SHOP
  • රතු වදමල් – Rathu Wada Mal
    20 % OFF

    රතු වදමල් – Rathu Wada Mal

    Original price was: රු1,380.00.Current price is: රු1,104.00.

    මොකද්ද ඉක්කි මේ නෙයියාඩගම?

    අපිට පාරක තොටක යන්න නැද්ද? සේසිරි ඔච්චර ඉවසුවා ඇති. වෙන මිනිහෙක් නම්
    ගුටි කෙළියක්!

    ඉක්කි… කොටින් කියන්නං, ආයෙ නම් මේ පළාතේ නාවට කමක් නෑ!”

    මට වචනයක්වත් කියන්න ඉඩක් ලැබුණෙ නෑ, නෙලුම් මුලකුත්
    නැති අගකුත් නැති හුඟක් කියලා හුස්ම ගත්තා.

    “බැරිම තැන මේ උඹට එන්න කියලා ලියුම දැම්මෙ… මේක ඉවරයක් කරගන්න! ඉක්කි, උඹ මට දුන්නෙ අර මිනිහගෙ සල්ලිද? දන්නවා නම් අපි හිඟාකෑවත් ඒවා ගන්නෙ නෑ. අපිව පාච්චල්
    කරන්ඩ එපා ඒකාට මේකාට. මං කිව්වනෙ මේ බඩු මුට්ටු විකුණලා
    හරි ඔව්වා ගෙවනවා කියලා. අපෙන් සල්ලි ඉල්ලන්ඩ ඌ එවන්ඩ, උඹට ලැජ්ජා නැද්ද? ආයෙ
    ආවොත් ඇත්තමයි අඬු කඩනවා!

    එතකොට උඹට අබ්බගාතයෙක් තමා බඳින්න වෙන්නෙ. කෙළින් කතා කරපං ඉක්කි උඹම…! ආයේ
    තෝල්කයො මොකටද…”

    “නෙලුම්! කියන මඟුලක් තේරෙන්ඩ කියනවද? ඇඟට කඩා පනින්ඩද මට මේ ලහියෙ එන්ඩ කිව්වේ?”

    “රඟපාන්ඩ එපා ඉක්කි! උඹ අර කොල්ලාව එව්වේ සේසිරිව බය කරලා සල්ලි ගන්ඩද? සේසිරිට තර්ජනේ කරලා…? ඌ උඹට ලොකු ඇති! මට නං ඔය සෙප්පඩියා ලොකු නෑ…!

  • කිරි කිරි බොලේ – Kiri Kiri Bole
    20 % OFF

    කිරි කිරි බොලේ – Kiri Kiri Bole

    Original price was: රු1,000.00.Current price is: රු800.00.

    2021 වසරේ හොඳම ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ “මැට්ටි” කෘතිය රචනා කළ සම්මානනීය ලේඛිකා මනෝහරි ජයලත් මහත්මියගේ නවතම යොවුන් නවකතාව

    “කිරි කිරි බොලේ”

    එළිවෙච්චි වෙලේ ඉඳන් අර ළමයාව පතුරු ගහනවා. ඔය ළමයා ඉතුරු වෙයිද විභාගේ වෙනකල්..? කනත් හිරි වැටෙනවා. අහන් ඉඳලා අප්පිරියයි…

    අපේ ගෙදර අපි ඔහොම කෑගහන්නෑ නේ. මේ ළමයටත් රවනවා ගොරෝනවා…”

    තාත්තා මොකුත් කිව්වේ නෑ.

    “අර කෝටුවක් තියාගෙන මේසෙට ගහනවා… පුටුවට ගහනවා…! එක විකාරයයි. ළමයට ඊයේ හොඳටම ගැහුවා. ලකුණු අඩු වුණොත් නෑයො හිනාවෙයි කියන්නේ…?

    අනේ අපිට මොන රුදාවද ඕවට හිනා වෙන්ඩ… හිනා නෙමෙයි මාලායි මමයි අඬනවා ඕවට…

    අම්මාත් පුදුම ගෑණියෙක් තමා. එහෙම තමයිලු ළමයි හදන්න ඕන. අපේ ළමයාටත් ගහලා බැනලා උගන්නන්නලු… බුරුල වැඩිලු… බෝලී සෙල්ලමේමලු. ඔය ගමේ කොල්ලෝ වනචරයොලු…

    බෝලි! කාලා ඉවරනම් යනවා මෙතනින්…!” අම්මා ඒ ටික කිව්වේ මං ඉන්න බව දැක්කේ මේ දැන් වගේ.

