රාමායනය-Ramayanaya
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.හින්දු සංස්කෘත සාහිත්යයට අයත් මහා කාව්යයන් අතරින් පැරණිතම මහා කාව්යය රාමායනය යි. මෙය රචනා කොට ඇත්තේ වාල්මිකී නම් පඬිවරයෙකි
Showing all 15 resultsSorted by latest

හින්දු සංස්කෘත සාහිත්යයට අයත් මහා කාව්යයන් අතරින් පැරණිතම මහා කාව්යය රාමායනය යි. මෙය රචනා කොට ඇත්තේ වාල්මිකී නම් පඬිවරයෙකි

සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත. අඩසියවසක් පුරා පාඨක අවධානය මැනවින් ග්රහණය කරගත් මේ නවකතාව විවිධ විභාග සඳහා නිර්දේශ වී ඇති අතර සිනමා සිත්තමට ද නැගුණු අපූරු ගද්ය කාව්යයකි. 1959 වර්ෂයේ පළ වූ විශිෂ්ටතම නිර්මාණයට හිමිවන දොන් පේද්රිස් ත්යාගය ද දිනාගන්නා ලදී.

වර්තමාන ලෝකයෙන් අතීතයට සිය සාහිත්ය ලෝකය ඔස්සේ ගමන කරන කතුවරිය 1910 තරම් ඈත කාලයේ කතාවක් මේ කෘතිය තුළින් නිර්මාණය කොට තිබේ. අප ජීවත්වන කලබලකාරී වටපිටාවෙන් මිදී ඒ සුන්දර අතීතය තුළ මොහොතක් කාලය ගෙවන්නට මේ නවකතාව අපූරු දොරටුවක් විවර කරවයි.

ප්රවීණ ලේඛිකාවක වන තුෂාරි අබේසේකර විසින් ලියන ලද නවකතාවකි. ටෙලි නාට්යයක් ලෙසින් ද එළිදුටු නිර්මාණයකි. විවිධාකර හේතු නිසා කොළඹ නගරයේ පහත් යැයි සම්මත සමාජ ස්ථරයන් හි ස්ථානගතවන, කොළඹ නගරය පුරා ලාබෙට විකිණෙන ඇපල් මෙන්, සමාජය විසින්ම අඩු තක්සේරුවක් ලබා දෙන කාන්තාවන්ගේ ජීවිතවල අපට නොපෙනෙන පැත්ත පිළිබඳ කතා කරයි

අන්තර්ජාලය, නවීන තාක්ෂණය සමඟ මුසු කරගනිමින් විද්යා ප්රබන්ධ නවකතාවක් ලෙස මෙම කෘතිය රචනා කර ඇත. විද්යාත්මක සංකල්ප හා දාර්ශණික මතවාද එකතුවෙන් නිර්මාණාත්මක විද්යා ප්රබන්ධයක් ලෙස මෙය පාඨකයා අතට පත්

රොබින් හුඞ් යනු ඉංග්රීසි ජාතිකයන්ගේ ජනකතාවල සඳහන් වන වීරයෙක් මෙන්ම කැරළිකරුවෙකි. ඔහු දුනු ශිල්පයට සහ කඩු ශිල්පයට අති දක්ෂයෙකි. ධනවතුන්ගෙන් සොරාගන්නා ධනය දුප්පතුන් අතර බෙදාදීම නිසා ඔහු සාමාන්ය ජනතාව අතර වීරයකු බවට පත් විය. මධ්යතන යුගවලදී ජනප්රියත්වයට පත්වන්නට පටන් ගැනුණු රොබින් හුඞ් චරිතය විවිධ සාහිත්ය නිර්මාණ ඔස්සේ කාලයත් සමඟ වර්ධණය විය. රොබින් හුඞ් යනු හුදෙක් කල්පිත චරිතයක් බව ඇතැමෙක් පවසන අතර මෙවැනි පුද්ගලයකු ජීවත් වූ බවට ඇතැමෙක් සඳහන් කරති. මේ අපූරු චරිතය වටා ගෙතුණු රොබින් හුඞ් කෘතිය සිංහල බසට සම්පාදනය කරන්නේ ඬේවිඞ් කරුණාරත්නයන් විසිනි.

මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග්රීසි ජාතියාගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි .

ප්රවීණ ලේඛිකාවක වන ප්රියංකා අමරතුංග විසින් රචනා කොට ඇති ‘බල්ලන්ට බටර්’ නවකතාව සුන්දරව ජීවිතය ගත කරන වර්තමාන සමාජයේ එක් පවුලක් වටා ගෙතී තිබේ. මේ පවුලේ රෝගී තත්ත්වයේ පසුවන මවක් ද සිටින අතර වර්තමාන පුහු ආටෝපවලින් පිරි සමාජය තුළ වැඩිහිටියන්ට සැලකීම පිළිබඳ දක්වන්නා වූ ඛේදනීය ආකල්පය මේ නවකතාව තුළින් නිරූපණය කරන්නට කතුවරිය උත්සාහ දරා තිබේ.


