fbpx

බැද්දේ කුමරිය-Bedde Kumariya

Author :

Publisher :

ගෙයි ඇතුළේ මැද සාලයේ කොනක, පුංචි මේසයක් උඩ රෑට කන්නට කෑම තියා ඇත. ගෙයි ඇතුළත දැල්වෙන කුප්පි ලාම්පු එළියෙන් ගේ ඇතුළත එළිය වී ඇත. ඒ එලියෙන් මගේ දිගු හෙවනැල්ල ගෙයි එහාට වැනෙන්නේ මහා විශාල රූකඩයක් මෙනි. කෑම මේසයට මම වාඩි වනවිටම, එතනට කුප්පි ලාම්පුවක් හා උස මහත වතුර වීදුරුවක් රැගෙන ආ සුනිලා මේසයේ තිබුණ පුංචි කෑම දීසි මට ලං කළාය.

”වැඩිය මුකුත් හැදුවෙ නෑ මහත්තයා.. මහත්තයාට මෙහෙම කන්න පුළුවන්ද මංදා… මං නයි මිරිස් දාලා පොල් සම්බෝලයන් කොටලා ගත්තා. අනිත්වා නම් අපි රෑට කාලා ඉතුරු වුන කෑම…”

”මේ දේවල් වැඩිත් එක්ක.. මං හොඳටම බඩගිනි වෙලයි හිටියේ සුනිලා…”

රතු කැකුළු හාල් බතට, දඩ මස් බොරයකුත්, කොච්චි මිරිස් දා අලුත් දෙහි සුවද එන පොල් සම්බෝලයයි, රට දෙල් මාළුවකුත්, ලේන් හතු ඇඹුලකුත් මේසයට තියා තිබුණේය… හොඳටම බඩගිනි වී සිටි මට, එම කෑම රජ බොජුනක් විය… මම කෑම ටික රස කරමින් කෑවේ, බඩගින්න ඉවසා සිටීමට බැරිවය.

SKU Bedde Kumariya Category

රු1,485.00

Availability: 1 in stock

Share it :

Reviews

There are no reviews yet.

Be the first to review “බැද්දේ කුමරිය-Bedde Kumariya”

Your email address will not be published. Required fields are marked *

× How can I help you?