    මං කාලා ඉවර නෑ. ඒ නිසා මං එතනම හිටියා.

    කවුද වනචර කොල්ලෝ…?
    මං යන්නෑ වනචර කොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න…
    මං දන්නෙත් නෑ වනචර කොල්ලෝ…

  • පෝල්ගේ ලෝකය – Paul’s World
    20 % OFF

    පෝල්ගේ ලෝකය – Paul’s World

    Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

    “රියානා” ආගන්තුක ලෝකයක සිට තවත් ආගන්තුක ලෝකයකට අදිසියේ පැමිණි ඇය මුහුණ දෙන්නේ කුමනාකාර අත්දැකීම් සමුදායකටද ?
    මහා බලසම්පන්න මායාබන්ධකයින් ගේ බලයට යටපත්ව බියෙන් සහ කම්පනයෙන් දිවි ගෙවන මිනිසුන් වෙසෙන ලෝකය රියානාගේ නිජබිමය. මායාබන්ධකයින් ගේ ලෝකයට අදිසියේ පැමිණි පෝල් ව බේරාගැනීමේ උත්සාහයේදී රියානාට ද සිදුවන්නේ නොසිතූ ලෙසින් පෝල් ගේ ලෝකයට පැමිණෙන්නටයි. තාක්ෂණික දියුණුවෙන් ඔප් නැංවුණු නවීන ලෝකයට පැමිණි රියානාට දියුණු පරිසරයට අනුගත වීමට හැකිවෙයිද?
    මායාබන්ධකයින් යටත් කොට රියානාගේ ලෝකය අත්පත් කර ගැනීමට වෙරදරන ආශ්කාගේ බිහිසුණු සැලැස්ම පරාජය කිරීමට රියානාට සහ පෝල් ට හැකිවෙයිද?
    රියානාට නැවතත් සිය උපන් දේශය කරා යාමට හැකිවෙයිද?

  • රියානාගේ ලෝකය – Riana’s World
    20 % OFF

    රියානාගේ ලෝකය – Riana’s World

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

    සිඩ්නි උසස් පාසැලේ අධ්‍යාපනය ලබන පෝල් රෙනෝල්ඩ්ස් අදිසි සිදුවීමක ප්‍රතිඵලයක් ලෙසින් විවර වූ මායා දොරටුවකින් සමාන්තර ලෝකයක් කරා පිවිසීමෙන් කථා මාලාව ආරම්භ වෙයි. අදිසි දොරටුවෙන් ඇතුළු වූ පෝල් පිවිසෙන්නේ කාර්මික විප්ලවය ඇස නොගැටුණු ඉතා ප්‍රාථමික මට්ටමේ දිවි පෙවතක් ගෙවන වැසියන් පිරිසක් ජීවත්වෙන සමාන්තර ලෝකයකටයි. මේ ලෝකයේ වෙසෙන සුළු පිරිසක් අත පමණක් යම්කිසි මට්ටමක දියුණු තාක්ෂණික භාවිතාවක් තිබේ. ඒ සුළු පිරිස ‘මායා බන්ධකයින්’ ලෙසින් හඳුන්වනු ලබයි. මායා බන්ධකයින් තමන් සතුව ඇති තාක්ෂණ උපයෝගි කරගෙන බහුතර වැසියන් පාලනය කරනු ලබයි. සාමාන්‍ය වැසියන් ට නව දැනුම ගවේශනය කිරීම හෝ අත්හදා බැලීම සපුරා තහනම් ය. ඒ තහනමට එරෙහිව කටයුතු කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් හිමිවෙන අතර ඔවුන් දුෂ්කර මුඩුබිම් කරා පිටුවහල් කිරීමද මායා බන්ධකයින් විසින් සිදුකරනු ලබති.

    සමාන්තර ලෝකයේදී පෝල් ට එරට ස්වදේශික යුවතියක වූ රියානා ව හමුවෙයි. මායා බන්ධකයින් ගේ තාඩන පීඩන හමුවේ පෝල් සහ රියානා ගැලවී සිටින්නට දරන උත්සාහය මෙහිදිදැකගත හැකිය. ඒ සඳහා පෝල් තමා සතුව ඇති විද්‍යා සහ තාක්ෂණික ඥාණය නොමදව උපකාර කර ගනියි. ඒ අතර අතුරුදහන් වූ සිය මිතුරා වූ පෝල් නැවත ගෙන්වා ගැනීමට ඔහුගේ උසස් පාසැලේ මිතුරන් නොකඩවාම උත්සාහ කරති.