මලලසේකර ඉංග්රීසි – සිංහල ශබ්දකෝෂයේ නව සංස්කරණය 2014 ජනවාරි මාසයේ දී නව මුහුණුවරකින් ප්රකාශයට පත් විය. අප රට නිදහස ලබා ගත් 1948 වසරේ දී මුලින් ම ප්රකාශයට පත් කෙරුණු මලලසේකර ඉංග්රීසි – සිංහල ශබ්දකෝෂය 2021 වසර වන විට වසර 73 ක් සම්පූර්ණ කරයි. මේ වන විට මෙහි අඩංගු මූලික වචන (Head Words) සංඛ්යාව 53,000 කට අධික ය. අප රටේ සුප්රකට මහාචාර්යවරුන් දස දෙනෙකු මේ ශබ්දකෝෂය පිළිබඳ පල කොට ඇති අදහස් මෙහි පසු පිට කවරයෙහි දක්වා ඇත. එයින් ඉස්මතු වන්නේ අප රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර මලලසේකර ශබ්දකෝෂය පිළිබඳ පවතින උසස් ආකල්පයයි.

රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්ය අත්වැලකි.
සුරංගි ද අල්විස්

සෙල්ලම් නිරිඳු ලෙසින් ප්රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.
ජැක්සන් ඇන්තනී

අප රට සිටි ඉංග්රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ ලෙනාඩ් වුල්ෆ් විසින් රචනා කොට ඒ.පී. ගුණරත්න විසින් සිංහලයට නගන ලද ‘බැද්දේගම‘ වූ කලී කැලෑබද ගම්මානයක සිංහල ගැමි ජීවිතය ඇසුරු කරගනිමින් නිර්මාණය වූ ශ්රේෂ්ඨතම ඉංග්රීසි නවකතාව බව විචාරකයන්ගේ මතයයි. ඉංග්රීසි ජාතිකයකු ලෙස ඔහු අප ගැමි සමාජය විනිවිද දුටු අයුරු අපූරුය. 2019 වර්ෂයේ උසස් පෙළ විෂය නිර්දේශය වෙනස් වීමත් සමග ඉදිරි වසර 8 ක් සඳහා නිර්දේශය වූ සිංහල නවකතාව වූයේ ද බැද්දේගම ය. බැද්දේගම නවකතාව මෙසේ ඔබ අතට පත්වන්නේ නැවත සකස් කිරීමකින් පසුව එන නැවත මුද්රණයක් වශයෙනි. මෙසේ නැවත සකස් වීමේ දී ප්රමාණය වෙනස් කොට තිබේ.

නික් වුයෙචිච් විසින් රචිත Love Without Limits කෘතිය ප්රවීණ මාධ්යවේදී සමන් අතාවුදහෙට්ටි අතින් සිංහල බසට පරිවර්තනය වී ‘සීමා නැති ආදරේ‘ නමින් ප්රකාශයට පත් වෙයි. අත පය හතර නොමැති ආබාධිත දරුවකු ලෙස උපන් නික් ජීවිතයට ධෛර්යවන්ත ව මුහුණ දුන් අයුරු මෙයට පෙර ප්රකාශයට පත් වූ ‘නැවතුම් නැති ජීවිතේ‘ සහ ‘සීමා නැති ජීවිතේ‘ යන කෘති දෙකෙන් පැහැදිලි කෙරේ. ආබාධිත පුද්ගලයකු ලෙස ආදරයක බැඳීම, එය විඳ ගැනීම කුමනාකාර අත්දැකීමක් ද යන්න ‘සීමා නැති ආදරේ‘ යන මේ කෘතියෙන් පැහැදිලි කෙරේ. එමෙන්ම ආදරය නිසා ජීවිතයම අඳුරු කරගන්නා තරුණ තරුණියන්ට, ජීවිතය ජයගන්නට මෙම කෘතිය මනා අත්වැලක් ද සපයයි.
Nick Vujicic

1982 වසරේ ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර රෝහලක දී අත පය නැති දරුවකු ලෙස නික් උපන්නේ අම්මා, තාත්තා පමණක් නොව මුළු මහත් වෛද්ය කාර්ය මණ්ඩලයම අන්මන්ද කරවමිනි. ආබාධිත බව නිසා ම ජීවිතයේ මදිපුංචිකම්, අරියාදු, සමච්චල් හා පසුබෑම්වලට ලක් වූ නික්, මානව දයාව, භක්තිය හා විශ්වාසය ඔස්සේ ජිවිතය ජය ගත්තේ විස්මිත අයුරින්. මේ පොතේ නික් අපට ආරාධනා කරන්නේ ජීවිතය ජය ගැනීමේ මගට ඔහු සේ ම අපටත් එක්වන ලෙසටයි.
Nick Vujicic