Showing all 10 resultsSorted by latest


ඔවුහු තමා යක්ෂයා ලෙස හංවඩු ගැසුවෝය.
ද්‍රෝහියෙකු ලෙස නම් කර පිටුවහල් කළෝය.
‘අයෙක් නොදන්නා දැනුමක් බෙදා දීම ඔහු
යක්ෂයෙකු වීමට බලපායිද…’
හෙතෙම නැවතත් සිතුවේය. තමා කෙරෙන්
ඈත් වන්නා වූ ස්වර්ගය දෙස අවසන් වරටත්
බැලුවේය.
‘ද්‍රෝහි වූයේ මා ඔවුනට නොව, ඔවුන් මා
හටය. දිනෙක එය සංසිඳෙනු ඇත. ස්වර්ගය
බිඳ වැටෙනු ඇත!’
තමාම එය සිදු කරනා වග, ඔහු තමාටම ශපථ
කරගත්තේය.
ඔහු ද්වාරය තුළ ගිලෙත්ම, ස්වර්ගය ඔහුගේ
ඇස් මානයෙන් ගිලිහිණි.

“මම ඔයාට ආදරේ කරනවා. හැබැයි ඒක විශේෂ ආදරයක්. ඒ ආදරේ ඇතුළෙ ඔයා මගෙමයි කියල හැඟීමක් මට දැනෙන්නෙ නැහැ. ඔයා වෙන ගෑනු ළමයෙක් ගැන කියන වෙලාවක මගෙ හිතට පුංචිම පුංචි දුකක් දැනෙනව තමයි. ඒක හරියට අල්පෙනිත්තකින් අනිනවා වගේ පුංචිම පුංචි වේදනාවක්. ඒත් ඒ වේදනාව තියෙන්නෙ තත්පර ගාණයි. ඉන් පස්සෙ මම සාමාන්‍ය වෙනවා. සාමාන්‍ය වෙලා ආපහු ඔයාට ආදරේ කරනවා. ඔයත් මට ආදරේ කරනවද නැද්ද කියන එක දැනගන්න මට අවශ්‍යතාවයක් එන්නෙ නැහැ.”
ඇය කීවාය.
“ඒක පුදුමයි… ඒත් මටත් දැනෙන දෙයක් තියෙනවා. මමත් ඔයාට ආදරෙයි. ඔයා කිව්ව දේම මටත් දැනෙන වෙලාවල් තියෙනවා. ඒත් ඔයා තරම්ම මට පාලනයක් නැහැ. ඔයා වෙන කෙනෙක් ගැන කියනකොට දැනෙන වේදනාව තත්පර ගණනකට වඩා මගෙ හිතේ තියෙනවා. මම හිතන්නෙ…
ඔයාට වඩා මම දුර්වලයි…”
“ඔයා දුර්වලයි නෙවෙයි,
ඔයා ආදරණීයයි…”

තමන්ට උණුහුමක් දැනෙන්නේ නම් ජාතක කතාවේ මනමේ කුමරිය වැද්දා සමඟ තණ බිස්සක සැතපීම අනුමත කිරීම මගේ වර්තමාන සිතුවිල්ලයි. සිහින දකින විට අවම වශයෙන් ආදර සිහින දෙක තුනක්වත් නො දකින්නාගේ සෙසු සිහිනත් හොරු අරන් ගියාට කමක් නැත. සයනයක දකින සිහිනය ඇට මිදුලු රිදී පිටකොන්ද දිගේ සංස්පර්ශය වී වේදනාවක් නො දැනෙන්නේ නම් ඒ අසංවේදී සබැඳියාව මම ප්‍රතික්ෂේප කරමි. අතීතය තුළ සටහන් කළ බොහෝ දේ වර්තමානයට වලංගු නැතැයි බැහැර කරන්නාගේ හෘද සාක්ෂිය නැවත පරීක්ෂා කළ යුතු කාලය එළඹ තිබේ. ලෝකය වෙනස් කිරීම සඳහා ඔළු ගෙඩිය ඇතුළත නො රිද්දා කළ යුතු ශල්‍යකර්මය සමාජය රිද්දා කරන්නට යෑමේ පාප කර්මයට මම ද වගකිව යුත්තෙක් වෙමි.
තුඹසක විලාපය නවකතාව මගේ අතීත සිතූවිලි පරම්පරාව වර්තමානය මත ඔසවා තබන සාක්ෂි සටහනයි.

සිංහල භාෂාවේ සියලු ඉසව්වලින්,
සියලු අවධීන්ගෙන් වචන තම
මෙහෙයට කැඳවන කතුවරයා
එමගින් සිංහල භාෂාවේ කාල
අවකාශ මානයන් දිග් විජය කරයි.
ඉංග්‍රීසි අරුමැසිවාදී කවීන්ගේ බස,
භාරතීය අලංකාරවාදීන්ගේ,
ධ්වනිවාදීන්ගේ යෙදුම්,
පද සංඝටන සිහි ගැන්වීමට සමත්
අපූර්ව භාෂා විලාසයක්
නේත්‍රා තුළ දැකිය හැකි ය
කේ. කේ. සමන් කුමාර