    ළමා කාලය රසවත් කල අතිශය ජනප්‍රිය රුපවාහිනි කතා මාලාවක සිංහල පරිවර්තනය ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් මහතාගේ පරිවර්තනයක් ලෙසින්.

  • එකට එක – Ekata Eka – The Happy Family
    20 % OFF

    එකට එක – Ekata Eka – The Happy Family

    Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

    “මොනවද අර ෆේස්බුක් එකේ දාලා තියෙන්නෙ?”
    ඒ එදා උදේම මට ආපු ඇමතුම…

    මං මුහුණුපොතට ගියා…

    දෙයියනේ…
    මගේ නිරුවත් පින්තූරයක්…

    ඒත් එක්කම තව ලින්ක් එකක්.
    ඒ ලින්ක් එක අසභ්‍ය වෙබ් අඩවියක සබැදියක්… අසභ්‍ය වෙබ් අඩවියක මගේ නිරුවත් වීඩියෝවක්!

    ඇත්තමයි,

    මං එහෙම වීඩියෝවකට පෙනී හිටියෙ නෑ…

    ඒත්…
    ඒ මමමයි.

    මං පුංචිම කාලෙදි මාව දාලා ගිහින්, අවුරුදු තිහකට පස්සෙ ආපහු මගේ ගාවට ආව මගේ අම්මත් එක්ක එක පවුලක් විදිහට සතුටින් ඉන්න හිතපු මට ඇයි එහෙම වුණේ?

  • ද ලයිෆ් සෙන්ටෙන්ස් – The Life Sentence
    20 % OFF

    ද ලයිෆ් සෙන්ටෙන්ස් – The Life Sentence

    Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

    ඉස්සර මට නමක් තිබුණා.
    ඒ කාලෙ මගේ නම ඇම්බර් රයන්…
    ඒත් දැන් මට තියෙන්නෙ නමක් නෙවෙයි.
    අංකයක්.
    A6868RX…
    ඔව්. මං හිරකාරියක්…
    මං ජීවිතාන්තය දක්වා සිර දඩුවමකට නියමවුණ හිරකාරියක්…
    මං මේ හිර දඩුවම් විදින්නෙ මම කරපු අපරාධයකට නෙවෙයි…
    ඒක වෙන කවුරුවත් කරපු අපරාධයකුත් නෙවෙයි. මාව ජීවිතාන්තය දක්වා හිරගෙට නියම වුණේ කවදාවත්ම සිද්ධ වුණේ නැති අපරාධයකට…
    මං නිර්දෝෂියි කියලා ඔප්පු කරන්න මගේ හොදම යෙහෙළිය හෙදර්ට..
    මං වෙනුවෙන් ඒ අපායට… ඒ අන්ධකාරයට ආපහු යන්න සිද්ධ වුණා….

    – – – – – – – – – – – – – – – – – – – – – – – — – – – – – – –

    පොත් සාප්පුවකදි ඔයාගෙ මුළු ජීවිතේම වෙනස් වෙයි කියලා ඔයා හිතන්නෙ නෑ නේද?
    පොත් කියන්නෙ මේ ලෝකෙ තියෙන හොදම දේවල් වලින් එකක්නෙ. ඉතින් සමහරවිට, පොත් කියවන එකෙන් නම් ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්.

    ඒත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්නෙ.

    මං මේ කියන්නෙ, ඔයා පොත් සාප්පුවක, ඔයාගෙ ප්‍රියතම කතුවරුන්ගෙන් කෙනෙකුගෙ කතාවකට ඇහුම්කන් දිදී ඉන්න වෙලාවෙදි,

    ඔයාගෙ එහාපැත්තෙ ඉදගෙන හිටපු ආගන්තුකයෙක් ඔයාගෙ ජීවිතේට බෝම්බයක් ගහයි කියලා කවුද හිතන්නෙ? ඒ බෝම්බෙන් ඔයාගෙ ආරක්ෂිත පුංචි ලෝකෙ කෑලි කෑලි වලට කැඩිලා යයි කියලා කවුද හිතන්නෙ?

