***මේ අතර කුවණ්ණා කුමරියට දැනුණේ තමාට පාලනය කළ නොහැකි බලවේගයක් මඟින් තමාව මෙහෙයවන බවයි.දීයා නිහඬව ඉදිරියෙන් ගමන් කළාය.එහෙත් අසු මෙහෙයවන්නේ තමා නොව කිසියම් අදෘශ්යමාන බලවේගයක් යයි කුවණ්ණාට සිතිණි.
මෙය නිධානය හෝ ගල් ලෙන සම්බන්ධ සිද්ධියක් නොවේ..ඇය නිදන් දොර වසා පිටත් වූයේ හොඳ සිහියෙන් බව නිශ්චිතවම දැන සිටියාය.එහෙත් දැන් ඇයට කිසිවක් තීරණය කළ නොහැකි බව දැනේ..ඉබේ ඉදිරියට යාම නවතා තමාට රිසිලෙස අසු මෙහෙයවා යාමට ඇය කැමති වූවත් එසේ කළ නොහැකි විය..
ඇය අත පත්තු කරගත් විලක්කුවක් විය.එය ගත්තේ සුධීර කල්පනාවෙන් හැමදෙයක්ම රැස්කර තිබූ ගල් ගුහාවෙන්ය.තමා යන්නේ නියම මඟ යයි විලක්කුවේ ආලෝකයෙන් ඇය තහවුරු කරගත්තාය..තමා උගත් සියළු යන්ත්ර මන්ත්ර සිහියට නැඟුණත් ඒ සියල්ල අභිබවා යමක් ක්රියාත්මක වන බව කුවණ්ණා වටහා ගත්තාය.
“කුමරිය,කිසි දිනක ඔබ ඇඟ දැවටූ සළුවක් වෙනත් අයකුට නොදෙන්න.එවැන්නක් උපයෝගී කරගෙන ඔබ ඉක්මවා යන බලයක් යමෙකුට අත්පත් කරගත හැකිවේවි.”
පසුගිය දිනක ඇගේ සලුවක් හිටිහැටියේ අතුරුදහන් විය.එය සෙවීමට කෙතරම් මහන්සි වුවද ඇයට එය සොයාගත නොහැකි විය..
***මාළිගය අසල කැලෑ රොදින් මතුවන විට දීයා තමා වෙත පෙරමඟට එනු කුවණ්ණා දුටුවාය.ලේ තැවරුණ මුව ඇගේ බිය දෙගුණ තෙගුණ කළාය.සතුන් දඩයම් කරන දිවිදෙන කිසි දිනෙක තමා හමුවට ලේ වැගිරන මුවින් පැමිණ නැත..අද උදෑසන ඇය ප්රථම වතාවට මිනිසකු මරා දැම්මාය.කුවණ්ණා කුමරිය වන්දනා වෘක්ශය ලඟින් බිමට බැස්සේ චංචල වූ සිතකිනි…
කතෘ විනෝදනී සේනාරත්න
Reviews
There are no reviews yet.