විදුලි පහන දල්වා සින්ක් එක ලඟට ගිය නාරද කරාමය ඇර වීදුරුව පයිප්පයට ඇල්ලුවේය. ඔහු එය දුටුවේ එවිටය. දුටු ගමන් ඔහු තිගැස්සුණේය. දකණු අතේ ඇඟලිවල ලේ පැල්ලමක් විය.
”මේ මොන මඟුලක්ද ?” යයි සිතන විටම නාරදට බෙල්ලේ දකුණු පැත්තෙන් දැවිල්ල ගතියක්ද දැනිණි. ඇඟිලිවල ලේ ගෑවුණේ බෙල්ලේ තුවාලයකින් බව නාරදට තේරුණි. එය ඔහුට ප්‍රෙහෙලිකාවක් විය.
වතුර බීම පැත්තක තියා නාරද නාන කාමරයෙන් එළියට විත් නැවතත් නිදන කාමරය වෙත ගියේය. එවිට ඔහුට තව දෙයක් දැකගන්නට ලැබිණී.
හිස තබාගෙන සිටි කොට්ටයේත් ලේ ගෑවි ඇති බවයි.
මේ කිසි දෙයක් නොදැන අචිනි තද නින්දක ගැලී සිටියේ ඔළුවේ ඉඳන් පොරවාගෙනය. වැහි සීතල නිසා වෙන්න ඇති යයි නාරදට සිතිණී. නාරද ඇඳෙ පැත්තකින් වාඩි විය. කොච්චර කල්පනා කළත් තුවාලය වෙච්චි විදියක් ගැන ඔහුට මතක් කර ගන්නට හැකි වූයේ නැත.
ඔළුවේ ඉඳන් පොරවගන්න එපා යයි නාරද අනන්තවත් අචිනිට කියා තිබේ. හුසම ගන්න අමාරු නිසාය. නාරද අත දිගුකර අචිනිගේ පෙරවනය පහත් කළේය.
අචිනි හිටියේ උඩුබැලි අතටය.
ඇගේ දෑස් විවර වී තිබිණි.

දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය – වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන
– උපුල් ශාන්ත සන්නස්ගල

ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

මේ ගෙවීයන්නේ මගේ දිවියේ තීරණාත්මක සංක්‍රාන්ති සමයයි. වරෙක, දිවියට තදින් පෙම් බැඳි, එහි රසය විඳි මගේ හැඟුමන් එකතැනක නතර වී ඇති හැඩක් මට දැනේ. නින්දත් නොනින්දත් අතර ගෙවී ගිය ඒ රාත්‍රියේ ඒ අමිහිරි මතකයන්, මිහිරි මතකයන් පළවාහරිමින් මතුව ආවේ මට තව තවත් රිදවමිනි. පාන්දරින්ම ඇරඹුණු මහා වරුසාවේ තවමත් අඩුවක් නැත. සුළඟද එසේමය. සුළඟේ සැරට අවට වූ ගස්වැල් කිරි කිරිස් හඬින් ඇඹරෙන හඬ අතරින් වැස්සේ හඬ මට පැහැදිලිවම ඇසෙන්නට විය. ඒ හඬට මම අසීමිතව පෙම් බැන්ඳේ පුංචි සන්දියේ සිටමය. වැස්සේ හඬ හා වැස්සක් පිළිබඳව මගේ ප්‍රථම මතකය සේතං නයිදෙගෙ කරත්තයේ නැඟී රොටවැවේ සිට අඹගහවෙළ හංදියට පැමිණි දා බැව් මම සිතමි. එහෙත්, ඒ මා පෙම් කළ වැස්සම වැටී පිරී ගිය රොට වැව මගේ ජීවිතයට මෙතරම් බලපෑමක් ඇතිකරාවි කියා නම් මම කිසිදාක නොසිතුවෙමි.

අවසානයේදී ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. එහි වූයේ දහවල සිට තිබූ මත්බර ිනහව නොව, සුන්දර හා හෘදයාංගම සිනහවකි. ඔහුගේ සුසුම් රළ ඇගේ නළල මත පතිත විය. “ඉස්සෙල්ලා මං විහිළුවක් කළේ. ඔයා රතු වෙනකොට නෙළුම් මලක් වාගේ…….” දෙවියනේ …..! “අද ඔය ඇඳුමට හරිම ලස්සනයි. ඇත්තමයි….” ඇය සිනාසුණාය.ඔහුද සිනාසුණේය. අමන්දිගේ සිතුවිලි අතරින් ඒ මොහොතේදී එතැන සිටි අනෙක් සියල්ලන්ම අතුරුදන් විය. ඇයද ඔහුද මින්දද හී සර පතිත් වන ඈත මිහිදුමෙන් වැසුණු කඳු මුදුනකට පාව ගියහ. ඈ ඔහු දෙසද, ඔහු ඈ දෙසද නෙතු යොමාගත් වනම ඒ ඇසෙමින් තිබූ සුමියුරු ළයාන්විත රිද්මයට නර්තනයේ යෙදුණෝය. එය ඔවුනටම අයත් ලෝකයක් විය. ඔවුනටම පමණක් අයත් ලෝකයක් විය. ඔහු ඔහුගේ කොන්දේසිය අමතක කර දමන්නට තීරණය කර ඇතුවා වන්නට ඇත. මෙවන් දෑ පවසන්නේ එනිසා විය යුතුය. තම හදවත එවන් රිද්මයකින් ස්පන්දනය වනු ඇයට ඉන් පෙර කිසිදා දැනී තිබුණෙ නැත. එක්වරම ඔවුන් දෙදෙනා මධ්‍යයට මහා අකුණක් පතිත විය !