    එහෙම කෙනෙක් ඔයාගෙ අත්බෑග් එක හොරකම් කරයි කියලාවත් ඔයා හිතන්නෙ නෑ නේද?

    ඒත්, මං දැන් ඕනවට වැඩිය ඉස්සරහට පනිනව වගේ. ඉතින් අපි මුල ඉදන්ම කතාව පටන් ගනිමුකො.

    මගේ නම හෙදර් හැරිස්. මං බටහිර ලන්ඩනයෙ, චිස්වික් වල තියෙන හරිම ලස්සන සාප්පුවක, පොත් වෙළදාම් කරන කෙනෙක්.

    ඒත් අද බදාදා දවසක්නෙ. අද මගේ නිවාඩු දවස් වලින් එකක්. ඉතින් මං උමං දුම්රියෙ නැගලා, තේම්ස් ගග පහුකරගෙන, හැතැම්ම කීපයක් දුරින් තියෙන රිච්මන්ඩ් වලට ආවා.

    අවුරුදු ගාණක ඉදන්, මං අපරාධ සම්බන්ධ නවකතා ලියන ලිඩියා කෝර්නිෂ්ගෙ රසිකාවියක්නෙ. ඉතින් “Words on the Street“ සාප්පුවෙදි එයාගෙ කතාවක් පැවැත්වෙන බවත්, එතනදි එයා පොත් වල සමරු සටහන් තියන බවත් මට දැනගන්න ලැබුණා.

    ඒක හයිස්ට්‍රීට් වල තියෙන විශාල පොත් සාප්පුවක්. මට ඒක මගඇරෙන්න දෙන්න පුළුවන්කමක් නැති බව මං දැනගෙන හිටියා.

    මට නිවාඩු තියෙන දවසකට මෙහෙම දෙයක් තිබුණොත් මං අනිවාර්යෙන්ම ඒකට යනවාමයි.

    “ඒක නම් ඕනවට වැඩි බැදීමක්“ කියලා මගේ යාළුවො ඇස් කරකවලා, මට නෑහෙන ගාණට කතාවෙන බව මං දන්නව.

  • මකර රජ දහන – Makara Raja Dahana
    20 % OFF

    මකර රජ දහන – Makara Raja Dahana

    Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

    මෝගන් පවුලේ සාමාජිකයින් මෙවර ගිම්හාන නිවාඩුව ගත කරන්නේ වනගත පෙදෙසක ඉඳිවූ කඳවුරක ය.ඒකාකාරි කඳවුරු ජිවිතයෙන් හෙම්බත්ව සිටින 15 හැවිරිදි කැතී මෝගන් හට අමුතු හැඩයේ බෝට්ටුවක් දක්නට ලැබෙයි. බෝට්ටුවට ගොඩවෙන ඇය නොසිතූ ආකාරයෙන් සමාන්තර ලෝකයක් කරා කාල තරණය කරයි. කාලතරණ බෝට්ටුව නිර්මාණය කළ මෙක් ද ඇය සමඟ සිටියි. ඔවුන් මුලින්ම ගමන් කරන්නේ මායාබන්ධකයින් ගේ ලෝකයටයි. එහිදී ඔවුන් ට වහල් කඳවුරක දඬුවම් විඳින අනුකම්පා විරහිත මායාබන්ධිකාව වන ආශ්කා හමුවෙයි. ඉනික්බිති කැතී, මෝගන් සහ ආශ්කා
    ආපසු කාලතරණය කොට මෙක් ගේ ලෝකය වන මකර රජදහන කරා පැමිණෙති.

    මකර රජදහන පාලනය කරන්නේ දස හැවිරිදි මකර අධිරාජයා වන සන් විසිනි.

    ආශ්කා මකර රජදහන සිය පාලනයට නතු කරගනියිද ? සන් ගේ පාලනයට අභියෝග කරන ම්ලේච්ඡ කැරැළිකාර ෂාරක් මකර රජදහන යටත් කරගනියි ද ?

    මේ සියලු අභියෝගයන් පරාජය කිරීමට කැතී මෝගන් ට සහ මෙක් ට හැකිවෙයි ද ?

  • දින පොතේ ඝාතකයා – Dina Pothe Gathakaya
    20 % OFF
    Sold out!

    දින පොතේ ඝාතකයා – Dina Pothe Gathakaya

    Original price was: රු2,050.00.Current price is: රු1,640.00.

