SHOP
  • 15 % OFF

    චැරියට් පාත් (Ravan Leo #02) – Chariot Path

    Original price was: රු1,650.00.Current price is: රු1,402.00.

    “ගැහැනියකගේ ඇඟිලිවල නිය අතරට පිරිමියෙකුගේ සම් කැබැලි යන්න පුළුවන් හේතු ගැන මොකද හිතන්නේ?” රාවණ් විමසුවේ තම සයනය මත සිටින ඇයගේ දෑස් අභ්‍යන්තරයටම කිමිදෙමිනි.
    තමාට ඇසුණු වදන් වටහාගත නොහැකිවාක් මෙන් ඇය ඔහු දෙස බලා සිටියේ අයාගත් මුවින් යුතුවය.
    “සම් කැබැලි නිය අතරට එන තරමටම පිරිමියෙකුගේ ඇඟත් සූරන්න තරම් ක්ලේරාට තියෙන්න පුළුවන් හේතු දෙකයි නේද?” ඔහු තමා දෙස බලා සිටින යුවතිය දෙසට මඳහසක් පාමින් කීවේය.
    “එක. ඇය බේරෙන්න මිනිහත් එක්ක පොර බදලා තියෙන්න පුළුවන්. නැත්නම්…”
    ඔහු පවසන්නට ගිය දෙය නවතා කවුළුව අසලට ගොස් හන්තාන කඳුයාය දෙස බලමින් සිනාසෙන්නට විය. අහස කළු කරගෙන මහ වැස්සක් ඇද හැලෙන්නට ආසන්නව ඇතැයි ඔහුට සිතිණි. හැර තිබූ කවුළුවෙන් ඇදී ආ සිහින් සුළං රැල්ලක් හමායමින් තිබිණි.
    “නැත්නම්..?” ඔහු අදහස් කළ දෙය නොවැටහුණු ඇය ප්‍රතිරාවය කළාය. “නැත්නම්…”

    ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වූ මාධ්‍යවේදිනියකගේ අබිරහස් ඝාතනයක්…
    ඇයගේ ඝාතකයා හඹා යන පරීක්ෂණ කණ්ඩායම් ත්‍රිත්වයක්…
    විශේෂ විමර්ශන බුද්ධි ඒකකයක් නියෝජනය කරමින් එයට මැදිවන ‛රාවණ් ලියෝ’ගේ රහස් පරීක්ෂණ මෙහෙයුම… චැරියට් පාත්

  • 10 % OFF

    ඝාතකයා නිදැල්ලේ – අබිරහස් කතා එකතුව 01-Gathakaya Nidelle

    Original price was: රු990.00.Current price is: රු891.00.
  • 15 % OFF

    හවුස්මේඩ් #2 – ගැරික් නිවහනේ අබිරහස – The Housemaid #2

    Original price was: රු1,850.00.Current price is: රු1,570.00.

    “අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළට යන්න එපා!” ඩග්ලස් ගැරීක් එයාගෙ ඇඟිලි තුඩුවලින් දොර අල්ලද්දි අඳුරු හෙවණැල්ලකින් මූණ වැහිලා තිබුණා. “මගේ වයිෆ්… එයා හුඟක් අසනීපයෙන් ඉන්නෙ…” ඩග්ලස් ගැරික් එයාලගෙ සුන්දර පෙන්ට් හවුස් එකේ හැමතැනම මට පෙන්නාගෙන යන අතරේ, මේ ගෙදර වැහුණු දොරවල්වලට එපිටින් ඉන්න ඒ ගැනු කෙනා ගැන මගේ හිතට භයානක හැඟීමක් දැනෙනවා. ඒත් මට මේ රස්සාව නැතිවෙන විදිහේ අවදානමක් ගන්න බෑ… එහෙම වුණොත්… මගේ අඳුරු රහසුත් හෙළිවෙන්න ඉඩ තියෙනවා!”

    මගේ අතීතය ගැන හාරාඅවුස්සලා ප්‍රශ්න කරන්නෙ නැති සේවායෝජකයෙක්ව හොයාගන්න එක අමාරු වැඩක්. කොහොමහරි මගේ වාසනාචක්‍රයට පින් සිද්දවෙන්න, ඩග්ලස් ගැරීක් මට එයාගෙ සුඛෝපභෝගී මහල් නිවාසයේ පිරිසිදු කිරීමේ රස්සාවක් දුන්නා. ඒක එක්තරා විදිහක ප්‍රාතිහාර්යයක්. ඉතින් මට ඕන දේ කරගන්න ලැබෙනකල් මට හෙමින්සීරුවේ මේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්.

    ඇත්තටම ඒක සර්වසම්පූර්ණ රස්සාවක්. ඒත් මට තාමත් අමුත්තන්ගෙ නිදන කාමරේ ඇතුළෙ ඉන්න ගැරිකේ මහත්මියව මුණගැහිලා නෑ. හැබැයි එයා අඬන සද්දේ නම් මට හොඳටම ඇහුණා. ඒ එක්කම, රෙදි හෝදන්න දානකොට එයාගෙ නිදනගවොමේ කරේ තැවරිලා තිබුණ ලේ පැල්ලමත් මට අහුවුණා. ඉතින් එක දවසක් මම ඒ කාමරේ දොරට තට්ටු කළා. කොමරේ දොර යාන්තමින් ඇරුණට පස්සේ, ඒක ඇතුළෙ මම දැකපු දේත් එක්ක තමයි හැමදේම කණපිට පෙරළුණේ.

    ඒ වෙලාවෙ මම පොරොන්දුවක් දුන්නා. ඇත්තටම කිව්වොත් මේ දේ මම මීට කලිනුත් කරලා තියෙනවා. මගේ රහස් හැමෝගෙන්ම හංගගෙන ඉන්න අතරෙම, මට ගැරික් මහත්මියව ආරක්ෂා කරන්න බැරිකමක් නෑ.

    ඒ වෙනුවෙන් මම කොයිතරම් දුර යයිද කියන එකයි මෙතැන තියෙන සරලම ප්‍රශ්නය.

  • 10 % OFF

    මීදුම් නිම්න-Meedum Nimna

    Original price was: රු950.00.Current price is: රු855.00.
  • 10 % OFF

    ධවල සියපත්-Dawala Siyapath

    Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
  • 10 % OFF

    අවකාශ-Awakasha

    Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
× Whatsapp Us