැබැවින් ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට ලක් කළේද? ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මේ ලිංගික හැසිරීමට රුකුල් දුන්නී ද?