    මේරිට නත්තල් තෑග්ගක් ලැබී තිබිණ.

    ලැබුණේ කාගෙන්දැයි සදහනක් නැති ඒ තෑග්ග දිනපොතකි. දිනපොතක් ලැබීම ඒ හැටි විශේෂ දෙයකැයි මේරි සිතුවේ නැත. ඇයට එසේ සිතන්නට ලැබුණේ දිනපොත විවර කරන තෙක්… එය හිස් දිනපොතක් නොවන බව දකින තෙක් පමණකි.

    ජනවාරි 01- ඔක්ෆර්ඩ්, ලීසාව මරන්න

    පෙබරවාරි 01 – බර්මින්ග්හැම්, ජේන්ව මරන්න

    මාර්තු 01 – කාඩිෆ්, ඩේවිඩ්ව මරන්න…

    අප්‍රේල් 01 – චෙල්ටන්හැම්, මේරිව මරන්න.

    ඇයට එය කාගේ හෝ විහිළුවක් යැයි සිතා බැහැර කරන්නට තිබිණ. එහෙත් ඒ වන විටත් ජනවාරි පළමුවෙනිදා පසුවී තිබිණ. ඔක්ස්ෆර්ඩ් නගරයේ උන් ලීසා නැමති යුවතියව මරා දමා තිබිණ.

    ඉතින්, අප්‍රේල් පලවෙනිදා එළඹෙන්නේ මේරිගේ වාරයයි…

  • අබාසාත්ති-Abasaththi
    20 % OFF

    අබාසාත්ති-Abasaththi

    Original price was: රු1,000.00.Current price is: රු800.00.

    “මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි
    මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
    “උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී
    නොමරා!”
    “ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…
    ” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
    කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
    “මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…
    කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
    ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?

  • නැනී–NaNNy
    20 % OFF
    Sold out!

    නැනී–NaNNy

    Original price was: රු1,000.00.Current price is: රු800.00.

    “තාත්තා… ඔයා ගොඩක් ගොඩක් ගොඩක් හයියයි.

    ගොඩාආආආ…ක් ශක්තියයි.

    ගොඩාආආආ…රියක් උසයි.

    ඔයා කොහොමද මෙච්චරක් කල් ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ කොහොමටවත් ඒක අස්සට යන්නෑනේ…?

    මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ… මම දැන් ලොකුයි…”

    ********************************************************

    ඒ උනාට ලොකු මිනිස්සු ගොඩ දෙනෙක් තාම කුඩායි.

    චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්, අතොරක් නැති කතාවෙන්, පුටුවටකට මේසෙකට බඩගෑමෙන් සිඟිත්තෙක් කියන වැදගත් කතා තේරුම් ගන්න ඒ ගොල්ලොන්ට පෑනෙන් ලියූ මේ කතාව රුකුලක් වේවි!

  • කාලය ඉදුරා පවසාවි – Kalaya Indura Pawasawi-Only Time Will Tell
    20 % OFF

    කාලය ඉදුරා පවසාවි – Kalaya Indura Pawasawi-Only Time Will Tell

    Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

    පළමුවෙන් දුටු නිමේෂයේම එමා බැරින්ටන් හැරි ක්ලිෆ්ටන් හට පෙම් බැන්දාය.. ඔවුහු වේදිකාවේදි මෙන්ම බාහිරයේදි ද ශේක්ෂ්පියර් ගේ රොමියෝ සහ ජුලියට් මෙන්ම එකිනෙකාට බෙහෙවින් පෙම් කළ අය වුහ. ශුද්ධ වු සභාව ඉදිරිපිටදි දෙදෙන නිත්‍යානුකූලව එක් වියයුතු නැතැයි කිසිවකු සිතත් නම් දැන් එම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නැයි අල්‍තාරය ඉදිරිපිට සිට දේවගැතිවරයා ඉල්ලා සිටියේය. “මම විරුද්ධයි” එම දුෂ්ඨ වචන දෙක තෙපලු කපිතාන් ටරන්ට් වෙත සැමගේ නෙත් හැරවිණි..

  • මැට්ටි – Matti
    20 % OFF
    Sold out!

    මැට්ටි – Matti

    Original price was: රු900.00.Current price is: රු720.00.

    මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්‍රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
    වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
    කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.